හෙට අනිද්දට ජපානෙට එන්න ඉන්න නන්ගිලා මල්ලිලාවෙත.
තමුන්ලා එන්නේ විදේශ රටකට බවත්,එම රටේ නීතිරීති ඇති බවත් ,ඒවාට අපි ගරුකරමින් හා එම නීතිරීති වලට අනුකූලව අපි හැසිරියයුතු බවත් තරයේ මතක තබාගන්න.වැදගත්මදේ වෙන්නේ මෙහේ පුරවසියන්ට ගරුකිරීම.
ජපානෙට කලින් පැමිණි මෝඩයන් විසින් කරපු ගොන් වැඩ හින්දා අද වෙනකොට ජාපානයේ ලංකාවෙ නම විනාශ වී ඇත.ජපන් භාෂාව ලියවීමට හෝ කියවීමට හෝ නොදන්නේ නම් ජපානයට පැමිණීමෙන් වලකින්න.මොකද භාෂා දැනුම නැතිනම් මෙහේදී කිසිම වැඩක් කරගැනීමට අපහසුය.අනික මගදි පාසල් යෑම නවත්වා සරනාගත( refugee visa) ගන්න අදහස් කරන් එනවන්ම් කරුණාකරලා රටේ නම කන්නෙ නැතිව ලංකාවට වෙලාම ඉන්න.
දෙයියනේ කියලා හරියට විභාග සමත්වෙලා ඉගෙනගන්න බලාගෙන එන්න.මෙහේ ඕනෑම දුරක් හරියට ඉන්නවනම් යන්න පුලුවන්.අනික ඉoග්‍රීසි භාශාව හොදට ඉගෙනගෙන එන්න දැන් ජපානයේ ඉoග්‍රීසි භාෂාව පුලුවන් අයට වැඩි වැටුප් සහිත රැකියා අවස්ථා නිර්මාණය වීතිබේ.ඉoග්‍රීසි භාෂාව පමණක් තිබීම ප්‍රමාණවත් වන්නේ නැත.ජපන් භාෂා දැනීමත් අත්‍යවශ්‍යයි ...