උන්ට නැත අපිට ඇත

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැත්තේ මොකද.. උබෙන් පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්නද?
    උඹ හින්දම මේකේ කේ දෙනෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවද?
    උඹ කියෝපු හින්ද මයි මාත් බැලුවේ..
    අන්න එහෙම දෙයක් නිතර නිතර රස කරකර කියවද්දි කොල්ලෙකුට නිකං මේක මෙච්චර ආතල්ද කියල බලන්නවත් හිතිලා ගේ වීඩියෝ එකක් බලයි.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ඌ ඒකට නැඹුරු වෙනවා..
    මහ ගොඩකට වෙන්න ඕනෙ නෑ.. එකෙක්ට උනොත් මදැයි උගේ ජීවිතේම විනාසයි නේ එතනින්..
    මේක තාම පොඩි කොල්ලො එන තැනක්.. නිතර නිතර ඕව දාල මේකෙ උන්ගෙ බ්‍රේන් වොශ් උනාම එකෙක් හරි ඕකට හිත වට්ට ගත්තොත් ඉවරනේ.. ජීවිතේම කලකන්ණි වෙනවා.. ඒකයි කියන්නේ මෙච්චර කට කැඩෙනකං.. අඩු තරමේ එකෙඛරි බේරගන්න..

    එහෙම වෙන්නෙ නෑ එහෙනම් යුරොපෙ රටවල් වල ඉන්න පිරිමි ඔක්කොම දැන් සමලින්ගික වෙලා තියෙන්න ඔනෙ, එකෙක් කවුරු හරි කිව්ව කියල ඔව අත්හදා බලන්න යනව කියන්න ඌ බයිසෙක්ශුවල් කියන එක. ස්ට්‍රේට් එකක්ට කොහොමත් ඔව අප්පිරියයි. අපිට අප්පිරිය උනා කියල ඒකට ආස මිනිස්සුන්ව අල්ලල හිරේ දාන එක මානුශික නෑ නෙද.?
     

    thanujaka

    Well-known member
  • ඕවා ඔක්කොම ලෝකේ හාදා ගත්ත ඒවා දෙවන ලෝක යුද්ද කාලේ ෆ්‍රංස ආණ්ඩුව නියෝගයක් දාලා සැම ගැනියක්ම පිරිමියෙක්ම යට ඇදුම් අදින්න ඕන කියලා, ඒ නිතිය ලෝකෙම පැතිරිලා දැන් එක අනිවාර්ය දෙයක් වෙලා, දැන් මිනිස්සු ඒ නිතිය දන්නේ නැ නමුත් එක සම්ප්‍රදායක් වගේ කරගෙන, දැන් ඒ සම්ප්‍රදාය කවුරු හරි ගැනු කෙනෙක් පිරිමි කෙනෙක් කැඩුවොත් ලෝකෙටම නියුස් එකක්, බෙහෙත් දීලා ඕන නම් හොදට ඉන්න මිනිස්සුන්ව පිස්සන් කරන්නත් පුළුවන් එකෙන් කියන්නේ නැ බෙහෙත් තියන හැම දේම රෝග කියලා, sigmund freud කියලා නැ සමලිංගිකත්වය මානසික ලෙඩක් කියලා

    ලිංගිකත්වය කියන එකේ තේරුම මොකද්ද?
    මොකටද ඒක තියෙන්නේ?
    වර්ගයා බෝ කරන්න නෙමෙයි ද..

    එකෙක් බෝල කරන්න ඕනේ අනිකට බැට් කරන්න එතකොටයි මැච් එකක් තියෙන්නේ?
    දෙන්නම බැට් කරන්න බලං හිටියම කෝ මැච් එකක්..
    අන්න ඒක තමයි ඕකෙනුත් මේ ලෝකෙට වෙන්නේ..
     

    thanujaka

    Well-known member
  • මේක තමා බහුතරයක් විද්‍යාත්මක කරුණු ගැන ලියවෙන ලිපි වලයි සංවාද වලටයි ඇතිවෙන ලොකුම ප්‍රශ්නෙ. කොහෙන් හරි ජාතිය ගෑවෙන එක. සිංහල බහුතරය සමලිංගික වුනොත් සිංහල ජාතියෙ පැවැත්ම අනතුරේ ඒකට මාත් එකඟයි. ඒත් මෙතන මාතෘකාව සිංහල ජාතිය ගැන නෙමේ. විද්‍යාත්මක වර්ගීකරණ වලට ජාතිය ගාවගෙන කවදාවත් හරි හමං නිගමනයකට එන්න බෑ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහල ජාතියෙ අනාගත පැවැත්ම ගැන නෙමේ මනුශ්‍යයෙකුගේ ලිංගික ආශාවක තියෙන ප්‍රධාන ප්‍රවාහයෙන් වෙනස් වීම මානසික රෝගයක්ද නැද්ද කියන එක. මානසික රෝග වගේ දේවල් මොන විදිහට අර්ථ දැක්වුවත් ඒවට ආගම හෝ ජාතිය ගාවාගැනීමක් වෙන්නෑ. ඒ හින්ද මේ යන පාර වැරදියි මං හිතන්නෙ. :no: :no:

    මම කියන්නෙ සමලිංගිකයන්ගේ ආශාවන් නිසා සමාජයේ කාටවත් හානියක් වෙන්නෑ කියල. ඒක ඒ මිනිස්සුන්ගෙ තියෙන පෞද්ගලික ආශාවක්. අනික ඌ පිරිමි කෙනෙක්ව බැන්ද කියල උගෙ ජීවිතේ විනාශ වෙන්නෙ කොහොමද ? මේව එක එක පුද්ගලයන්ගෙ පෞද්ගලික මතයට විරුද්ධව යන නිසා කරන චෝදනා මිසක් තේරුමක් ඇති දේවල් නෙමේ. එහෙම බැලුවොත් පයිං යන මනුස්සය ඇවිදින එක නවත්තල ව්‍යායාම අඩුවෙලා ලෙඩ වෙන නිසා වාහනයක් ගන්න එකත් ජීවිතේ විනාශ කිරීමක් විදිහට දැක්කෑකි. අධෝ සංසර්ගය සමලිංගික වෙන්න ඕනෙ නෑ ඕනෙ තරම් විරුද්ධ ලිංගිකයන් අතරෙත් වෙනව. :dull: :dull:

    ආ සිංහල ජාතිය අත ඇරපන්කෝ..
    ආ ඒක ඕනෙම නෑ..
    දැන් මේ ලෝකෙ සේරම සමලිංගික උනොත් ලෝකෙ කෝ මිනිස්සු..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උපතින් සමලිංගික අය ඉන්නවද?

    ඉන්නව :yes: :yes:

    නැත්තේ මොකද.. උබෙන් පොඩි සරල ප්‍රශ්නයක් මම අහන්නද?
    උඹ හින්දම මේකේ කේ දෙනෙක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවද?
    උඹ කියෝපු හින්ද මයි මාත් බැලුවේ..
    අන්න එහෙම දෙයක් නිතර නිතර රස කරකර කියවද්දි කොල්ලෙකුට නිකං මේක මෙච්චර ආතල්ද කියල බලන්නවත් හිතිලා ගේ වීඩියෝ එකක් බලයි.. ඊට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ ඌ ඒකට නැඹුරු වෙනවා..
    මහ ගොඩකට වෙන්න ඕනෙ නෑ.. එකෙක්ට උනොත් මදැයි උගේ ජීවිතේම විනාසයි නේ එතනින්..
    මේක තාම පොඩි කොල්ලො එන තැනක්.. නිතර නිතර ඕව දාල මේකෙ උන්ගෙ බ්‍රේන් වොශ් උනාම එකෙක් හරි ඕකට හිත වට්ට ගත්තොත් ඉවරනේ.. ජීවිතේම කලකන්ණි වෙනවා.. ඒකයි කියන්නේ මෙච්චර කට කැඩෙනකං.. අඩු තරමේ එකෙඛරි බේරගන්න..

    මාත් පොඩි ප්‍රශ්නයක් අහන්නද ? මං නිසා game of thrones බලපු නමුත් ඒ වර්ගයේ කතා වලට ආස නැති කී දෙනෙක් game of thrones දිගටම බැලුවද ?

    එහෙම දිගටම ආස හිතෙන්නෙ ඒ මනුස්සයගෙ මොලේ හැදිල තියෙන්නෙම තමන්ගෙ වර්ගයේ අයට ආස හිතෙන්න නං විතරයි. විරුද්ධ ලිංගිකයො හොයාගන්න අඩුවුනාම තමන්ගෙ වර්ගයේ අයට ආකර්ශණය වෙන්න පුලුවන් ඒත් ඒක තාවකාලිකයි. ඒක සත්තු අතරෙත් වෙනව. සමලිංගික වුනා කියන්නෙ ජීවිතේ කාලකන්නි වෙන්නෑ. විරුද්ධ ලිංගිකයන්ට විතරක් ආකර්ශණය වෙන අය තමා දකින්නෙ සමලිංගිකයන්ගෙ ජීවිතේ කාලකන්නි වෙලා කියල. :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ සිංහල ජාතිය අත ඇරපන්කෝ..
    ආ ඒක ඕනෙම නෑ..
    දැන් මේ ලෝකෙ සේරම සමලිංගික උනොත් ලෝකෙ කෝ මිනිස්සු..

    එහෙම වෙන්නෑනෙ. දැන් මේ ලෝකෙ සේරම මහණ වුනොත් ඒත් කෝ මිනිස්සු ? අපිට ඒ පදනමේ ඉඳන් කිව්වෑකිද සියලුම ලිංගික විඳීම් වලිං වෙන් වෙලා මහණ වෙන එක වැරදියි කියල ? හැමෝම සමලිංගික වෙනව වගේ hypothetical scenario එකක ඉඳන් සමලිංගිකත්වය වැරදියි කියනවනං මේ ලෝකෙ හැම සිදුවීමක්ම මොකක් හෝ hypothetical scenario එකකට ආදේශ කල්ල වැරදියි කිව්වෑකි. :sorry: :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමාජය නීතිය සංස්කෘතිය මේවා මනුස්සයගේ නිර්මාණ.. ස්ව්භාවිකත්වය, මානසික රෝගියා ඔක්කොමත් එහෙමයි... ඉතින් මනුස්සයා තමයි ඒවයෙ අර්ථදැක්වීම සිදු කරන්නේ... ප්‍රස්තාර ඇඳලා වගුගත කරලා හරි මනුස්සය තීරණය කරනවා නම් ඒක විකෘත්තිය කියලා ඒක විකෘත්ති තමා... උදාහරණෙකට එකෙක් කැමති හොරකම් කරන්න. ඌ හොරකම් කරන එක මනුස්සය විසින් අර්තදැක්වූ සමාජ විරෝධී ක්‍රියාවක් නිසා නීතිය කියලා හදපු දෙයකින් දඬුවමක් දෙනවා.. වයිට් වෝකරයා කියපු උදාහරණෙ කොකා කෝලා බොන එක තමයි බහුතරෙ කරන්නේ. නම්, ඒකයි එතන හැදුනු ස්ව්භාවිකත්වය නම්--ඔව්. කොකාකෝලා නොබොන කෙනා විකෘති තමා...
     

    thanujaka

    Well-known member
  • ඉන්නව :yes: :yes:



    මාත් පොඩි ප්‍රශ්නයක් අහන්නද ? මං නිසා game of thrones බලපු නමුත් ඒ වර්ගයේ කතා වලට ආස නැති කී දෙනෙක් game of thrones දිගටම බැලුවද ?

    එහෙම දිගටම ආස හිතෙන්නෙ ඒ මනුස්සයගෙ මොලේ හැදිල තියෙන්නෙම තමන්ගෙ වර්ගයේ අයට ආස හිතෙන්න නං විතරයි. විරුද්ධ ලිංගිකයො හොයාගන්න අඩුවුනාම තමන්ගෙ වර්ගයේ අයට ආකර්ශණය වෙන්න පුලුවන් ඒත් ඒක තාවකාලිකයි. ඒක සත්තු අතරෙත් වෙනව. සමලිංගික වුනා කියන්නෙ ජීවිතේ කාලකන්නි වෙන්නෑ. විරුද්ධ ලිංගිකයන්ට විතරක් ආකර්ශණය වෙන අය තමා දකින්නෙ සමලිංගිකයන්ගෙ ජීවිතේ කාලකන්නි වෙලා කියල. :dull: :dull:

    ජීවිතේ කාලකණ්ණි වෙන්නෙ නැත්තේ මොකද?
    මිනිහෙක් උනාම වර්ගයා බෝ කරන්න ඕනේ..
    තමන්ට දරුවෙක් ඉන්න ඕනේ, ඒ වගකීම් දරන්න ඕනේ, වයසට ගියාම තමන්ට පිලිසරණක් ඕනේ..

    අන්තිමට අම්ම තාත්ත මලාම කාත් කවුරුවත් නැතුව බල්ලෝ වගේ මැරිලා යයි..


    අනික කියන්න බැරි උනා එකෙක් හරි උඹ හින්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටයිප් එකට හිත වට්ට ගන්න ඇති..
    ඒ ලැබිච්ච පෙලඹීම හින්ද..
    මහ ගොඩක් ඕනෙ නෑ.. එකෙක් කොලු කාරයෙක් උනොත් ඒකට හිත වැටිලා මේ ලක්ශ 5න් ඒ මදැයි..
     
    Last edited:
    • Like
    Reactions: sudokuu

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලිංගිකත්වය කියන එකේ තේරුම මොකද්ද?
    මොකටද ඒක තියෙන්නේ?
    වර්ගයා බෝ කරන්න නෙමෙයි ද..

    එකෙක් බෝල කරන්න ඕනේ අනිකට බැට් කරන්න එතකොටයි මැච් එකක් තියෙන්නේ?
    දෙන්නම බැට් කරන්න බලං හිටියම කෝ මැච් එකක්..
    අන්න ඒක තමයි ඕකෙනුත් මේ ලෝකෙට වෙන්නේ..

    වර්ගයා බෝ කරන්න ලිංගිකත්වයම ඕනේ නැ, DNA තියෙනවා නම් බුද්දිමත් ජීවින් ඉන්නවා නම් වර්ගයා බෝ කරන එක ලැබ් වලත් කරන්න පුළුවන්, ජිවින්ගේ ලිංගිකත්වය කියන්නේ මුලික දෙයක් එක ඉහල දෙයක් නෙමේ, සත්වයන්ට තියෙන්නේ ඕන බුද්දිය කියන දේ ඉහල බුද්දි මට්ටමක් ඉහළ මානසික මට්ටමක්, ලින්ගිකත්වේ කියන්නේ ප්‍රාථමික දෙයක් අඩුම වශයෙන් ශරීරයක් පවතින්නවත් ඕන දෙයක් නෙමේ නේ

    ලිංගිකත්වයයෙන් වෙන්නේ DNA පරම් පාරව පවතින එක, DNA තමයි key එක වෙන්නේ සත්වයන්ගේ නැතුව ලිංගිකත්වය නෙමේ
     

    thanujaka

    Well-known member
  • වර්ගයා බෝ කරන්න ලිංගිකත්වයම ඕනේ නැ, DNA තියෙනවා නම් බුද්දිමත් ජීවින් ඉන්නවා නම් වර්ගයා බෝ කරන එක ලැබ් වලත් කරන්න පුළුවන්, ජිවින්ගේ ලිංගිකත්වය කියන්නේ මුලික දෙයක් එක ඉහල දෙයක් නෙමේ, සත්වයන්ට තියෙන්නේ ඕන බුද්දිය කියන දේ ඉහල බුද්දි මට්ටමක් ඉහළ මානසික මට්ටමක්, ලින්ගිකත්වේ කියන්නේ ප්‍රාථමික දෙයක් අඩුම වශයෙන් ශරීරයක් පවතින්නවත් ඕන දෙයක් නෙමේ නේ

    ලිංගිකත්වයයෙන් වෙන්නේ DNA පරම් පාරව පවතින එක, DNA තමයි key එක වෙන්නේ සත්වයන්ගේ නැතුව ලිංගිකත්වය නෙමේ

    ඔව් දැන් උබ කියන්නේ මිනිස්සු කොලුකාරයෝ වෙන්න ඇරලා අපි ලැබ් වල ලමයි හදමු කියලද?
     

    thanujaka

    Well-known member
  • එහෙම වෙන්නෑනෙ. දැන් මේ ලෝකෙ සේරම මහණ වුනොත් ඒත් කෝ මිනිස්සු ? අපිට ඒ පදනමේ ඉඳන් කිව්වෑකිද සියලුම ලිංගික විඳීම් වලිං වෙන් වෙලා මහණ වෙන එක වැරදියි කියල ? හැමෝම සමලිංගික වෙනව වගේ hypothetical scenario එකක ඉඳන් සමලිංගිකත්වය වැරදියි කියනවනං මේ ලෝකෙ හැම සිදුවීමක්ම මොකක් හෝ hypothetical scenario එකකට ආදේශ කල්ල වැරදියි කිව්වෑකි. :sorry: :sorry:

    එන්න ඒ ලොකු දෙයි, පොඩි අවස්ථාවක් තමයි ඔය වෙන්නේ...
    සමූල ඝාතනයක් කරත් මරණ දඩුවම, එකෙක් මැරුවත් මරණ දඩුවම..
    හානියේ ප්‍රමාණය නෙමෙයි වැදගත්, හානියක් වෙනවද නැද්ද කියන එක..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමලින්ගිකත්වෙ බෝ වෙනව :lol:

    බය තියෙන්නේ සමලින්ගිකත්වෙට නෙමේ සංස්කෘතියට නිකන් හරි සමලින්ගිකත්වෙ නිසා සංස්කෘතියට හෙන ගැහුවොත් කියලා බය තියෙන්නේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම කියන්නෙ සමලිංගිකයන්ගේ ආශාවන් නිසා සමාජයේ කාටවත් හානියක් වෙන්නෑ කියල. ඒක ඒ මිනිස්සුන්ගෙ තියෙන පෞද්ගලික ආශාවක්. අනික ඌ පිරිමි කෙනෙක්ව බැන්ද කියල උගෙ ජීවිතේ විනාශ වෙන්නෙ කොහොමද ? මේව එක එක පුද්ගලයන්ගෙ පෞද්ගලික මතයට විරුද්ධව යන නිසා කරන චෝදනා මිසක් තේරුමක් ඇති දේවල් නෙමේ. එහෙම බැලුවොත් පයිං යන මනුස්සය ඇවිදින එක නවත්තල ව්‍යායාම අඩුවෙලා ලෙඩ වෙන නිසා වාහනයක් ගන්න එකත් ජීවිතේ විනාශ කිරීමක් විදිහට දැක්කෑකි. අධෝ සංසර්ගය සමලිංගික වෙන්න ඕනෙ නෑ ඕනෙ තරම් විරුද්ධ ලිංගිකයන් අතරෙත් වෙනව. :dull: :dull:
    මිනිහා කියන්නෙත් සතෙක්.. සිතන්න පුලුවන් නිර්මාණාත්මක වෙන්න පුලුවන් උනත් මිනිහා කියන්නෙත් තවත් සත්ව කොට්ඨාශයක්...
    මිනිහා හිතනවනම් මිනිහා හදපු සමාජය හෝ සමාජ ස්වභාවිකත්වය කියන එක කෙලෙසන දෙයක් කියලා "සමලිංගිකත්වය", එහෙනම් ඒක එහෙම තමා... මොකද ඔය හැම වචනෙම දැම්මේ මිනිස්සු...
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නිරුක්තිය
    ඉංග්‍රීසි බසින් සමලිංගිකත්වය හදුන්වන homosexual යන වචනය ග්‍රීක භාෂාෙව් ὁμός(same)සම වචනයත් ලතික් භාෂාෙව් sexus යන වචනයත් එක්වීෙමන් සෑදී ඇති.සමාන ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා මෙයින්ම අදහස් කරයි..මෙහිදී පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සභදතා මෙන්ම ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර ඇතිවන සභදතා(නාරිමෛථුන්‍ය) මෙයට අයත්ය.

    ඉතිහාසය
    මානව ඉතිහාසයේ මූලාරම්අභයේ දී ප්‍රාථමික මානවයා තම ලිංගික ආශාවන් තමාට අවශ්‍යවූ මොහොතේම නිදහස්ව ඉටුකරගත්හ.මානවයා ක්‍රමයෙන් ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීමත් සමග විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාවලියට චාරිත්‍ර වාරිත්‍ර ගනාචාර ජනචාර නිතිරීති එක්කර ගනිමින් ලිංගික ක්‍රියාවලියට සීමා මනවාගැනීම සිදුවිය.මිනිසා මෙසේ සංස්කෘතික මිනිසකු බවට පත්වීමත් සමග ඇතිවූ සංස්කෘතික තහංචි මගින් සීමාකර ඇති ලිංගික ආවේගයන් පිටකර ගැනීමට විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ක්‍රියාකාරකම් වලට යොම්විය.වර්තමානයේ පවා විරුද්ධ ලිංගික චර්‍යා මගින් තම ආශාවන් තෘප්ත කරගැනීමට නොහැකිවූවිට සමලිංගික ක්‍රියාකාරකම් වලට යොමුවීම දක්නට ලැබේ.මෙයට හොද උදාහරණයක් ලෙස බන්ධනාගාර උප සංස්කෘතිය දැක්විය හැකිය.ඒ අනුව ආදී මානවයාද තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට භාවිතකළ විකල්පයක් ලෙස සමලිංගිකත්වය බිහිවූ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් මෙම සමලිංගික සම්බන්ධතා කෙරෙහිද ශිෂ්ට සම්පන්න මිනිසා තුල ඇතිවූයේ විරෝධී ආකල්පයකි. බොහෝ ආගම් හා දර්ශනයන් මගින් දක්වා ඇති ආකාරයට සමලිංගික සම්භන්ධතා යනු ස්වභාව ධර්මයේ කැමැත්තට එරෙහිව යාමක් හා දේව කැමැත්තට පිටුපෑමක් ලෙස සළකා ඇත.ඇතැම් සංස්කෘතීන්ට අනුව සමලිංගික චර්‍යවල නිරතවීම මරණ දණ්ඩනයට යටත්වීය හැකි බරපතල අපරාධයක් ලෙස සැළකූහ.

    ඇතැම් ප්‍රාථමිත සමාජවල පැවති චාරිත්‍ර වාරිත්‍ර වීශ්වාසයන් නිසා සිදුවූ ස්ත්‍රී පුරුෂ අනුපාතය බරපතල ලෙස වෙනස්වීම පදනම් කරගෙන ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට සමලිංගික සේවනය භාවිතා කර ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ගැහැණු දරුවකු ඉපදීම අශුභ සිදුවීමක් ලෙස සැළකූ ඇමරිකානු ස්වදේශික ආදිවාසීන් උපතේදීම ගැහැණු දරුවන් මරා දැමීය.ඇතැම් ආදිවාසීන් ගැහැණුන් බිළි පූජා සදහා භාවිත කළහ.මේ ආකාරයෙන් සිදුවූ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයට පිළියමක් ලෙස ඇතැම් ප්‍රාථමික සමාජ සමලිංගිකත්වයට නැඹුරුවිය

    අප්‍රිකාව
    මුල් වරට සමලිංගික යුවලක් හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ පුරාණ ඊජිත්තුවෙනි මානව විද්‍යාඥයින් පවසන ආකාරයට ලෙසොතෝ රාජ්‍ය යෙහි ගෝත්‍රික ස්ත්‍රීන් අතර සමලිංගික සබදතා අනුමතවී ඇතිබව පැවසේ එවන්ස් ප්‍රීව්චාඩ් දක්වන ආකාරයට අසාන්දේවරුන් පුරුෂයන් අතර සමලිංගික සබදතා පැවතිබව වාර්ථා නරයි.අසාන්දේ ගොත්‍රික වඩිහිටි පුරුෂයන් නව යොවුන් වියේ පසුවන වයස 12ත් 13 අතර පිරිඹි දරුවන් සමලිංගික චර්‍යා සදහා යොදාගැනීම සිරිතක් ලෙස සිදුකර ඇතිබව එවනස් ප්‍රීචාර්ඩ් සදහන් කරයි.ඒ අනුව අප්‍රිකානු සමාජවල සමලිංගික චර්‍යා අතීතයේ සිට පවතිනබව විශ්වාස කළ හැකි ආකාර සාක්ෂි ලැබී ඇත.

    ඇමරිකාව
    ඇමරිකාවට යුෙරා්පා ජාතීන් පැමිණීමට ෙපර සිටම ඇමරිකානු ස්වෙද්ශීක ආදිවාසීන් අතර සමලිංගික සම්භන්ධතා පැවතුරි.ඔවුන් තම ගෝත්‍රයට අයත් සමාජිකයන් සමග සමලිංගික වර්‍යා පැවැත්වීම සිරිතක් වශයෙන් සිදුවිය.ලතින් අමරිකානු ස්වදේශිකයන් වූ මායන් ඇස්ටෙක් න්වෙචාස් මෝචස් සැපොටික් යන ගෝත්‍රිකයන් අතර සමලිංගික සබධතා පැවතිබව මානව විද්‍යාඥයන් සදහන් කරයි.ස්පාංඥ්ඥ අධිරාජ්‍යවාදීන් විසින් මෙම ස්වදේශික ජනයා ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය කරනු දුටු විට ඔවුන්ට මරණීය දණ්ඩනය දීම පණපිටින් පුඵස්සා දැමීම හා සිරුර කැබලි වලට ඉරා බල්ලන්ට කෑමට දීම වැනි දඩුවම් පමුණුවන ලදී.කතෝලිකයන් වූ යුරෝපා ජාතීන්ට අනුව සමලිංගිකත්වය බරපතල වරදක් කොට සැළකීය.1986 දීඑක්සත් ජනපද ශේෂ්ටාදිකරණය මගින් පුරුෂ සමලිංගික සේවනය දණ්ඩන අපරාධයක් ලෙස නම් කළේය.එහෙත් එම තීරණය 2003 වසරේදී ඉවත්කරගන්නා ලදී.1998 වසරේදී සමලිංගික විවාහ වලට විරුද්ධව ව්‍යවස්ථා යොජනාවක් ගෙනඑනු ලැබුවද 2003 වසරේදී සමලිංගික අයිතිවාසිකම් පිළිගැනීමට එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග සමලිංගික විවාහ සහදා නිත්‍යානුකූල අනුමැතිය ලැබිණි.

    අග්නිදිග ආසියාව
    චීන සාහිතය ග්‍රන්ත තුල පුරුෂ සමලිංගිකත්වය පිළිබද සදහන් කර ඇත.විරුද්ධ ලිංගික සබදතා ෙමන්ම සමලිංගික සබදතා 2 වන ශත වර්ෂෙය් දී චීනෙය් පැවතිබව චීන සාප්‍රධායික කවි වල දැක්වේ.කෙසේ නමුක් ඇතැම් බටහිර සංස්කෘතීන් හා ප්‍රාථමික සංස්කෘතීන්වල මෙන් සමලිංගික චර්‍යා චීනය තුල දක්නට නොලැබේ.

    සිංගප්පූරුව
    සිංගප්පූරුව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377A වගන්තිය යටතේ වසර දෙකකට නොඅඩු සිර දඩුවමකට යටත් විය හැකි වරදකි.

    ශ්‍රී ලංකාව
    1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365Ą වගන්තීන්ට අනුව දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික වර්‍යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ෂවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්‍යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.

    365A වගන්තිය අනුව යම් පිරිසක් පුසිද්ධ ස්ථානයක දී සමලිංගික වර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

    මේ අනුව ශ්‍රී ලංකාව තුල සමලිංගික වර්‍යාවකට තම අභිමතය පරිධි අනෙක් පාර්ෂවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික වර්‍යාවක යෙදීම දඩුවම් ලැබියහැකි වරදකි.[3]

    යුරෝපය
    ග්‍රීක සාහිත්‍ය කෘතීන්ට අනුව සහ ජනප්‍රවාදයන්ට අනුව සමලිංගික සබදතා පැවතිබව විස්තරවෙයි.


    මනෝවිද්‍යාව
    මනෝ විද්‍යාව තුල මුල් යුගයේ දී සමලිංගිකත්වය අසාමාන්‍ය මානසික තත්වයක් ලෙසත් මානසික රෝගයක් ලෙසත් සැළකීය.කෙසේ වෙතත් 1971 න් පසු ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය විසින් මෙය මනසික රෝග වර්ගීකරනයෙන් ඉවත් කිරීමට තීරණය කළහ.එයට හේතු වූයේ ඇමරිකානු ආදිවාසීන් අතර සංස්කෘතික අනන්‍යතාවයක් ලෙස පැවති සමලිංගික වර්‍යාවන් සදහා සමාජ පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන් සිදුකල අරගලයන්ගේ ප්‍රතිපලයක් ලෙසයි

    1952 ලොව ප්‍රමුඛතම මනෝ විද්‍යා පර්යේෂණ ආයතනය වන ඇමරිකානු මනෝ විද්‍යා සංගමය නිකුත්කළ මානසික රෝග ලැයිස්තුව(DSM) තුල සමලිංගිකත්වය පැහැදිළිවම මානසික අපගමනකාරී තත්වයක් ලෙස හදුන්වා තිබිණ.1971 පසු ඇතිවූ සමලිංගිකත්ව අයිතිවාසිකම් සදහා වූ අරගල වලදී මතුවූ තත්වය මත 1973 රැස්වූ ඇරිකානු මනෝ විද්‍යා සංගමය මගින් සමලිංගිකත්වය මනසික රෝග වර්ගීකරණයෙන්(DSM) ඉවත් කර දමන ලදී.කෙසේ වෙතත් මෙම තීරණය ලොව පුරා සිටින බොහෝ මනෝ විද්‍යාඥයන්ගේ විවේචනයට භාජනය විය.

    මනෝ විශ්ලේෂණවාදයේ දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සඳහන් කරන්නේ ලිංග රූප අවධියේදී ඇතිවන අක්‍රමිකතාවයන් නිසා වැඩිවියට පත්වූවිට සමලිංගික චර්‍යා කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.ලිංගරූප අවධිය ළමයකුගේ ජීවිතයේ ඉතා වැදගත් අවධියකි.මෙම කාලය සමාන්‍යයෙන් වයස අවුරුදු 3-5 අතර කාල පරාසයවෙයි.මෙම අවධියේ දී දරුවාගේ ලිංගික ආශය බාහිර ලිංගික අවයව වෙත විතැන්වේ.තම ලිගේද්‍රිය නිරීක්ෂණය කිරීමේ ප්‍රථිපලයක් ලෙස මව පියා අතර ලිංගික වෙනස්කම් අවබෝධ කරගනී.ඔවුන් දෙදෙනා පිළිබද වෙන වෙනම ආකල්ප දරන්නට දරුවා පෙළඹේ.මෙම අවධියේදී පිරිම් ළමයා තුල ඊඩිපස් සංකීර්ණයත් ගැහැණු දරුවා තුල ඉලෙක්ට්‍රා සංකීර්ණයත් හටගනී.මෙගින් පිරිමි ළමයාගේ පිරිමිකමත් ගැහැණු දරුවාගේ ගැහැණු කමත් හටගනී.තමාගේ ලිංගය ගැහැණු දරුවාට වඩා විශේෂිතව පිටතට නෙරාවිත් වර්ධනය වී ඇතිබව පිරිමි දරුවා වටහා ගන්නා අතර තම මවකෙරේ ඇල්මක්ද පියා කෙරේ ඊර්ෂාව මුසු බියක්ද හටගනී.පිරිම් දරුවා අවිඥානිකව තම මව කෙරේ ආදරයක්ද පියාකෙරේ ඊර්ෂාව මුසු වෛරයක්ද හටගනී.මේ අතර ගැහැණු දරුවා තමාට පිරිමි දරුවන්ට මෙන් පිටතට නෙරාගිය ලිංගයක් නැතිබවත් එය තමාට නොලැබුනේ මව නිසා බවත් සිතයි.ගැහැණු දරුවා තම මවට වෛර කරන අතර පියාට ඇල්මක් දක්වයි.මේ ආකාරයට ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණ පදනම් කරගෙන විරුද්ධ ලිංගිකයන්ට ආදරයක් ඇල්මක් දැක්වීමට උගනී.එහෙත් තම පියාගේ අසීමිත දණ්ඩණයන්ට හිංසනයන්ට ලක්වන ගැහැණු දරුවා තුලත් මෙසේ තම මවගේ අසීමිත හිංසනයන්ට නොසලකා හැරීම් වට ලක්වද පිරිමි දරුවා තුලත් වැඩිවිය පත්වූවිට විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇල්මක් නැතිවීයයි.එහි ප්‍රථිපලයක් ලෙස විරුද්ධ ලිංගිකයන් වෙනුවට සමලිංගික යන් වෙත ආකර්ෂණයවීමටත් ඔවුන්හා ලිංගික තෘප්තිය ලැබීමටත් යොමුවෙයි.

    තවද තම මවගේ අසීමිත රැකබලා ගැනීම්වට ලක්වන පිරිමි දරුවා තුලත් තම පියාගේ අසීමිත රැකබලාගැනීම්වලට ලක්වන ගැහැණු දරුවා තුලත් ඊඩිපස් හා ඉලෙක්ට්‍රා සංකීර්ණයන් අවරෝධනය වීමට බාධා පැමිණීම නිසාද විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණය අඩුවී සමලිංගියන් දෙසට ආකර්ෂනය සිදුවේ.මෙහිදී අසීමිත රැකබලා ගැනීම් යනු තම දරුවාට ස්වාධීනව තීරණ ගැනීමට ස්වාධීනව වැඩකටයුතු කිරීමට ඉඩ නොදී දරුවාගේ සෑම ක්‍රියාවලියකටම අනවශ්‍ය ලෙස අතගැසීමයි.


    සෞඛ්‍ය
    සමලිංගික චර්‍යා නිසා බොහෝ ලිංගිකව සංප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවෙයි.ඒ අතර ඒඩ්ස් රෝගය හා පෙටයිටිස් බී වැනි රෝග ප්‍රමුඛය.මෙම හේතුව නිසා ඇතැම් යුරෝපා රටවල සමලිංගික චර්‍යාවල නිරතවන ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගෙන් රුධිර පාරවිලනය සදහා රුධිරය ලබාගැනීම තහනම් කර ඇත[4].ඒඩ්ස් රෝගය මුල් අවධියේ දීද වැඩිවශයෙන් ව්‍යාප්තවී ඇත්තේ සමලිංගික වාර්‍යාවල නිරතවූ පුරුෂයන් අතරය.ඇතැම් රටවල විරුද්ධ ලිංගික සභදතා මගින් ව්‍යාප්තවනවාට වඩා බහුලව සමලිංගික වර්‍යා මගින් ඒඩ්ස් හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවී ඇත.මෙම තත්වය වැඩි වශයෙන් දකුණු ආසියාව අප්‍රිකාව ලතික් අමරිකා රටවල වාර්ථාවේ.මෙයට හේතුව ලිංගාශ්‍රීත රේග ව්‍යාප්තිය පිළිබදව සාමාන්‍ය ජනයා අතර ඇති කොදැනුවත් බවයි.ඇතමුන් සමලිංගික චර්‍යානිසා සමාජ රෝග බොවන බව පවා නොපිළිගනී.බොහෝ සංස්කෘතීන්තුල විරුද්ධ ලිංගික සබදතාවල අවධානම සමාජගතවන තරමට විරුද්ධ ලිංගික චර්‍යා නිසාවන සෞඛමය අවධානය නොසළකා හරී.

    සමාජ විද්‍යාව[සංස්කරණය කරන්න]
    සමලිංගික වර්‍යා කෙරෙහි යොමුවීමට සමාජ විද්‍යාත්මක සාධකද බලපානු ලබයි.සංචාරක කර්මාන්තය දුප්පත්කම අසභ්‍ය ප්‍රකාශන අවිධිමත් ලිංගික අධ්‍යාපනය සාවද්‍ය සමාජානුයෝජනය අපසංස්කෘති හා විරෝධී සංස්කෘතින් මගින් ඇතිවන සාවද්‍ය සමාජානුයේජනය මේ අතර ප්‍රමුඛය.සංවාරක කර්මාන්ත බිහිවීමත් සමග තුන්වන ලෝකයේ රටවලට පැමිනෙන සංචාරකයන් සදහා සමලිංගික ගණිකා ව්‍යාපාරවල නිරත වෙමින් මුදල් උපයා ගන්නා දුප්පත් පිරිමි දරුවන් ලංකාව වැනි රටවල බහුලය.ශ්‍රී ලංකාවේ ජීවත්වූ ශේෂ්ඨ සමාජ විද්‍යාඥයෙකු වූ මහාවාර්‍ය නන්දසේන රත්නපාලයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බහුලව සිදුවන ප්‍රදේශවල සමලිංගික ළමා ගණිකා ව්‍යාපාරය බහුලව පවතින බවයි.ඔවුන් මේ සදහා යොමුවීමට බලපා ඇති ප්‍රධාන හේතුව දුප්පත්කම බවයි.මීට අමතරව ලිංගික අධ්‍යාපනය පිළිබද පවතින වැරදි මත නිසා සමලිංගිකත්වය එතරම් බරපතල කරුණක් ලෙස නොසලකයි.ශ්‍රී ලාංකික සංස්කෘතිය තුලද විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සබදතා බරපතල කාරණා ලෙස උළුප්පා දැක්වුද සමලිංගිකත්ව පිළිබද ඇති ආකල්ප ඉතා පටුය.මෙම කාරණා හේතුවෙන් මෙම ළමා ගණිකා ව්‍යාපාරයේ නිරතවන පිරිමි දරුවන් ඉතා ඉක්මනින් ලිංගිකව ආසාධනයවන රෝගයන්ට ගොදුරුවේ.
     

    thanujaka

    Well-known member
  • බය තියෙන්නේ සමලින්ගිකත්වෙට නෙමේ සංස්කෘතියට නිකන් හරි සමලින්ගිකත්වෙ නිසා සංස්කෘතියට හෙන ගැහුවොත් කියලා බය තියෙන්නේ

    මම නං බය අපරාදෙ එක කොල්ලෙක් ගේ හරි ජීවිතේ..
    කසාද බැදලා ලස්සනට දරු මල්ලෝ හදාගෙන මුණුපුරෙක් හුරතල් කරලා මැරෙන්න තියෙන ජීවිතේ නැති වෙන්නේ... දරුවෙක් වත් නොහදා මැරිලායයි...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    tenor.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේ කාලකණ්ණි වෙන්නෙ නැත්තේ මොකද?
    මිනිහෙක් උනාම වර්ගයා බෝ කරන්න ඕනේ..
    තමන්ට දරුවෙක් ඉන්න ඕනේ, ඒ වගකීම් දරන්න ඕනේ, වයසට ගියාම තමන්ට පිලිසරණක් ඕනේ..

    අන්තිමට අම්ම තාත්ත මලාම කාත් කවුරුවත් නැතුව බල්ලෝ වගේ මැරිලා යයි..


    අනික කියන්න බැරි උනා එකෙක් හරි උඹ හින්ද ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටයිප් එකට හිත වට්ට ගන්න ඇති..
    ඒ ලැබිච්ච පෙලඹීම හින්ද..
    මහ ගොඩක් ඕනෙ නෑ.. එකෙක් කොලු කාරයෙක් උනොත් ඒකට හිත වැටිලා මේ ලක්ශ 5න් ඒ මදැයි..

    ඉතිං මෙතනම ජීවිතේ කාලකන්නි වීම අර්ථ දක්වල තියෙන විදිහ වැරදියිනෙ :sorry: :sorry:
    මිනිහෙක් වුනාම වර්ගයා බෝ කරන්නම ඕනෙ කියල නෑ. සමහරු ඉන්නව වර්ගයා මහා පරිමාණෙන් බෝ කරන්න කැමති සමහරු ඉන්නව දෙතුන් දෙනෙක් බෝ කරන්න කැමති. සමහරු ඉන්නව බඳින්න කැමතියි වර්ගයා බෝ කරන්න අකමැති ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ පෞද්ගලික කැමැත්ත. මිනිහෙක් වුනාම වර්ගයා බෝ කරන්න ඕනෙම නං එතකොට ලමයි හදන්නැතුව මහණ වෙන එකත් තහනම් කල යුතුද ? එහෙම බැලුවොත් ලිංගික බැඳීම් වලිං නිදහස් වෙලා දුකෙන් එතෙර වෙන්න යන ගමනත් ජීවිතය කාලකන්නි කරගැනීමක් විදිහට දැක්කෑකිනෙ ? ඒක තමා මුල ඉඳන්ම කිව්වෙ මෙතන තියෙන්නෙ අනික් පුද්ගලයන් දකින විදිහෙ ප්‍රශ්නයක් කියල. මිනිහෙක් ගෑණියෙක් නෙමේ මොකෙක් වුනත් වර්ගයා බෝ කල යුතුමයි කියල නීතියක් නෑ :no: :no:

    වයසට ගියාම පිලිසරණක් නැති ලමයි හැදුවත් නැති වෙන්න පුලුවන් ලමයි හැදුවෙ නැතත් නැති වෙන්න පුලුවන්. ලමයි දහය පහලොව හදපු කී දෙනෙක් ලමා නිවාස වල ඉන්නවද ? ඒ ගානට සාපේක්ශව ඇත්තටම ලමයි හදපු නැති අය ඉන්නෙ පොඩ්ඩයි. වයසට ගියාම පිලිසරණකක් මුදල් නැති වෙන්න ලමයි නැති වීමට අමතරව බලපාන තවත් සාධක තියෙනව. ඒක ඒ පුද්ගලයාගේ පෞද්ගලික දුර්වලතාවයක් මිසක් සමලිංගිකයන් හැමෝටම එහෙම වෙනවයි කියල උන් හැමෝම මානසික රෝගීන් විදිහට චෝදනා කරන එක වැරදියි. :no: :no:

    ඉතිං මං හින්ද game of thrones type එකේ කතා වලට හිත වට්ටගත්ත එක්කෙනෙක් හරි ඉන්නවනං ඒකෙන් කියවෙනවද ඒ කෙනාට උවමනා වුනොත් කවදාවත් flash type එකේ කතාවක් බලල රස වඳින්න බෑ කියල ? උට ඕන්නං flash බලයි නැත්තං නිකා ඉඳියි. :yes: :yes: