ටීවී සීරීස් බලන අය බලන්නම ඕන කතාවක් කිව්වොත් නිවැරදියි. මොකද මේ කතාව ඇතුලේ තියරි ගොඩක් තියෙනවා. ගොඩක් ටීවී සීරීස් වල තියෙන්නෙ කථාව ගලාගෙන යෑමක් විතරයි ඒත් The Originals කතාවේ අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.
ඒ විතරක් නෙවෙ අපිට හිතලා උත්තර හොයාගන්න බැරි වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැම වෙලේම කුතුහලයෙන් තමයි බලන්න වෙන්නෙ.
මේක The Twilight Saga වගේ වැම්පයර්, වෙයා වුල්ෆ්ලා ඉන්න ඊටත් එහා ගිය සුපර්නැචුරල් කොටස් වල එකතුවක්.
මුලින්ම බලමු ඔරිජිනල්ස්ලා කියන්නේ කාටද කියලා
ශාපයක් නිසා හැම ෆුල් මූන් එකකදිම වෘක වේශය ගන්න මිනිස්සු කොටසක් ඉන්නවා. ඉතින් ඒ අය වෘක වෙස් ගත්තම කරන්නෙ මොනාද කියලා ඒ අයවත් දන්නේ නෑ. ඉතින් මේ වෘකයො මීට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ගමක ජීවත් වෙන එක්තරා පවුලක දරුවෙක්ව මරණවා. ඒ පවුල සාමාන්‍ය පවුලක් නෙවෙයි. අම්මා බලගතු මායා කාරියක්. ඉතින් ඒ අම්මා ඒ පවුලෙ ඉන්න අනිත් දරුවන්ව වෘකයින්ගෙන් බේර ගන්න (වෘකයින්ට බය නැතුව මුහුන දෙන්න) පුළුවන් විදිහට මායාවකින් වැම්පයර්ලා බිහි කරනවා. පිලිවෙලින් ෆින්, එලයිජා, නික්ලවුස්, කොල්, රෙබෙකා. අයියලා හතරදෙනයි නංගියි. මේගොල්ලන්ගෙ හැකියාවන් ගොඩක් තියෙනවා. කීපයක් කිව්වොතින්, ගොඩක් වේගවත්, අමරනීයයි, ඔරිජිනල්ස්ලට පුළුවන් මිනිස්සුන්ව වගේම සාමාන්‍ය වැම්පයර්ලවත් හසුරවන්න (කම්පෙල් කරන්න). ඒ කිව්වෙ, දෙයක් කිව්වම මිනිස්සුන්ට ඒක නොකර ඉන්න බෑ. තමන්ගෙ පාලනයකින් තොරව කියපු දේ කරනවා, ඔරිජිනල්ස්ලගෙ ලේ වලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ තුවාල සුව කරන්න පුළුවන්, ඔරිජිනල්ස්ලගෙ ලේ බීලා මැරෙන අය වැම්පයර්ලා විදිහට ආයිත් ඉපදෙනවා. (හැබැයි ඔරිජිනල්ස්ලා තරම් බලවත් නෑ) ඔරිජිනල්ස්ලව මරන්න පුළුවන් වෙන්නේ වයිට් ඕක් කියන ගහෙ ලීයෙන් හදවතට ඇන්නොත් විතරයි. ඉතින් ඒ නිසා ඒ ගහා පුච්චලා විනාශ කරලා දානවා. ඉතින් මේ අයව කිසිම විදිහකින් මරන්න බෑ. තව දුර්වල කම් කීපයක් තියෙනවා, ඉර එලියෙ යද්දි පිච්චෙනවා (ඒකට අම්මා මුද්දක් හදලා දෙනවා) එක්තරා ශාක වර්ගයක් ඇලජික් වෙනවා. මේ අයට කිසිම ගෙදරකට ඇතුල් වෙන්න බෑ ගෙහිමියගෙ ආරාධනාවක් නැතුව. වෘකයෙක් හැපුවොත් ගොඩක් වෙදනාවකින් ඉන්න වෙනවා හැබැයි මැරෙන්නේ නෑ. මේ පස්දෙනාම Always and Forever (හැමදාම හැමවිටම) කියලා එකට දිවුරනවා. කොහොම හරි මේ අය ගමේ මිනිස්සුන්ගෙ ලේ බොන්න පටන් ගන්නවා. ඒ නිසා මේගොල්ලන්ගෙ තාත්තා මේ අයව මරන්න පස්සෙන් එලවනවා. ඉතින් මේ අය පැනලා යන එකත් එක්ක තමයි කතාව ගෙතිලා තියෙන්නෙ.
වෘකයො කියන්නෙ කාටද?
වෘකයෝ බිහි උන හැටි විස්තර කෙරුනෙ ඊයෙ ගිය එපියෙන් තමයි (එපිසෝඩ්ස් 80ක් විතර ගියාට පස්සේ) වෘකයො හැදුන හැටි දන්නෙ නැතුව මෙච්චර කල් කුතුහලෙන් තමයි හිටියෙ. කෙටියෙන් කිව්වොත් ශාපයකින් තමයි වෘකයො බිහිවෙන්නෙ. වෘක මිනිස්සුන්ගෙ දරුවන්ට උප්පතියෙන්ම වෙයාවුල්ෆ් ජාන පිහිටනවා ඒත් ඒක ඇක්ටිවේට් වෙන්නෙ, තමන් කාව හරි දැනුවත්ව හෝ නොදැනුවත්ව මැරුවොත් විතරයි. මම කලිනුත් කිව්වා සම්පූර්ණ හඳ පායපු දවසට වුල්ෆ් ජාන ඇක්ටිව් කරපු වෘක මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියලා. වෘක වේශය ගන්නකොට ලොකු වේදනාවක් දැනෙන නිසා වෘක මිනිස්සු මේකට ගොඩක් අකමැතියි. පස්සෙ වෘක මිනිස්සු මැජික් මුද්දක් හොයාගන්නවා එතකොට තමන්ට ඕන වෙලාවට විතරයි වෘක වෙස් ගන්නෙ. වෘකයින්ටත් විශ වෙන ශාකයක් තියෙනවා. මේ අය හැමෝම වෘකයො උනාට බ්ලඩ් ලයින් 7ක් තියෙනවා. බලසම්පන්න විශේෂ බ්ලඩ්ලයින් තියෙනවා.
හයිබ්‍රිඩ් අය කවුද?
දෙමුහුන් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කියන වචනය අද නොදන්න කෙනෙක් නෑ. හයිබ්‍රිඩ් කියන්නෙ දෙකක එකතුවක්නේ. මොනාද ඒ දෙක? ඒ තමයි වැම්පයර් වෘක එකතුව. වැම්පයර්ලා වුල්ෆ්ලා ඕන තරම් හිටියට හයිබ්‍රිඩ්ලා ඉන්නෙ කීපයයි. එතනත් ඔරිජිනල් හයිබ්‍රිඩ් කෙනෙකුට ඉන්නෙ ඔරිජිනල් පවුලෙ නික්ලවුස් හෙවත් ක්ලවුස් විතරයි. ක්ලවුස්ගෙ අම්මා වෘක මිනිහෙක් එක්ක සම්බධතාවයක් පවත්වනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ක්ලවුස් ඉපදෙන්නෙ. මෙයා ගොඩක් විශේෂ කෙනෙක්. එයාගෙ ලේ ගොඩක් වැදගත්. මෙයා තමයි ඔරිජිනල් පවුලෙම බලසම්පන්නම කෙනා.
කවුද මේ මායාකරුවො?
ගොඩක් කාලෙක ඉඳන් පැවත එන මිනිස් කොටසක්. වැම්පයර්/වුල්ෆ්ලටත් වඩා පරණයි. මායාකරුවන්ගෙත් එක එක වර්ගයෙ කොටස් තියෙනවා. ඒවායෙ එකතුවකට කවන් එකක් කියලා කියනවා. ගොඩක් බලවත් මායාකරුවන් වගේම මායාකාරියන් ඉන්නවා. මෙහෙම බලවත් වංශ වල එකතුවෙන් බලවත් ආයුධ වගේම බලවත් දේවල් ලෝකෙට බිහිවෙලා තියෙනවා. ඒවා මෙහෙම විස්තර කරන්න බෑ, මුල ඉඳන්ම බැලුවොත් සේරම දැනගන්න පුළුවන්.
මම කලිනුත් කිව්ව මේ කතාවෙ අපිට හිතන්න දේවල් තියෙනවා කියලා. ගොඩක් කතාවල අපි බලන් ඉන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලනේ. මේ කතාවෙ වෙනසකට තියෙන්නෙ අතීතයෙ මොනාද උනේ කියන කුතුහලයක් ඇති කරවනවා.
ඔරිජිනල්ස් බලන්න තීරණය කරපු අය ඉන්නවා නම්, ඒ අයට උදව්වක් විදිහට මට ඇති වෙච්ච ප්‍රශ්නයි ඒවා නැති කරගන්න කරන්න ඕන දේවල් කීපයක් කියන්නම්. මම සාමාන්‍යන් ෆොර්වර්ඩ් කර කර බලලා විනාඩි 45 ශෝ එක විනාඩි 20 විතර ඉවර කරලා දාන්න කැමති කෙනෙක් හැබැයි මේකේ එහෙම කරොත් මුල මැද අග හොයා ගන්න බැරි වෙනවා. එහෙම අය තමයි ගොඩක් දුරට මේ කතාව හරි නෑ කියලා කියන්නෙ. තව අතීතයෙ උන දේවල් පෙන්නද්දි ඒවා බලන්න හිතෙන්නේ නෑ හැබැයි ඒවා අනිවා බලන්න කියලා මම කියනවා. ඒවෑයින් තමයි අපේ ප්‍රශ්න වලට් උත්තර ලැබෙන්නේ. සිංහල සබ් ඕන අයට බයිස්කෝප් එකේ තියෙනවා. අවශ්‍ය අය ඩවුන්ලෝඩ් කරගන්න.
මේ ඔරිජිනල්ස් කතාව ගොඩක් ගැඹුරින් තේරුම් ගන්න ඕනේ නම් The Vampire Diaries බලන්නම වෙනවා. බොරු වර්ණනා මොකටද වැයම්පයර් ඩයරීස් වල හොඳ ලව් ස්ටෝරියක් තිබ්බට බලන්න ටිකක් බෝරින්ග්. හැබැයි වැම්පයර් ඩයරීස් බලලා ඔරිජිනල්ස් බලනකොට අවබෝධය වැඩියි. වැම්පයර් ඩයරීස් නොබලා උනත් ඔරිජිනල්ස් වෙනමම බලන්න පුළුවන් ඒත් අවබෝධය සීමා සහිතයි. ඇත්තටම කියනව නම් ඔරිජිනල්ස් කියන්නෙ වැම්පයර් ඩයරීස් වල දිගුවක්. වැම්පයර් ඩයරීස් බලනකොට ඒකේ ඉන්න දුෂ්ඨයව මරන් කන්න හිතුනත් ඔරිජිනල්ස් වල ඒ චරිතය ගොඩක් හොඳ චරිතයක් විදිහට තේරුම් යනවා.
සාමාන්‍යයෙන් මම මුලින්ම බලන්න කම්මැලියි කියලා හිතන කතා අන්තිමේදි ඉවර කරන්නෙ, නින්ද පැය 4ට සීමා කරලයි. තව ෆෝන් එකේ දාගෙනත් බලලා තියෙනවා.
එහෙනම් ඉතින් බලන්න කැමති අය ඉන්නවා නම් බලන්න. දැනටමත් බලන අයට ප්‍රශ්ණ එහෙම තියෙනවා නම් අපි ඒවා ගැනත් කතා කරමු.

Last edited: