අභය හිමිගේ බට සුද්ධය

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
ජිංතක ජිල්ලබකිට;21483752 said:
ඒයත් වලස්මුල්ලෙංද දන්නේ නෑ කැම්පස් සිලෙක්ට් වුනේ? :P

බට-අභය ෆෝටෝන් ගැන ගැන තඩි බේගල් ඇදබාන්නේ. ෆෝටෝන් කියන්නේ අභිදර්මයේ එන ශුද්ධාශ්ඨක කියන්න බට-අභයට තියෙන ඥානය මොකක්ද? ඔය ඉංජ්නේරු හුටංලා හුඟ දෙනෙක්ගේ සාමාන්‍ය දැනුම බිංදුවයි, ඒක නම් මම අත් දැකීමෙන් දන්නවා. අනික ඉංජිනියරින් කියන්නේ බේසික් සයන්ස් එකක් නෙවෙයි!

ෆෝටෝන් යනු ඔබට නම් මහා ලොකු දෙයක් වෙන්න ඇති. නමුත් උසස් පෙළ සමත් ඕනෑම ශිෂ්‍යයෙක් මේව දන්නවා. අභය හිමි ෆෝටොන හිර වෙනව කිව්වම උන්වහන්සේ ෆෝටෝන ගැන කිසිවක් නොදන්න බව තීරණය කල ඔබ ගැන මට කනගාටුයි.

අනිත් දේ තමයි උනවහන්සේ දෙසන ධර්මය වැරදි බව පෙන්වීමට නොසමත් ඔබ වැනි පුද්ගලයන් උන්වහන්සේගෙ කටින් පිටවූ වැරදි වචනයක් අල්ලගෙන කල් මරණ එක. දැන් අපට තිබෙන ප්‍රශ්නෙ ෆෝටෝන හිර උනාද නැද්ද කියන එක නෙවෙයිනෙ. උන් වහන්සේගෙ නිවන් පිළිඹද දේශණා පිළිඹද කතා කිරීමයි වැදගත්.

නැත්නම් ඔබ අවසානයේ ආර්යන් වහන්සේ නමකට නිකරුනේ අපවාද කරල අපා ගත වන එකයි වෙන්නෙ.
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
උන්වහන්සේ මේ වීඩියෝවේ කිසිම තැනක මෙය බුදුන් වහන්සේ දේශනා කල දෙයක් බව පවසන්නෙ නෑ. මෙය ශරීරයට සහනය ගෙන දෙන එක් ව්‍යායාමයක් විදියට ඉදිරිපත් කරන්නෙ. ශරීරයට අපහසුවක් දැනුනාම පැනඩෝල් බීල භාවනා කරොත් හරි කිව්වාම ත්‍රිපිටකේ කොහෙද පැනඩෝල් ගැන තියෙන්නෙ කියල අහන අඥානයෙක් වෙන්න එපා.

ඔබතුමා ඔය කතාව මට නෙවෙයි කියන්න ඔ්න. මොකද මං කිව්වෙත් ඔ්කම තමයි වෙන කෙනෙකුට
 

Superuser

Member
Aug 30, 2015
723
73
0
මේ වගේ පිස්සු හුටන්ලා මහණ කරපු එවුන්ටයි බනින්න ඕනේ. මේ වගේ හුටන්ලා නිසා වෙන්නේ බුද්ධාගමත් ජෝක් වෙලා බෞද්ධයෝ බුරුතු පිටින් අන්‍යාගමික වෙන එකයි. මෙයා ලැජ්ජා නැතිව කියනවානේ "බටයක බ්ලොක් එකක් ඇතිවුනාම ඒක නැති කරගන්න අපි තට්ටුවක් දානවා" කියලා. මොලේ තියෙන එකෙක් අහගෙන ඉන්නවා නම් එතනම හිනා ගිහින් මැරෙනවා. :D

දැන් ඔයයි, පින්වත් ජින්තකයි, පින්වත් කමලුයි මැරිලා නැත්තෙ මොලේ නැති නිසාද?
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පින්වත් ජිංතක ජිල්ලබකිට,

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ තෙවිජ්ජ සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/610 ] මෙහෙම සඳහනක් තිබෙනවා:

11. [‍භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ යමක්හු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, තෙවිදුබමුණන් අතුරෙහි එබඳු කිසි එක් බමුණෙක් ද නැත් ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ඇදුරෙක් ද නැත ල. යමකු විසින් බඹා සියැසින් දක්නා ලද නම්, එසේ වූ කිසි එක් ආචාර්‍ය්‍යයෙක් ප්‍රාචාර්‍ය්‍යයෙක් ද නැත් ල. යමකු විසින් සියැසින් බඹා දක්නා ලද නම්, තෙවිඳු බඹුණන්ගේ සත්වන ඇදුරුමහ යුගය තෙක් දු එබඳු කිසිවෙක් නැත් ල.-

