ඇයි_අහිමි_උනහම_දුක් වෙන්නේ?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇයි_අහිමි_උනහම_දුක් වෙන්නේ?

    ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. අපිට මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට බොහෝ දේවල් අහිමි උනහම මිනිස්සු දුක් වෙනවා. ඇයි අහිමි උනහම දුක් වෙන්නේ? මිනිස්සු හිතාගෙන ඉන්නවා හිමිවෙන්න ඕන කියලා. එතකොට හිමිවෙන්න ඕනෙයි හිතාගෙන ඉන්න මෝඩයෝ අහිමි උනහම ශෝක වෙන්න පටන්ගන්නවා. යම් කෙනෙක් හිතාගෙන ඉන්නෙ නැත්නම් හිමිවෙන්න ඕනෙමයි කියලා. ඔහු අහිමි උනහම දුක් වෙයිද? නැද්ද? දුක් වෙන්නේ නෑ. අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි.

    හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ.

    දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    දැන් බලන්න, බොහොම පැහැදිලියි අපට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්න ඕන දේවල් නැතිවෙලා ගියහම. මේ ලෝකේ මිනිසුන්ට කරන්න නුපුරුදු නුහුරු වැඩෙත් ඕකනේ.

    නැතිවෙලා යනකොට දුක් වෙනවා. ඒ කියන්නේ තියෙන්න ඕනෙයි කියල හිතනවා. තියෙන්න ඕනෙයි කියල හිතන ඒක තරම් මෝඩ වැඩක් තවත් නෑ.
    මම ඒක මෝඩ වැඩක් කියල කියන්නේ ඇයි? වැඩිය ඕනේ නෑ. ඔබට පුළුවන් ද ඔබේ කොණ්ඩේ ඔබට ඕන ඕන විදිහට තියාගන්න? බැහැ, ඇයි? කෙස් ටික කවදාවත් අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ. අපි කොච්චර අකැමැති උනත් කෙස් වල කුණු බැඳිලා කෙස් අපිරිසිදු වෙනවා. ඒ වගේම කෙස් වැවෙනවා. අපි කැමැතියි කොන්ඩේ කපපු විදියටම හැමදාම නොවැවී තියෙනවා නම්. නමුත් එහෙම වුනේ නෑ. ඒ විතරක් නෙවෙයි. ඔය කොණ්ඩෙත් ඉදෙනවා. අපි කව්රුවත් කැමැති නැහැ කොන්ඩේ සුදු වෙනවට. නමුත්, අපිට පාලනය කළ නොහැකි බලවේගයන් විසින් කොණ්ඩෙ සුදු කරනු ලබන ඒක තමයි නීතිය.

    කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා.අන්න ඒ අහිමි උනහම දුක් වෙන්නේ නැති කෙනා, අහිමි උනහම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත් වෙනවා. කොහොමත් සොබාදහම අපිව පුරුදු කරල තියෙන්නේ හිමි උනහම සතුටු වෙන්නනේ. ඊළගට දැන් මම ඔබට අලූතින් ඉගෙනගන්න කියනවා අහිමි උනාම සතුටු වෙන්න කියලා. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියෙනවා හිමි උනහම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කරල ඉගෙන ගන්නවා අහිමි උනහමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක් ද? සන්තෝෂයක් පමණයි. හිමි උනාම සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියෙනවා, අහිමි උනාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරුවෙලා තියෙනවා. ඕක නෙවෙයි ද ඔබ ජීවිතය කියා මෙච්චර කාලයක් අපේක්ෂා කලේ? ඕකයි අපේක්ෂා කළේ.

    දැන් තේරුණා ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම. ඒක තමයි හරිම බුද්ධාගම. හරිම මඟ පෙන්වීම. හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන, යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනව. කොච්චර දේවල් කරනව ද? ආමිස පූජා කරනවා. නමුත් ආමිස පූජා කල පමණින් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සමහරු කඨින පූජා කරනවා මහා ලොකු අලි ගෙනල්ල, ඇත්තු ගෙනල්ල, ඛෙර ගෙනැත් ගහල. නමුත්, ඒ කිසිවක් නිවන සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රතිඵල රහිත නිරර්ථක කාර්යයන්. ඒවා හිස් කර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

    කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් උනත් මේ සොබාදහමේ නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට කිසිසේත් පාලනය
    කරන්න බැරි දෙයක් ඔබ පාලනය කරන්න ද`ගලනවා. එහෙම පාලනය කරන්න බැරි උනහම නැවත දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දේකට දුක් නොවී ඉන්න කියලා. කිසිම දේකට කම්පා නොවී ඉන්න කියලා. දුක් වීමේ අවශ්‍යතාවක් තියෙයිනම් පමණි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති සන්තෝෂයක් නැති තැනකට හිත පත් වෙනවා.


     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කොහොමද අහිමි වී යන දෙයක් දිහා බලාගෙන සන්තෝෂ වෙන්නේ... කොතනද බුද්ධ ඉගැන්වීමේ අහිමි කරගෙන සතුටු වෙන්න කියල තියෙන්නේ.... ඔය කියන දේ ප‍්‍රායෝගික ද...? යමක් අහිමි කරගෙන මම දැන් සතුටු වෙමි කියල හිතන්න නම් හිමි කරගෙන මට හිමි වුණානේ කියල දුක්වෙන තැනට මනස සකසා ගන්න පුලූවන්ද...? මම හිතන්නේ ඔබ තේරුම් ගත්ත දේ කියා ගන්න බැරිව පටලවගෙන කියලයි....

    පුංචි උදාහරණයක් ගන්න.... මම බයික් ගන්නවා බ‍්‍රෑන්ඞ්නිව්... මම ඒක ගත්තේ මගේ කැමැත්තට, මගේ අවශ්‍යතාවයට... හැබැයි දවස් දෙකක් යන කොට කොහේ හරි වැදිල ඩැමේජ් වෙනවා.... ඒක දිහා බලල මට සතුටු වෙන්න පුලූවන්ද...? දැන් අහන්න එපා බයික් එකකට ආස හිතිල ඇයි ඒක ගත්තෙ කියලා.... අපි ජීවත් වෙන්නේ ප‍්‍රායෝගික ලෝකයක නිසා අවශ්‍යතා ආසා ඇතිවෙනවා.... ඒක වළක්වන්න බෑ.... එහෙනම් බුදු දහමේ ප‍්‍රායෝගිකත්වය ගලපා ගන්නේ කොහොමද...?

    ඔබ පෘථග්ජනයෙක් විදියට අරමුණු, අවශ්‍යතා, කැමැත්ත තියෙනවා.... අප ඉපදුණු දා ඉඳන් කරන්නේ එම ඉලක්කයන් සපුරා ගන්න උත්සහා කරන එකයි... හැබැයි ඔබ හිමි කරගන්නා දෙය තුළම අහිමි වීමේ යථාර්ථයත් තියෙන බව ඔබ අවබෝධ කරගෙන තිබිය යුතුයි.... උදාහරණයක් විදියට ඔබ පණමෙන් ආදරය කරන කෙනා කිනම් හෝ හේතුවක් නිසා ඔබට අහිමිව යා හැකිය... ඇතැම් විට මරණයෙන් වුව එය අහිමි වීම අනිවාර්යයි... ඔබ ආදරය කළ යුත්තේ ඒ සදාතනික දහම අවබෝධ කරගෙනයි.... දවසක ඇය/ඔහු අහිමි වූ විට එදාට උපේක්ෂා සහගතව ඒ දේ තේරුම් ගන්න තැනට මනස සකසාගෙන සිටියහොත් එදාට ඔබට දැනෙන අහිමි වීමේ දුක සමනය කරගන්න පුලූවන් වේවි.... කලින් කියපු බයික් එක ඩැමේජ් වීම අද නැත්තං වෙන දවසක වුණත් වෙන්න පුලූවන් නේ කියල දුක සමනය කරගන්න පුලූවන් වෙයි.... අපේ මනස එලෙස හැඩ ගැසුනාම අපි බොහෝ දේවල් හිමිකරගන්න ඒ පසුපස දිව යන්නේ නෑ.... මොකද අහිමි වීමේ යථාර්ථය අප දන්නා නිසා... මොනම මිනිහෙකුටවත් අහිමි වෙන දෙයක් දිහා බලල සතුටු වෙන්න බෑ... හැබැයි යමක් අහිමි වූ විට සෑම හිමිවීමකම අහිමි වීමේ සත්‍ය ගැබ්වෙලා තියෙනවා කියල තේරුම් ගත්තොත් දුක සමනය කරගන්න පුලූවන් වේවි....