සාර්ථක Adsense Publisher කෙනෙක් වෙන්න

JScofield

Active member
  • Sep 5, 2015
    176
    72
    28
    ade patta thanks obe idiri wada ithaama hodin sarthaka wenna one...... anik ayata udaw karagena issarahata yana ekaata kawadawath waradinne ne....
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Adsense Publisher - Update V


    3 කොටස. :love::)

    Micro Niche Site එකක් කියන්නේ මොකද්ද?:love:

    what-is-microniche-site.png



    දැන් මේ වෙද්දී ගොඩ දෙනෙකුට සරල හෝ වැටහීමක් ඇති මොකද්ද micro niche එකක් කියන්නෙ කියන එක ගැන.:)
    මුලින් දාපු ත්‍රෙඩ් update හොඳින්ම කියවපු කෙනෙක්ට ඒක තේරුම් ගන්න එක සරල දෙයක් වේවි.:yes::D
    එක් ප්‍රධාන මාතෘකාවක් තවත් උප මාතෘකා ගණනාවකට බෙදලා අරගත්තාට පස්සෙ ආන්න එයින් එක උප මාතෘකාවක් කියන එකම තමයි ඒ.:cool:
    ඒ කියන්නේ එක ප්‍රධාන niche topic එකක් තවත් sub category වලට කඩලා අරගත්තාට පස්සෙ,
    ඒ sub category එකක් අලලා සකස් කරන සයිට් එකකට අපි කියනවා micro niche සයිට් එකක් කියලා.:);)

    ඇයි ඇත්තටම මේ micro niche site ගැන මිනිස්සු මේ තරම් උනන්දු වෙන්නේ.:confused::confused:
    how-to-make-money-niche-sites.jpg

    Micro Niche Website එකක් කියන්නේ කිසියම් ඉලක්කගත සහ ඊටම අනන්‍ය වූ ( targeted and specific ) keyword එකකින් හෝ Micro Topic එකකින් සමන්විත වුන වෙබ් සයිට් එකක්. :cool:
    ඇත්තටම මේ වාගේ Micro Niche වෙබ්සයිට් වලට අධික ලෙස ට්‍රැෆික් ලැබෙන්නේ නැති වුනාට, මෙය සමත් වෙනවා අඩු ට්‍රැෆික් එකකින් ලොකු අදායමකට යන්න.:D:love:

    ඒකට ප්‍රධානම හේතුව තමයි කලින් පහදලා දුන්නා වගේම,
    අපිට ලැබෙන්නේ උපරිම Clean, Targeted Traffic එකක් වීමත්,
    ඒ වෙබ්සයිට් එකට ලැබෙන Targeted Traffic එක, UN - Targeted traffic එකට වඩා හොඳින්ම convert වීම.:):cool:

    සැ යු: මම මගේ ත්‍රෙඩ් වලදී අතරින් පතර English words භාවිතා කරනවා මට ලේසි නිසා.:nerd:
    ඒත් කාටහරි ඒ සමහර වචන තේරෙන්නේ නැත්නම් PM එකක් දාලා අහන්න.
    කියලා දෙන්නම් online ආපු වෙලාවක හරි.:)

    මම පොඩි English explanation එකකුත් අරගත්තා සයිට් එකකින් Micro Niche Site එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන.:nerd:

    "..A niche website is a site that focuses on a narrow group of people in a larger market with a common specific interest.
    While targeting a very specific term that people use on search engines,
    a niche site offers its visitors helpful and quality content that answers a question or solves a problem..."



    අපි හිතමු මෙහෙම පොඩි උදාහරණයකින්.:);)

    පුද්ගලයින් දෙන්නෙක් ඉන්නවා A සහ B කියලා.
    එතකොට මේ A කියන පුද්ගලයා සයිට් එකක් හදනවා, මල් වගාව ගැන.:):D
    ඔහු ඒ සයිට් එකේ මල් වගාව ආරම්භ කරන්න හිතන කෙනෙක් වෙනුවෙන් දාන්න පුලුවන් කරුණු ඇතුලත් කරල ඒ සයිට් එක සකස් කරනවා.:yes::love:
    ඒ වගේම විවිධ මල් වර්ග වගා කරන විදිය ගැන ඉතාමත් හොඳ දැනුමක් ලබාගන්න පුලුවන් විදියට මේ සයිට් එක ඔහු සකස් කරනවා.
    මේක authority site එකක්.:cool::yes:
    මන්දයත් පුලුල් මාතෘකා රාශියක් මේ සයිට් එකෙ ඇතුලත් වෙනවා විවිද categories යටතේ.:):D

    ඊලඟට B කියන පුද්ගලයා සයිට් එකක් හදනවා රෝස මල් වගාව ගැන විතරක්.....:shocked::cool:
    ඒ කියන්නේ ඔහු ඒ සයිට් එකේ අන්තර්ගත කරනවා රෝස මල් වගාව ගැන ආරම්භකයෙක් විදියට දැනගත යුතු සියලුම කරුනු.:):yes:

    ඒ වගේම
    B කියන පුද්ගලයා ඒ " රෝස මල් වගාව "සයිට් එකේ....:nerd:
    මනාව ඒ කරුනු විශ්ලේෂණාත්මකව පහදලා දීලා, :)
    අනර්ඝ පෝස්ට් ඒ සයිට් එකට ඇතුලත් කරලා,:)
    ඔහුගේ සයිට් එකට එන සෑම පුද්ගලයෙක්ම අහන අහන ප්‍රශ්න වලට හොඳින්ම පිලිතුරු ලබාදීලා උදවු කරමින්, :)
    ඒ සයිට් එක කරගෙන යනවා.:yes:;)

    ඇත්තම කියනවා නම් මේක Micro Niche එකක්.
    මල් වර්ග අතර රෝස මල් කියන්නේ එක වර්ගයක් නිසා.:cool::love:

    ඔන්න දැන් තමයි හොඳම හරිය මේ උදාහරණේ..:D
    හිතන්න මට එහෙම නැත්නම් ඔයාට ඕන වෙනවා රෝස මල් වගාව ගැන දැනගන්න.:confused::confused:

    දැන් ඔයා එක එක විදියට Google God ගේ Search කරලා බලනවා මෙන්න මෙහෙම.:cool::)

    පලවෙනි search එක - " රෝස මල් වගාව "
    දෙවෙනි search එක - " කොහොමද රෝස මල් වවන්නේ "
    තුන්වෙනි search එක - " රෝස මල් වවන ක්‍රම "
    හතරවෙනි search එක - " රෝස මල් පාත්ති දැමීම "
    පස්වෙනි search එක - " රෝස වගාවට පොහොර යොදන හැටි "
    හයවෙනි search එක - " රෝස වගාව නඩත්තු කරන හැටි "
    හත්වෙනි search එක - " රෝස වගාවට වැලදෙන රෝග "

    මේ විදියට Google එකේ ඔයා search කරනවා සෑහෙන්න.:oo::oo:

    දැන් යාලුවනේ මෙන්න මෙතනදී තමයි ඔයා දකින්නේ අර A පුද්ගලයා හදන සයිට් එකට වඩා,
    B
    පුද්ගලයා හදපු සයිට් එකේ Posts ලින්ක්ස් search results විදියට ලැබෙන වාර ගණන වැඩියි කියන එක.:yes::cool:
    ඒ කියන්නේ ඇත්තටම Search Engine Result වල මුල් පිටුවට වැඩිම වාර ගණනක් එන්නේ අර B පුද්ගලයා හදපු සයිට් එකේ.

    ඇයි එහෙම වෙන්නේ????:confused::confused::confused:

    ආන්න ඒක තමයි යාලුවනේ Micro Niche වල තියන වැදගත්කම.:)
    අපි Micro Niche එකක් කරනකොට ඒ Niche එකට අදාල සියලුම, සියලුම, සියලුම කරුණු ඒ සයිට් එකේ ඇතුලත් කරනවා අස්සක් මුල්ලක් නෑරම.:cool::yes:
    ආන්න ඒ නිසා Google search වලදී ඔයා Micro Niche Site එකේ යොදපු Keywords වල යෙදීම් සැකසිලා තියන විදියත් එක්ක ඔයාගේ Blog Post එක,
    ඒ Search Term එකට අදාලව Search Results වල පලවෙනි පිටුවට එන්න,
    ඒ වගේම පලවෙනි search result 5, 10 ඇතුලට එනවාමයි.
    11.gif


    මේකට තව හේතු කීපයක් එකතු වෙනවා යාලුවනේ.:):cool:
    මතක තියාගන්න වැදගත්ම දේ.:yes::D
    ඔයාගේ Micro Niche එකේ තියන Content උපරිම Keyword Optimize කරණයකට ලක් කරලා,
    ඒ බ්ලොග් එකේ Content සුපිරියටම තියාගන්න හැම වෙලාවකම.:yes:;)
    දාන හැම පෝස්ට් එකක්ම කියවන්න ආස හිතෙන,
    වැදගත් කරුණු එක්ක,
    graphs charts යොදාගෙන,
    ලස්සන පින්තූර යොදාගෙන කියවන කෙනාව පෝස්ට් එකට නිරතුරුවම ඇඳී බැඳී තියාගන්න විදියට,
    ඔයා පෝස්ට් සකස් කරන්න ඕන.:yes:;)
    යාලුවනේ " content is king " ඒක හැම වෙලාවකම ඔලුවේ තියාගෙන වැඩ කරොත් ඔයාගේ සයිට් එක ජනප්‍රියත්වයට පත් වෙන්න මාසයක් ප්‍රමාණවත් වේවි හොදටම.:):cool:
    මේ ත්‍රෙඩ් එක අවසානයේ මම දෙන්නම් මම Site එකක් සකස් කරද්දී මූලික පියවරේ ඉදන් Rank කරන තැන දක්වාම මම Follow කරන Working System එක.
    ඒ වගේම මම ඒ method එක ඉගෙන ගත්තෙත් කියවලා ලබපු දැනුමෙන්ම තමයි.:cool:;)

    ඔයාලට මම දෙයක් පැහැදිලිව කියන්න ඕන.
    ලංකාවේ ගොඩාක් අය පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි සයිට් එකේ කිසිම ගුණාංගයක් නැති වුනත්, රෑන්ක් කරගන්න පුදුම උත්සාහයක් ගන්න එක. :lol::lol:
    අඩුම තරමේ කියවන්න වැදගත්, ආස හිතෙන එකම පෝස්ට් එකක්වත් නැතුව SEO පස්සේ තමයි ඉස්සෙල්ලම දුවන්නේ.:frown:
    සමහරු ඉන්නවා සයිට් එක හදන්නත් කලින් SEO ගැන හීන දකිනවා.
    ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ යාලුවනේ.:no::no:
    හේතුව අපිට වැදගත් වෙන්නේ...
    සයිට් එකට එන්නේ Visitors ලා 100ද ඒ සිය දෙනා ආපු සැනින් ආයේ හැරිලා නොගිහින් අපේ සයිට් එකේ වැදගත්කම දැකලා අපේ සයිට් එක ඇතුලේ රැදිලා ඉන්න එකත්,
    ඊලඟ දවසෙත් ඒ කෙනා අපේ සයිට් එකට අසාවෙන් එන්න සලස්වන එකත්.:yes:;)
    ආන්න ඒ මූලික පියවර සාර්ථකව කරපු ඕනම කෙනෙක්ට තමන්ගේ සයිට් එක රෑන්ක් කරගන්න එක ලොකු දෙයක් නම් නෙවෙයි.:):yes:
    විශේෂයෙන්ම Micro Niche වලදී ඒක ගේමක්ම නැහැ.
    මම මුලිනුත් කියලා ඇති මම කවදාවත් සයිට් එකක් හදද්දී SEO පස්සෙ දුවන්නේ නම් නැහැ මුලින්.:no::no:
    අඩුම මාස 4ක් 6ක් යනකල් කිසිම back link එකක් නැතුවයි මම ඕනම සයිට් එකක් කරගෙන යන්නේ.:):cool:
    ඒ මගේ content quality එක ගැන මට විශ්වාස නිසා.
    මතක තියාගන්න මම ආයෙත් කියනවා.
    විශ්වාස කරන්න.
    ඔයාගේ content එකේ වටිනාකම අනූව විතරමයි ඔයාගේ සයිට් එකේ අනාගතය හොඳද නරකද යන වග තීරණය වෙන්නේ.:yes::nerd:


    හොදයි. දැන් උඩ කියපු කරනු කාරනා එක්ක පැහැදිලි කමක් ඇති වෙන්න ඇති කියලා හිතනවා මොකද්ද micro niche site එකක් කියන්නේ කියන එක.:):D
    ඒ ගැන තවත් දැනගන්න ඕන නම් PM එකක් දාලා තියන්න.
    online ආපු වෙලාවට refer කරන්න පුලුවන් ලිපි සෙට් එකක් දෙන්නම්.:yes::cool:

    ========================================

    පසුව ලියමි..
    සමාවෙන්න ඕන ත්‍රෙඩ් එක කල් ගියාට.:sorry::sorry:
    ගොඩ දවසකට පස්සේ අදයි මේ පැත්තේ එන එක කෙසේ වෙතත් online එන්න ලැබුනේ.:shocked:
    ගංවතුර නිසා ගෙවල් යට වුනා වගේම පියාගේ මහ ගෙවල් පවා සම්පූර්ණයෙන්ම යට වුනා වතුරට.
    අපේ ගෙදර බාගෙට යට වුනත් කෑම බීම තිබුන නිසා ජීවත් වෙලා ඉන්න පුලුවන් කම ලැබුනා.
    ඒත් මට එහෙම වුනා කියලා මගේම මාතර, ගාල්ල සහෝදර ජනතාව අමතක කලේ නැහැ.
    Navi Camp එකේ අය එක්ක එකතු වෙලා හරි හරියට ගංවතුරෙන් විපතට පත් වෙච්ච මිනිස්සු දහස් ගණනකගේ ජීවිත බේරගන්න,
    කුසගිනි නිවන්න සෑහෙන්න මහන්සි වුනා මේ දවස් ටිකේම.:)
    ඔවුන් එක්ක එකතු වුනේ මට වෙන කිසිම පුද්ගලයෙක් විශ්වාස නැති නිසා සහ ඇත්තටම මට පීනන්න බැරි නිසා.:)
    සමාවෙන්න ඕන එහෙම කිවුවාට.
    මහ ගංවතුර එක්ක මට ඒ දේවල් කරන්න වෙන්නේ නැහැ ඔවුන් හිටියේ නැත්නම්.
    ගරු කරනවා Navi Camp එකේ යාලුවන්ට!!
    11.gif

    මගේ සිහිනය නම් කල් දාන්න වුනා.:dull:
    මොකද ඒ දේ වෙනුවෙන් වෙන් කරලා තිබුන සල්ලි වලින් කොටසක් අරගෙනයි හැමදේටම වියදම් කලේ.
    ඒත් හිතට දුකක් නම් නැහැ චුට්ටක්වත්.:no:
    හේතුව අපිටත් වඩා අන්ත අසරණ වෙලා හිටපු මිනිස්සුන්ට ඇතිවෙන්න කෑම බිම, අලුත් ඇදුම්, පොඩි දරුවන්ට පොත් පත් දෙන්න පුලුවන් වුන නිසා.:):love::love:
    ඒ සතුට හිතේ තියන නිසාම මගේ අලුත් වාහනේ සිහිනය කල් ගියාට දුකක් නැහැ.:)
    මොනවා වුනාත් දෙයියෝ බැලුවා වගේ වෙලාවට වැඩ ඔක්කොම වගේ outsource කරලා තිබුනේ මැයි මාසේ කොන්දේ අමාරුව තිබුන නිසා.
    නැත්නම් අනාථ වෙනවා ඒ වැඩ වලිනුත්. හේ හේ.:lol:
    අදින් outsource contract එක අවසන්.
    අද මැදියම් රෑ ඉඳන් ආයේ වැඩ වලට වෙලාව යොදවන්න වෙනවා.:baffled:
    නොයෙකුත් හේතු මත මැයි මාසේ කියලා දෙන්න හිටපු CPA Marketing Subject එක කාල වෙලාව නැති කම නිසා කල් දාන්න වුනා. :sorry::sorry:
    ඒ ගැන කියලා දෙන්න වෙන්නේ හෙටින් පටන් ගන්න ජුනි මාසේ.:sorry:

    EK membersලා කීප දෙනෙකුගේ ඉල්ලීම නිසාම ඊලඟ ත්‍රෙඩ් Update එකත් එක්ක,
    මේ Adsense Micro Niches ත්‍රෙඩ් එකට අදාලව Sales ත්‍රෙඩ් එකකුත් පල කරන්න හිතන් ඉන්නවා අනාගතයේදී.:nerd:
    ඒ වගේම ඔවුන්ට ඒ වෙනුවෙන් ඉවසන්න කියලාත් කිවුව වග ඔවුන්ට මතක ඇති.:cool:
    ඒ වගේම ඒක පල වෙන්නේ closed thread එකක් විදියට.
    හේතුව service එක අවශ්‍ය කෙනෙක්ට ඒක ගැන සියලුම විස්තර PM හෝ VM මාර්ගයෙන් දැනගන්න පුලුවන්.
    සහ සියලුම Buyer Reviews, Earning Testimonials ත්‍රෙඩ් එකට Attach කරන්න බලාපොරොත්තු වෙනවා.
    සහ වෙනමම Face Book Page එකක් නිර්මාණය කරනවා ලංකාවේ අයට Service එක ලබාගන්න සියලුම අයගෙන් හොඳ සහ නරක Testimonials දෙකම ලබාගැනීම වෙනුවෙන්.


    ============================================

    හොඳයි.
    එහෙමනම් ඊලඟ update එකත් එක්ක ආයේ එන්නම්.
    අපි ඊලගට කථා කරන්නේ

    Micro Niche සයිට් එකක් පටන් ගන්න විදිය..
    උපරිම විදියට
    Adsense Revenue එක ලබාගන්න Site එක සකස් කල යුතු අකාරය..

    කියන එක ගැන.:);)

    කලින් කිවුවා වගේම මේ පහලින් දාන්නේ මම මගේ niche site එකක් හදද්දී අනුගමනය කරන ක්‍රියා පිලිවෙල.:D;)
    දැනට නම් මම PBN පාවිච්චි කරන්නේ නැහැ.:no:
    ඒත් මේ දවස්වල ඉගෙන ගන්නවා ඒ ගැන.:cool::yes:
    නුදුරු අනාගතයේදීම අනිවාර්යෙන්ම මගේම PBN එකක් හදනවාමයි කියන බලාපොරොත්තුව ඇතුව.;)

    IMG_20170531_201338_2.jpg



    අපි මේ යන්නේ Micro Niche Site Creation + Adsense + Make Profit කියන තේමාව ඔස්සේ.:):love:

    ඒ වගේම මම අදහස් කරන් ඉන්නවා මේ Micro Niche guide එකත් එක්ක Amazon Marketing වලට ගැලපෙන්න සකස් කරගෙන,
    Adsense + Amazon දෙකෙන්ම ගොඩ යන්නේ කොහොමද කියන එක ගැනත් විග්‍රහයක යෙදෙන්න.:yes::D


    බොහෝම ස්තූතියි හැමෝටම!!

    11.gif
    11.gif
    11.gif


    4.gif

     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    උබට මචෝ ගංවතුරෙන් අවුලක් නැහැ නේද

    naha yaluwe. lokuwatama newei. adi dekak wage wathura damma gedarata. eka nam dawasen deken bahala giya. me first time ehema yata wuna. :oo:
    thaththalage maha hewal nam sampurnayenma wage yata wuna gan wathurata. eyalath awith hitiye ape gedara thamai ita passe. mama nam gedara hitiye badu tika eha meha karala denna witharai. anith ayata help karanna giya gedara wada iwara karala. thanks for asking my friend! :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    naha yaluwe. lokuwatama newei. adi dekak wage wathura damma gedarata. eka nam dawasen deken bahala giya. me first time ehema yata wuna. :oo:
    thaththalage maha hewal nam sampurnayenma wage yata wuna gan wathurata. eyalath awith hitiye ape gedara thamai ita passe. mama nam gedara hitiye badu tika eha meha karala denna witharai. anith ayata help karanna giya gedara wada iwara karala. thanks for asking my friend! :yes:

    එල මචෝ එහෙනං ඔයින් ගියා මදෑ
    එපවෙන්වන ඔහොම මගුලක් වුනහම
    එල
    මචෝ දිගටම මෙහම ත්‍රඩ් දාන්න ඔයාට වෙලවක් තියෙන වෙලවක

    මන් ඉන්නේ බයිනරි ඔප්ෂන් පටන් ගන්න කියලා
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha

    naha yaluwe. lokuwatama newei. adi dekak wage wathura damma gedarata. eka nam dawasen deken bahala giya. me first time ehema yata wuna. :oo:
    thaththalage maha hewal nam sampurnayenma wage yata wuna gan wathurata. eyalath awith hitiye ape gedara thamai ita passe. mama nam gedara hitiye badu tika eha meha karala denna witharai. anith ayata help karanna giya gedara wada iwara karala. thanks for asking my friend! :yes:

    Ai bn me sere mechchratama serata awe? Weli business yanava athi neda bn sehenna :confused:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    උබට මචෝ ගංවතුරෙන් අවුලක් නැහැ නේද

    එල මචෝ එහෙනං ඔයින් ගියා මදෑ
    එපවෙන්වන ඔහොම මගුලක් වුනහම
    එල
    මචෝ දිගටම මෙහම ත්‍රඩ් දාන්න ඔයාට වෙලවක් තියෙන වෙලවක
    මන් ඉන්නේ බයිනරි ඔප්ෂන් පටන් ගන්න කියලා

    ඒක හොඳයි. ඒත් හොඳට ඉගෙන ගෙන, උපරිම අධ්‍යයනය කරලා Binary කරන්න පටන් ගන්න.
    චුට්ටක් දැනගෙන මගදි අප්සට් වෙනවාට වඩා හොඳයි යාලුවේ හොඳ ශක්තිමත් පදනමක් දාලා වැඩේ පටන් ගත්තා නම්.;)
    මේකේ ඉන්නවා හොඳ සෙට් එකක් Binary කරන.
    DCSDj, Fire Bird, Foundation One මේ අය හොදයි කියලා කියන්න පුලුවන්.:cool:
    මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මාසයක් විතර කියවපු එකයි කලේ මේ ගැන.:yes:
    මගෙනුත් ඕන වෙලාවක උදවුවක් ඕන වුනොත් PM එකක් දාලා තියන්න. අනිවාර්යෙන්ම උදවු කරන්නම් refer කරලා හරි.
    ජය වේවා කරන්න යන දේට!:D
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Ai bn me sere mechchratama serata awe? Weli business yanava athi neda bn sehenna :confused:

    නැහැ යාලුවේ. අපේ පැත්තේ නම් මේ construction case එකක් යනවා මේ දවස් වල.
    එයාලා කාණු පද්ධති ඔක්කොම බ්ලොක් කරලා අබලි ද්‍රව්‍යය වලින්.:oo:
    ඒකයි ප්‍රශ්නේට මූලික හේතුව වුනේ අපේ පැත්ත යට වෙන්න.:yes:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් පුලුවන්නම් හොද කොලිටි ආර්ටිකල් හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදව්වක් දියන්කො ...

    ලියන්නනම් බැහැ... මන් කියන්නේ සල්ලි දීල ගන්ට පුලුවන් හොද වෙබ්සයිට් වගේ...
    ගොඩක් ලියන අය කරන්නේ අර්ටිකල් ස්පින් කරන එක. මෙලෝ වැඩක් නැහැ එහෙම ආර්ටිකල් වලින්..

    සාමාන්නෙයෙන් එක අර්ටිකල් එකකට කොච්චර වියදම් කරනවද ..?
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    මචන් පුලුවන්නම් හොද කොලිටි ආර්ටිකල් හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදව්වක් දියන්කො ...

    ලියන්නනම් බැහැ... මන් කියන්නේ සල්ලි දීල ගන්ට පුලුවන් හොද වෙබ්සයිට් වගේ...
    ගොඩක් ලියන අය කරන්නේ අර්ටිකල් ස්පින් කරන එක. මෙලෝ වැඩක් නැහැ එහෙම ආර්ටිකල් වලින්..

    සාමාන්නෙයෙන් එක අර්ටිකල් එකකට කොච්චර වියදම් කරනවද ..?

    Ade meka matath aulak.. Mata samanyen research ekak karala article ekak liyanna puluvan... Aunata aka suddanta kiyavanna hithenne nane bn.......

    Native american hari england hari hoda writers la nedd a mcn reccomend krana? tikak fair ganakata.