ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කරන භාවනා ක්‍රමයක් ඇත. මෙය ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙලේසින්ය.
‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.))." - මහා සච්චක සූත්‍රය
සිංහල පරිවර්තනය
“අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි"
මෙම සුත්‍රයෙන් තථාගයන් වහන්ස ආලාර කාම බමුණාට පැහැදිලි කරන්නේ ආස්වාස ප්‍රස්වාස බාවනා ක්‍රමයේ ඇති නිෂ්ඵල බවය.
ආස්වාස ප්‍රස්වාසයට යොදා ගෙන ඇති පාලි වචනය වී ඇත්තේ "අස්සාස පස්සාසෙ". මෙයින් පැහැදිලි වෙන්නේ "ආන පාන" යනු වෙනත් භාවනා ක්‍රමයක් කියාය.
"ආනාපාන" යනු හාත්පසින් වෙනස් දෙයකි. මෙම ක්‍රියාව පාලි වල ලියවී ඇත්තේ මෙසේය .
ආනාපානස්සති , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. චතුත්ථං.
සිංහල පරිවර්තනය
“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
ආනා -> දස කුසල් එකතු කිරීම
පාන -> දස අකුසල් පහ කිරීම
මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්‍රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි.
මිවලපනේ හිමි අව්යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.