ඇයි අපි අඩුවියදම් නිවාස ගැන හිතන්නේ නැත්&#3501

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැල්ලවත්තෙ තියෙනවා තනි කොන්ක්‍රීට් වලින් හදපු ගෙයක්
    පට්ටම ගති බන් :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි හරි සම්ප්‍රදායික ජාතියක් (ශ්‍රී ලාංකිකයෝ) කවදාවත් අලුත් දේ ගැන හිතන්නේ නැහැ , හිතන එකා ට තැනක් නැහැ.

    ඒ ඒ රටවල ජාතීන් වලට තියෙනවා අනන්‍යවූ කැමැත්තන් හෝ අනන්‍ය වූ නැඹුරුතාවයන් හෝ අනන්‍ය වූ ආකල්පයන්...
    ඉතින් මා යෝජනා කරනවා අමෙරිකාවෙ මෙහෙම නිසා එහෙමයි මෙහෙ එහෙම නෑ කියලා හරි ජපානෙ අරෙහෙම නිසයි මෙහෙම ඉන්නෙ කියල කියන එකයි අසාධාරණයි කියලා හොඳින් හිතලා බැලුවොත්.

    ලංකාවේ මිනිස්සු ආයෝජනය විදියට දකින්නේ දරුවන්ගේ අධ්‍යාපනය. තමන්ගේ හීන දරුවන්ගෙන් සැබෑ කරගන්නේ... ඒ ඒ ජනකොටස් අනූවත් යම යම් වෙනස් කම් නොවෙනව නොවේ...

    මුස්ලිම් අයට නම් ආයෝජනේ
    ටැමිල් රට මැද අයට මොනා නැතත් හොඳ ලොකු ටීවී එකකුයි සෙටප් එකකුයි..
    යාපනේ දෙමල පොඩි අයට නම් රත්තරන්+ වගා බිම්
    යාපනේ දෙමල ලොකු අයට නම් රත්තරන්+ වැල්ලවත්තෙ ගෙවල්+බයින්ග් ගර්ල් ෆෝ හිස් සන්
    සිංහල අයට ඉතින් ගෙදර සහ කාර් එක

    ඉතින් මිනිස්සු ලොකු ගණන් දීල ගෙවල් හදන්න එපා කිව්වත් හදන්නේ එයාලා ඒක ලොකු වටිනාකමක් ලබාදෙන නිසයි... (අර සුසන්තිකා මෙඩල් එක මාකට් කළේ :) එහෙම තමා වටිනාකම් කියන දේ )

    අපිට නිවාස ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් , රටේ වැඩියෙන් ඉන්නේ අඩු අදායම් ලබන අය, නිවාස නැති මිනිස්සු වැඩියි. නිවාසයක් ගන්න හදන්නත් සැහෙන්න වියදමක් යනවා. රටේ නිකන් පඩි ගන්න නිවාස සංවර්දන වගේ නමට අමාත්‍යවරු අමාත්‍යංශ නිලදාරීන් ඉන්නවා රටේ කිසිම රිසර්ච් එකක් වෙන්නේ නැහැ අඩු වියදම් නිවාස ගැන,

    ඕන තරම් රිසර්ච් වෙනවා සහ දැනුවත් කිරීම් වෙනවා... මිනිස්සු අකමැතිනම් ඒක ප්‍රොමෝට් වෙන්නේ නෑ... ඔයා (ඔයා විතරක්ම නෙවෙයි මේ බව නොදන්න හැමෝම ) නර්ඩ් එකේ ඩිසයින් ප්‍රොපෝසල් දැකලා නැද්ද මෙච්චරාල් තිබුනු ජාතික තලයේ ප්‍රදර්ශන එකකදි වත්? අඩුම ගානේ බී එම් අයි සී එච් එකේදිවත්? දැයට කිරුලේ හැමපාරම ලෝ කොස්ට් ගෙයක් හදලා ඒක ඇතුලෙන් ගිහින් බලන්න හදනවා හැමපාරම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්.

    ඊට අමටහරව නර්ඩ් රිසර්ච් රිසල්ට්ස් ප්‍රොඩක්ට් තියෙනව.. අර්ටිකල් බෙදනවා.. ඒත් ඒව අපිට නොපෙනෙන්නේ අපි සමහර විට එවායේ අවාසි ඇහුනම ඒ ගැන නොසිතන නිසා විය හැකියි.

    වෙන රටවල අඩුවියදම් නිවාස හැදෙනවා, රිසයිකල් ද්‍රව්‍ය , කන්ටේනර් වගේ දේවල් යොදාගෙන.ලංකාවේ තම නිවාස හදන්නේ මිට අවරුදු 100කට එහා හදපු සම්ප්‍රදායික කරමයටමයි.
    අනෙක අඩුවියදම් නිවසකියල මම අදහස් කරන්නේ පෙනුම අඩු හරක් මඩු වගේ ඒවා නෙවෙයි.
    අලංකාර නිවාස.

    මේක හරි. තාම පොඩිම මනුස්සයටවත් අගහිඟකම් නිසා බැටකද්දිවත් අඩු වියදම් සාමන්‍ය සරල ගෙවල් හදන සම්පූර්ණ තාක්ෂණික උපදෙස් දුන්නත් හදන්නේ නෑ... නිවාස අධිකාරියෙන් සිමෙන්ත් මැටි මික්ස් කරල ගඩොලක් හදන්න මැශින් එක නොමිලේ ගෙවල වලට දෙනවා... සීමිත් අය තමා ඵල නෙලන්නේ...

    රීසයිකල් පැත්ත තාම ටච් කරලම නෑනේ.. ගෙදර කුණු ඔක්කොම එක මල්ලට දාලා හන්දි වලට විසිකරන මහත්තුරු වැඩියි... රජයකට ලබාදිය හැකි දායකත්වය වැඩි වෙන්නෙත් නෑ

    මමත් ඉඩමක් ගත්තා එත් ගෙවල් හදන්න කොන්ත්‍රාත් කාරයෙක් ගාවට ගියාම මගේ හිතේ තියෙන පොඩි නිවස හදන්නත් ලක්ෂ 50ක් විතර යනවා. මම හිතුවා අඩුවියදම් නිවාස ගැන පොඩ්ඩක් සොයල බලන්න .

    අඩුවියදම් උනත් මට මේ දේවල් නැතිකරගන්න බැහැ

    1) ආරක්ෂාව (සොර සතුරන්ගෙන් සහ කාලගුණය සමග වෙන දිරා යෑම ) සහ කල් පැවැත්ම

    2)අනවශ විදිහට කුඩා නිවාසයක්

    අඩු වියදම් තට්ටු 3 ගෙවලුත් නර්ඩ් එකේන් හදලා තියෙනවා.. සිම්පල් මොඩිෆිකේශන් වලින් ගේ ලස්සන කලැකිනේ..

    3)නිවසේ පෙනුම

    මම හිතන විදිහට අපිට මේ විදිහට හිතලා නිවසක් හදන්න බැරිද ?

    1) අත්තිවාරම සාමාන්‍ය විදිහට දානවා ,

    2) අත්තිවාරමේ කොන් එන තැන වලින් 1 x 1 (අඩි ) වල කොන්ක්‍රීට් බීම්ස් නග්ගනවා .
    columns. නග්ගන්නේ... දැනට ගෙවල් වලට හුඟක් දාන්නේ 9 " x9" size coluns

    3) බිම්ස් වල උඩ කොටස් ලී වලින් සම්බන්දකරනවා

    4) වටේ බිත්ති වලට බ්ලොච්ක් ගල් වලින් ජනෙල් දොරවල් වලට ඉඩ තියලා බඳිනවා

    5) ඇතුල් බිත්ති අඟලක පමණ තුනි කොන්ක්‍රීට් වලින් හදනවා.
    මම හිතුවේ බිත්ති වල උස ආදී 10ක් නම් අඩි 5උස අඩි 2ක් පළල 1අඟලක් මහත කොන්කිර්ට් ලෑලි හදන්න,
    ඊට පස්සේ ඒවා එකට එකක් සම්පන්ද වෙන විදිහට අගට කට්ට කපා සවිකරන්න. තව තුනී කොන්ක්‍රීට් උනත් දාන්න පුළුවන් ඇතුලෙන් කම්බි මෙෂ් එකක් දැම්මොත්. ( මෙලෙස ඇතුල් බිත්ති බැන්දොත් සැහෙන මුදලක් ඉතිරි වෙයි කියල මම හිතුවා )

    තාම වහල ගැන හිතලා නැහැ .

    මොකද හිතන්නේ මේ ගැන

    ඔය කියපුවායින් කොස්ට් එකට බලපෑම් ගැන හිතලා වැඩක් නෑ.. කොස්ට් ෆැක්ටර් එකට කලින් ඕකේ මිනිස්සු හිතන දේවල් ගොඩක් තියේ...

    1. පස්සේ කෑල්ලක් එකතු කරගන්න ගියාම දොරක් දාගන්න අමාරුයි බිත්ති කඩන එක රිස්කි නිසා...
    2. තට්ටු දෙකට යනකොට බීම් හෝ/හා ස්ලැබ් ඕන වෙනවා. පැහැදිලිව ඉහල මහලවල කලහැකි ක්‍රියාකාරකම්/භාවිතා කල හැකි අරමුණු සීම වීමක් පාලනයක් සිදුවෙනවා..

    කොස්ට් අඩු කිරීම් දැනට කළ හැකි ප්‍රැක්ටිකල් අවස්ථා නම්
    1. වහලය.
    2. සිවිලිම
    3. ෆ්ලෝ/වෝල් ෆිනිශ්

    කොස්ට් අඩු කිරීම් සඳහා ව්‍යූහාත්මක ක්‍රමයන් සම්ප්‍රදායෙන් පරිභාහිරව වෙනස් කිරීම අමාරු වෙල තියෙන්නේ හුඟම උඩ තට්ටුවේ ටොයිලට් වලදි.

    වී ශ්‍රීලන්කන් පීපල් ලව්ස් ටු බී ලිව් ඉන් උඩ තට්ටුවේ ඉඩම අක්කරගානක් තිබ්බත්...

    මගේ කොමෙන්ට් නිල් පාටින් උඩ ඇති...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පෙට්ටි හැඩේට ගෙවල් හදද්දී ඉන්නේ ලංකවේ humidity වැඩි heat වැඩි රටක කියලත් මතක තියන් හදපන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    කොන්ක්‍රීට් බාවිතයෙන් රස්නේ වැඩි වෙනවද කියන එකනම් බලන්න ඕනේ , එත් ඇතුළු බිත්ති ගඩොල් වැලි සහ සිමෙන්ති දමා බැඳීම වෙනුවට අඟලේ කොන්ක්‍රීට් ලෑලි වලින් සැදීමෙන් ලොකු මුදල් ඉතිරියක් වෙයි කියලයි මම හිතුවේ, තව පොලවට ටයිල් නැහැ මැදපු සිමෙන්ති. උලුහවූ කොන්ක්‍රීට් වලින්ම ( ලි බාවිතය අවම කරන්න )

    වහලට මම හිතුවේ

    7efeeb_c5d829161ed149268e0d085edb57487d.jpg_srz_470_448_85_22_0.50_1.20_0.00_jpg_srz

    මේ රූපේ වගේ රුෆ් ටයිල් ගෙදර මැෂිමක් හදලා හදන්න පටන් ගන්න, උත්සහ කරොත් බැරි වෙන්නේ නැහැ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    පොඩි දෙයක් මේකටම එකතු කරන්නම් අඩු වියදම් කන්සෙප්ට් එකට ලංකාවේ වෙච්ච දේ ගැන දැනට අවුරුදු 20 විතර ඉදන්

    • ලි උලුඅහු ගණන් වැඩියි කියල ඇලුමිනියම් උලුඅහු අවා දැන් අලුමින්යම් ලි උලුඅහු වලට වඩා ගණන් වැඩියි
    • ටයිල් ගණන් වැඩියි කියල cement cut and polish (titanium ) අවා දැන් එක ගණන් වැඩියි ටයිල් වලට වඩා
    • කන්ටේනර් හවුස් ආව නොර්මල් ගෙවල් ගණන් වැඩියි කියල දැන් කන්ටේනර් හවුස් එකක ගානට ගෙවල් 1.5 හදාගන්න පුළුවන් ( තට්ටු තුනට 8*12 කන්ටේනර් හවුස් එකකට 4.3 million මටනම් ඒ ගානට හොදටම පාඩුයි )

    හැමදෙයක්ම ඩිමාන්ඩ් එක මත බලපානවා

    තවදෙයක් ICC සල්බ් එක හොද විසදුමක් එත් කව්රුවත් පාවිච්චි කරන්නේ නෑ
    slipform බිත්ති ඒවගේ තමයි
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඩොක්ටර් කුලසිංහ මහතාගේ අඩු වියදම් ස්ලැබ් එක ගැන දන්න කෙනෙක් ඒක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? :yes:

    ඒක කරන්නෙ කොහොමද?
    ඇත්තටම වියදම අඩුද?
    සාමන්‍ය ක්‍රමෙත් එක්ක සංසන්දනය කරාම වර්ග අඩියකින් කීයක් ඉතුරු කරන්න පුලුවන්ද?
    කල්පැවැත්ම කොහොමද?
    වාසි මොනවද අවාසි මොනවද?
    ඒක එච්චර ලාබදායකනම් අපි දන්න ගොඩක් අය ඒක පාවිච්චි නොකරන්නෙ ඇයි?
    ඒකට අවශ්‍ය කරන පෙර නිමි කොන්ක්‍රීට් ද්‍රව්‍ය කොහෙන්ද හොයා ගන්න පුළුවන්?
    වැඩේ කරන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් කන්සල්ට් කරන්න ඒ ගැන පළපුරුද්ද තියන කෙනෙක් කොහෙන්ද හොයාගන්නේ?
    කාගේ හරි ළඟ කරපු තැනක එක එක පියවර වල ෆොටෝස් තියනවද? මම කරනවා දැකල තියනවා, ෆොටෝස් නෑ.
    :sorry:

    මේ තියෙන්නෙ කුලසිංහ මහත්තයගෙ ක්‍රමේට දාන ස්ලැබ් එකක්. මේක පිට රටක කරන එකක් උනාට මේක ලංකාවේ තියනවා. මම මේක ලංකාවේ දැක්කෙ මීට අවුරුදු 10 කටත් ඉස්සෙල්ල. වැඩිපුර විස්තර දන්න කෙනෙක් මේ ගැන වැඩි විස්තර දාන්න.

    UpulPDN, Ranga26 හරි Shaminda Peiris හරි වෙන දන්න එකෙක් හරි මේක ගැන කියපල්ලකො.
    මට මේක ගැන දැනගන ඇති වැඩක් නෑ මම ගේ හදල ඉවරයි. අලුතෙන් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.
    යකෝ අලුතෙන් හදන්න ඉන්න එවුන්වත් මේක ගැන දැනගන්න උනන්දුවක් නෑනෙ. මම හිතුව ගෙවල් හදන එවුන්ට සල්ලි ඉතුරුකරගන්න එක වැදගත් කියල. බලාගන යනකොට එහෙම නැද්ද කොහෙද!
    දන්න විදිහට ප්‍රමිතිය හොඳයි, ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමෝට් කරනවා, යන කොස්ට් එක අඩුයි, කාලය ඉතුරුවෙනවා, ෆවුන්ඩේෂන් කොලම් එහෙමත් නෝමල් ස්ලැබ් එක දාන්න දානවා වගේ ලොකුවට දාන්න ඕන නැතිලු. SME කෙනෙක් මේවා ඇත්තද කියල කියනවනම් වටිනවා.
    [/SIZE]
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    oke awul thiyenawalu

    01.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දන්න කෙනෙක් ලොකු හොටෙල් එකක් හැදුව දොර ජනෙල් උළුවහු වලට ලී නෙමේ පාවිච්චි කරේ. කොන්ක්‍රීට් ප්‍රී කාස්ට් කරපුව. ෆොටෝස් නම් ගත්තෙ නෙට් එකෙන්.

    iRRSWFB.jpg

    azi2idl.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    UpulPDN, Ranga26 හරි Shaminda Peiris හරි වෙන දන්න එකෙක් හරි මේක ගැන කියපල්ලකො.
    මට මේක ගැන දැනගන ඇති වැඩක් නෑ මම ගේ හදල ඉවරයි. අලුතෙන් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.
    යකෝ අලුතෙන් හදන්න ඉන්න එවුන්වත් මේක ගැන දැනගන්න උනන්දුවක් නෑනෙ. මම හිතුව ගෙවල් හදන එවුන්ට සල්ලි ඉතුරුකරගන්න එක වැදගත් කියල. බලාගන යනකොට එහෙම නැද්ද කොහෙද!
    දන්න විදිහට ප්‍රමිතිය හොඳයි, ඉංජිනේරු සංස්ථාව මේක ප්‍රමෝට් කරනවා, යන කොස්ට් එක අඩුයි, කාලය ඉතුරුවෙනවා, ෆවුන්ඩේෂන් කොලම් එහෙමත් නෝමල් ස්ලැබ් එක දාන්න දානවා වගේ ලොකුවට දාන්න ඕන නැතිලු. SME කෙනෙක් මේවා ඇත්තද කියල කියනවනම් වටිනවා.
    [/SIZE]

    මම මේ විදිහට ගෙයක් හැදුව
    කිසිම අවුලක් නෑ
    හැම බිත්තියක් උඩම 9 බිම් එකක් යනවා
    අඩි 2 න 2 කට කොන්ක්‍රීට් කෝලම් එකක් යනවා (වනේ කම්බි 3 ක් තියෙන ටොන් 3 ක බරකට ඔරොත්තු දෙන )

    ඊට උඩින් සිමෙන්ති ලෑල්ලක් දානවා

    ඊට උඩින් 2" * 2" ගැල්වනයිස් දැල් දාල අගල් 2ක(ගනකම හරියට ෂුවර් නැ ) කොන්ක්‍රීට් එකක් දානවා

    මම පොඩි වෙනසක් කම් ටිකක් කරා දලට අමතරව කම්ම්බි සහ ස්ලැබ් එකේ ගනකම 4ක් කරා (මට කන්සල්ට් කරේ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ඉංජ්නේරුවෙක් ඒගොල්ලෝ 1980 ගණවල හදපු මරදානේ ෆ්ලැට් වල මේ ක්‍රමය තමයි කරේ අපි සම්මත ක්‍රමයට වැඩ ස්ලැබ් එකේ ගනකම වැඩි කරේ එයාගේ උපදෙස් වලට)

    මම දන්නා දේවල්
    ශක්තිය සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා වැඩයි
    වර්ග අඩියකට ඔරොත්තු දෙන තෙරපුම් බර සාමාන්‍ය ස්ලැබ් එකක 150KG මේකේ 450KG

    සටරීමේ වියදම ඉතුරුයි
    සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා 40% ඉතුරුවක් තියෙනවා
    අපි වෙනස් කම්කරපු නිසා අපිට ටිකක් වැඩි වියදමක් ගියා (20%)
    2008 කරේ තම කිසිම අවුලක් නෑ
     
    • Like
    Reactions: lodbrok

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    oke awul thiyenawalu

    01.jpg

    මොනවාද තියෙන අවුල්
    ඔය ICC එකේ කරන ස්ලැබ් එකේ මැදට දන්නේ බ්ලොග් ගලක් වගේ එකක්
    එකේ බර වැඩයි සහ ෆිනිශින්ග් අවුල් වෙනවා අපි දැම්මේ 2*4 සිමින්තින් ලෑල්ලක්
    එතකොට යට පොටි අදින්න ඕන නෑ
     
    Finally someone with a wisdom!!! Rep+

    giphy.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවාද තියෙන අවුල්
    ඔය ICC එකේ කරන ස්ලැබ් එකේ මැදට දන්නේ බ්ලොග් ගලක් වගේ එකක්
    එකේ බර වැඩයි සහ ෆිනිශින්ග් අවුල් වෙනවා අපි දැම්මේ 2*4 සිමින්තින් ලෑල්ලක්
    එතකොට යට පොටි අදින්න ඕන නෑ

    එතකොට යට පොටි අදින්න ඕන නෑ

    giphy.gif
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    oke awul thiyenawalu

    01.jpg

    උඹට මොකුත් කියනවා කියල හිතන්න එපා මචන්. උඹටත් කවුරු හරි කියපු දෙයක් හරි කොහේ හරි ලියල තියනවා දැකපු දෙයක් හරි වෙන්න ඇති කිවුවෙ. උඹගේ අදහස ශෙයා කරපු එක අගේ කරනවා.
    ලංකාවේ පහුගිය කාලේ ඔය වගේ දුර්මත හරියට ව්‍යාප්ත උනා. කවුද කෙනෙක් මට කිවුව රම්පෙද කතුරුමුරුංගද කොහෙද කන්න හොඳ නැතිලු පිලිකා හැදෙනවලු. කවුද කිවුවෙ කියල අහපුවම පිලිකා රෝහලේ ගහල තිබුනලු. එහෙම එකේ මේ ස්ලැබ් එක ගැන මොනවා නොකියයිද බන්. අන්තිමට පිලිකා රෝහලේ අද්යක්ෂක මාද්‍ය නිවේදනයක් කරා අපේ හොස්පිටල් එකේ කවදාවත් කිසිම තැනක ඒ වගේ දැන්වීමක් තිබුනෙ නෑ කියල.
     
    slipform බිත්ති ගැන කවුහරි අහල තියෙනවද
    එකටත් උනේ ඔයවගේ සීන් එකක් අතමයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    slipform බිත්ති ගැන කවුහරි අහල තියෙනවද
    එකටත් උනේ ඔයවගේ සීන් එකක් අතමයි

    ඒක ගැන නම් දන්නෙ නෑ මචන්. ඒක ගැනත් ඉතින් උඹම කියපන්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම මේ විදිහට ගෙයක් හැදුව
    කිසිම අවුලක් නෑ
    හැම බිත්තියක් උඩම 9 බිම් එකක් යනවා
    අඩි 2 න 2 කට කොන්ක්‍රීට් කෝලම් එකක් යනවා (වනේ කම්බි 3 ක් තියෙන ටොන් 3 ක බරකට ඔරොත්තු දෙන )

    ඊට උඩින් සිමෙන්ති ලෑල්ලක් දානවා

    ඊට උඩින් 2" * 2" ගැල්වනයිස් දැල් දාල අගල් 2ක(ගනකම හරියට ෂුවර් නැ ) කොන්ක්‍රීට් එකක් දානවා

    මම පොඩි වෙනසක් කම් ටිකක් කරා දලට අමතරව කම්ම්බි සහ ස්ලැබ් එකේ ගනකම 4ක් කරා (මට කන්සල්ට් කරේ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ඉංජ්නේරුවෙක් ඒගොල්ලෝ 1980 ගණවල හදපු මරදානේ ෆ්ලැට් වල මේ ක්‍රමය තමයි කරේ අපි සම්මත ක්‍රමයට වැඩ ස්ලැබ් එකේ ගනකම වැඩි කරේ එයාගේ උපදෙස් වලට)

    මම දන්නා දේවල්
    ශක්තිය සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා වැඩයි
    වර්ග අඩියකට ඔරොත්තු දෙන තෙරපුම් බර සාමාන්‍ය ස්ලැබ් එකක 150KG මේකේ 450KG

    සටරීමේ වියදම ඉතුරුයි
    සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා 40% ඉතුරුවක් තියෙනවා
    අපි වෙනස් කම්කරපු නිසා අපිට ටිකක් වැඩි වියදමක් ගියා (20%)
    2008 කරේ තම කිසිම අවුලක් නෑ

    ඕකට ඕන කොලොම් උබමද හදාගත්තේ ? හරියටම දාපු කෙනෙක් වර්ග අඩියකට යන වියදම කිවනම් හරි, සිමෙන්ති ලෑලි හදලද ගත්තේ නැත්තන් හදපුවද ? ICC එකේ උනත් ස්ලැබ් දාල දෙනවද පාර්ට්ස් ටික විතරක් දෙනවද , මේවා තමා දැවෙන ප්‍රශ්න :rolleyes: