Muslim vs Sinhala waren waren

BANXSU

Member
Jan 29, 2017
254
10
0
බිස්නස් කරණ කව්රැත් කියවිය යුතු ලිපියක්….

මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.

සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.

මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි.

අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. “කොහේද යන පිස්සෙක්…!” මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.

අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි.

“මවුලානා පික්චර් පැලස්” නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්‍යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.

මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය.

“මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු.”

ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.

මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.

අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය…!

මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි.

ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.

සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි…?

සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.

සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.

පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.

“තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ.”

මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර ‘වැදගතා’ ගැන අප්‍රසාදයකි.
එහෙත්….මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.

අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි.

එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.

“මේව මහත්තුරු අඳින ඒව…!”
මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් “අය්යේ”, “මචං”, “බොස්”, “කොල්ලෝ” යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට ‘සර්’ කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය.

(මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්‍රන් බඩු මුදලාලි කෙනෙකුට ‘සර්’ කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)

මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම’පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.

“මොකද…?” ඇය ඇසුවේ සැරෙනි.
“ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!”

ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.

“ඇයි…? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද…?”
ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.

මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස ‘ව්‍යාපෘති අධ්‍යක්ෂ – මෘදුකාංග ඉංජිනේරු’ තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.

ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.

සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ ‘ලොකු සීන්’ බැලීමට නොවේ.

පසු සටහන : ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)
උපුටා ගැනීම : සංවේදී
Facebook thibune ban
කතාවේ සියලුම අයිතිය මුල් අයිතිකරැ සතුය….
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහතික ඇත්ත.අපේ එවුන්ගේ කඩයකට බඩුවක් ගන්න ගියොත් අපි ණයට බඩු ගන්න ආවා වගේ සැලකන්නෙ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සහතික ඇත්ත.අපේ එවුන්ගේ කඩයකට බඩුවක් ගන්න ගියොත් අපි ණයට බඩු ගන්න ආවා වගේ සැලකන්නෙ

    ow ban un hesirenne un kada daan inne apita onawata wage, muslim un ah enna mahattaya kyla lassanata badu wikunawa, sinhalayange kuhakakamai mannei nisa tama kelawenne
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    එක නෙහ් සිංහල පොන්නයො කොහෙ ගියත් කෙල වෙන්නෙ දැන් පේන්නැද්ද ක්‍රිකට්. බංගලි හිඟන්නන්ටත් පරාද වෙනව නෙහ්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක නෙහ් සිංහල පොන්නයො කොහෙ ගියත් කෙල වෙන්නෙ දැන් පේන්නැද්ද ක්‍රිකට්. බංගලි හිඟන්නන්ටත් පරාද වෙනව නෙහ්

    sihalu deserves to be extinct
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ..ගන්නවනම් ගනින් නැත්නම් පලයන් කියන මානසිකත්වෙ ගොඩක් සින්හල මුදලාලිලා ඉන්නෙ. :dull:
    මුස්ලිම් කඩේකින් බඩු ගන්න නම් උදේ කඩේ අරින වෙලාවටම ගිහින් පුලුවන් තරම් අඩු කරල ඉල්ලපන්..උන් කවදාවත් ඉස්සෙල්ලම එන එකා හරවල යවන්නෙ නෑ..;)
    සින්හල එවුන් නම් බැනල එලවනවනෙ උදේ පාන්දරම ආව දවසම මූසල කරන්න කියල :baffled:
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    100% ඇත්ත මචං...ශෝටක් එහෙම ගහල බාටා 2ක් දාගන ගියොත් මූනවත් බලන්නේ නෑ අපේ උං
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සින්හළු කියන්නෙ

    පට්ට කම්මැලි
    තමන් ගැන විතරක් හිතන
    අනිත් එකාගේ සාර්තකත්වයේදී ඉරිසියා කරන
    අනිත් මිනිස්සුන්ගෙ කකුලෙන් අදින
    කුහක
    එකමුතුවක් නැති
    2500ක ඉතිහාසයකින් ඔලුව උදුම්මාගෙන
    පක්ෂ පාට වලින් අන්ධ වී

    ඉන්න පිරිසකි.

     
    • Like
    Reactions: Al Baik

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    mama nam kianne hema sinhala kadayakma ohoma karanawa kiala, hebei bahutharayak sinhala kadawal wala kisima nosalikillen inne, ehema thamai muslim ayageth kadawal, ehema karana ayath innawa, namuth mama hithanne nehe jathiya badawak karaganna eka gena, hema minihama ekama widihata nemei inne.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කණගාටුවෙන් වුවත් සිංහල අප සැම පිලිගත යුතු සත්‍යය මෙයයි..!
    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නේ යම් සේද, ඊට අනුලෝමව සිංහල ව්‍යාපාරිකයනගේ පටු අදහස් පිරැනු උඞගු මොල ශෝධනය කල යුතුමය..!
    :)
    ප.ලි. සපරිස්තාන් වැඩි ඈතක නොවේ.. *** :frown::no::growl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ..ගන්නවනම් ගනින් නැත්නම් පලයන් කියන මානසිකත්වෙ ගොඩක් සින්හල මුදලාලිලා ඉන්නෙ. :dull:
    මුස්ලිම් කඩේකින් බඩු ගන්න නම් උදේ කඩේ අරින වෙලාවටම ගිහින් පුලුවන් තරම් අඩු කරල ඉල්ලපන්..උන් කවදාවත් ඉස්සෙල්ලම එන එකා හරවල යවන්නෙ නෑ..;)
    සින්හල එවුන් නම් බැනල එලවනවනෙ උදේ පාන්දරම ආව දවසම මූසල කරන්න කියල :baffled:

    sira mchn
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා නම් කියල වැඩක් නෑ බං.....අපේ උන් මිනිස්සු මනින්නේ ඇඳුමෙන් කොන්ඩෙන් සහ රැව්ලෙන් :lol:

    ටී ෂර්ට් හද්ද පරණ ඩෙනිම් අඳින රැව්ල වවන් ඉන්න කොන්ඩයෙක් වශයෙන් ඕවා මම හැමදාම වගේ අත් විඳිනවා :lol::lol::lol:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oya kada kada karana wunta goda yamak nha bn sada anathe okkma kada masa 6king wahila
    upariama sillara kada 1k 12k berila athi anioth wun 2weni para tamai hama dema igena gena enne