විශිෂ්ට ලෙස මැතිවරණ ජයග්‍රහණ කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සිංහයකු ලෙස සිටිය යුතු තමා අද අනාථ වී ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් සංවර්ධන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. පිටකෝට්ටේ පිහිටි සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.එහිදී අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද කීය.මම බදුල්ල දිස්ත්‍රික්කයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා තුන්පාරක්ම පැරැද්දුවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසන නවයම ජයග්‍රහණය කළා. ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු මේ ඔක්කෝම පැරදිච්ච අය. මට මෙහෙම වුණේ ඇයි කියලත් හිතෙනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී පැවසීය.






