ආවා පින්වතුනි ආවා.. ඔන්න අද උදේ පාන්දරම සුපිරි කට්ටක් සෙට් වුණා.
වැඩට යන්න කියල ලක ලැස්ති වෙලා කාර් එකට නැගලා ස්ටාර්ට් කරන්න යතුර දාලා ගැහුවම ටක් ටක් ගාල ස්ටාර්ටර් මොටරේ වැදුනේ නෑ කියහල්ලකෝ. බැලින්නම් පින්වතුනි බැටරි රාජයා පරලොව යන්ට ගිහින්. මට පහුගිය දවස් දෙක තුනේ වාහනේ ස්ටාර්ට් කරනකොට පොඩ්ඩක් ඇදලා ස්ටාර්ට් වුන හින්දා බැටරියට කෙළවෙන්න තමයි එන්නේ කියලා දැනගෙන උන්නේ.. මාසේ අන්තිම හින්දා අතේ සල්ලිත් නැති හින්දා කොහොම හරි මේ දවස් දෙක තුන ඇදගන්නවා කියලා හිතාන උන්න.. කොහොම හරි අද උදේ වෙද්දී බඩු පැකට් වෙලා..
හරි අවුලක් නෑ මම ඕවාට සැලෙන්නේ නෑ කියලා හිතාගෙන ඉස්සරහ ගෙදර වාහනෙන් ජම්ප් ස්ටාර්ට් එකක් ගහගෙන ඔෆිස් යනවා කියලා හිතන් ඔන්න ඒ ගෙදර වාහනේ ගෙනත් ජම්ප් කරන්න කේබල් එකත් ගහලා ස්ටාර්ට් කරා..
පින්වතුනි වාහනේ ස්ටාර්ට් වුණා කියලා බොහොම සන්තෝස ඇති නේද ? නැත පින්වත නැත.. එන්ජිම හෙන අමාරුවෙන් ක්‍රෑන්ක් වෙනවා මිසක් ස්ටාර්ට් වුණේ නෑ.. යතුර ගහපු ගමන් ආයෙත් බැටරිය පන අදිනවා මිසක් නෝ ස්ටාර්ට්..
මෙහෙම 4-5 සැරයක් ට්‍රයි කරා හරියන්නේ නැති හින්ද ඒ කාර් එකේ බැටරිය මගේ එකට වඩා පොඩි නිසා මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඒ වාහනේ ආපහු යැව්වා. දැන් ඉතින් මගේ වෙන යාලුවෙකුට එන්න කියලා උගේ ඩීසල් කාර් එකෙන්වත් ජම්ප් කරගන්නවා කියලා එන්න කිව්වා.
මිනිහත් විනාඩි 30ට විතර පස්සේ ආපි. ඔන්න ආපහු ජම්ප් කේබල් එක ගහල ස්ටාර්ට් කරන්න හැදුවා.. ම්ම්ම්හු.. ස්ටාර්ට් වෙන්නේ නෑ පින්වත.. දැන්නම් බොක්කත් ටිකක් කූල් වේගෙන එනවා.. මොකද උගේ කාර් එකේ බැටරි එක මගේ එකටත් වඩා පවර්ෆුල්..
ටිකක් කල්පනා කරලා බලලා ජම්ප් කේබල් එක කචල් ද දන්නේ නෑ කියලා හිතලා වටපිට බැලුවා.. බයවෙන්න දෙයක් නෑ පින්වතුනි ගෙදර ගරාජ් එකෙන් වැඩි හරියක්ම තියෙන්නේ මගේ වයරින් වැඩ වලට ගෙනාපු එක එක ජාතියේ වයර් ගොඩවල්..
ගත්තා හොඳ 15 ඇම්ප් කේබල් එකක් සුද්ද කළා දෙපැත්ත බැටරි දෙකේම + එකට ඒ කේබල් එක අමුණලා අර ජම්ප් කේබල් එක ගැහුවා - පැත්තට.. දැන් ඔන්න ආයේ ස්ටාර්ට් කරන්න හැදුවා.. ස්ටාර්ට් වුනාද පින්වත නැත.. ආයෙත් පන අදිනවා එන්ජිම..
ගත්තා ඉතුරු ජම්ප් කේබල් එකත් එකත් අරන් අර - එකටම ගැහුවා... ගහලා යතුර ගැහුවා.. ඇති යන්තන් ස්ටාර්ට් වුණා..
ඊට පස්සේ යාලුවත් එක්කම ලඟම තියෙන බැටරි කඩේට කාර් එක අරන් ගිහින් අලුත් බැටරියක් දාගත්තා.. පරණ එක ආයේ ගොඩ ගන්න බැහැ කිවා.. කොහොමින් කොහොම හරි උදේ පාන්දරම රු 11,000 කට තට්ටු වුණා.
------
මේකෙන් උගත් පාඩම නම්.. ලාබෙට තියෙන ජම්ප් කේබල් ගන්න එපා..
මම මේ කේබල් එක ගත්තේ මයිඩීල් සයිට් එකෙන් තිබ්බ ඩීල් එකකට.
අද තමයි මේ කේබල් එක මුලින්ම පාවිච්චි කරන්න අවස්තාව ආවේ.. කේබල් එක සොකට් වලින් පන්නලා බලද්දී තමයි දැක්කේ හෙන මහත වයර් එකක් වුණත් ඇතුලේ තියෙන්නේ හෙන පොඩි කම්බි ටිකක්.. ඒ කම්බි ටික මදි අර ලෝඩ් එක අදින්න..
මම දැන් හිතාගෙන ඉන්නේ හොඳ කරන්ට් වයර් දෙකක් අරන් අර කේබල් දෙක අයින් කරලා දාල ඒ කලම්ප දෙකටම අමුනගන්න..
--------
කටුව ඉවරයි පින්වතුනි .. කියවා බැලූ ඔබ සැමට ස්තූතියි!
----------------------
මම සුසුකි ස්විෆ්ට් 2003 හොඳේ
Last edited: