බිස්නස් කරණ කව්රැත් කියවිය යුතු ලිපියක්….
මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.
සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.
මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි.
අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. “කොහේද යන පිස්සෙක්…!” මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.
අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි.
“මවුලානා පික්චර් පැලස්” නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.
මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය.
“මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු.”
ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.
මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.
අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය…!
මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි.
ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.
ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.
සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි…?
සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.
සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.
පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.
“තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ.”
මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර ‘වැදගතා’ ගැන අප්රසාදයකි.
එහෙත්….මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.
අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි.
එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.
“මේව මහත්තුරු අඳින ඒව…!”
මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.
මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් “අය්යේ”, “මචං”, “බොස්”, “කොල්ලෝ” යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට ‘සර්’ කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය.
(මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්රන් බඩු මුදලාලි කෙනෙකුට ‘සර්’ කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)
මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම’පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.
“මොකද…?” ඇය ඇසුවේ සැරෙනි.
“ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!”
ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.
“ඇයි…? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද…?”
ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.
මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස ‘ව්‍යාපෘති අධ්යක්ෂ – මෘදුකාංග ඉංජිනේරු’ තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.
ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.
සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ ‘ලොකු සීන්’ බැලීමට නොවේ.
පසු සටහන : ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)
උපුටා ගැනීම : සංවේදී
Facebook thibune ban
කතාවේ සියලුම අයිතිය මුල් අයිතිකරැ සතුය….