ගෑණියෙක් පිරිමියෙක් එක්ක සංවාසයේ යෙදීම අරුමයක් නොවන්නේය.... එය ඔවුන්ගේ කැමැත්තය... එය අනෙක් එවුන්ට වැඩක් ද නැත.... හැබැයි ටිටී හා අරයාගේ සිද්ධිය වෙනත් ලීක් කේස් වලට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේය... බහුතරයක් මෙම වීඩියෝව හතර වටේට ශෙයා කළේ ආතල් එකට වඩා වෛරයකිනි.... ඒ වෛරයට සාධාරණ හේතුද තිබිණි.... ඊට හේතුව ටිටීත් අරයත් පමණක් නොව ඊට ඈදි සිටින එලකිරි ලොක්කාය... ඔහුගේ මාධ්‍ය ජාලය අස්සක් මුල්ලක් නෑර පීරා අනුන්ගේ අතිශය පෞද්ගලික කුණු ඔවුන්ගේ ගොසිප් මාධ්‍ය හරහා රස කර කර, ලූණු ඇඹුල් ඇතිව හිරිකිතයක් නැතිව ලෝකෙට මුදා හලන්නේය... මොවුන්ගේ මෙම කි‍්‍රයාව නිසා ලස්සන ජීවිත කීයකට කණකොකා හඩන්න ඇතිද? කීදෙනෙකුට ජීවිත හැර දමා යන්න සිදුවන්න ඇතිද? බුදු දහම අනුව කර්මයට පිටුපා සිටිය නොහැක.... අනුන්ගේ රෙදිගලවා, තමන් සුදු රෙදි ඇන්දද නිමේෂයකින් නිරුවත ලෝකෙටම නිරාවරණය වූයේ ඒ නිසාය... තමන්ට අවස්ථාවක් ලැබෙනකන් සිටි පාර්ශවයන්ට පළිගැනීමට කදිම අවස්ථාවක් ලැබුණි.... අද මෙම සිද්ධිය නිසා ඔවුන් යම් මානසික කම්පනයක් විදින්නේ ද, අවලාදයක් විඳින්නේ ද ඊට වඩා සියදහස් වතාවක් ඔවුන් නිසා වෙනත් අය දුක් විඳි බව පමණක් අවබෝධ කරගත්තා නම් එය වඩාත් වටින්නේය....
හාස්‍යජනක කරුණ වන්නේ අද ඔවුන්ට රෙවෙන්නට ගසා ඇත්තේ අනුන්ගේ චරිත ඝාතනය කරන්නට ඔවුන් යොදාගත්ත මාධ්‍ය සංස්කෘතියමය වීමය.... ඔබ පසුකර යන්නන් දිනෙක නැවත ඔබ ඉදිරියට පැමිණෙනවා යැයි කියමනක් ඇත්තේ මේ නිසා විය හැකිය...