The Originals patta TV series ekak ban

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    ටීවී සීරීස් බලන අය බලන්නම ඕන කතාවක් කිව්වොත් නිවැරදියි. මොකද මේ කතාව ඇතුලේ තියරි ගොඩක් තියෙනවා. ගොඩක් ටීවී සීරීස් වල තියෙන්නෙ කථාව ගලාගෙන යෑමක් විතරයි ඒත් The Originals කතාවේ අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

    ඒ විතරක් නෙවෙ අපිට හිතලා උත්තර හොයාගන්න බැරි වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැම වෙලේම කුතුහලයෙන් තමයි බලන්න වෙන්නෙ.

    මේක The Twilight Saga වගේ වැම්පයර්, වෙයා වුල්ෆ්ලා ඉන්න ඊටත් එහා ගිය සුපර්නැචුරල් කොටස් වල එකතුවක්.

    මුලින්ම බලමු ඔරිජිනල්ස්ලා කියන්නේ කාටද කියලා

    ශාපයක් නිසා හැම ෆුල් මූන් එකකදිම වෘක වේශය ගන්න මිනිස්සු කොටසක් ඉන්නවා. ඉතින් ඒ අය වෘක වෙස් ගත්තම කරන්නෙ මොනාද කියලා ඒ අයවත් දන්නේ නෑ. ඉතින් මේ වෘකයො මීට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ගමක ජීවත් වෙන එක්තරා පවුලක දරුවෙක්ව මරණවා. ඒ පවුල සාමාන්‍ය පවුලක් නෙවෙයි. අම්මා බලගතු මායා කාරියක්. ඉතින් ඒ අම්මා ඒ පවුලෙ ඉන්න අනිත් දරුවන්ව වෘකයින්ගෙන් බේර ගන්න (වෘකයින්ට බය නැතුව මුහුන දෙන්න) පුළුවන් විදිහට මායාවකින් වැම්පයර්ලා බිහි කරනවා. පිලිවෙලින් ෆින්, එලයිජා, නික්ලවුස්, කොල්, රෙබෙකා. අයියලා හතරදෙනයි නංගියි. මේගොල්ලන්ගෙ හැකියාවන් ගොඩක් තියෙනවා. කීපයක් කිව්වොතින්, ගොඩක් වේගවත්, අමරනීයයි, ඔරිජිනල්ස්ලට පුළුවන් මිනිස්සුන්ව වගේම සාමාන්‍ය වැම්පයර්ලවත් හසුරවන්න (කම්පෙල් කරන්න). ඒ කිව්වෙ, දෙයක් කිව්වම මිනිස්සුන්ට ඒක නොකර ඉන්න බෑ. තමන්ගෙ පාලනයකින් තොරව කියපු දේ කරනවා, ඔරිජිනල්ස්ලගෙ ලේ වලින් සාමාන්‍ය මිනිස්සුන්ගෙ තුවාල සුව කරන්න පුළුවන්, ඔරිජිනල්ස්ලගෙ ලේ බීලා මැරෙන අය වැම්පයර්ලා විදිහට ආයිත් ඉපදෙනවා. (හැබැයි ඔරිජිනල්ස්ලා තරම් බලවත් නෑ) ඔරිජිනල්ස්ලව මරන්න පුළුවන් වෙන්නේ වයිට් ඕක් කියන ගහෙ ලීයෙන් හදවතට ඇන්නොත් විතරයි. ඉතින් ඒ නිසා ඒ ගහා පුච්චලා විනාශ කරලා දානවා. ඉතින් මේ අයව කිසිම විදිහකින් මරන්න බෑ. තව දුර්වල කම් කීපයක් තියෙනවා, ඉර එලියෙ යද්දි පිච්චෙනවා (ඒකට අම්මා මුද්දක් හදලා දෙනවා) එක්තරා ශාක වර්ගයක් ඇලජික් වෙනවා. මේ අයට කිසිම ගෙදරකට ඇතුල් වෙන්න බෑ ගෙහිමියගෙ ආරාධනාවක් නැතුව. වෘකයෙක් හැපුවොත් ගොඩක් වෙදනාවකින් ඉන්න වෙනවා හැබැයි මැරෙන්නේ නෑ. මේ පස්දෙනාම Always and Forever (හැමදාම හැමවිටම) කියලා එකට දිවුරනවා. කොහොම හරි මේ අය ගමේ මිනිස්සුන්ගෙ ලේ බොන්න පටන් ගන්නවා. ඒ නිසා මේගොල්ලන්ගෙ තාත්තා මේ අයව මරන්න පස්සෙන් එලවනවා. ඉතින් මේ අය පැනලා යන එකත් එක්ක තමයි කතාව ගෙතිලා තියෙන්නෙ.

    වෘකයො කියන්නෙ කාටද?

    වෘකයෝ බිහි උන හැටි විස්තර කෙරුනෙ ඊයෙ ගිය එපියෙන් තමයි (එපිසෝඩ්ස් 80ක් විතර ගියාට පස්සේ) වෘකයො හැදුන හැටි දන්නෙ නැතුව මෙච්චර කල් කුතුහලෙන් තමයි හිටියෙ. කෙටියෙන් කිව්වොත් ශාපයකින් තමයි වෘකයො බිහිවෙන්නෙ. වෘක මිනිස්සුන්ගෙ දරුවන්ට උප්පතියෙන්ම වෙයාවුල්ෆ් ජාන පිහිටනවා ඒත් ඒක ඇක්ටිවේට් වෙන්නෙ, තමන් කාව හරි දැනුවත්ව හෝ නොදැනුවත්ව මැරුවොත් විතරයි. මම කලිනුත් කිව්වා සම්පූර්ණ හඳ පායපු දවසට වුල්ෆ් ජාන ඇක්ටිව් කරපු වෘක මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියලා. වෘක වේශය ගන්නකොට ලොකු වේදනාවක් දැනෙන නිසා වෘක මිනිස්සු මේකට ගොඩක් අකමැතියි. පස්සෙ වෘක මිනිස්සු මැජික් මුද්දක් හොයාගන්නවා එතකොට තමන්ට ඕන වෙලාවට විතරයි වෘක වෙස් ගන්නෙ. වෘකයින්ටත් විශ වෙන ශාකයක් තියෙනවා. මේ අය හැමෝම වෘකයො උනාට බ්ලඩ් ලයින් 7ක් තියෙනවා. බලසම්පන්න විශේෂ බ්ලඩ්ලයින් තියෙනවා.

    හයිබ්‍රිඩ් අය කවුද?

    දෙමුහුන් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් කියන වචනය අද නොදන්න කෙනෙක් නෑ. හයිබ්‍රිඩ් කියන්නෙ දෙකක එකතුවක්නේ. මොනාද ඒ දෙක? ඒ තමයි වැම්පයර් වෘක එකතුව. වැම්පයර්ලා වුල්ෆ්ලා ඕන තරම් හිටියට හයිබ්‍රිඩ්ලා ඉන්නෙ කීපයයි. එතනත් ඔරිජිනල් හයිබ්‍රිඩ් කෙනෙකුට ඉන්නෙ ඔරිජිනල් පවුලෙ නික්ලවුස් හෙවත් ක්ලවුස් විතරයි. ක්ලවුස්ගෙ අම්මා වෘක මිනිහෙක් එක්ක සම්බධතාවයක් පවත්වනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ක්ලවුස් ඉපදෙන්නෙ. මෙයා ගොඩක් විශේෂ කෙනෙක්. එයාගෙ ලේ ගොඩක් වැදගත්. මෙයා තමයි ඔරිජිනල් පවුලෙම බලසම්පන්නම කෙනා.

    කවුද මේ මායාකරුවො?

    ගොඩක් කාලෙක ඉඳන් පැවත එන මිනිස් කොටසක්. වැම්පයර්/වුල්ෆ්ලටත් වඩා පරණයි. මායාකරුවන්ගෙත් එක එක වර්ගයෙ කොටස් තියෙනවා. ඒවායෙ එකතුවකට කවන් එකක් කියලා කියනවා. ගොඩක් බලවත් මායාකරුවන් වගේම මායාකාරියන් ඉන්නවා. මෙහෙම බලවත් වංශ වල එකතුවෙන් බලවත් ආයුධ වගේම බලවත් දේවල් ලෝකෙට බිහිවෙලා තියෙනවා. ඒවා මෙහෙම විස්තර කරන්න බෑ, මුල ඉඳන්ම බැලුවොත් සේරම දැනගන්න පුළුවන්.

