මොනවද මේ MEMS

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    mems-image1.gif


    [FONT=&quot]මොනවද මේ MEMS කියන්නේ :oo::oo:?? [/FONT]

    Micro-Electro-Mechanical [FONT=&quot]Systems කියන එක කෙටි කරලා තමා MEMS කියන වචනෙ හැදිලා තියෙන්නෙ (දැන් උබලා සිංහල තේරුම එහෙම අහන්න එන්න එපා ඔන්න) ඒක ඉතාම සරලව පැහැදිලි කලොත් MEMS කියලා කියන්නෙ බොහොම කුඩාවට හදපු විදුලි හා යාන්ත්‍රික පද්දතියක්. එතකොට දැන් කල්පනා කරයි කුඩා කියලා කිවුවම මිලිමීටර් සයිස් වෙන්න ඇති කියලා, ඒත් මේවගෙ පද්දතියක කොටස් වල විශාලත්වය මනින්නෙ මයික්‍රොමීටර් වලින් ඒ කියන්නෙ මේකෙ තියෙන කොටස් කොච්චර ලොකුද කියලා හිතා ගන්න පුලුවන් නෙ, හරියටම කිවුවොත් මයික්‍රොමීටර් 0.001- 0.1 (0.001mm- 0.1mm) පමන වෙනවා. පහල පොටෝ එකේ තියෙනවා ඔන්න (පලවෙනි එක අපේ පියවී ඇහැට පේන විදිය, දෙවනි එක ලොකු කරලා බලපුවම පේන විදිය)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MEMS.png


    clutch.jpg

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]අලුත් තාක්ශණයක්ද :dull::dull:??[/FONT]

    [FONT=&quot]මුලින්ම මේවගේ පද්ධතියක් ගැන යෝජනා කරලා තියෙන්නෙ 1960 තරම් අතීත කාලයේ. 1980 හා 1990 දශකයේ තමා මේවා ලොකු දියුනුවකට ලක්වෙන්නෙ. ඒ කාලෙ ඉතා කුඩා සංගෘහිත[/FONT] [FONT=&quot]පරිපථ සමග යාන්ත්‍රික පද්ධති නිපදවීමේ තාක්ෂණයක් විදියට මේක ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් යොදාගන්නවා. මේක මුලින්ම වානිජමය කටයුත්තක් විදියට යොදාගෙන තිබ්බෙ [/FONT]inkjet printers [FONT=&quot]වල [/FONT]cartridges[FONT=&quot] වලට[/FONT]. [FONT=&quot]ඔන්න ඔහොම තමා වැඩේ පටන් අරන් තියෙන්නෙ:cool::cool:.[/FONT]

    [FONT=&quot]ඇතුලෙ මොනාද තියෙන්නෙ??[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි දන්න විදියට සාමාන්‍ය mechanical and electrical system එකක තියෙන්නෙ sensors (සංවේදක) actuators වගෙ දේවල් නමුත් මේ වගේ පද්ධතියක් ඇතුලෙ තියෙන්නෙ [/FONT]Microsensors [FONT=&quot]හා[/FONT] microactuators [FONT=&quot]සරලව කිවුවොත් ලොකු සයිස් ඒවා පොඩි කරලා තියෙන්නෙ:rofl::rofl:.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොනවාගෙන්ද මේවා හදන්නෙ ??[/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන් මේවා හදන්න silicon, polymers, metals, ceramics වගේ අමුදුවය පාවිච්චි කරනවා:shocked::shocked:.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]දැන් කොහොමද මේවා හදන්නෙ ??[/FONT]

    [FONT=&quot]මේවා හදන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා,[/FONT]
    [FONT=&quot]Bulk micromachining – [/FONT]
    [FONT=&quot]මේක තමා පරනම විදිය කියනවනෙ, මේකෙදි කරන්නෙ තියෙන base part එකකින් material අයින් කරනවා [/FONT]holes ([FONT=&quot]සිදුරු[/FONT] ), cavities ([FONT=&quot]කුහර [/FONT]), channels ([FONT=&quot]තීරු[/FONT] ), or other desired shapes [FONT=&quot]විදියට. කට්ටිය PCB board හදනකොට etching process (උබලා අර බෝඩ් එකේ ලේසර් ප්‍රින්ට් එක ගහලා ෆෙරික් ක්ලෝරයිඩ් වල දාලා ඕනෙ නැති කොපර් පාට් අයින් කරන්නෙ අන්න ඒක යකූ ) එක පාවිච්චි කරනවනෙ ඒවගේ සීන් එකක් තමා මෙතන වෙන්නෙ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Surface micromachining – [/FONT]
    [FONT=&quot]දැනට පාවිච්චි වෙන සුලබම විදිය තමා මේක, මේකෙදි කරන්නෙ ඉස්සෙල්ලා කරපු එකේ අනිත් පැත්ත. ඒ කියන්නෙ base material එක උඩට metrial තැන්පත් කරලා MEMS system එක හදනවා (3D printing වගේ සීන් එකක් කියලා හිතා ගනිල්ලා)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Molding – [/FONT]
    [FONT=&quot] මේක ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනෙ අච්චුවක් බාවිතයෙන් තමා මේක කරන්නෙ.[/FONT]
    :baffled::baffled:

    [FONT=&quot]MEMS දැනට ප්‍රායෝගිකව පාවිච්චි වෙන්නෙ කොහෙද ??[/FONT]


    • Airbag Systems


    top_ten_4_accel_mid_res.jpg



    • Inkjet printers


    top_ten_1_ink_drop-mid-res.jpg



    • Active Suspension



    • Intertial Brake Lights



    • Pressure sensors


    top_ten_6-pressure-sensor.png



    • [FONT=&quot]Digital Micromirrors[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මේක ඇවිල්ලා[/FONT][FONT=&quot] micro optical + electromechanical system [/FONT][FONT=&quot]එකක්. මේවා රූපවාහිනි,[/FONT][FONT=&quot] Digital cinema [/FONT][FONT=&quot]වගේ දේවල් වල පාවිච්චි වෙනවා[/FONT][FONT=&quot] )[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot](උඩ පොටෝ ටික ගත්තෙ මෙතනින් http://www.memscentral.com/famous_mems_products.htm)
    [/FONT]


    [FONT=&quot]මේ උඩ තියෙන්නෙ කිහිපයක් විතරයි මීට වැඩිය සෑහෙන්න දේවල් තියෙනවා මේවා පාවිච්චි වෙන.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එතකොට nano techanology වලයි MEMS වලයි වෙනස මොකක්ද, මේ 2කම එකක්ද 2ක්ද ??
    [/FONT]

    [FONT=&quot]ඉස්සෙල්ලාම කියන්න ඕනෙ මේ දෙක දෙකක් කියන එක. දැන් ඉතින් කට්ටියට එන ලොකුම ප්‍රශ්නෙ යකෝ මේ 2කේ වෙනස මොකක්ද කියන එක, මේවගෙ ප්‍රධානම වෙනස තමා විශාලත්වයේ වෙනස nano techanology කියන එක මූලික වෙලා තියෙන්නෙ nano scale size parts වලින්.[/FONT]
    [FONT=&quot]අනිත් එක තමා MEMS ඇවිල්ලා electronic and mechanical system වල එකතුවක්, නමුත් nano techanology වලට යද්දී ඒකෙ පරාසය පුලුල් (ඒ කියන්නෙ රසායනික පද්ධති, ජීව පද්ධතිත් එකතු වෙනවා, මේක නම් මන් දන්න විදියට කිවුවෙ:P)[/FONT]

    [FONT=&quot]දැන් ඉතින් mems ගැන කස්ටිය දැනගන්න ඇතිනේ, විස්තර ගත්තෙ නම් ගූගල් දෙයියාගෙනුයි මන් දන්න දේවලුයි තමා, වැරැද්දක් තියෙනවා නම් හදනු මැනවි:):):).[/FONT]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල :) +8

    මේවා කැඩුනොත් හදන්නෙ කොහොමද බන් :shocked: කුඹි සෙට් එකක් වගේ ට්‍රේන් කරලා තියාගන්න වෙනව අස්සට යවන්න :oo:
     
    • Like
    Reactions: Ashan052

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද යකෝ මේවා හදන්නේ කුඹිද?

    පුදුමයි අසහන ත්‍රෙඩ් එකක් නැතුව මේවගේ වැදගත් එකක් දැම්ම