චම්පක රණවක මිනීමරු ඇමති

Jul 5, 2012
1,773
265
0
චම්පක රණවක මිනීමරු ඇමති

Meethotamulla-real-murders.jpg


කැළි කසල එකතු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, නැවත භාවිතය යනු විද්‍යාවකි. එම ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම එහි නවතම සොයා ගැනීම් පිළිබඳ ලියැවුණු විද්‍යා පර්යේෂණ පත්‍රිකා සිය ගණනකි. අද කැළි කසල යනු අපවිත්‍ර ද්‍රව්‍ය නොව මානව වර්ගයාගේ පැවැත්ම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන් ය. ඉතා සරලව පැවසුවහොත් කැළි කසල යනු මුදල් ආකර ය. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවෙ දූපත් ජනතාව කැළි කසල දකින්නේ ඉවත දැමිය යුතු දුර්ගන්ධය පතුරුවන සම්ප්‍රදායික ‘කුණු‘ ලෙසට ය. තම නිවසේ කැළි කසල අසල්වැසියෙකුගේ නිවසක් අසළට වීසි කර යන්නේ මෙම ‘කුණු‘ මානසිකත්වය හේතුවෙනි. මෙවැනි දෑ බහුලව සිදු කරන්නේ උගත් යැයි තමන් විසින්ම හඳුන්වාගන්නා නාගරික මධ්‍යම පංතිකයන් වීම විශේෂත්වයකි. එංගලන්තයේ එක් දුර ගමක වෙසෙන එක පවුලක් විසින් පවත්වාගෙන යන සාමාන්‍ය ගොවිපොලක ඉවත ලන සත්ව ගොම සහ මුත්‍රා වලින් ඔවුන් විසින් ඒ ගමේ පවුල් 40 ක නිවාස සඳහා විදුලිය ලබා දෙන වාර්තාවක් පසුගියදා දකින්නට ලැබිණ. ඒ ලබා ගන්නා විදුලිය සඳහා බිල ගෙවන්නේ ගොවිපොල අයිති පවුලට ය. ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට වගකිව යුතු ආයතන, එහි ප්‍රධානීන් සහ දේශපාලනඥයන්ද ඉන්නේ කුණු මානසිකත්වයේ ය. ඔවුන්ට කැළි කසල යනු ගාණක් කපා ගැනීමේ තවත් එක් මාර්ගයක් පමණි. එවැනි රටක කුණු කන්දක් නාය ගොස් 60 ක ගේ පමණ ජීවිත අහිමි වීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එයට වඩා විශාල විනාශයක් සිදු නොවීම ගැන ය. මීතොටමුල්ල වගුරු බිමක් හේතුවෙන් සිදුවූ හානිය අවම වූවා මිස එසේ නොවුයේ නම් තත්ත්වය බරපතල වීමට ඉඩ තිබිණ.
ලෝකය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ගව් ගණනාවක් ඉදිරියට ගොස් තිබේ. එහෙත් ශ්‍රී ලංකාව නමැති දූපත තවම සිටින්නේ ප්‍රතිචක්‍රීයකරණයේ ගල් යුගයේ ය. ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට නම් ප්‍රතිචක්‍රීයකරණයේ ගල් යුගයෙන් එළියට පැමිණිය යුතුව ඇත. ඒ සඳහා නව තාක්ෂණය, නව ක්‍රමවේද සහ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාව සතුව එවැනි පරිසරයක් නොමැති බැවින් කසළ කළමනාකරණයට විදේශ ආයෝජන අවශ්‍යම ය. ඒ සඳහා උත්සාහයන් කිහිපයක් ගනු ලැබූ නමුත් පහත් දේශපාලකයන්ගේ කොමිස් තණ්හාව හේතුවෙන් එම අවස්ථා බොහොමයක් අහිමි වී තිබේ. කසළ කළමනාකරණයේ ප්‍රමුඛයන් වන්නේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ පරිසර හිතකාමී (Green) සමාගම් ය. මෙම සමාගම් පවත්වාගෙන යන්නේ ලාභ ලැබීමේ අරමුණින් වුවද එම සමාගම්හි ප්‍රතිපත්ති සහ දර්ශනය පදනම්ව ඇත්තේ බොහෝ විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ය.
අතට ආ කැනේඩියානු කුරුල්ලා..

එවැනි කැනේඩියානු පරිසර හිතකාමී සමාගමක් (නම සඳහන් නොකරමු) යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසරකින් පමණ කොළඹ කසළ ප්‍රශ්නය පිළිබඳව දීර්ඝ පර්යේෂණයක් කර ව්‍යාපෘති වාර්තාවක් බස්නාහිර පළාත් සභාවට බාර දුන්නේ ය. කොළඹ නගරයේ එකතු වන කුණු දහනය කර විදුලිය නිපදවීම (Pyrolysis Electricity) මෙම සමාගමේ යෝජනා ව්‍යාපෘතිය වූ අතර ඔවුන් ඒ සඳහා පිළියන්දල කරදියාන අක්කර 10 ක ඉඩමක්ද සිය ශක්‍යතා වාර්තාවෙන් හඳුනාගෙන තිබිණ. මෙම විසඳුම දැනට ලොව භාවිතා කරන ඉහළම තාක්ෂනික ප්‍රවේශයයි. මෙය බොහෝ සෙයින්ම පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වූ අතර අතුරු නිෂ්පාදනයක් වශයෙන් ඉතිරි වන කාබන් විශේෂය ශීත දේශගුණයක් සහිත රටවල මාර්ග තැනීමේදී භාවිතාවට ගන්නා අතර ඒවා යුරෝපයට හා උතුරු ඇමරිකාවට අපනයනය කිරීමද එම සමාගමේ ඉලක්කය විය.



කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි වර්ෂාපතනය හේතුවෙන් එකතුවන අපද්‍රව්‍යයන්හි ජල සංයුතිය 85% ක් පමණ වේ. එවැනි ජල සංයුතියක් සහිත අපද්‍රව්‍ය විදුලිය නිෂ්පාදනයට වඩාත් හිතකර තත්ත්වයක් බවද සමාගමේ මතය විය . කැනේඩියානු සමාගමේ ප්‍රක්ෂේපනය වූයේ කසළ මෙට්‍රික් ටොන් 500 කින් විදුලිය මෙගා වොට් 10 MW ක් නිපදවිය හැකි බවයි. ඔවුන් සැලකුවේ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ පමණක් දිනකට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙ.ටො. 450-500 ක් වන බවයි. කොළඹ නගරයේ එකතු වන සමස්ථ කුණු ප්‍රමාණය මගින් දිනකට මෙ.වො. 240 MW විදුලියක් ජනනය කළ හැකි බව එම කැනේඩියානු සමාගමේ තක්සේරුව විය. ඔවුන්ගේ ව්‍යාපෘති සැලසුමේ සම්පූර්ණ ධාරිතාවය ක්‍රියාත්මක කිරීමට කොළඹ එකතුවන කසළ ප්‍රමාණය මදිය..! එනම් කොළඹ කසළ ප්‍රශ්නයට පරිසර හිතකාමී සාර්ථක විසඳුමක් ඔවුන් ගෙන ආවේ ය.
කොළඹ එකතුවන කසළ ප්‍රශ්නයට අමතරව බොල්ගොඩ වැවට ඒ අවට දැව කර්මාන්ත ශාලා දිනපතා එකතු කරන ලී කුඩු ප්‍රශ්නයටද මෙම සමාගම විසඳුමක් ඉදිරිපත් කෙළේය. ඒ අනුව එම සමාගම ලී මෝල් හිමියන් ඉවත දමන ලී කුඩු මිලදී ගැනීමට ද එකඟ විය. කැනේඩියානු සමාගමේ මූලික ආයෝජනය රුපියල් කෝටි 450 ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් විය.
කැනේඩියානු සමාගමේ නියෝජිතයන් සහ බස්නාහිර පළාත් සභාවේ බලධාරීන් අතර සාකච්ඡා වට තුනක් පැවැති අතර පිළියන්දල කරදියාන ප්‍රදේශයේ අදාල කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට දෙපාර්ශවයම එකඟ වූහ. ඒ පිළිබඳව මාධ්‍ය පවා වාර්තා කෙළේය.
ඉසුරු දේවප්‍රියගේ බිරිඳ කොමිස් ඉල්ලූ හැටි

එහෙත් අවසාන සාකච්ඡාවෙන් පැය කිහිපයකට පසුව කැනේඩියානු සමාගමේ ප්‍රධාන නියෝජිතයාට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ඉසුරු දේවප්‍රියගේ බිරිඳ ය. ඇය ඉසුරු දේවප්‍රියගේ පෞද්ගලික ලේකම්වරියද වන්නීය. සමාගමේ ප්‍රධාන නියෝජිතයාට දුරකථන ඇමතුම දුන් ඉසුරුගේ ලේකම් බිරිඳ කියා සිටියේ තමන්ට ඔහු සමග සාකච්ඡාවක් අවශ්‍ය බවයි. ඇගේ ඉල්ලීම පරිදි සාකච්ඡාව පැවැති අතර එහිදී ඇය කියා සිටියේ මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමට නම් ඇමරිකානු ඩොලර් මිලයන 3 ක් හෙවත් රුපියල් කෝටි 45 ක් අවශ්‍ය බවයි.
කැනේඩියානු නියෝජිතයා කියා සිටියේ තම සමාගම ප්‍රතිපත්තියක් වශයෙන් එවැනි අල්ලස් නොදෙන බවත්, කැනේඩියානු නීතිය අනුව එවැනි අල්ලස් දීමක් සිදුකළහොත් සිර දඬුවම් ලැබීමට සිදුවන බවයි. අවශ්‍යම නම් ප්‍රජා ව්‍යාපෘතියකට යම් ආධාරයක් දෙනවා හැරෙන්නට දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට හෝ මුදල් ලබා දීමට නොහැකි යයි කැනේඩියානු නියෝජිතයා ඉසුරු ගේ ලේකම් බිරිඳට කියා සිටියේ ය. එම සාකච්ඡාවෙන් පසුව අදාළ ව්‍යාපෘතිය ඇණ හිටියේ ය.
මේ වකවානුවේ චම්පික රණවක මෙගාපොලි ඇමැති වශයෙන් වැඩ බාර ගත්තේ ය. 2016 පෙබරවාරියේ දී පමණ ඔහුටද මෙම කසළ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබූ අතර සමාගම් 50 ක් ටෙන්ඩර් යෝජනා ඉදිරිපත් කළේය. අවසානයේ ව්‍යාපෘතිය සඳහා ජර්මානු සමාගමක් තෝරාගනු ලැබීය. (සමාගමේ නම සඳහන් නොකරමු) බස්නාහිර පළාත් සභාවේ ව්‍යාපෘතිය මධ්‍යම රජය ලබා ගැනීම පිළිබඳව ඉසුරු දේවප්‍රිය මහ ඇමැතිවරයා ජනාධිපති හමුවී තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කෙළේය. ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙක් වන ඉසුරු දේවප්‍රියගේ අඳෝනාව ඉදිරියේ හිත උණු වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදාළ තත්ත්වය සොයා බලා තමාට වාර්තාවක් සපයන්නැයි ජනාධිපති කාර්යාලයේ නිලධාරිනියක් පත් කෙළේය.
මේ කුණු කන්ද විශාල ඉල්ලමක් බව අවබෝධ කර ගත් එකී නිලධාරිනිය කෙළේ කැනේඩියානු සමාගම සහ ජර්මානු සමාගම් දෙකේ වාර්තා පරීක්ෂා කිරීම පසෙක තබා තමන් මැදිහත් වී දකුණු කොරියානු සමාගමකට මෙම ව්‍යාපෘතිය ලබා දීමට උත්සුක වීමයි. අදාළ සමාගමෙන් ගුවන් බලපත්‍ර හෝටල් ඇතුළු පහසුකම් සහිතව සිය පවුල සමග ඇය සිංගප්පූරු නිවාඩු සංචාරයක නිරත වූයේ කොරියානු සමාගමේ මුදලිනි. මේ වග කණ වැකුණු ජනාධිපතිවරයා වහාම ඇයව එම කාර්යයෙන් ඉවත් කරන ලද නමුත් ඒ සමග අදාළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම ද යට ගියේ ය.
බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති බිරිඳ කැනේඩියානු සමාගමෙන් අල්ලස් ඉල්ලන විට අනෙක් පාර්ශවයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ද ගාන කපා ගැනීමට උත්සාහ කෙළේය. කැනඩා සමාගම නිපදවන විදුලිය විදුලි බල මණ්ඩලය මිල දී ගත යුතු ය. වසර 20 ක කාලයක් පුරා කිලෝ වොට් 1 ක් රු. 23.10 ගණනේ මිලදී ගැනීමට හැකි බව විදුලි බල මණ්ඩලය කැනේඩියානු සමාගමට දන්වා සිටියේ ය. එහෙත් කැනඩා සමාගම කියා සිටියේ වසර 5 කට වරක් මිල සංශෝධනය කළ යුතු බවයි. රුපිලේ බාල්දු වීමේ තත්ත්වය තුළ අවම වශයෙන් 5% ක ප්‍රමාණයකින් මෙම මිල ඉහළ යා යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. එම යෝජනාව පිළි ගැනීමට ‘විදුලි මාෆියාව‘ නිශ්චිත කොමිස් මුදලක් ඉල්ලා සිටියේ ය. තමන් නව සමාගම ජනනය කරන විදුලිය ලබා ගන්නේ දැනට මිලදී ගන්නා වෙනත් සමාගමක විදුලිය අඩු කිරීමෙන් බැවින් එම සමාගම දැනට දෙන කොමිස් මුදල තමන්ට අවශ්‍ය බව විදුලි මාෆියාව පැහැදිලිවම කියා සිටියහ.
චම්පික රණවක ගෝලයෝ ලවා කොමිස් ඉල්ලූ හැටි

මේ අතර චම්පික රණවක ගේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් තෝරා ගත් ජර්මානු සමාගමට අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ඉඩ දීමට නම් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 52 ක් අල්ලස් ලබා දිය යුතු යැයි චම්පික රණවකගේ ගෝලයෝ ජර්මානු සමාගමට දැනුම් දුන්හ. එවැනි කොමිස් මුදලක් ගෙවීමට ජර්මානු සමාගම සූදානම් නොවීය. ඒ සම්බන්ධයෙන් වූ කඹ ඇදිල්ල හේතුවෙන් එම ව්‍යාපෘතියද ඇණ හිටියේ ය.
මේ අතර එක්තරා ඇමරිකානු සමාගමක් ලංකාවේ කසළ ප්‍රතිචක්‍රීය ව්‍යාපෘතියක් සඳහා ඉදිරිපත් වීමට පෙර ශ්‍රී ලංකාවේ ඒ සඳහා තත්ත්වය කෙසේදැයි ශ්‍රී ලංකාවේ පිහිටි ඇමැරිකානු තානාපති කාර්යාලයෙන් විමසා සිටියේ ය. තානාපති කාර්යාලය තම සමාගමට දුන්නේ අපූරු උපදෙසකි. තානාපති කාර්යාලය දැනුවත්ව පසුගිය දශකයක කාලය පුරා ඇමරිකානු සමාගම් තුනක් ඒ සඳහා ඉදිරිපත්ව තම කාලය සහ මුදල් නාස්ති කර ගත් බවත් එබැවින් ඔබ සමාගමේ කාලය සහ මුදල් නාස්ති කර ගැනීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා ඉදිරිපත් වන්නැයි තානාපති කාර්යාලය තම සමාගමට උපදෙස් දී තිබිණ.
කොළඹ කසල යනු දේශපාලකයන්ට ධන උල්පතකි. ප්‍රතිචක්‍රීයකරණයේ ගල් යුගයේ සිටිනා අප ඉවත ලන ආහාර, කාඩ්බෝඩ්, කඩදාසි, වීදුරු, යකඩ සහ ප්ලාස්ටික් යන අපද්‍රව්‍ය සියල්ල එකතු කරන්නේ එකටය. එම කුණු වලින් යකඩ, කඩදාසි, වීදුරු, ප්ලාස්ටික් වෙන් කිරීම සඳහා කොළඹ නරග සභාව ටෙන්ඩර් කැඳවයි. ඒ ටෙන්ඩර් ලබා ගන්නේ ද නාගරික මන්ත්‍රීවරුන් ය. මීතොමුල්ල, වත්තල, ඇතුළු කුණු අපද්‍රව්‍ය ගොඩ ගසන ස්ථානයන්හි භාවිතා කරන යන්ත්‍ර සඳහා යන්ත්‍ර සූත්‍ර යොදවා ඇතේතේ ද නාගරික මන්ත්‍රීවරුන් ය. එ් සඳහා ද නගර සභාව මුදල් ගෙවන අතර ඒවා ලබා ගන්නේ ද නාගරික මන්ත්‍රීලා ය. මේ අනුව ජනතාව කුණු කඳුවලින් වැසී ගියද දේශපාලකයන්ට සහ නිලධාරීන්ට ‘කුණු‘ යනු ආර්ථික සම්පතකි.
මීතොටමුල්ලේ දිනකට ගොඩ ගැසූ මෙ.ටො. 650 ක පමණ කසළ ප්‍රමාණයත් වත්තල ප්‍රදේශයේ ගොඩ ගසන දිනක මෙ.ටො. 80 ක කසළ ප්‍රමාණයත් කොළඹ නගරයේ අනෙකුත් කසළත් එකතු කර දිනකට විදුලිය මෙ.වො. 240 MW පමණ විදුලි පද්ධතියට එකතු කළ හැකිව තිබූ ඉහළම තාක්ෂණය භාවිතා කිරීමට සූදානම් වූ කැනේඩියානු ආයෝජනය අතර මග ඇණහිටියේ අපගේ කොමිස් කාක්කන් නිසා ය. බස්නාහිර පළාත් සභාවෙන් උදුරා ගෙන මධ්‍යම ආණ්ඩුව ජර්මන් සමාගමක් හරහා ඉහළම තාක්ෂණයෙන් යුතුව කසළ විදුලිය බවට පත් කිරීමේ ව්‍යාපෘතියට ද අඩ තිබ්බේ කොමිස් කාක්කන් ය.
මීතොටමුල්ල විනාශයෙන් පසුව වුවද අපට තවම කසළ ප්‍රතිචක්‍රීයකරණ විසඳුමක් නැත. දැන් කථා කරන්නේ ද මීතොටමුල්ලේ කසළ දොම්පේට හෝ වෙනයම් තූත්තුකුඩියකට ගෙන ගොස් තවත් කුණු කඳු හැදීම ගැනය. එහෙත් දිනකට මෙ.ටොන් සිය ගණනකින් එකතු වන කසළ ප්‍රයෝජනයට ගැනීමට අදවත් සූදානමක් නැත. ලෝක ඉතිහාසයේ කුණු කන්දකට යට වී ජනතාව මිය ගිය සිද්ධියක් මින් පෙර වාර්තාවන්නේ ඉතියෝපියාවෙනි. එයද ඒ ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් එම ප්‍රදේශයේ ජනතාව පදිංචි කිරීමෙනි. අප සැබැවින්ම ආසියාවේ ආශ්වර්ය වී ඇති බව පැහැදිලිය.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
2020 ඉල්ලන්න තමා යන්නෙ ඒකයි දැන්ම මඩ ව්‍යාපාරෙ පටං අරං තියෙන්නෙ කොහොමද රනිල් ගෙ දුරදක්නා නුවණ :yes: :yes:
 

AnuradhaRa

Well-known member
  • කොහොමහරි කතාව ඇත්තනේ....
    මට හිතෙන්නෙ මෙහෙමයි. අපිත් මුං වගේ ඉහළට යන්ඩ යන්ඩ අපිටත් තන්හාව ඇතිවෙයි නේ...
    මෙච්චර කෝටි ගණන් සල්ලි හොයල මුං මොනා කරනවද මංද..
     

    waligamaya

    Well-known member
  • කොහොමහරි කතාව ඇත්තනේ....
    මට හිතෙන්නෙ මෙහෙමයි. අපිත් මුං වගේ ඉහළට යන්ඩ යන්ඩ අපිටත් තන්හාව ඇතිවෙයි නේ...
    මෙච්චර කෝටි ගණන් සල්ලි හොයල මුං මොනා කරනවද මංද..


    :( :sorry:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඕව දුන්න නම් කියනනෙත් ඉතින් පිටරටකට වික්ක කියලනෙ.. අපේ අයියල
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    කොහොමහරි කතාව ඇත්තනේ....

    ඒ කියන්නේ lankaenews කියන මේ ලිපිය පිළිගන්නව නම් එකේ තියෙන අනිත් ඒවත් සැක මුසු නැතිව පිළිගන්නවා කියන එකද
     

    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නේ lankaenews කියන මේ ලිපිය පිළිගන්නව නම් එකේ තියෙන අනිත් ඒවත් සැක මුසු නැතිව පිළිගන්නවා කියන එකද

    එහෙම නෙමේ ඉතිං...
    ඔය කාගෙත් ඇති හොඳක් නෑ බං.. ඔක්කොම ආත්මාර්ථකාමී පෙරේතයො..