    මම කලිනුත් කිව්ව මේ කතාවෙ අපිට හිතන්න දේවල් තියෙනවා කියලා. ගොඩක් කතාවල අපි බලන් ඉන්නෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලනේ. මේ කතාවෙ වෙනසකට තියෙන්නෙ අතීතයෙ මොනාද උනේ කියන කුතුහලයක් ඇති කරවනවා.

    ඔරිජිනල්ස් බලන්න තීරණය කරපු අය ඉන්නවා නම්, ඒ අයට උදව්වක් විදිහට මට ඇති වෙච්ච ප්‍රශ්නයි ඒවා නැති කරගන්න කරන්න ඕන දේවල් කීපයක් කියන්නම්. මම සාමාන්‍යන් ෆොර්වර්ඩ් කර කර බලලා විනාඩි 45 ශෝ එක විනාඩි 20 විතර ඉවර කරලා දාන්න කැමති කෙනෙක් හැබැයි මේකේ එහෙම කරොත් මුල මැද අග හොයා ගන්න බැරි වෙනවා. එහෙම අය තමයි ගොඩක් දුරට මේ කතාව හරි නෑ කියලා කියන්නෙ. තව අතීතයෙ උන දේවල් පෙන්නද්දි ඒවා බලන්න හිතෙන්නේ නෑ හැබැයි ඒවා අනිවා බලන්න කියලා මම කියනවා. ඒවෑයින් තමයි අපේ ප්‍රශ්න වලට් උත්තර ලැබෙන්නේ. සිංහල සබ් ඕන අයට බයිස්කෝප් එකේ තියෙනවා. අවශ්‍ය අය ඩවුන්ලෝඩ් කරගන්න.

    මේ ඔරිජිනල්ස් කතාව ගොඩක් ගැඹුරින් තේරුම් ගන්න ඕනේ නම් The Vampire Diaries බලන්නම වෙනවා. බොරු වර්ණනා මොකටද වැයම්පයර් ඩයරීස් වල හොඳ ලව් ස්ටෝරියක් තිබ්බට බලන්න ටිකක් බෝරින්ග්. හැබැයි වැම්පයර් ඩයරීස් බලලා ඔරිජිනල්ස් බලනකොට අවබෝධය වැඩියි. වැම්පයර් ඩයරීස් නොබලා උනත් ඔරිජිනල්ස් වෙනමම බලන්න පුළුවන් ඒත් අවබෝධය සීමා සහිතයි. ඇත්තටම කියනව නම් ඔරිජිනල්ස් කියන්නෙ වැම්පයර් ඩයරීස් වල දිගුවක්. වැම්පයර් ඩයරීස් බලනකොට ඒකේ ඉන්න දුෂ්ඨයව මරන් කන්න හිතුනත් ඔරිජිනල්ස් වල ඒ චරිතය ගොඩක් හොඳ චරිතයක් විදිහට තේරුම් යනවා.

    සාමාන්‍යයෙන් මම මුලින්ම බලන්න කම්මැලියි කියලා හිතන කතා අන්තිමේදි ඉවර කරන්නෙ, නින්ද පැය 4ට සීමා කරලයි. තව ෆෝන් එකේ දාගෙනත් බලලා තියෙනවා.

    එහෙනම් ඉතින් බලන්න කැමති අය ඉන්නවා නම් බලන්න. දැනටමත් බලන අයට ප්‍රශ්ණ එහෙම තියෙනවා නම් අපි ඒවා ගැනත් කතා කරමු.
     
    Last edited:

    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    හීන ලෝකවල ජීවත් වෙන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් බලන්න.
     
    • Like
    Reactions: D T

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    Danda oak balanne

    ලඟකදි ඉඳන් තමයි බලන්න ගත්තෙ. තාමත් සීසන් 4 යනවනෙ බන්.


    :)

    The originals kiyana eka ganda kiyanne..

    https://thepiratebay.org/search/the originals s01/0/99/0
    ඩිරෙක්ට් ලින්ක්ස් ඕනේ නම් කියන්න

    හරි ඉතින්. කියනවා නං බලන්නම්.
    10+

    උබේ ටයිප් එකට ගැලපෙනවා නම් බලපන් මචන්.
    මම දන්න යාළුවොන්ට කියලා ගොඩක් අය ආසවෙන් බලනවා. එලකිරියෙ නූලක් දාන්න ඕනකම තිබ්බට වෙලාවක් හම්බුනේ නෑ.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    The Originals patta TV... 05-14-2017 12:14 PM ඒ original පොන්නයා හොදයි බං රාජපක්ෂ හොරාට වැඩිය


    Ai Ranilta Baninakota Ruchirata Ridenne
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    සිරා කතාව. මාත් බලනවා
    මෙන්න කෙලින් බාගන්න ලින්කුව
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=1318

    එල මචන්. තියෙනව නම් සීසන් 1 ඉඳන් ඩිරෙක්ට් ලින්ක් දාන්න.

    The Originals patta TV... 05-14-2017 12:14 PM ඒ original පොන්නයා හොදයි බං රාජපක්ෂ හොරාට වැඩිය


    Ai Ranilta Baninakota Ruchirata Ridenne

    මම උබෙ රෙප් කැපුවෙ නෑ බන්. ඔන්න රෙප්+ දුන්නා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    හීන ලෝකවල ජීවත් වෙන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් බලන්න.

    වැල බලන ඩේටයි වෙලාවයි ටීවී සීරිස් එකකට වෙන් කරන එක නරක දෙයක් නෙවෙයිනෙ බන්
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    එල මචන්. තියෙනව නම් සීසන් 1 ඉඳන් ඩිරෙක්ට් ලින්ක් දාන්න.



    the originals season 1
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=270

    the originals season 2
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=54

    the originals season 3
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=271

    the originals season 4
    http://blaxup.com/fa/series/the-originals?action=season&season_id=1318
     
    • Like
    Reactions: ruchira55

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    apo oka mala jarawak bn ekama widiyata kathawa adenne s0102 tikak hodai passe mala jarawak


    klausmu silyalladath muta wada ekek nha
    Elijah muge wadi bana ahanna giyama epa wenwa\]
    Camille,Hayley mudennage baba hukum part wadi ragapanawa hari nha
    Rebekah patta eki idala hitala enne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,683
    40,264
    113
    කෙලින්ම බාන අයට...(480p)
    http://dl.tehmovies.com/94/series/the.originals/

    එළ මචන් රෙප්+


    එළ මචන් උබටත් රෙප්+

    බලමු බලුම

    එල එල :D

    Thanks for the long review machan.
    Uba kiwwa wage vampire diaries nobala oka balanna amarui. So e nisa mama issara oka apu kalema atha ariya. E wenuwat hoda kuthuhale wadi tv series thiyenawa.

    එල මචන්.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්, ප්‍රිසන් බ්‍රේක්, වයිකින්ග්ස්, වකින් ඩෙඩ් වගේ කතාවල වත් නැති පට්ටම තියරි බන් මේකේ තියෙන්නෙ. කුතුහලේ කියන එක උපරිමෙන්ම තියෙනවා. අනික මචන් මම ලෝකේ නැති ප්‍රශ්න ඔළුවට දාගෙන ආතල් එකට හිත හිත ඉන්න හරි කැමතියි ;)


    apo oka mala jarawak bn ekama widiyata kathawa adenne s0102 tikak hodai passe mala jarawak


    klausmu silyalladath muta wada ekek nha
    Elijah muge wadi bana ahanna giyama epa wenwa\]
    Camille,Hayley mudennage baba hukum part wadi ragapanawa hari nha
    Rebekah patta eki idala hitala enne

    සමහර විට මේක උබේ ටයිප් එක නොවෙන්න පුළුවන් මචන්. මේක උබේ ටයිප් එකත් වෙලා, වැම්පයර් ඩයරීස් බලලා උන්ගේ ජාතකේම දැන ගත්තට පස්සේත් ජරාවක් කියලා කියනව නම් උබට කතව තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා මචන්

    උබ ඉතින් ඒ ඒ චරිත තේරුම් ගත්ත හැටි තමයි. උබේ මතයට මම ගරු කරනව :)