සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතයට. තමන් අනුමැතිය ලබා නොදෙන බවත්, ඔවුන් කිසිවෙකුත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් නොමැති බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය.
එමෙන්ම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව උසස් මට්ටමකට රැගෙන ඒම සඳහා කළ යුතු සියලු දේ අමාත්‍යාංශයෙන් සිදුකරන බවත්, ඒ සඳහා හෙට (27දා) සියලුම පුහුණුකරුවන්, ක්‍රිකට් ආයතන නිලධාරීන් හා ශාරීරික යෝග්‍යතාව භාරව කටයුතු කරන පුද්ගලයන් ක්‍රිකට් ආයතනයට කැඳවා ඔවුන්ට තිබෙන ගැටලු හා ක්‍රීඩකයන්ගේ ගැටලු සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
“සිම්බාබ්වේ තරග සඳහා නම්කළ සංචිතය මට ලැබිලා තිබෙනවා. හෙට මම සවස 3ට තේරීම් කමිටුවට, පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ට හා අනෙකුත් සියලු සාමාජිකයන්ට සාකච්ඡාවකට පැමිණෙන්න කියලා තිබෙනවා.
එහිදී මං බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවේ තිබෙන ගැටලු පෙන්වලා දෙන්න. එකම ක්‍රීඩකයෙක්වත් ශාරීරික යෝග්‍යතාව අනුව ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල නැහැ.
ශාරීරික යෝග්යතාවේත් පවතිනවා ලෝක ශ්‍රේණිගත කිරීමේ මට්ටමක්. අපේ කිසිම ක්‍රීඩකයෙක් ඒ තුළ නැහැ. අපි ක්‍රීඩා කරන්නේ අන්තර්ජාතික තරග. අනිවාර්යියෙන් මම ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව බලනවා. මට ලැබිලා තිබෙන සංචිතයේ කාවවත් අනුමත කරන්න බැහැ. ඒ නිසා මේ සංචිතයට අනුමැතිය ලබාදෙන්න බැහැ. ලංකාවේ දේශීය තරගයක් ගහනවා නම් මට ඔය කියන සංචිතය අනුමත කරලා දෙන්න පුළුවන්.
නමුත් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කරන්න සංචිතයක් සඳහා ඒගොල්ලො දීලා තිබෙන ශාරීරික යෝග්‍යතා නිර්ණායක අනුව නම් අනුමැතියක් දෙන්න බැහැ. ඒ නිසා මේ සියලුම දෙනාට කතා කරලා ඔවුන්ට වගකීමක් ලබාදිය යුතුයි, මේ කාලය ඇතුළත ශාරීරික යෝග්‍යතාව හදාගන්න කියලා. නැත්නම් මම අනුමැතියක් ලබාදෙන්නේ නැහැ" යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
focus News
dayasiri moda hukannek, den wena ratakin players la import karala tama yawanna wenne






2009 di ape team eka oya standards walata check kala sanga witharai pass une. ausy level ekama nethi unath hari pramithiyak hadanna ona aniwaryenma 
.
, පක්කො Stokes කාරයව එංගලන්තයේදී ම හිර කරා කියන්නේ පුදුම හැකියාවක් 


එයා අමාත්යන්ශේ ඇතුලේ වෙනම ටෙස්ට් එකක් කරනවද දන්නේ නෑ. අනික ජාතික කණ්ඩායමේ සෙට් එකේ ෆිට්නස් නෑ කියන්නේ අනික් උන්ගේ කොහොමත් තියෙන්න විදිහක් නෑ.