DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

ඔන්න ඉතින් මමත් එලකිරියට ඇවිල්ල මාස දෙකක් විතර වගේ වෙනව . දැන් ඉතිං මමත් එලකිරියට මොනවා හරි දෙයක් කරන්න ඕන කියල හිතුන.
මම අද ඉදල ඔයාලට ටිකක් වැදගත් වෙවිකියල හිතෙන ලිපි ටිකක් ලියන්න කියල හිතුව .
මුලින්ම මම දන්නා දේ ගැන ලියන්න තමයි හදන්නෙ . මමත් ටිකක් වයසක පොරක්. ලගදි තමයි 38ත් පැන්නෙ . මට තොරතුරු තාක්ෂණය සම්බන්දව අවුරුදු 19කට වඩා වැදී පළපුරුද්දක් තියෙනව . මම අවසන් වරට කරපු රැකියාව තමයි chief technology officer (CTO). මම වැඩි කාලයක් රැකියාව කරලා තියෙන්නේ UNIX / Linux එක්ක නිසා මට ඒ ගැන ටිකක් හොද අවබෝදයක් තියෙනවා.
ඒකනිසා මට ඔයාලට DevOps කෙනෙක් විදියට රැකියාවක් කරන්නට බලාපොරොත්තු වන අයට වැදගත් වන ලිපිකිහිපයකින් වැඩේ පටන්ගන්න හිතුව.

මම මෙතනදි මගේ ජීවිතේදී බාවිතා කරපු දේවල් පමණයි ලියන්නේ / කියලදෙන්නේ . මම UNIX / Linux ගැන දන්න දේ බොහොම පොඩ්ඩක් වෙන්න පුළුවන් ,නමුත් මට ඒ දේවල් අවුරුදු 19ක් රැකියාව කරන්න හුගක් උදව්වුන . ඔයාලටත් එහම වෙවිකියල හිතල තමයි මම මේවා ලියන්න හදන්නේ.

මෙන්න මේවිදියට තමයි මම ලිපි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ.
1) UNIX / Linux මූලික commands හා ඇප්ලිකේෂන් .
2) UNIX / Linux Shell පරෝග්‍රම්මින්ග් (Bash)
3) UNIX / Linux භාවිතාකර වෙබ් සවර් එකක් තැනීම (Apache / NGINX)
4) UNIX / Linux භාවිතාකර සජීවී වීඩියෝ ස්ට්‍රිමින් (FFMpeg , Apple HLS, Mpeg DASH, NGINX)
5) UNIX / Linux භාවිතාකර අන්තර්ජාල දුරකථන සේවාවක් තැනීම (OpenSIPs / Kamailio, FreeSwitch, Asterisk)
6) අවසානයේදී DevOps කෙනෙකු වීමට අනිවාර්ය Applications ගැන . උදහණ :- Docker / Ansible / Jenkins / Git

ස්තුතියි

//------------------------------//

තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන . මම ඔයාලට කියලාදෙන දේවල් ප්‍රයෝගිකව කරලා බලන්න ඔයාලට Linux සවර් එකක් තියෙන්න ඕන . එකට ඔයාලට ක්‍රම කිහිපයක් තියෙනවා.

1) Linux virtual server එකක් DigitalOcean (https://www.digitalocean.com/) එකෙන් රෙන්ට් එකට ගන්න පුළුවන්. මාසෙට $5ක් ගෙවන්න වෙනවා.:rolleyes:

2) Google Cloud Platform වලින් ගන්න පුළුවන්. Google Cloud Platform එකේ අපිට $300 ෆ්‍රී දෙනවා. අපිට ඒ හොදටම ඇති .https://cloud.google.com/free/

3) AWS එකෙනුත් ෆ්‍රී දෙනවා.https://aws.amazon.com/free/
හැබැයි AWS එකේදී අපිට ලැබෙන්නේ පොඩි VM එකක්.

ඔයාලට Google සහ AWS වලින් ගන්න පුලුවන්නම් හුගක් හොදයි මොකද ඒ VMs වලට පබ්ලික් IP address එකකුත් නිකම්ම ලැබෙන නිසා.

අනික ලොකුම දේ තමා මේවගේ Cloud Platforms බාවිතා කිරීමත් DevOps කෙනෙකුට හුගක් වැදගත් වනනිසා. සමහර ජොබ්ස් වලට කෙලින්ම ඉල්ලල තියෙනවා මුලික සුදුසුකමක් විදියටම .

මම ඔයාලට ඔයාලගේම PC එකේ Linux ඉන්ස්ටෝල් කරගෙන වැඩකරන්න කියල උනන්දු නොකරන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් බෑන්ඩ් විත් එකට සැහෙන මුදලක් වියදම් වෙන නිසා .

පාඩම් මාලාව

1) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1
2) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්
 
Last edited:

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,912
    5,492
    113
    බොහොම වැදගත්. මමනම් Web Developer කෙනෙක්. Dev Ops ගැන ලංකාවෙ වැඩි කතාබහක් නැති නිසා ඔබ කරන දේ හරිම වැදගත්. දිගටම ලියන්න. ස්තුතියි
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Good initiative bro. Keep up the good work.
    DevOps is rising in SL atm so it will be very helpful.
    Keep posting.
     
    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    මුලින්ම හැම දෙනාටම ස්තුතියි .

    මම හිතන්නේ UNIX / Linux මුල සිට කියල දෙමින් 1,2,3,4,5,6 කියල තියෙන ඕඩර් එකට යනවට වඩා. 1න් සහ 3න් වැඩේ පටන් ගන්න .
    උදාහරණ විදියට. 1න් සහ 3න් සමහාමි පාඩම් දෙකක් අරඹ කරන්න. එතකොට දැනට SYS ඇඩ්මින් විදියට ඉන්න අයට එයාලගේ දැනුමට අලුත් දේවල් ඉක්මනට එකතුකරගන්න පුළුවන්.

    දැනට මට පොඩි ගැටලුවකට තියෙන්නෙ සිංහල ටයිප් කරන එක. ඒක පොඩියි කිව්වට ටිකක් ලොකු එකක්.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    මුලින්ම හැම දෙනාටම ස්තුතියි .

    මම හිතන්නේ UNIX / Linux මුල සිට කියල දෙමින් 1,2,3,4,5,6 කියල තියෙන ඕඩර් එකට යනවට වඩා. 1න් සහ 3න් වැඩේ පටන් ගන්න .
    උදාහරණ විදියට. 1න් සහ 3න් සමහාමි පාඩම් දෙකක් අරඹ කරන්න. එතකොට දැනට SYS ඇඩ්මින් විදියට ඉන්න අයට එයාලගේ දැනුමට අලුත් දේවල් ඉක්මනට එකතුකරගන්න පුළුවන්.

    දැනට මට පොඩි ගැටලුවකට තියෙන්නෙ සිංහල ටයිප් කරන එක. ඒක පොඩියි කිව්වට ටිකක් ලොකු එකක්.

    sinhala type karanwa tharan epa wena wadak loweth na. :angry:
    podi article ekak type karala iwara weddi okkoma epa wenwa :lol: