කෙට්ටු වෙච්චි හැටි Season 2

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    කෙට්ටු වෙච්චි හැටි Season 2

    මං කෙට්ටු වෙච්චි හැටි Season 2 මෙයින් ආරම්භවන වගයි.
    සීසන් 1 මෙතන තියනවා.



    Episode 01​

    අලුත් කම්පණි එකට ජොයින් වෙලා දැහැමින් සෙමින් වැඩ වාසය කරන කල්හි මං ඇතුලෙ ඉන්න බඩජාරියා ආයෙ හොරෙන් හොරෙන් අවධිවෙන්න ගත්තා. දැන් පාරට් ටයිම් කොළඹ කෑම කඩවල් වල තත්ව පරීක්ෂාව කරන එක තමයි වැඩේ. ඇයි යකෝ ඔය කඩවල කෑම හොඳද කියලා බලන්නත් මොකෙක් හරි ඉන්නා එපැයි.
    ඉතිං උඩහමුල්ලෙ මැක්රීන් එක, විජේරාමෙ ගිහාන්ස් දෙකෙන් නුගේගොඩ පැත්තට වෙන්න තියන කඩේ, නුගේගොඩ නිරෝමි එක ගාව තියන Meat Locker,
    ජුබිලි කණුවෙ ෂෙඩ් එකට මෙහා පැත්තෙ තියන සිටි ෆූඩ් එක,ජුබිලි කණුවෙ උඩ තට්ටුවේ ජේඩ් එක , ආදී මෙකී නොකී කෑම කඩවල් වල මං නිතර නිතර ගැවසීමේ ප්‍රථිඵලය හරහට උසයෑමෙන් පෙන්නුං කරන්ඩ පටන්ගත්තා.
    හැබැයි ඒකෙන් ලබාගත්ත දැනුමෙන් මං එළිකිරි එකේ ආරම්භ කරපු “කන්න බොන්න හොඳ තැන්“ ත්‍රෙඩ් එක ටිකක්නැ විතර නැගලා ගියා විතරක් නෙවෙයි ඒකෙ තිබ්බ ඩේටා අරං වෙබ් සයිට් එකක් කරපු එළකිරි එකේම කොල්ලෙක් මොකද්ද අවෝඩ් එකකුත් ගත්තා ඒ සයිට් එකට. ඌ මට තෑන්ක්ස් කරලා මැසේජ් දෙක තුනකුත් දාල තිබ්බා :D . දැක්කනේ.. ඉගනගත්ත දෙයක් අහක යන්නෙ නෑ :D


    ජිමනේරිස් වීම
    දවසක් දා හැන්දෑවක පොතක් බල ...... අහ්... නෑ...නෑ ෆිල්ම් එකක් බල බලා ඉන්න කොට මට අවශ්‍යතාවයක් ඇති උනා ජිම් යන්න. කෝමද දඩි සයිස් බයිසෙප්ස්,ට්‍රයිසෙප්ස් එක්ක දාර චෙස්ට් එකක් තියෙද්දි... කඩේකට ගිහිං කෑම කන්න මේසයක් ඕන නෑ.. චෙස්ට් එක උඩ තියාගන කෑව හැකි :D
    මමතුමාට හර්කියුලීස් වගේ ෆුල් ජිම් ඩූඩ් කෙනෙක් වෙන්න හිතිච්චි බරපතල ආසාවේ ප්‍රථිපලයක් විදිහට කොල්ලා ගියා පිට කෝට්ටේ Royal Fitness center එකට. ගිහිං එකපාර අවුරුද්දටම ගෙවලා ගත්තා මෙම්බර්ෂිප් එක. කෝමද ගැම්ම....
    දැන් පාන්දර පහමාරට යන්නෙ ජිම්. වර්ක් අවුට් එක කරලා ඇවිල්ලා වොෂ් එකක් කාරිය දාගන යනවා වැඩට. හැබැයි කරුමෙ කියන්නේ වෙනදා ජංගියක් ගන්න ගියත් නෙට් එකේ රිසර්ච් කරලා බලන එකෙක් වෙච්චි මමතුමා ජිම් කතන්දරේ ගැන මෙලෝ මලදාන රිසර්ච් එකක්වත් කරේ නෑ.

    ඇයි යකෝ හරිනං.......
    1. ජිම් එකට යාමෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?
    2. මට ගැලපෙන Workout එක මොකද්ද?
    3. මොනවගේ ආහාර රටාවක් සහ ආහාර පුරුදුද අනුගමනය කරන්න ඕන
    4. Etc…

    වගේ විස්තර ගැන අවබෝධයකින් යන්න එපැයි.
    ජිම් එකේ ඒ කාලෙ හිටපු ඉන්ස්ට්‍රක්ටරුත් මෙලෝ රහක් නෑ. ඌ නිදිකිරනවා පුටුව උඩ. හරිහමන් එකෙක් නං අවධානයෙන් ඉන්න එපැයි අඩුම ගානෙ මුං හරි ඉරියව් වලින් එක්සයිස් එක කරනවද කියලවත්.
    ඉතින් එළකිරි වාසීනි මාස කීපයක් තිස්සෙ නොකඩවා ජිම් යෑමෙන් මොකද්ද මට ලැබුනේ...... වෑන්ඩෑම් ගුණසේකර වගේ දඩ ඇඟක්ද ? නෑ..... අනර්ඝ තත්වයේ කොන්දෙ අමාරුවක්.

    “ ජිම් යනවා නම් හරියට ව්‍යායාමවල ඉරියව් දැනගන යනු. නැතිනම් අනර්ඝ තත්වයේ ෆිසිකල් ඉන්ජරියක් නොමිලේම... අත්දුටුවයි... ප්‍රත්‍යක්ෂයි......සහතිකයි“

    ඉඳගන ඉන්න බෑ... හිටගන ඉන්න බෑ... බුදියගන ඉන්න බෑ.... පුදුම දුකක් වින්දේ. ජිම් යන එක නවත්තලා මාස ගාණක් බෙහෙත් කරලා අන්තිමට ශ්‍රියන්ත මෙන්ඩිස් කියන (නලුවා නෙමෙයි බොල) ෆිසීෂියන් ගෙන් බෙහෙත් අරන් තමයි හොඳ කරගත්තේ.

    Episode 2
    මට අර කෙල්ල සෙට් වෙලා ටික දවසකට පස්සේ ... (ඔව් ඔව් තාම කෙල්ලක් නැද්ද අහන අහන කෙල්ල බෑ කියනවද ත්‍රෙඩ් එකේ කිව්ව ඉටිකිරිස් කෑල්ල තමයි... ඒ කියන්නේ මගෙ ආදරණීය බිරින්දෑ...) මේ ගෑණි කිව්වනේ මං මහත වැඩියි කියලා... :O (එයා එක්තරා ක්‍රීඩාවකින් ලංකාව නියෝජනය කරපු National pool එකේ ක්‍රීඩිකාවක් ඒ කාලෙ. මං තප්පදෝරුවා වගේ ඉන්දැද්දි මහත අඩු කරවන්න ඕන කියල හිතෙන්න ඇති.)

    එදා එයාව හම්බවෙලා ආපහු ගෙදර ගියාට පස්සෙ ආවා ෆුතා මොරාල් එකක්..... අම්මප ආයෙත් මං කෙට්ටුවෙනවා කෙට්ටුවෙනවාමයි කියලා හිතාගත්තා.
    ඕනෑම දෙයක් සාර්ථක වෙන්න තියෙන්න ඕන උපරිම අන්දමේ මොරාල් එකක්වගේම full commitment එකක්. එහෙම නැතිව සාර්ථක වෙන්නෙ නෑ කිසිදෙයක් හරියට.

    “ ඔන්න ඔහෙ සාර්ථක උනොත් හොඳයි එහෙම නැතත් කමක් නෑ කියලා“ වැඩක් පටන් ගත්තොත් කිසි කමකට නෑ... සාර්ථක වෙන්න තියන සම්භාවිතාවය හරිම අල්පයි. කවුරුහරි අපේ ඔලුව වතුර යට ඔබාගන ඉද්දි අපිට ඇතිවෙනවා නේද හුස්මගන්න දැඩි අවශ්‍යතාවයක්.. අන්න ඒ අවශ්‍යතාවය ඕනෑම දේකට ඇති කරගත්තොත් අපිට ඒ දෙයින් උපරිම සාර්ථක භාවය ලබාගන්න පුලුවන් කියලයි දැනුමැත්තෝ කියන්නේ.

    හැබැයි ඔය මෝටිවේෂන් එක ඇතිකරගන්නවාට වඩා අමාරුයි පවත්වාගන යන එක. කාලයත් එක්ක ටික ටික Fade away වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.

    ඉතින් මමතුමාට ඇති උනා කියහංකො අර වතුර යට ඔලුව ඔබාගන ඉද්දි හුස්මගන්න තියන අවශ්‍යතාවය වගේ දැඩි අවශ්‍යතාවයක් කෙට්ටු වෙන්න. ඕන උනේ කෙටිම කාලයකින් උපරිම අන්දමින් කෙට්ටු වෙන්න. කන්නෙ නැතිව හිටියනං වැඩේ හරි කියලා මම දන්නවා පෙර අත්දැකීම් වලින්. හැබැයි මේ පාර මට ඕන උනේ ඇඟ දුරුවල කරගන්නෙ නැතිව කෙට්ටු වෙන්න.

    හරි... මං කන වේල් ප්‍රමාණය වැඩි කරා.. (මොකක් කෙට්ටු වෙන්න වේල් ගාණ වැඩි කරා :D ) ඔව්.... ඒකට එකතු කරගත්තා ඇවිදීම.... මෙන්න මෙහෙමයි මගෙ දිනචරියාව උනේ..

    1) උදේ 5:30 ට නැගිටලා කනවා ක්‍රීම් ක්‍රැකර් එකක්. එකයි හැබැයි....
    2) පාර්ලිමේන්තුව ගාව තියන ඇවිදීමේ මන්තීරුවට ගියා.. 2 KM ඇවිද්දා.. ඇවිද්දා කියන්නේ ඉතිං හයියෙන් දුවනවා... ඇවිදිනවා.. ඔහොම තමා
    3) එන ගමන් කොල කැඳ එකක් බීවා මාදිවෙල හන්දියට මෙහා වම්පැත්තෙ කඩෙන්.
    4) ඔෆිස් ගියා 10 ට කෑවා ක්‍රීම් ක්‍රැකර් 2කක්.
    5) දවල්ට කෑවා බත්. ඒක සාමාන්‍ය ප්‍රමාණයක්.
    6) හවස ටී ටයිම් එකේ කිරි ටිකක් එක්ක ආයෙ ක්‍රීම් ක්‍රැකර් දෙකයි.. (ඔෆිස් එක ගානෙ :D අනිත් උන් චොකලට් බිස්කට් වලට පොර කන හින්දා මට ක්‍රීම් ක්‍රැකර් ඉතිරියි )
    7) ඔෆිස් ඇවිල්ලා හවස ආයෙ ගියා ඇවිදින්න 2 KM
    8) රෑට එක්කො කෑම නෑ.. නැත්තං යෝගට් එකක්, පලතුරු ගෙඩියක් (හරි හරි රෑට පලතුරු හොඳ නෑ තමයි)
    • සති කීපයක් ගියෙ නෑ කෙල්ල බලන්න. ඒ නිසා වීක් එන්ඩ් වල තුන් පාරක් ගියා ඇවිදින්න. ඒකියන්නේ 8 KM ඇවිද්දා දවසට.
    • උදේට නැගිටපු ගමන් පොඩි කෑමක් කන්නෙ ඇඟට ට්‍රික් එකක් දාන්න. අපි උදේ නැගිටිද්දි අපේ ඇඟ පැය 12ක් විතර නිරාහාරව ඉඳලා මෙටබොලිසම් වල කාර්යක්ෂමතාවය අඩුකරගන ඉන්නේ. පොඩි කෑමක් දුන්නගමන් ... “හම්මට එළමයි කියලා මෙටබොලිසම් පටන්ගන්නවා හිටු කියලා හොඳ කාර්යක්ෂමතාවයකින්“ ඒ කියන්නේ කැලරි පිච්චෙනවා.....

    ඔන්න ඕක තමයි අනුගමනය කරපු දිනචරියාව. සති කීපයකින් කෙල්ලව බලන්න ගියාම කෙල්ල උඩගියා.... හුහ්... කාටද ආඩම්බර.....

    බලන්න පහත පෙර සහ පසු පින්තූර දෙක දිහා...

    පෙර

    2QUoQLE0HNfYjyAOogYZ3RbWsgiAQvxyktYIL6biV0FSzpmtR5x5bujVg7snyYu_BFvydgOjB4TtYKvCBQYxHtX9bKfJsjfYKNU2_UURMFPaUwXUy3JTPIZa3T4GYI_6SssVug


    පසු
    Y7SUh2qZdse8lgLUmBbJG9NJnpSLE8A7tROnr6QTgmpq6n6fKEuViB3DPMeFCcWMYYD77vPZrELVF6tZ7Z84Se_qSk9kxvjhBglwEWa9j5i1CP1M5qdiPeYfgN53QjtXv2I5pg

    දැන් තාම කෙල්ලක් නැද්ද ත්‍රෙඩ් එක කියවපු එවුන්ට එන දැවෙන ප්‍රශ්නය...
    ප්‍රශ්නය : “හම්මට මූ එතකොට මේ වගේ අලි සයිස් ඉද්දිද අර කෙල්ල කැමති උනේ“
    පිලිතුර : ඔව් යකුනේ... මහත්උනා කියලා කෙල්ලො අකමැති වෙන්නෙ නෑ.. මගෙ පරම පිවිතුරු හදවත ඒකි දකින්න ඇති :D

    ළමායි.. කෙට්ටු වෙන්න ඕන නං මොකක් හරි මඟුලකින් මොරාල් එක ගන්න. අරගන ඒක පවත්වාගන යන්න..... ජය වේවා!!!
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :shocked::shocked: හ්ම්.... මට ෂුවර් නැත්තෙ උ‍ෙඔ පරම පිවිතුරු හදවතද නැත්නමහ් බරවාහන වලට කෙල්ල ඒ කාලෙ ඉඳන්ම කැමති වීමද මන්ද බන්...:lol::lol::lol: ඕන එකක් මටත් ටිකක් කෙට්ටු වෙන්න ඕන සති 03 ක් ෂැන්හයි උන්න බර 7 කින් වැඩි වෙලා ... ගෑනි ඇහුවම මම පොඩ්ඩක් වැඩිවෙලා කියල ෂේප් උනා ... සංඛ්‍යලෛ්ඛණ දුන්න නම් ඉවරයි...
     
    Last edited:
    • Like
    Reactions: a2mdb

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හොදයි පුටා.. :yes:
    කොල්ලොනේ.. කෙට්ටුයිනේ....;)

    පලි: අපි දෙන්නම එකම ඉසව්වෙනෙ කරක් ගහල තියෙන්නේ..:confused::rofl::rolleyes:
     
    • Like
    Reactions: a2mdb

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    අඩෝ පට්ට උබේ කතා ටික ඔක්කොම කියෙව්වා රේප්++
    You must spread some Reputation around before giving it to a2mdb again.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    එල...ඔය තියෙන්නෙ වැඩ....:Dටිකක් මහත් වෙන්න ක්‍රමයක් කියන්න බැරිද:rolleyes:

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    යකෝ උඹ කෙට්ටු වෙන්න ට්‍රයි කරන කාලෙත් කාපුවා වැඩි. මම තාමත් ඔච්චර කන්නේ නැ.
    නමුත් හැමදාම 4km bicycle එක නම් පදිනවා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    :shocked::shocked: හ්ම්.... මට ෂුවර් නැත්තෙ උ‍ෙඔ පරම පිවිතුරු හදවතද නැත්නමහ් බරවාහන වලට කෙල්ල ඒ කාලෙ ඉඳන්ම කැමති වීමද මන්ද බන්...:lol::lol::lol: ඕන එකක් මටත් ටිකක් කෙට්ටු වෙන්න ඕන සති 03 ක් ෂැන්හයි උන්න බර 7 කින් වැඩි වෙලා ... ගෑනි ඇහුවම මම පොඩ්ඩක් වැඩිවෙලා කියල ෂේප් උනා ... සංඛ්‍යලෛ්ඛණ දුන්න නම් ඉවරයි...

    හෙහ් හෙහ්... සංඛ්‍යාලේඛන දුන්නනං උඹ තාම ගුටිකනවා

    :D


    :D


    :D



    හොදයි පුටා.. :yes:
    කොල්ලොනේ.. කෙට්ටුයිනේ....;)

    පලි: අපි දෙන්නම එකම ඉසව්වෙනෙ කරක් ගහල තියෙන්නේ..:confused::rofl::rolleyes:

    ඔබතුමාත් මාදිවෙල,නුගේගොඩ,කෝට්ටෙ,විජේරාමෙ පැත්තෙද :D

    fatta machan ;) btw mee location eka koheda ban

    Y7SUh2qZdse8lgLUmBbJG9NJnpSLE8A7tROnr6QTgmpq6n6fKEuViB3DPMeFCcWMYYD77vPZrELVF6tZ7Z84Se_qSk9kxvjhBglwEWa9j5i1CP1M5qdiPeYfgN53QjtXv2I5pg

    ආහ් මේ මචං මං රට ගිය වෙලේ ගත්ත එකක්. උඩරට .... :D නුවර බදුල්ල මහවැලි රජමාවතේ.

    මේ අර අරූ නෙ බන් :shocked:

    ඒකනේ බං

    adun wala size eka balapan kettu unama

    හෙහ් හෙහ් එතකොට ඇඬෙනවා පිංවතුනි
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    දැන් කොල්ලගෙ බර කීයද? කිලෝ?

    දැන් ආයෙ 91 යි. අප්‍රේල්වලට නැවැත්තුවනේ ඩයට්. ආයෙ තව පටංගත්තෙ නෑ :D

    අඩෝ පට්ට උබේ කතා ටික ඔක්කොම කියෙව්වා රේප්++
    You must spread some Reputation around before giving it to a2mdb again.

    තැන්කූ තැන්කූ

    එල...ඔය තියෙන්නෙ වැඩ....:Dටිකක් මහත් වෙන්න ක්‍රමයක් කියන්න බැරිද:rolleyes:

    ඒකනේ බං සීන් එක. මට නං කරන්න තියෙන්නේ වේල් තුන යහමින් බත් කන එක විතරයි.

    තැන්කූ

    යකෝ උඹ කෙට්ටු වෙන්න ට්‍රයි කරන කාලෙත් කාපුවා වැඩි. මම තාමත් ඔච්චර කන්නේ නැ.
    නමුත් හැමදාම 4km bicycle එක නම් පදිනවා.

    වැඩි... ඈහ්.... ලංකාවෙ මචෝ 4 Km බයිසිකල් පදින එක බයානකයිනේ. කොයිවෙලේ බස්කාරයෙක්,ටිපර්කාරයෙක් යටකරං යයිද දන්නෙ නෑ

    :shocked:
    තැන්කූ

    AMmoo 8km awidde kohomada ban?

    ඇයි යකෝ යස අගේට කකුල් දෙකක් දීල තියෙන්නෙ ඒකට තමයි :D