හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උඹ හොඳයි බන්, මම ඩියුටි ගිහින් බීලා ටික වෙලාවක් යද්දි පාර මැද වැටුනා කියපන් කෝ :P
    වෙලාවට ත්‍රීවීල් පාක් එකේ උන් උස්සන් ඇවිත් පොලිසියට නැතුව ගෙදරට දැම්මෙ
    පොලිසියට ගෙනිච්චා නම් ආයෙ ට්‍රැෆික් යනවා බොරු

    ට්‍රැෆික් පොලිස් ද? :P
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹ හොඳයි බන්, මම ඩියුටි ගිහින් බීලා ටික වෙලාවක් යද්දි පාර මැද වැටුනා කියපන් කෝ :P
    වෙලාවට ත්‍රීවීල් පාක් එකේ උන් උස්සන් ඇවිත් පොලිසියට නැතුව ගෙදරට දැම්මෙ
    පොලිසියට ගෙනිච්චා නම් ආයෙ ට්‍රැෆික් යනවා බොරු

    Tho police kukulek da:lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ට්‍රැෆික් පොලිස් ද? :P
    හ්ම්.. හ්ම්....
    නිකම් නිකම් පා වෙනවා වගේ සුන්දර හැඟීමකුත් එක්ක ගෙම්බ පොලවෙ ගැහුවා වගේ පාර මැදම වැටුනා බන්
    වැඩිය නෝන්ඩි නැහැ ත්‍රීවීල් පාක් එකේ උන් දුවලා ඇවිත් උස්සලා ගත්ත නිසා :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    බුක් මාක් එකක් දාගත්ත අපිට කෙල උන දවසකට හිත හදාගන්න පුලුවන් ආයිත් කියවල... :lol::lol: උපරිමයකට කෙල වෙලානෙ යකෝව්.. :rofl: අපිටත් වෙඩින්ග් වල කෙලවිලා තියෙනව. ඒත් සීමිත පිරිසයි ඕව දන්නෙ.. මෙකේ යකෝ මුල් හෝල් එකටමනෙ.. :lol::lol:

    ගනන් ගන්න එපා බන්.. බොන හැම එකෙක්ම එකපාරක් හරි කබා දාගෙන කෙලෝගෙන තියෙනව එකපාරක් හරි.. මම නම් 3න් පාරක් විතර කෙලෝගෙන තියෙනව.. :lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙඩින් එකක උනත් කලින් බොන්න ගිහින් උන ආතල් සීන් කියද්දි නොබොන උන් නන්නත්තාරයි නෙ බන්

    ඔව් හැබැයි. . :rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Biwwama mara aoul. Paase Lajja hithenava. Campus time ekedi , una deyak meka, Mamai thava ekekui Kandy place ekakata giya. U biwwa ,Mama biwwe naha. Dan apahu enava. U ahanava magen , Uba vanenne mokadha kiyala. Attha vasayen Mama Vanenne naha, U vanenava. Namuth uta penne , Mama vanenava vage. Bus ekata nagga. Bus eka issarahata yanava. Mu inne sita gena , pasupasata harila. Mu ahanava magen, Bus eka passata yanne mokadha kiyala. Biwwama vena deval.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හ්ම්.. හ්ම්....
    නිකම් නිකම් පා වෙනවා වගේ සුන්දර හැඟීමකුත් එක්ක ගෙම්බ පොලවෙ ගැහුවා වගේ පාර මැදම වැටුනා බන්
    වැඩිය නෝන්ඩි නැහැ ත්‍රීවීල් පාක් එකේ උන් දුවලා ඇවිත් උස්සලා ගත්ත නිසා :lol:

    ඉදපන් තෝව පොලිසියට අල්ලලා දෙන්න. . :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කඩ්ඩ බැරි එකා;21663307 said:
    කියන්නත් ලැජ්ජයි බන්. හෙනම කැරි සීන් එකක් උනේ පෙරේදා. යාලුවෙකුගේ වෙඩින් පාටියක් තිබ්බ හෝටලේක. මටත් කිව්ව තව කීප දෙනෙක්ට මම දන්න කියල තිබ්බ. කොහොම කොහොම හරි උන් සෙට් උනේ නෑ. මම ගියා රෑ. දෙපැත්තෙම උන් මාව දන්නෑ. රෑ 8.30 වගේ පහු වෙන කොට ටේබල් හැදිච් උන්ට බයිට්, බොන ජාති සර්වියට් පේපර් අරව මේව සර්ව් කරන්න ගත්ත. මටත් මොකාද එකා වගේ තනියම ඉන්න බැරි නිසා පොඩි කොල්ලො ටිකක් ඉන්න ටේබල් එකකට සෙට් උනා. උන් එක්ක චැටක් දාල ෆිට් උනා. මට වඩා අවුරුදු කීපයක් බාල කොල්ලෝ. හැබැයි හෙන ඇට්ටොරයො පාටයි. එකෙක් උස්සන් ආව බයිට් ඩිෂ් 4ක් විතර අවුලක් නෑනේ බයිට් නේ. ඉතින් ඇරල දැම්ම.

    මගේ ටෝකෙන් කොල්ලො හිතන් ඉන්නේ මාත් හොදට කන බොන සිගා ගහන ඇට්ටර් ඩයල් එකක් කියල. මගේ තරම මමනේ දන්නේ. මම බොන එකෙක් නෙමේ. ඉතා හදිසියෙන් ඔය පාටියකදී ජාමෙ බේරගන්න උගුරක් දෙකක් බිව්වට මම කරන්නෙම බයිට් වලට කෙලල, සැන්ඩි කරන්න තියපු කෝක්, ස්ප්‍රයිට් කෙලින එක තමයි. :rofl::dull:

    සරි දැන් සීන් එකට එමුකෝ. දැන් මම ටෝක දීගෙන ඉන්නව. උන්ට පැලෙන්න. මමත් අයිය නිසා උන්ගෙන් හෙන රෙස්පෙක්ට් එක. :rofl::baffled: මම ඇක්ටර් නැති උනාට මගේ පෙනුම ටිකක් දඩබ්බර නිසා වෙන්ට ඇති.

    මුල් ටේබල් වලට සර්ව් කරාට අපිටයි අපේ ලඟ තිබ්බ ටේබල් වලටයි සර්ව් කරේ නැති නිසා. එකෙක් නැගිටල ගිහින් අරන් ආව බෝතලයක්. ආපහු ගිහින් පොඩි සෝඩ එකකුත් ගෙනාව. ග්ලාස් 7කුත් එක්ක. ඔන්න අපි ඔක්කොම 7යි. නම දන්නෙත් නෑ බන්. එකෙක් කැඩුව ඩයල් එක වගේ කඩල දාගත්ත ටිකක් ඉතින් සෙට් එකම දාගන්නව මාත් පොර වගේ දාගන්නකොට ටිකක් වැඩිපුර වැටුන. දැන් මොකෝ කරන්නේ. සෝඩ ටිකකුත් දාගෙන තොල ගෑව. අම්පේ නාහෙන් කටෙන් ගෑස් එක පිටවුනා. අවුලක් නෑ එකෙක්ටවත් නෝට් නෑ. කොහොම කොහෙම හරි බයිට් කකා ඒ ෂොට් එක ගැහුව. :rofl::rofl:

    පස්සෙ පස්සේ අවුලක් නෑ වගේ. දෙවැනි රවුන්ඩ් එකේ මම තමයි මුලින්ම දාගත්තේ දැන් වැඩිය අවුලක් නෑනේ. අනික මේ වෙනකොට කෝක්, ස්ප්‍රයිට් ඇවිල්ල තිබ්බ. මම වැඩියෙන් කෝක් දාගෙන ගැහුව එතකොටනම් අවුලක්ම නෑ. :rofl::dull:. කොල්ලො ටික දසයො උනාට උන්ගේ හිස් වෙන්නේ හෙමිහිට. මම වැඩ්ඩ වගේ දැන් ගහනව හිටු කියල. කොහොම හරි භාගයක්ම ගැහුවෙ මම. :rofl::dull: ඒ බාගෙන කෝක් ගියා බර තොගයක්. :rofl: දැන් බඩ ජබ්බ වගේ. ඇයි බයිටුත් කෑවනේ. ඔන්න ටික වෙලාවක් යනකොට ටිකක් කැරකිල්ල වගේ. හුටා හෙන අවුල දැන්.
    අනිත් සෙට් එක සිගා එක දෙක අරන් ගහනව මටත් දෙන්න හැදුව. මේ කෙලවීගෙන එන මොහොතේ මොන සිගාද බන්. මම සිගා ගහන්නෑ කියල ශේප් උනා.

    දැන් ග්ගග... ගාල ගුඩුස් යනව බන් එක සිය ගානට. කරකැවෙනව එපා වෙලාතියෙන්නේ :baffled::dull: දැන් මගේ කතාබහක් මුකුත් නෑ ඇස්දෙකත් රතු වෙලා. කෙලවිලා ඉන්නේ. හැබැයි අරුන්ටත් වැඩිය නෝට් නෑ. මම ලෝක අමාරුවෙන් අයිය වගේ හිටිය. මූන ගස ගස. :baffled:

    ඔන්න ඔහොම ටිකක් ඉන්න කොට. එකෙක් ඇවිත් දැන් කාපියව් කෑම හීතල වෙනව කිව්ව. අම්මට සිරි වෙනව දැන්. සෙට් එකම නැගිට්ට. මටත් කර කියා ගන්න දෙයක් නෑනේ. නැගිට්ට පාර කර කැවිල පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් තව ටේබල් එකකුත් පෙරලගෙන කෙලන් හැලුනනේ. :dull::no: අපෝ බන් ඒ වෙලා වෙ නම් සසර එපා උනා. ඒ මොහොත හීනයක් උනානම් කියල හිතුන බන්. නට නට හිටපු සෙට් එකත් ඒක නතර කලර බලන් හිටිය. දැන් නැගිටින්න හැදටව බැලන්ස් නෑ. නැගිටින්න හදපු පාර ෆෝන් එක උඩසාකුවෙන් වැටුන බිමට. දැන් එකේ එජ් එක ඩැමේජ් වෙලා. පස්සේ අර කොල්ලො ටික ඇවිත් මාව නැගිට්ටුව. වස ලැජ්ජාව බන් අරුන්ගේ මූන බලන්නත් බෑ. වටේ ඉන්න සෙට් එකම මගේ දිහා පිටසක්වලෙක් දැක්ක වගේ බලන් ඉන්නව.

    පස්සේ උන් මාව වඩා කරා පුටුවක. මම කිව්ව අවුලක් නෑ මචංල උබල කාපල්ල මම ටිකකින් එන්නම් කියල. උන් ගියා. ඔන්න දැන් මම තනියම ඉන්නව මොකාද එකා වගේ ටේබල් එකේ. හෙනම චාටර් හැම එකාම මගේ දිහා බලන් හිනා වෙනව.

    ඊට පස්සේ හොදම හරිය. අඩෝ දැන් ටික ටික නාහෙ දන්න වගේ. උගුරටත් එනව වගේ. කෙලිය තාප්පෙට එක සැරේටම කබරයෙක් සෙට් උනා කියපන්කො. අම්මෝ එපා වෙනව. දවල්ට ගෙදරින් කාල ගියපුවයි බිව්ව ඒවයි ඔක්කොම දැම්ම. :dull::dull::dull: එකම විනාසයයි. ගොඩක් උන් ඔලුවෙ ඇත ගහන් හිටිය. එදා දැම්ම දැමිල්ල එසේ මේසේ එකක් නෙමේ බන්. හරියට වාහනේකට තෙල් ගහද්දි අර මිරික මිරික නවත්ත නවත්ත ගහනව වගේ. නවත්ත නවත්ත හෙන ලෝඩ් පිටින් ගියේ. මගේ ඇස්දෙකේ කඳුලු. නාහෙන් කටෙන් බත් ඇටයි අර බීපුවයි. නාහෙනුත් ආව නිසා හෙටු ඇවිල්ල වගේ. සිහියක් නැතුව අතෙන් පිහ දෑවුන නිසා අත්දිග ශර්ට් එක ඉවරයි. ඒකත් තෙමිල. :dull: එකම විනාසයක් මගේ කකුල් දෙක ලග. එකෙක්වත් කිට්ටු උනේ නෑ. ඉන් හිනා වෙවී බලන් ඉන්නව. මට පොලව පලන් යන්න හිතුන බන්. :dull::rofl::baffled: දුක කියන්නේ නැගිටල වොශ්රූම් එකට යන්නත් පන නෑ. පට්ට චූබරයි ඒ මදිවට.

    කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට. මෙන්න අපේ මනමාලයයි, මනමාලියි එනව මේ පැත්තට. විලි ලැජ්ජාවයි බන්. එපාම උනා බන්. මනමාලිටත් එපා උනාද මන්ද. මාව අපේ එකා පෙන්නල මොකක්ද කිව්වත් මගේ දිහා බැලුවවත් නෑ හරියට අරුත් ඇදන් වෙනහකට ගියා. දැන් මොකෝ කරන්නේ. අර එකට අඩිය ගැහැව එකෙක් වත් ආව නෑ පස්සේ :angry::angry::angry: පස්සෙ මම දැක්ක උනුත් මට හිනා වෙනව අත දික් කර කර. දැන් කන්න යන්නත් බෑ. වොෂ්රූම් එකට යන්නත් බෑ. නැගිට ගන්නත් බෑ.

    පස්සේ ලෝක අමාරුවෙන් ෆෝන් එක අරන් යාලුවෙක්ට ගන්න බැලුව. මල මගුලයි මගේ අතින් එබිලද මන්ද මගේ ස්මාට් ෆෙෘ්න් එකේ ලෝන්චර් එක වෙනස් වෙලා. අයිකොන් සීසී අත. දැන් එක වෙනස් කරගන්න තේරෙන්නෑ කලබලේ සෙටින්ග්ස් වලට ගිහින් සිය සැරයක් පීර පීර බැලුව කොහොමද ලෝංචර් එක වෙනස් කරගන්නේ කියල. මොන පස්සේ පොලෙව ගහන්න හිතුව බන් ෆෝන් එකත්. ඔක්කොමට වැඩිය ටච් වෙන්නෙත් නෑ හරියට. ඒකේ සෙවල අරව මේව මම අතින් පිහ දාපුව නිසා. :dull::growl:

    එදා තමයි මචං මගේ ජීවිතේ මම වැඩියම අසරන උන දවස. මැරෙන්න හිතුන බන්. ඇස් දෙකෙන් කඳුලුත් ආව දුකටම. නහය දනව ඉවසන්න බෑ. පස්සේ කොහොම හරි මොකෙක් හරි කියල. මගේ යාලුවො 3න් දෙනෙක් ඇවිත් මාව වීල් එකක දාගෙන ගෙදර ගෙනත් දැම්ම. දැන් තමයි හොදම හරිය. මම ජීවිතේට බීල අහුවෙලා චාටර් වෙලා නෑ ගෙදරට. තාත්ත කිව්වත් එක්ක යනකොට අරව මේව ගන්නව එහෙම නෙමේ කියල. දැන් මොකෝ කරන්නේ. මගේ කාමරේට දාල අරුන් ගියා. දැන් ගෙදර මාර කේස් එක. අම්ම බනිනව හිටු කියල. තාත්ත අරව මේව කියනව. අක්කත් එහෙමයි. පස්සේ මට නින්ද ගියා. උදේ උනාම මාරම අවුල් ගෙදර අයට මූන දෙන්න. මල කෙලියයි ෆෝන් එක නෑ. :dull::no: ෆෝන් එක පහුවදා හම්බ උනා මාව වත්තන් කරල දා ගනිද්දි ඒව වැටිල. ෆෙෘ්න් එකත් ගන්න දෙයක් නෑ බන්. :(:(:( huawei p9 light එකක් :(:(:(

    දැන් අම්ම කතා කරන්නෙත් නෑ. තාත්ත පලු යන්න බැන්න පහුවෙනිද. අක්ක නම් නෝන්ඩි දානව. :dull: බුකියෙ පැත්ත බලාතක යන්න බෑ. අරුන් මාගේ ෆොටෝ දාල මාව ටැග් කරල ගම කාල. මම දැන් ඉන්නේ බුකිය ඩිඇක්ටිව් කරන්. දැන් හැම එකාම දන්නව ඇති ගමේ. :dull::no: ලියුම් කවරෙක දාල සල්ලි අරන් ගියා අපේ එකාට දෙන්න. කොහෙද ඒක කලිසමේ. :P

    ඔන්න ඕකයි උනේ බන්. මගේ ජීවිතේ මෙහෙම අපහසුතාවෙකට මම කවදාවත් පත්වෙලා නෑ බන්. කුජීතම දවසක්. වැඩේ කියන්නේ. කෙලවෙන එක කෙලඋනා දිගට හරහට. කොටින්ම කියනව නම් පට්ට චූ බරක් හැදුව. කොච්චරද කියනවනම් බින්දු එක දෙක ලීක් වෙලත් තිබ්බ බන්. :growl: අරුන්ට කියල මගදි නතර කරල තමයි පැත්තකට ඇල්ලුවෙ අරුන් දෙන්නෙක් මාව අල්ලන් හිටිය ඒ වැඩේ කරනකනුත්. ඒතරමට මට වැදිල. ජුන්ඩ එලියට ගන්නත් කලින් ගියේ. එදා තරම් මම චූ කරල නැතුව ඇති කවදාපත් විනාඩි ගානක් ගියා බන්. අම්මෝ. :angry::angry::angry:

    අරුන් දෙහි පලනව එකෙක්. අනිත් දෙන්න හිනා වෙනව මහ හයියෙන්. හෙන චාටර් ඕයි. :baffled::baffled::baffled:

    මට දැන් උන්ගෙ මූනු බලන්නත් බෑ වගේ බන්. එකෙක් ආව අපේ පැත්තේ අද ඉරිද නිසා. ආවෙම මහ කැති කින්ඩි හිනාවක් දාගෙන. :dull:

    මචංල මේක මට චාටර්ම සිද්දියක්. උබලත් කොහේ ගියත් පමන දැනගෙන ගනින්. මට උන දේනම් වනේ වන හතුරෙකුට වෙන්න එපා කියල මම පාර්තනා කරනව බන්. මම ස්මාට් ෆෝන් පාවිච්චියත් අත ඇරල දැම්ම බන්. කරුමෙක් පල දුන්න වගේ ෆෝන් එක දිහා බැලුවම අයිකොන් එක එක තැන්වල මල විකාරයක් වෙලා. මට අදහගන්න බැරි උනා බන් ඒක හරියට දෛයිවයේ සරදමක් වගේ. පස්සේ තමයි අර නෝව ලොන්චර් එකේ ඩෙස්ක්ටොප් ලොක් සීන් එකක් තියෙනව කියල දැන ගත්තේ. ඒත් අර සිද්දියෙන් ස්මාට් ෆෙෘ්න් එපා උනා. :no::no::no:

    Oya android kunu godawal aran owata eka eka jarawa install karagena, atawagena use karana eka nathara karapan bn.. iPhone ekak ganin. Aragena gihin amma, thaththage kakul deka allala wedala kiyapan ayeth uba kawadawath Android jarawal use karanne ne. sama wenna kiyala.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Biwwama mara aoul. Paase Lajja hithenava. Campus time ekedi , una deyak meka, Mamai thava ekekui Kandy place ekakata giya. U biwwa ,Mama biwwe naha. Dan apahu enava. U ahanava magen , Uba vanenne mokadha kiyala. Attha vasayen Vanenne naha, U vanenava. Namuth uta penne , Mama vanenava vage. Bus ekata nagga. Bus eka issarahata yanava. Mu inne sita gena , pasupasata harila. Mu ahanava magen, Bus eka passata yanne mokadha kiyala. Biwwama vena deval.

    ඔයනම් මලක් ගසලද කොහෙද. . :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අරුන් බීලා පිස්සු කෙලිද්දි උබව කොන් කරනවා කියලා උබට හිතෙනවද දන්නෑ බන්. .
    බොන්නේ නෑ කියලා, මස් මාලු කන්නේ නෑ කියලා කොන් කරන එවුන්වනම් මන් දැකලම නෑ. . :baffled:

    නොබොන උන්ව නිකම්ම කොන් වෙනවා බන්
    බොන සෙට් එක හවසට හවසට අස්සවල් වල සෙට් වෙද්දි අරුන්ට කියන්නෙ නැහැ නෙ
    මොකද උන් නොබොන නිසා සල්ලි කලෙක්ට් වෙන්නෙත් නැහැ නෙ
    අනික එහෙම ගිහින් බොන උන් බොක්කෙන්ම ෆිට් වෙනවා, නොබොන උන් කැලේ
    බොන්න ගිහින් වෙන ආතල් සීන් පස්සෙ දවසෙත් කතා කරලා කින්ඩි දා ගන්නවා
    නොබොන උන් ආවෙ නැති නිසා, උන් ඒවා දන්නෙ නැහැ.. ඔහේ කට බලියන් ඉන්නවා
    ට්‍රිප් එකකට උනත් එන්න කියන්නෙ නැහැ පස්සෙ... පස්සෙ :rofl:

    මේක උඩ කියන එක තමා වෙන්නේ ක්සිබිට්
    හැබයි ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසල් ගෙඩි වලින් දීල තියෙනවා
    බීවේ නැති වුනාට මන් කොහේ ගියත් පිස්සු නටල ෆන් එකේ ඉන්නවා
    ඒ හින්ද බොන්නම් යන එවුන් ඇරෙන්න අනිත් ඒවාට සෙට්වෙනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Biwwama mara aoul. Paase Lajja hithenava. Campus time ekedi , una deyak meka, Mamai thava ekekui Kandy place ekakata giya. U biwwa ,Mama biwwe naha. Dan apahu enava. U ahanava magen , Uba vanenne mokadha kiyala. Attha vasayen Mama Vanenne naha, U vanenava. Namuth uta penne , Mama vanenava vage. Bus ekata nagga. Bus eka issarahata yanava. Mu inne sita gena , pasupasata harila. Mu ahanava magen, Bus eka passata yanne mokadha kiyala. Biwwama vena deval.

    :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    නොබොන උන්ව නිකම්ම කොන් වෙනවා බන්
    බොන සෙට් එක හවසට හවසට අස්සවල් වල සෙට් වෙද්දි අරුන්ට කියන්නෙ නැහැ නෙ
    මොකද උන් නොබොන නිසා සල්ලි කලෙක්ට් වෙන්නෙත් නැහැ නෙ
    අනික එහෙම ගිහින් බොන උන් බොක්කෙන්ම ෆිට් වෙනවා, නොබොන උන් කැලේ
    බොන්න ගිහින් වෙන ආතල් සීන් පස්සෙ දවසෙත් කතා කරලා කින්ඩි දා ගන්නවා
    නොබොන උන් ආවෙ නැති නිසා, උන් ඒවා දන්නෙ නැහැ.. ඔහේ කට බලියන් ඉන්නවා
    ට්‍රිප් එකකට උනත් එන්න කියන්නෙ නැහැ පස්සෙ... පස්සෙ :rofl:
    මේක තමා බන් වෙන්නෙ.. නොබන උන්ට ට්‍රිප් එකක්වත් කියන්නෙ නෑනෙ. ඩ්‍රයිව් කරන්න තියෙනව නම් තමා නොබොන එකක් දාන් යන්නෙ.. අනිත් එක ට්‍රිපක කලෙක්ශන් එක දානෙත් බෝතල් වලට එක්කමනෙ. එතකොට නොබොන එකාටත් ඒක දෙන්න වෙනව. ඒක දෙගොල්ලන්ටම අවුල් නිසා නිකන්ම නොබොන උන් හැලෙනව..

    ආතල එකේ දාන සල්ලි ගාන හිතන්නෙ නැතිව එකම ගාන වියදම් කරන් ඇවිත් උගේ ගානට වැඩියෙනුත් එක්ක බයිට් කාල විනාස කරන එහෙමත් නොබොන ඩයල් එකක් තමා දිගටම සෙට් එකේ ඉන්නෙ. අපේ ඉස්කෝලෙ සෙට් එකේ 14න් දෙන්නෙක් ඉන්නව මේ වෙනකම් හැලෙන්නෙ නැතුව. ඇත්තටම දැන් උන් තමා ට්‍රිප් ඔර්ගනිය්z කරන්නෙත්....
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ado katha siddiya
    dan owa hitha hitha inne nathuwa issarahata nobee indapan. bonawa nam gaanakata beepan.. himita beepan ethakota aduwen pewenne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මරුසිරා;21663411 said:
    බැරි බරි ගාතේ බීල නොන්ඩි නොවී පිරිමියෙක් වගේ බොන්නේ නැහැ කිව්වනම් ඕක වෙන්නේ නැහැ .බොන උන් කොච්චර පෙරැත්ත කලත් තමන්ගේ ප්‍රතිපත්තිය රැකීම තමයි පිරිමිකම කියන්නේ .බොන උන් උන්ගේ ෂෝ එකට බොනවා .බොන්නේ නැත්නම් නොබී ඉන්න එක තමා හරි:)

    පාඩමක් ඉගෙන ගත්තනම් එකත් වටිනවා :)

    :yes: :yes: :yes:

    කඩ්ඩ බැරි එකා;21663307 said:
    කියන්නත් ලැජ්ජයි බන්...

    අනිත් උන් එක්ක බිව්වේ නෑ කියලා කවදාවත් චාටර් වෙන්නේ නෑ...
    බොන වුන් අතරේ නොබී ඉන්න එකයි වීරකම... (මත්) :)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේක තමා බන් වෙන්නෙ.. නොබන උන්ට ට්‍රිප් එකක්වත් කියන්නෙ නෑනෙ. ඩ්‍රයිව් කරන්න තියෙනව නම් තමා නොබොන එකක් දාන් යන්නෙ.. අනිත් එක ට්‍රිපක කලෙක්ශන් එක දානෙත් බෝතල් වලට එක්කමනෙ. එතකොට නොබොන එකාටත් ඒක දෙන්න වෙනව. ඒක දෙගොල්ලන්ටම අවුල් නිසා නිකන්ම නොබොන උන් හැලෙනව..

    ආතල එකේ දාන සල්ලි ගාන හිතන්නෙ නැතිව එකම ගාන වියදම් කරන් ඇවිත් උගේ ගානට වැඩියෙනුත් එක්ක බයිට් කාල විනාස කරන එහෙමත් නොබොන ඩයල් එකක් තමා දිගටම සෙට් එකේ ඉන්නෙ. අපේ ඉස්කෝලෙ සෙට් එකේ 14න් දෙන්නෙක් ඉන්නව මේ වෙනකම් හැලෙන්නෙ නැතුව. ඇත්තටම දැන් උන් තමා ට්‍රිප් ඔර්ගනිය්z කරන්නෙත්....
    සිරාවට ඩ්‍රයිවර් වෙන්න තමා වෙන්නෙ කොහොමත් එහෙම එකක් ආවොත්
    කට්ටියම බිව්වම කොහේ හරි ඉන්නවා නෙ වෙරි බහින කල්
    නොබොන එකෙක් ආවොත් ඌ ඩ්‍රයිවර් තමා :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සිරාවට ඩ්‍රයිවර් වෙන්න තමා වෙන්නෙ කොහොමත් එහෙම එකක් ආවොත්
    කට්ටියම බිව්වම කොහේ හරි ඉන්නවා නෙ වෙරි බහින කල්
    නොබොන එකෙක් ආවොත් ඌ ඩ්‍රයිවර් තමා :rofl:

    පව් බන්. . :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වසක් oneday ට්‍රිප් එකක් ගියා කොල්ලො පස් දෙනෙක් එක්ක බීච් ගිහින් කොල්ලෙක්ගෙ ගෙයක් තිබ්බ කවුරුත් නෑ එහෙ ගැසුව නැති වෙන්න.. අන්තිමට ඔක්කොටොම බඩු..
    තව ලොකු බියර් කෑන් හතරකුත් තියනව බොන්න එකෙක් නෑ..
    මම එකක් බිව්ව..
    කේස් එකක් නෑ.. ආයෙ තව එකක් බිව්වා..
    අම්මට සිරි තරු පෙනුනා කවලම් වෙලා..
    රෑත් වෙලා..
    වමනෙ යන්නෙත් නෑ බියර් බිව්ව නිසාද කොහෙද..
    තුන් වෙනි එකත් එහෙම ඉදන් කඩල ගත්තම එකෙක් අරන් විසික් කරා ජනේලෙන් වගේ මතකයි..
    ඒ තරමට බඩු ලිමිට් එකක් තේරෙන්නෙ නෑ..
    අන්තිමට යන්න බෑ රෑත් වෙලා..
    දෙන්නෙක් උස්සන් ගියෙ ස්ටේෂන් එකට එතනත් බිම පෙරලි පෙරලි හිටිය වමනෙ ගියානම් අඩු වෙනව වමනෙ යන්නෙත් නෑ..
    කොච්චියේ යද්දිත් ඔලුව එලියට දාගෙන වමනෙ දාන්න හදනව..
    මිනිස්සු බලනව..

    ඔය ඉතින් අර බොන්න ගත්තු මුල් කාලෙ තමයි බන්..
    ඊට පස්සෙ තමන් ගෙ ලිමිට් එක තමන් දැනගත්තම..
    ඒ ගානට තමයි බොන්නෙ බොන වෙලාවට..
    ඩීසන්ට් පිට ගහන්න ඕන..
    බොන ප්‍රමානෙ නෙවේ වැදගත්.

    ගණන් ගන්න එපා යකෝ ඕව..

    මේ ගෙවල් පැත්තෙ එකෙක් නාගසලන් වෙන්න ගහල තාත්තගෙ කරේ අත දාල මචන් කොහෙද යන්නෙ අහල..
    දීල අත පුරෝල කනට වෙරි හිදුනලු on the spot
    ඕව නම් මොනාද..
    එතන හිටපු උන්ට උබව මතකත් නැතුව ඇති..