නාසි ජර්මනිය - 01

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Mein Kampf

    RBJWMJA.jpg


    Mein Kampf(My Struggle) 1925දී නාසි පක්ෂයේ නායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් රචිත කෘතියක් වේ ...
    මෙමගින් හිට්ලර් යුදෙව්විරෝධියෙක් බවට පත්වූ අයුරුත් තමාගේ දේශපාලන මතවාදයත් සහ ජර්මනිය සදහා ඔහු සතුවූ ඉදිරි සැලසුම් ද විස්තර කරයි
    1925දී හා 1926දී පිලිවෙලින් මෙහි පළමු හා දෙවන් කොටස් ප්‍රකාශයට පත්වේ ...
    මෙම පොත හිට්ලර්ගේ දෙවෙනියවූ Rudolf Hess විසින් සංස්කරණය කරන ලදී ...

    qGjbZVM.jpg


    1923 නොවැම්බර් මසදී Munich, Bavariaහි බලය අල්ලා ගැනීමට කරන ලද කුමන්ත්‍රනය අසාර්ත්කක වීමෙන්
    අත්අඩංගුවට පත්වන හිට්ලෙර් විසින් සිය සිර මැදිරියේදී Mein Kampf රචනා කරන ලදී..
    Viereinhalb Jahre (des Kampfes) gegen Lüge, Dummheit und Feigheit, (Four and a Half Years (of Struggle) Against Lies, Stupidity and Cowardice) ලෙස පොත නම් කිරීමට අදහස් කර තිබුනත්
    පසුව ඔහුගේ ප්‍රකාශකය වූ Max Amann විසින් කරන ලද යෝයනාවකට අනුව කෙටි නමක් වූ Mein Kampf(My Struggle) ලෙස තබන ලදී..


    qQm6sUh.jpg


    1925 ජුලි මස 18වන දින ප්‍රකාශයට පත්කරන ලද මෙය පිටු 720කින්ද පරිච්චේද 27කින්ද සමන්විතවේ
    ලෝකයේ මහා බලවතා වීම සදහා යුදෙව්වන්ගේ විසින් ක්‍රියාත්මක කරන කුමන්ත්‍රරනය ගැන කියවෙන
    "the Jewish peril:Protocols of the Learned Elders of Zion " කෘතිය
    ප්‍රදාන මුලාශ්‍රය ලෙස යොදා ගන්න ලදී...

    තම National Socialism පක්ෂයේ අනුගාමිකයන් ඉලක්ක කොට ගෙන හිට්ලර් විසින් මෙම කෘතිය රචනා කරනු ලැබුවත් එය අනික් පාඨකයන් අතරද ඉතා ඉක්මනින් ප්‍රචලිත විය..1933 වන විට Reichsmarks මිලියන 1.2ක ආදායමක් මෙමගින් උපාය ගැනීමට හිට්ලර් සමත් විය.. හිට්ලර්ගේ බලයට පත් වීමත් සමගම මෙහි ජනප්‍රියතාවය සිග්‍ර ලෙස වුනු අතර පුස්තකාල සදහා දැඩි ඉල්ලුමක්ද ඇති විය..
    සිය පාලන කාලයේදී අලුත විවාහ වූ සියලු දෙනා හටද යුද පෙරමුණේ සිටින සියලු සොල්දාදුවන් හටද Mein Kampf නොමිලයේ බෙදා දෙන ලදී ...

    1939 වන විට පිටපත් මිලියන 5.2ක්ද යුද්ධය අවසාන වන විට පිටපත් මිලියන 10ක් පමණද ජර්මනිය තුල විකුණා හෝ බෙදාහැර තිබුණි....
    වර්තමානයේ e-book ප්‍රභේද 6ක් විකිණීම සදහා ඇත..


    නාසි පාලන සමයේදී මෙහි පොත් 3ක් සංස්කරණය කොට එලි දක්වන ලදී.. [the Volksausgabe or People's Edition(පුස්තකාල සදහා ) , The Hochzeitsausgabe, or Wedding Edition(නව විවාහපත් යුවල සදහා නොමිලයේ) සහ the Tornister-Ausgabe, or Knapsack Edition(යුද බිමේ සිටින තමාගේ ආදරණිය හිත මිතුරන් සදහා )]...
    නාසි පාලන කාලයේ මෙහි ඉංග්‍රීසි පරිවර්තනයක් සදහා James Murphy නමැති ඉංග්‍රීසි ජාතිකයා ගෙන්වා ගන්න අතර කාලය ගතවෙද්දී නාසි පාලනයේ ඇති භයානක කම සහ දුටු Murphy ඒ පිලිබදව තම මතය ප්‍රකාශ කල අතර එයින් අසතුටට් පත් නාසි පාලන තන්ත්‍රය විසින් ඔහුව රටින් පිටුවහල් කරන ලද්දේ ඔහු විසින් ලියන ලද කිසිදු සටහනක් ගෙන යාමට නොදීය ...නමුත් පසුව සිය බිරිද මගින් එම සටහන් ගෙන්වා ගන්නා Murphy එමගින් සිය පරිවර්තනය නිම කරන ලදී..
    මෙමගින් අදෙය්රයට පත් නොවන නාසි පාලකයින් එක් ඉංග්‍රීසි පරිවර්තනයක් එලි දක්වන ලද අතර එය "Stalag" edition ලෙසින් හැදින්වුණි ..
    මෙය ඉතා සීමිත ප්‍රමානයක් ජර්මනිය තුල මුද්‍රණය කරන ලද අතර එක පිටපතක් ඇමෙරිකානු හ බ්‍රිතන්‍ය යුද සිරකරුවන් රදවා සිටි කදවුරකට යවන ලදී..

    JIV4bVW.jpg


    හිට්ලර් සියදිවි නසා ගන්න අවස්ථාවේ Munichහි සිය නිල නිවාස තිබු බැවින් ඔහුගේ සියලුම වත්කම් මෙනම් Mein Kampf සදහා වූ කතෘ අයිතිය Bavaria State යට හිමි විය..
    ඔව්න් විසින් ජර්මනිය තුල කිසිදු ලෙසකින් මෙහි පිටපත් මුද්‍රණය විකිණීම හෝ බෙදා හැරිම ප්‍රතික්ෂේප කරන ලද අතර
    අන් රටවල මුද්‍රණය හෝ බෙදා හැරිමට ද විරුද්ධ විය..
    නමුත් 2015දී Bavaria State හට සිය කතෘ අයිතිය අහිමි වූ අතර 2016 ජනවාරි මස ,පොතේ අවසන් ජර්මානු ම්ද්රණය සිදු වී වසර 70කට පසු එහි නව මුද්‍රණයක් එලි දක්වනු ලැබීය...
    මෙය ඉතා සිඉග්රයෙන් ජර්මනිය තුල අලෙවි වුනු අතර පළමු වසර තුල පිටපත් 100,000 විකිනි තිබුණි ..
    ඉන්දියාවේ Mein Kampf ඉතා ප්‍රචලිත අතර ,හොදම අලෙවියත් ඇති පොත්අතර මෙය වසර ගණනාවක් එක දිගට රැදී ඇත ...තවද 2014 දී itunes සහ amazon e book වල හොදම අලෙවියත් ඇති පොත් 20 අතර පැමිණ තිබුණි ....
    මෙහි අයිතිය තවමත් Bavariaව සතු අතර මින් ලෑබෙන අදායම් පුණ්‍ය ආයතන (charity) සදහා ලබා දෙන අතර බොහොමයක් පුණ්‍ය ආයතන මෙම ආධාර ලබා ගැනීමට මැලි කමක් දැක්වයි ...


    Fg2DYSn.jpg

    පොත ඕන අය මෙතනින් බාගන්න

    source :youtube n wiki



    BUMP එකක් දාගෙන පලයව් :frown:






     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ජර්මන් pronounce කරල තියෙන විදිය වැරදියි.

    z sounds tz

    නාසි නෙවෙයි නට්සි
    මෝසාට් නෙවෙයි මෝට්සාට්

    v sounds f

    වොක්ස්වැගන් නෙවෙයි ෆොක්ස්වැගන්
    බීතෝවන් නෙවෙයි බීතෝෆන්
     
    • Like
    Reactions: DangerMan119

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ජර්මන් pronounce කරල තියෙන විදිය වැරදියි.

    z sounds tz

    නාසි නෙවෙයි නට්සි
    මෝසාට් නෙවෙයි මෝට්සාට්

    v sounds f

    වොක්ස්වැගන් නෙවෙයි ෆොක්ස්වැගන්
    බීතෝවන් නෙවෙයි බීතෝෆන්

    fakswagan:yes: