|2017 ICC Champions Trophy | Discussion Thread |

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    John Buchanan ව තමා මං ක්‍රීඩා ඇමති නං ගන්නෙ

    godak coach la apply wath karanne nehe ban lankawe horu gena danna nisa, tom moody india apply karala tibba uta eka set une nettam apitawat passen gihin shape karan set karagattanam hari, giya parat moody wa india reject karama tama api gatte then we knocked them out of wc :lol:
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ශ්‍රී ලංකා ක්‍රිකට් මහේල සමග සාකච්ඡාවක

    ශ්‍රී ලංකා ක්‍රිකට් මහේල සමග සාකච්ඡාවක

    COMMENTS
    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

    ඔහුගේ හදිසි නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

    මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා.

    කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

    මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

    උපුටා ගැනීම : www.nethnews.lk
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙදර යවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ සුදානමක් පිළිබද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකාරිත්වයට පත් කිරීමට සුදානම් වන්නෙ කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ බවද අදාල වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ අසංක ගුරුසිංහ අතර මත ගැටුමක් පිළිබදවද පසුගිය කාළයේ නිල නොවන පුවත් වාර්තා වීමද විශේෂත්වයකි.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ow parayala ain karanawa ara chandimal podi un set ekak aran gihin gehewwe ekawath nae , ethakota poddak balapan t20 world cup eka search karala sirasenda koheda dapu highlight eka vitharai thiyenne okkoma pakayala ain karawanawa report karala hari :angry::yes:

    indian wage jaathiyk kohewath naa oii
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ සුදානමක් පිළිබද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකාරිත්වයට පත් කිරීමට සුදානම් වන්නෙ කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ බවද අදාල වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ අසංක ගුරුසිංහ අතර මත ගැටුමක් පිළිබදවද පසුගිය කාළයේ නිල නොවන පුවත් වාර්තා වීමද විශේෂත්වයකි.
    අසංක ගුරුසිංහ නිකන් ගමරාලගේ අමුඩේ වගේ නෙ. කළමනාකරු, තේරීම් කමිටු සාමාජික දැන් පුහුණු කරු :D ළඟදීම ටීම් එකේ සෙල්ලන් කරන්නත් එයිද මන්ද
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    අසංක ගුරුසිංහ නිකන් ගමරාලගේ අමුඩේ වගේ නෙ. කළමනාකරු, තේරීම් කමිටු සාමාජික දැන් පුහුණු කරු :D ළඟදීම ටීම් එකේ සෙල්ලන් කරන්නත් එයිද මන්ද

    :lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    “Catches win matches” (උඩපන්දු රැකගැනීමෙන් තරග ජය ලැබේ) යන ප්‍රකට ක්‍රිකට් කියමන අප අසා ඇත. පසුගියදා අවසන් වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ඉන් ඉවත්වීමට ප්‍රබල සාධකයක් වූ උඩපන්දුවක් ගැන අපට යළිත් සිහිකරමින් උණුසුම් වචන කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මුවින් පිටවිය.

    තිසර පෙරේරා අතින් ගිලිහුණු ඒ ඉතාමත් පහසු උඩපන්දුව ගැන නොයෙකුත් මත පළවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග පැවසුවේ “උඩපන්දු ගිලිහීම නිසා තරග පරාජය වන බව තමන් විශ්වාස නොකරන බව”යි.

    ඊට ප්‍රතිචාර දක්වමින් පසුගියදා කොළඹදී පැවති හමුවකදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, දැඩි අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය විවේචනය කළේය.

    “සමහරු කියල තිබුණා කැච් අත ඇරියම මැච් පරදින්නේ නෑ කියලා. දැන් කැච් අත ඇරලා තමයි මැච් පැරදිලා තියෙන්නේ. කැච් එක අල්ලන්න ඉස්සරහට එනකොට බඩ ඊට වැඩිය ලොකු නම් කැච් එක අල්ලන්න අත් දෙක ඉදිරියට යන්නේ නැහැ.”

    ඔහු විසින් මෙසේ විවේචනයට ලක්කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාවයි. ඉතා අපහසු පරිසරයන් යටතේ දියුණුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පද්ධතිය තුළ අද විශාල මුදලක් ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් කැපකෙරෙන අතර තරග දිනවීමේ අදිටනින් පමණක් කණ්ඩායම් මෙහෙයවන ඇතැම් පුහුණුකරුවන් විසින් ඇතැම් ක්‍රීඩකයන්ට විශේෂ වරප්‍රසාද සපයන බවද නොරහසකි. එනම් නිසි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් තොරව සමහර ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ඉඩ ලබාදෙනු ලැබේ. මේ බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු විසින්ම ප්‍රකාශයට පත්කරනු ද අපි දැක ඇත්තෙමු.

    ක්‍රීඩකයන් වෙහෙසට පත් නොකර තරග ජයගැනීම ගැන පමණක්ම අවධානය යොමුකිරීමෙන් අවසානයේදී අසාධාරණයට ලක්වන්නට සිදුවන්නේ ඒ ක්‍රීඩකයන්ටම ය. ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී තත්වය එතරම් පහසු නොවන අතර ආබාධවලට ලක්වන්නට ක්‍රීඩකයන්ට සිදුවන්නේ අවාසනාවන්ත අයුරිනි.

    “අද බලන්න බංගලාදේශ කණ්ඩායම. එක ක්‍රීඩකයෙක්ගේ වත් බඩ ඉදිරියට නෙරා ඇවිත් නැහැ. මොකද ඒ? ඉතාම නිවැරදි ලෙස ඔවුන්ව පුහුණුකිරීමේ ක්‍රියාවලිය කෙරෙනවා.” අමාත්‍යවරයාගේ අදහසට පදනමක් ඇත. ශ්‍රී ලංකාවට එපාවූ ස්වදේශික පුහුණුකරු චන්දික හතුරුසිංහ, රුවන් කල්පගේ, මාරියෝ වෙල්ලවරායන් ආදී විශේෂඥයන් එකට එකතුකොටගෙන අද බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම යන ගමන සැබවින්ම ප්‍රශංසනීය ය. බංගලාදේශ ක්‍රීඩකයන්ට වඩා මහත් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තද?

    “අපේ කණ්ඩායමේ සියලු දෙනාම බබාලා විදිහට තමයි හදන්නේ. මේගොල්ලන්ව ආමි කඳවුරකට යවලා මාස 6ක් විතර ට්‍රේන් කරන්න ඕනේ.” අමාත්‍යවරයා එසේ කීය. ක්‍රීඩා කණ්ඩායමකට එවන් පුහුණුවක් උචිතද? සැබවින්ම ඔව්. 90 දශකයේ අගභාගයේ සිට 2005/2006 තරගවාරය දක්වාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය අණසක පැතිරවූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම එවන් හමුදා පුහුණුවකට සහභාගී වූ කණ්ඩායමකි. එකල ශරීරයේ දරාගැනීම් ශක්තිය අතින් ඔවුන් පරයා යන්නට අන් කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් අසමත් විය.

    මෑත භාගය ගතහොත් දැඩි ගැටලු කිහිපයකින් පීඩා විඳි පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයට ගොස් එංගලන්තය පරාජය කිරීමේ ශක්තිය ලබාදීම සඳහා යුධ හමුදා පුහුණුවක් ඉවහල් වූ බව අපි දනිමු. වයස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩකයෙකු ලෙස වුවද, වයස අවුරුදු 25ක තරුණයෙකුගේ ශක්තියෙන් ක්‍රීඩා කළ මිස්බා උල් හක් ඊට හොඳම උදාහරණයයි. එම තරගාවලියේ වරෙක ටෙස්ට් ශතකයක් වාර්තා කළ ඔහු එය සමරුවේ පිටිය මැද ඩිප්ස් (Dips) සංදර්ශනයක් දක්වමිනි. පසුව ඒ පිළිබඳ විමසූ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිස්බා පැවසුවේ යුධ හමුදා පුහුණුවට උපහාර පිදීමක් ලෙස එය සිදුකළ බවයි.

    “50 ගහනකොට කකුල අල්ලගෙන බිම ඉඳගන්නවා. ෆිසියෝ එනවා ඕවරේකට හතර පාරක් විතර ග්‍රවුන්ඩ් එකට. අපේ ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ආවට පස්සේ තමයි හරි ක්‍රමවේදයකට පුහුණුවෙන්නේ. එතනදී පටන්ගත්තහම මරවන්න, පස්සේ දවසේ ඉඳන් 50ක් ගහන්න බෑ කකුල අල්ලගෙන වැටෙනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එසේයි. ක්‍රීඩකයන්ට සැබවින්ම ආදරය කරන පුහුණුකරුවන්ට අනුව එය සත්‍යයකි. දෙමව්පියන්ගේ සහ ළාබාල ක්‍රීඩකයන්ගේ සිත දිනාගැනීම වෙනුවෙන් ඇතැම් පුහුණුකරුවන් විසින් නිසිපරිදි ශාරීරික යෝග්‍යතා පුහුණුවක් ඒ ලාබාල ක්‍රීඩකයන්ට ලබානොදීම සැබවින්ම ගැටලුවකි. එසේ නොකොට නිසි ආකාරයෙන් ළාබාලයන් පුහුණුකරවන්නේ පුහුණුකරුවන් අතලොස්සක් පමණි.

    සිදුකළ යුතුවන්නේ කුඩාකල සිටම නිසි ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් පුහුණුකිරීමයි. එවිට කුඩාකල පුහුණුකරුවන්ට දෝෂාරෝපණය කරන ලාබාල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තරයට පියමැනීමෙන් පසු නිසි පුහුණුවේ වැදගත්කම පැහැදිලි වනු ඇත.

    “13න් පහළ ක්‍රීඩා කරනකොට එක්සර්සයිස් කරවන්නේ නැහැ. 15න් පහළ එහෙමයි, 19න් පහළ එහෙමයි. ඉන්පස්සේ ජාතික කණ්ඩායමට ආවහම ගේනවා පිටරටින් කෝච් කෙනෙක්. ඊට පස්සේ එයා කියනවා මේ ක්‍රීඩකයාව දුවවන්න එපා, මෙයාගේ හැම්ස්ට්‍රින්ග් එක ගියොත් මැච් ගහන්න බෑ කියලා. බලන් හිටියහම තේරෙනවා, ටී ෂර්ට් එක උඩින් බඩ එළියට පැනලා. ලංකාවේ තරම් කැත මිනිස්සු ටිකක් මං දැකලා නෑ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තහම. බොහොම කිහිපදෙනයි මේ කණ්ඩායමේ බඩක් නැතුව ටිකක් හොඳට අතපය ටිකක් හදාගත්ත ස්ට්‍රෙන්ග්ත් එකක් තියෙන අය ඉන්නේ.”

    මෙය ක්‍රීඩාව තුළ ප්‍රවීණයන් විසින් කලක් තිස්සේම නගන ලද දෝෂාරෝපණයකි. කෙසේ හෝ ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ද මෙසේ අදහස් දක්වන්නට පෙළඹීම නරක නැත.මන්ද යත්, ක්‍රිකට් යනු අප සැවොම පෙම්බඳින මෙරට නිල නොලත් ජාතික ක්‍රීඩාවයි. එය රැකගැනීම අප සතු යුතුකමකි.

    “දැන් මේකට මට කට්ටිය බනින්න පුළුවන්.” එසේ කීමටද අමාත්‍යවරයා අමතක නොකළේ වැදගත් දෙයක අවබෝධය ලබන්නට ශ්‍රී ලාංකිකයන්ට යම් කාලයක් ගතවන බව දැනදැනම විය යුතුය.

    කෙසේ වෙතත් දැන් එළඹී ඇත්තේ කීම පසෙකලා ක්‍රියාවට නැංවිය යුතු කාලයයි. කුඩාකල සිටම ක්‍රීඩකයන්ගේ සැප පමණක් සැලකිල්ලට නොගෙන නිසි අයුරින් ඔවුන්ව පුහුණුවේ යෙදවීමෙන් අප රටට බිහිවීමට සිටින දැවැන්ත ක්‍රීඩකයන් රාශියක් අපට රැකගත හැකිය. එමෙන්ම ඕනෑම මොහොතක අතපය විසිකොට නිදැල්ලේ ක්‍රීඩා කළහැකි ශක්තිමත් කණ්ඩායමක් තනාගැනීමට අපට ඉඩ ලැබෙනු ඇත. ඊට බලධාරීන්ගේ සහය ලැබිය යුතු අතරම නිසි ක්‍රමවේදයකට අනුව පුහුණුකරුවන් සංවිධානගත කිරීමද අවශ්‍ය ය.

    ThePapare.com අප මේ කරුණු පැහැදිලි කරන්නේ, නිසි ක්‍රමවේදයකට අනුව රැකබලාගැනීමට නොහැකිවීම නිසාවෙන් රට වෙනුවෙන් සම්පුර්ණ දක්ෂතා නොදක්වාම රටට අහිමිවූ තවත් දිල්හාර ප්‍රනාන්දුලා, ප්‍රභාත් නිශ්ශංකලා, ලසිත් මාලිංගලා රාශියක් මේ පින්බිමේ ඉදිරියටත් බිහිවන බව සහතිකවම දැනගෙන යි.

    Resource:

    http://www.thepapare.com/sports-minister-breaks-the-silence-sinhala/

    Sira kathawa monawa unath, ape unge fitness na babala wage hadenne. :angry::angry::angry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදියද රැගෙන සිය මවුරට බලා ගොස් තිබෙනවා.
    එම නිසා පුරප්පාඩූ වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට මහේල සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
    ෆෝර්ඩ්ගේ හදිසි නික්ම යාමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්. මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.
    කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.
    මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද නෙත් ගොසිප් වෙත වැඩිදුරටත් වාර්තා වුණා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බෙස්ට් නිව්ස් අයි හර්ඩ්....:love:
    මේ වගේ ප්‍රභල දෙයක් මේ ලංකාවේ සාර්තකව වෙලා නෑ....
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    බෙස්ට් නිව්ස් අයි හර්ඩ්....:love:
    මේ වගේ ප්‍රභල දෙයක් මේ ලංකාවේ සාර්තකව වෙලා නෑ....

    pissu da bung. mahela enne na. illan puke marmite gaa ganna kawda kamathi.

    19225529_1560111930679629_8566067291415445358_n.jpg
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    fake neth news