තෙවිදු බමුණන්ගේ පූර්‍වපුරුෂ වූ මන්ත්‍රකාරක වූ මන්ත්‍රප්‍රවර්‍තතක වූ අට්ටක වාමක වාමදේව වෙස්සාමිත්ත යමතග්ගි අඞ්ගීරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් සෘෂි කෙනෙක් වූහු ද, මේ කලැ තෙවිදු බමුණෝ යම් ඒ ඍෂි කෙනෙකුන් විසින් ගයන ලද, කියන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් හදාළා අනුව හදාරත් නම්, ඔවුන් කියැවුවා අනුව කියවත් නම්, ඔව්හු ද බඹහු ඉඳුනා තැනක් හෝ දෙසක් හෝ පෙදෙසක් හෝ අපි දනිමු යි, අපි දකිමු යි, මෙසේ නො කීවෝ ල. පුදුමයෙකි, එසේ වූ ඒ තෙවිදු බමුණෝ “යමකු අපි නො දන්මෝ නම්, යමකු අපි නො දක්මෝ නම්, ඔහු හා එක් වනුවට මඟ ‍දෙසමු, (ඒ බඹහු හා එක් වනු පිණිස) එය පිළිපදිනුවාහට මෙය ම ඉදිමඟ ය, මෙය ම ඉඳුරාමඟ ය, මේ නෛර්‍යාණික මඟ ම බඹහු හා එක් වීම පිණිස යේ යැ ‘යි මෙසේ කියත්.

12. වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචනය ප්‍රතිහරණ රහිතයක් (ප්‍රතිපක්‍ෂ කථා බැහැර නො කරන්නක්, විරුද්ධ කථාවන්ට දිය හැකි උත්තර නැතියක්) කරන ලද්දේ නො වේ ද?”

[‍වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙසේ ඇති කලැ තෙවිදු බමුණන්ගේ වචන ප්‍රතිහරණ රහිත (ප්‍රතිවිරුද්ධයනට දිය හැකි උත්තර නැත්තේ) ම වෙයි.”

13. [භාග්‍යවත්හු:] මැනැව වාසෙට්ඨය. ඒ තෙවිදු බමුණෝ ‍වාසෙට්ඨය, තුමු යමකු නො දනිත් නම්, යමකු නො දකිත් නම්, ඔහු හා එක් වනු පිණිස ‘මේ ම මඟ ය, මේ ම ඉඳුරා මඟ ය, එය පිළිපදිනුවාහට මේ නෛර්‍යාණික මඟ ම බඹහු හා එක් වනුවට යේ’ යැ යි මඟක් දෙසන්නාහ යන මේ කාරණය නැත්තේ ය (මේ නො කරුණෙකි, නො වියැ හැක්කෙකි). (පසු පසු වැ සිටියහු පළමු පළමු සිටියහු අත ගැන්මෙන්) උනුන් එකට බැඳුණු අන්‍ධවෙණිය (අඳුන් වැල) යම්සේ ද, එහි යම්සේ පළමු ව යන්නේත් නො දක්නේ ද, මැදැ යන්නේත් නො දක්නේ ද, පසු වැ යන්නේත් නො දක්නේ ද, වාසෙට්ඨය, එසේ ම තෙවිදු බමුණන්ගේ වචනය අන්‍ධවෙණිය බඳු යැ යි සිතමි. ඔවුන්ගේ පළමු පුරුෂයා ද නො දකී. මැදුම් තැනැත්තේ ද නො දකී. පැසිම් තැනැත්තේ ද නො දකී. ඒ තෙවිඳු බමුණන්ගේ මේ වචනය හාස්‍යක ම (සිනහවට ලක් වූවක් ම) වෙයි. ලාමක ම වෙයි. හිස් ම වෙයි. තුච්ඡ ම වෙයි.

Skylark
සාදු! සාදු! පින්වත් ස්කයිලාක්,

ඒ වචනය හාස්‍යක්ම බව, ලාමක බව, තුච්ඡ බව නොපෙනී අන්ධානුකරනයෙන් "ආර්යන්වහන්සේ කෙනෙක්" කියමින් කට මැත දොඩවන හිස් පුද්ගලයෝ අදත් වෙති.
 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අභය හිමි ගිහි කල ඉන්ජිනේරුවෙක් බව ඔබ දැන සිටියාද? ෆෝටෝන කියන්නෙ කුමක්ද කියා උන්වහන්සේ නොදන්නවා වෙන්න බෑ නේද? ඔබ අදි මාන්නයකින් සිටින බවයි මට නම් හැඟෙන්නේ.

අනේ නොදන්න නිසා අහන්නේ පේරාදෙනියේ මොන වසරේ ඉංජිනේරු පාඨමාලාවටද particle physics උගන්නන්නේ??
 

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
පින්වත් Harvard-Bio,

මේ බලන්න පින්වත් ජිංතක ජිල්ලබකිට පවසා ඇති දේ:

ජිංතක ජිල්ලබකිට;21479821 said:
ඔය කියන දෙවල් බුද්ධ චීවරය දරාගෙන කියනව නම් , ඔය කියන දිය වැඩියාව, හෘදය ආශ්‍රිත රෝග, අදි රුධිර පීඩනය වගේ ඒවට බෙහෙත් බොන 10 ක් පමණ සොයාගෙන බෙහෙත් නවත්තලා මේ ආකාරයට "බට සුද්ද කරල" සුව වෙනවද බලමු. හැබැයි ලෙඩ්ඩු මැරුනොත් වගකීම ගන්න හාමුදුරුවෝ ඉදිරිපත් වෙනවද?

මේක දැකලා කවුරු හරි බෙහෙත් නවත්තල මේව කරන්න ගිහින් මැරුනත් නෛතිකව හාමුදුරුවෝ වග කිව යුතුයි.

පින්වත් ජිංතක ජිල්ලබකිට මනා කරුණක් ගැනම සිතා, පවසා තිබෙනවා.

සසර දුකින් මිදීම අරමුණු කොට මහණදම් පිරීම පිණිස පිළිපන් භික්ෂූවක් තිරශ්චීන විද්‍යාවන්හි යෙදෙයි නම්, මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වයි නම් එයින් ඇති විය හැකි ගැටළු එම භික්ෂූවගේ මහණදම් පිරීමට බාධා ඇති කරනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ සීලක්ඛන්ධවග්ගයේ සාමඤ්ඤඵල සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp1/98 ] චුල්ලසීලය, මජ්ඣිමසීලය හා මහාසීලය ගැන සඳහන් විස්තර අවසානයේ [ http://thripitaka.org/view/bjts/sp1/138 ] මෙසේ සඳහන්:

"මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, ක්ෂත්‍රියාභිෂෙකයෙන් අභිෂෙක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂත්‍රියයෙක් කිසි ම එකද සතුරකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නො දක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී. හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ."

සාමඤ්ඤඵල සූත්‍රයේ මහාසීලය [ http://thripitaka.org/view/bjts/sp1/134 ] ගැන සඳහන් විස්තරයේ නොයෙක් ආකාරයේ තිරශ්චීන විද්‍යාවන් හා මිත්‍යා ආජීවයන් ගැන විස්තර දැක්වෙනවා.

පින්වත් ජිංතක ජිල්ලබකිට මනා කරුණක් ගැනම සිතා, පවසා තිබෙනවා.

Skylark
 

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ජිංතක ජිල්ලබකිට;21483752 said:
    ඒයත් වලස්මුල්ලෙංද දන්නේ නෑ කැම්පස් සිලෙක්ට් වුනේ? :P

    බට-අභය ෆෝටෝන් ගැන ගැන තඩි බේගල් ඇදබාන්නේ. ෆෝටෝන් කියන්නේ අභිදර්මයේ එන ශුද්ධාශ්ඨක කියන්න බට-අභයට තියෙන ඥානය මොකක්ද? ඔය ඉංජ්නේරු හුටංලා හුඟ දෙනෙක්ගේ සාමාන්‍ය දැනුම බිංදුවයි, ඒක නම් මම අත් දැකීමෙන් දන්නවා. අනික ඉංජිනියරින් කියන්නේ බේසික් සයන්ස් එකක් නෙවෙයි!

    ෆෝටෝන් කියන්නෙ ශුද්දාශ්ටක නෙවෙයි, ශුද්දාශ්ටක වලින් තමයි ෆෝටෝන් හැදිල තියෙන්නෙ කියල මේ හාමුදුරුවන්ගෙ බනක තියෙනව....... උබල ඔය දගලන්නෙ උපමාවකට වගෙ කියපු කතාවක් අල්ලගෙන..... ප්‍රශ්නයක් තියෙනවනම් ගිහින් හාමුදුරුවන්ගෙන් අහපන්........
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔබ මෙම වීඩියෝව නරබා නැති හැඩයි. 19:24 දී උන් වහන්සේ විස්තර කරන අන්දමට මෙය භාවනවට උපකාරීවන බව ප්‍රායොගිකව අත්දුටු නිසා බටහිරින් උපුට ගත්තක් පමණයි. මෙයින් ප්‍රතිඵලයක් අත් නොවන බව ඔබ කියන්නේ කෙසේද?

    https://youtu.be/04kTTKJiw90?t=1164

    :yes: