Ravita mudal amathi kamama onalu

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මුදල් ඇමතිකම හැර වෙනත් ඇමතිකම් බාරගන්නෑ ඉස්සෙල්ලත් කැපිල්ලක් දෑම්මා කටවහන් හිටියා




    හෙට (22) සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී තමන් දරන මුදල් ඇමතිධූරය අහිමි වුවහොත්, වෙනත් කිසිදු අමාත්‍යධූරයක් බාර නොගන්නා බව රවී කරුණානායක මහතා, 'ලංකා නිවුස් වෙබ්' කළ විමසීමකදී අවධාරණය කර සිටියේය.
    'ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිබඳව මට පූර්ණ විශ්වාසයක් තියනවා. පහුගිය අවුරුදු දෙකේ මට කළහැකි උපරිමය මං කරලා තියෙන්නෙ. 2015 දි අපි රට බාරගන්න වෙලාවෙ තිබුනෙ සම්පූර්ණයෙන්ම හිස්වෙච්ච භාණ්ඩාගාරයක්. නමුත්, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මම කෙරෙහි තැබූ විශ්වාසය පළුදුවෙන්න ඉඩ තිබ්බෙ නෑ. මගේ අතින් යම් වරදක් සිද්ද උනා නම් ජනාධිපතිටත් අගමැතිටත් ඕනෑම වෙලාවක පුලුවන් මාව නිවැරදි කරන්න. රටේ අවශ්‍යතාවයත් ජාත්‍යන්තර මුල්‍ය සංවිධානවල අවශ්‍යතාවයත් මම ඉතා සමබරව ක්‍රියාත්මක කළා. මුල්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ අගනුවර ලෙස සැලකෙන ලන්ඩන් නුවර පළකරන 'The Banker' සඟරාව ලෝකයේ හොඳම මුදල් ඇමතිවරයා විදියට මාව තෝරාගැනීමට හේතුව මගේ ක්‍රමෝපාය මාර්ගයි.' යනුවෙන් මුදල් අමාත්‍ය රවීන්ද්‍ර සන්දේශ් කරුණානායක මහතා 'ලංකා නිවුස් වෙබ්' වෙත තවදුරටත් සඳහන් කර සිටියේය.

    'මගේ අමාත්‍යධූරය කප්පාදුවට ලක්වෙච්ච මුල් අවස්ථාව මේක නෙවෙයි. මුදල් අමාත්‍යංශය යටතෙ තිබිච්ච ආයතන 50 කට ආසන්න සංඛ්‍යාවක් කප්පාදු කරලා පොදු ව්‍යාපාර හා මහජන ව්‍යවසාය අමාත්‍යංශයට අනුයුක්ත කළා. මට ඉතුරු උනේ මහා භාණ්ඩාගාරය සහ ඊට අනුබද්ධ ආයතන කීපයක් විතරයි. මං ඒ වෙලාවෙ නිහඬව හිටියෙ යහපාලන ආණ්ඩුවේ අනාගතය ගැන හිතලා. ජනාධිපතිවරයා යම් තීරණයක් ගත්ත නම් ඒක වැලැක්වීමේ හැකියාව අගමැතිවරයාට තියනවා. ඒක තමයි යහපාලන ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුමේ මූලික හරය. ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා මේ ආණ්ඩුව බලයට පත්කරන්න මම කරපු කැපකිරීම. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මට ඇමතිධූරය අහිමි උනොත් වෙනත් කිසිම ඇමතිධූරයක් මම බාරගන්නෑ. මම පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරනවා.' යනුවෙන් මුදල් අමාත්‍යවරයා 'ලංකා නිවුස් වෙබ්' සමග කළ දුරකතන සංවාදය නිමා කරමින් පැවසීය.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    ''පහුගිය අවුරුදු දෙකේ මට කළහැකි උපරිමය මං කරලා තියෙන්නෙ'' :lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහබැංකුවට දුන්න ගේමම මැදෑ මුන්නැහෙට ආයෙත් මුදල් ඇමතිකම දෙන්න :lol::rofl:

    මුට වඩා බහිරවයෙක් කොයින්ද :lol::dull::no:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මංගලට-මුදල්..රවීට-විදේශ කටයුතු..ගයන්තට-රාජ්‍ය පරිපාලන…ජෝන්ගේ ඉඩම් ඇමතිධූරය පිටයයි-කැබිනට් සංශෝධන මෙන්න

    ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා.

    වෙබ් ගොසිප් අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

    එසේම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධූරය දරන මංගල සමරවීර මහතා හට ජනමාධ්‍ය හා මුදල් ඇමතීධූරය ලබා දීමට යෝජනා වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

    එසේම පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණු ජෝන් අමරතුංග මහතාගේ ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා හට ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

    තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර ප්‍රසාරණයවීමට ඉඩ ඇති බවටද දැනගන්නට ලැබෙනවා.

    තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් සඳහන් වෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායක මහතා හට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් ආරංචි මාර්ග වලින් පෙන්වා දෙනවා.

    ඒ අනුව හෙට උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇති බවද ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    අද දෙරණ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    නෑ නෑ තෝව මුදල් ඇමතියෙ මයි තියන්න ඕනා. තෝ වගේ පකයෙක් ට වෙන ඇමතිකමක් දුන්නෝත් ඉතිං එකත් ඉවරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    මෙන්න අළුතින දෙන ඇමති දුර තුන

    නව අමතිදුර 1 - කම්කරු සහ සිකියුරිටි - සජිත්
    නව අමතිදුර 2 - සරණාගත හා අලුතින් පදිංචි කිරීම් - බදුර්දීන්
    නව අමතිදුර 3 - බෝක්කු සහ පෙරපාසල් - චතුර සොන්නාරත්න
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,631
    817
    113
    Hamilton, NZ
    lol ගු එන් පි පොන්නයෙක් ආසවට මේවාට කමෙන්ට් එකක් දාන්නේ නෑ :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2015 දි අපි රට බාරගන්න වෙලාවෙ තිබුනෙ සම්පූර්ණයෙන්ම හිස්වෙච්ච භාණ්ඩාගාරයක්

    :lol::lol:
    මුන් ටික ඒ හිස් වෙලා තිබ්බ කියන එකේ තවා පත වගා ලිඳක් හෑරුවා

     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මරුසිරා;21663083 said:
    මහබැංකුවට දුන්න ගේමම මැදෑ මුන්නැහෙට ආයෙත් මුදල් ඇමතිකම දෙන්න :lol::rofl:

    මුට වඩා බහිරවයෙක් කොයින්ද :lol::dull::no:

    :lol::lol: