නිර්මාංශ ප්රශ්ණය කාලාන්තරයක් තිස්සේ ශ්රී ලාංකික බෞද්ධ ජනතාව විසින් වරදවා වටහාගෙන ඇති මතභේදකාරී ගැටළුවකි. බොහෝමයක් දෙනා බුදු දහමේ සඳහන් නැති බුදු රජාණන් වහන්සේ විසින් දේශණා නොකරන ලද දෑ තම මතයන් ඈඳාගෙන බුදු දහම හා පටලවා ගෙන ප්රචාරය කරමින් අනුන් හට නොයෙකුත් චෝදනා නැගීමට පාවිච්චි කරන තර්කාංගයක් වී ඇති බව සමහරුන් කතා කරනා දේවලින් තේරුම් ගන්නට පුළුවන. තම මතය බුද්ධ දේශනාවක් නොවන බව සිහියේ තබා ගෙන, පහත වීඩියෝ නරඹා නියමාකාරයෙන් මෙම ගැටළුව නිරවුල් කර ගන්න. බුදු දහම තම ජීවිතය සකසා ගැනීමට මිසක අනෙකුගේ වැරදි පෙන්වා තමන් උසස් කර ගැනීමට හෝ තර්ක කොට ජය ගැනීමේ අදිටනින් වැරදි ලෙස පාවිච්චි නොකරන්න. මෙය හුදෙක් මාංශ අනුභවයට රුකුලක් හෝ අනුබලයක් දීමක් නොව, දහම හරි හැටි අවබෝධ කරගෙන වැරදි මතයන්ගෙන් මිදීමට කරනා උපකාරයක් බව සලකන්න.
