Rain & Flood Situation 2017 (Updating...)

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    DAwx89WUQAA9f03.jpg

    DAwx-jhUIAAg_7j.jpg

    DAwyABSVoAUixlP.jpg

    DAwyB8wUAAYHLyU.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ විඳින්නේ සැලසුමක් නොමැති ගොඩකිරීම්, නාගරීකරණය සහ පරිසර විනාශයේ ප්‍රතිඵලයි.ලංකාවේ කිසිදු දේශපාලඤයෙකුට රටේ අනාගතය ගැන දැක්මක් හෝ කැක්කුමක් නැහැ. මුදල් ලැබෙනවා නම් ඕනෑම තෙත්බිමක් ගොඩකිරීමට,
    ඕනෑම පරිසරයක් විනාශකිරීමට ඉඩදීමට ඔවුන් සූදානම්. ඒවායේ ප්‍රථිපල භුක්ති විඳින්න සිද්ද වෙන්නේ සාමාන්‍ය ජනතාවට.

    ලංකාවේ සාමාන්‍ය ජනතාව කියන උනුත් පව් නැති කාලකණ්නි පිරිසක් (බහුතරය)එහෙම කියන්න
    හේතුව අංක 01
    උඩ කියපු දේශපාලඥයන්ව පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයට යවලා ඒක කෝලම් මඩුවක් බවට පත්කරන්න උදව්කරන ප්‍රධාන සාධකය රටේ මීහරක් ජහමනයා.

    හේතුව අංක 02

    රටේ මහජනයාගේ ආකල්ප හරි නැහැ. පරිසරය ගැන උන්ටත් කැක්කුමක් නැහැ.සල්ලි ලැබෙනවා නම් දහජරා වැඩක් කිරීමට උන් සූදානම්. පරිසරයට හානියක් සිදුවන විට පක්ෂ පාට බේධයක් නැතිව එක්සත්ව පරිසරය වෙනුවෙන් පෙනී සිටින්න රටේ බහුතරය නැහැ.

    තැනක් නොතැන බලලා කෙල ගහන, ටොපිකොලේ, ෂොපින් එක වටපිට බලලා පාරටම නැත්නම් කාපු තැනම විසිකරලා දාන, මහ රෑ තමන්ගෙ ගෙදර කුණු කොහාට හරි හොරෙන් ගිහිල්ලා දාන කාලකණ්නි ඉන්න රටක් මේක.

    ශ්‍රී පාද කාලය ඉවර උනාම බැතිමත්තු කියලා ආපු කාලකණ්නි විසිකරලා දාපු පොලිතින් කන්ද දැක්කාම දෙවි කෙනෙක්වත් ශ්‍රී පාදේ ඉන්නෙ නෑ.

    දිය ඇල්ලක්, ගංගාවක්, ලස්සන පරිසරයක් තියන තැනක අපද්‍රව්‍ය, බියර් කෑන්, කුඩු කරපු බෝතල් වල නිමාවක් නෑ.

    ඉතිං එහෙව් කාලකණ්නින්ට මූණ දෙන්න වෙන්නේ උන් වපුරපු දේවල් වලම ප්‍රථිපල. හේතු සහිතවමයි ඵල ඇතිවෙන්නේ. කරුමෙ කියන්නේ රටේ ඉන්න ටික දෙනෙක් වෙච්චි හොඳ මිනිස්සුන්ටත් ඒවගේ විපාක විඳින්න වෙන එක.

    කැලෑවක් තියෙන්න දෙන්නෙ නෑ පායන කාලෙට හොරෙන් ගිනිතියලා දානවා කැලෑ මායිමේ තියන තමන්ගේ ඉඩමේ මායිම වැඩිකරගන්න.
    කන්දක් තියෙන්න දෙන්නෙ නෑ අනවසරයෙන් සුද්ද බුද්ද කරලා එලවලු හදන්න ගන්නවා. ඊට පස්සෙ වැහැල කන්ද නායගිහිල්ලා යට උනාම මොර දෙනවා “අනේ දෙයියනේ අපිට ඇයි මෙහෙම උනේ කියලා“.

    ඔයක් , ගඟක් තියෙන්න දෙන්නෙ නෑ වැලි ගන්නවා. ඔයවල් වල වතුරමට්ටම් පහල ගියාම වටේම ළිං හිඳෙනවා.ඊට පස්සෙ දෙයියන්ට දොස් කියනවා ලිං වල වතුර නෑ කියලා. ඉවුරු හූරගන වැලිගත්තාම ඊළඟ මහවැස්සෙන් ඉවුරුකඩාගන ගිහිං ඉඩමෙන් භාගයක් ගියාම ආයෙ දෙයියන්ට කියනවා.

    මේ විඳින්නේ අපිම වපුරපු දේවල් වල ප්‍රථිපල

    100% ඇත්ත බන්.මිනිස්සු කවදා මේවා තේරුම් ගනීවිද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහිලවත්තෙ කනත්ත ලගින් වතුර දානවා.කැලනිමුල්ල රා කඩෙ ලගින් වතුර ඇතුලට දානවා.

    මේක බොරුවක්.එලකිරියේ ට්විස්ටඩ්ට කෝල් කලා. තාම කොහිලවත්තෙන් වතුර දාන්නේ නෑ. අඹතලේ පාර තවම ගමනා ගමනය කරන්න පුලුවන්ත්ත්වයේ තියෙන්නේ. හැබැයි පාර මීට දවස් කීපයකට කලිම් ගිලා බැහැපු තැන පාර අබලන්.