Vezel DCT ප්රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි rotary motion එක transmit කරන්නේ clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන් එතකොට ලොකු heat එකක් generate වෙනවා මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා. එතකොට gear change වෙන්නේනෑ clutch එක slip වෙනව. ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට. ඇත්තටම ඕවා පොඩි දේවල් Honda engineers ල ඔහොම වෙනවා කියල දැනගෙන customer ගැන හිතන්නේ නැතුව කරන කරන design. Honda hybrid වල ඔය වගේ පොඩි අවුල් තියෙනවා ගොඩක් මම කලිනුත් කියල අති. කලින් තිබ්බ අදිනවා මදි සහ gear change delay case එකට recall අවා control unit software update වගයක්. මම හිතනවා පැහැදිලි ඇති කියල ඕක තමයි major issue එකකට තියෙන්නේ
මම නම් යන්නේ aqua එකට hybrid නම් දැනට තියෙන නියම hybrid එක. ඔය දෙකෙන්නම් නම් prius තමයි. අනිත් එක hybrid ගන්නකොට මේකේ ඉන්න සමහරු කියන බයිලා අහන්න එපා, toyota prius එක කොච්චර reliable ද කියල දන්න උන් දන්නවා.
එකම case එක අපේ රටේ වාහන අවුරුදු 20-30 ක් පාවිච්චි කරනවා hybrid වලට අවුරුදු 15ක්, 20ක් ගියාම වෙන්නේ මොකද්ද කියන එක ගැටළුවක් body condition තියෙනකන් දුවන්න පුළුවන් කෑලි දදා.