ත්රස්ථමර්ධන අංශයේ ප්රධානියා ලෙස සිටි Detective Sergeant Steve Arnott ඉන් ඉවත් වන්නේ අදහාගත නොහැකි අවසනාවන්ත සිදුවීමත් සමගයි. ඒ ඔහුගේ කන්ඩායම ත්රස්ථමර්ධන මෙහෙයුමක් අතරතුර වැරදි නිවසක් තුලට කඩා වැදී දරුවෙකු අතැති අහිංසක පුද්ගලයෙකු මරා දැමීමයි. ඔහුගේ ඉහළ නිළධාරියා විසින් සිදුවීම සැගවීමට ක්රියාකරන ලෙස නියෝග කලත්, ඔහු එම නියෝගයට අවනත නොවන අතර, ඒඅනුව ඔහුව AC-12 දූෂණ විරෝධී ඒකකය වෙත මාරු කරනූ ලබයි.
කතාව ඇරබෙන්නේ එතනිනි.
පළමු කතා මාලවට ප්රවේශ වන්නේ සම්මානදිනු දක්ෂ පොලිස් නිළධාරි Detective Chief Inspector Anthony Gates වටායි. ඔහු ඉතා දක්ෂ නිළධාරියෙකු උවත්, ඔහු විසින් සිදු කරන අත්අඩංගුවට ගනීම් තරමක සැකයට භාජනය වෙයි. එම සැකය මත AC-12 දූෂණ විරෝධී ඒකකයේ ප්රධානී Police Superintendent Hastings විසින් මෙම පරීක්ෂණය සදහා අලුතින් පත්ව ආ Detective Sergeant Steve Arnott යොදවනු ලබයි. මෙම සරල දූෂණ විරෝධී පරීක්ෂණය ඉතා ඉක්මනින් ඉතා භයානක හා රහසිගත සංවිධානයක තොරතුරු හෙලිකර ගනී.

ස්ටෝරි ලයින් ලිවීම - ලොල්_සීන්