පිරිසිදුව ඉමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පිරිසිදුව ඉමු



    අවන්කවම කට්ටිය තමන් පාවිච්චි කරන තුවාය නැත්තම් ඇඳේ දාලා තියෙන ශීට් එක එහෙමත් නැත්තම් අඳින බ්‍රා එක කොච්චර තරමක් හෝදනවද?
    නැත්තම් අන්තිමට හෝදපු දවස මතක නැද්ද? තමන්ට කොච්චර කාලය මදි වුනත් තමන්ගේ පෞද්ගලික දේවල් නිතරම හෝදලා පිරිසිදු කරන්න ඕනේ.


    dirty-towel-home-health-inspection.jpg



    උදාහරණයක් විදිහට ගත්තොත් ඔබත් තමන් නාන තුවාය සති ගානක් එක දිගට හොඳන්නේ නැතුව පාවිච්චි කරන අයගෙන් එක්කෙනෙක්නම් දැන්ම ඒ පුරුද්ද වෙනස් කලානම් හොඳයි. මොකද තුවාය එකම එක පාරක් පාවිච්චි කරපු ගමන් ඒක බැක්ටීරියා වලට තෝතැන්නක් වෙනවා. තව දිලීර, මැරුණු සම කොටස්, කෙල,ගුද සහ මුත්‍රා ශ්‍රාවය වගේ දේවලුත් නාන කාමරය තුල ගැවසෙන නොයෙක් විදිහේ විෂබිජත් තුවාය අස්සට රිංග ගන්න පුළුවන්.


    39f23a0.jpg



    ඉතින් මෙහෙම කිව්වට තමන්ගේ තුවාය නාන නාන පාරට හෝදන්න බෑ තමයි. පර්යේෂකයන් කියන විදිහට තමන්ගේ තුවාය අඩුම ගානේ පාවිච්චි කරන වාර තුනකට එක සැරයක් හෝදන්න ඕනේ. ඒ වගේම වාර තුන ඇතුලේ හැම වාරයකටම පස්සේ තුවාය හොඳින් වේලෙන්න ඉඩ හරින්න ඕනේ. කලින් පාවිච්චි කලාට පස්සේ තුවාය තාමත් තෙතනම් ඒක හෝදන්න වෙනවා. ඒ වගේම කීයටවත් තමන්ගේ තුවාය කාත් එක්කවත් බෙදා ගන්න එපා.. :P



    my-bed-emin.jpg



    තුවාය නරකනම් බෙඩ් ශීට් එකත් එක්ක ප්‍රශ්නේ ඊටත් නරකයි. කසන නහයක් එක්ක නැගිටින්න වෙන ප්‍රධාන හේතුවක් තමයි අපිරිසිදු බෙඩ් ශීට් එකක නිදා ගැනීම. අපේ ශරීරයෙන් ඉවත් වෙන දේවල් හැරුනහම දුහුවිලි, සත්ත්ව මවිල්, තෙල්, පව්ඩර්, ක්‍රීම් වගේ දේවලුත් ඔබ නිදා ගන්න ඇඳ රෙද්දේ තියෙන්න පුළුවන්. ඒ වගේම මනුස්සයෙක්ට අවුරුද්දකට දාඩිය ලීටර් 98 ඇඳ උඩදී පිට වෙනවලු. ඉතින් ඕවා ඔක්කොම උරා ගන්නේ නිදා ගන්න රෙද්දට තමයි. ඉතින් තමන්ගේ බෙඩ් ශීට් එක අඩුම ගානේ සතියකට සැරයක්වත් හෝදන්න ඕනේ.


    upload6575777944436493994.jpg



    තව දෙයක් තමයි බ්‍රා එක.. සමහර කාන්තාවන් ඒක හෝදන්නේ සති දෙක තුනකට සැරයක්. පර්යේෂකයන් කියන විදිහට අඩුම ගානේ පස් සැරයක් බ්‍රා එකක් ඇන්දහම ඒක හෝදන්න ඕනේලු. ව්‍යායාම කරන්න ගන්න එකක්නම් එක සැරයයි පාවිච්චි කරන්න පුළුවන්.


    this article is translated from foreign article :dull:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්තිමට තුවාය හෝදපු කාලයක් සිරාවටම මතක නෑ

    උබත් බ්‍රා එක හෝදන්නේ හරියටම 5 සැරයක් ඇදලද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට

    හේනම් පුතා තුවායේ බැක්ටීරියා නගර ගොඩ නගල ඇති :sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බ්‍රා විශේශන්නයෙක් වගේ :baffled:

    ජොකාල ගැන කියලා නෑනේ :angry:

    අන්තිම එක ගැන විතරයි ඒකෙ තිබ්බේ...
    යට එකනම් කට්ටිය හොඳනවා ඇති නේද එක පාරක් ඇන්දහම :baffled: නැත්තම් හේම හතු වගා වෙයි :baffled: