ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්‍රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක.

    :yes: තද නින්දේදී හැර දවසේ අන් සියලුම අවස්තාවලදී සියලුම වැඩ කටයුතු කරන අතරතුරදී සතර ඉරියව්වේදීම අනපාන සති සමාධියෙන් කාලය ගතකල යුතු වේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    බුදුරජුන්ගෙ පරිණත බව
    බුදු වීමෙන් පසු වූ බව
    කියනා මේ අන්ධ බාල
    ප්‍රඥාවෙන් දුර නොවේද

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21649234

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිංහල පරිවර්තනය

    “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය

    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල බෞද්ධයාගේ නිවන් මග ගල් දමා වසා ඇති අවස්තාවකට මෙය කදිම උදාහරනයක්.

    මෙහි එන මාගධී පද වල නිවැරදි අර්ථ පහත දේශනාවෙහි අන්තර්ගත වේ.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:

    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්‍රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි.

    මිවලපනේ හිමි අව්යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.

    ඉතින් ඉස් එකේ ෆුට් බෝඩ් එකේ, බස් එකක ජනේලයක් ලග හෝ හුලං කපොල්ලක් තියෙන ගල් තලාවක භාවනා කරන කෙනෙක්ට කරන්න බැරිවෙයි නේද? හුලං අල්ලන්න. නහය කැඩුන එකෙක්ට කොහොමත් බැහැ. මේ කියන විදියට හුලං නැතිව නිවන් නැද්ද?
     
    • Like
    Reactions: sgrdk1

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල බෞද්ධයාගේ නිවන් මග ගල් දමා වසා ඇති අවස්තාවකට මෙය කදිම උදාහරනයක්.

    මෙහි එන මාගධී පද වල නිවැරදි අර්ථ පහත දේශනාවෙහි අන්තර්ගත වේ.

    සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා
    අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා
    කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ
    මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිංහල බෞද්ධයාගේ නිවන් මග ගල් දමා වසා ඇති අවස්තාවකට මෙය කදිම උදාහරනයක්.

    ඔබ හරි. මට හිතෙනවා එය තව ටිකක් පැහැදිලි කර දෙන්න.

    ආස්වාස ප්‍රස්වාසයට කියන පාලි වචනය මහා සච්චක සුත්‍රය සඳහන් කර ඇතතේ අස්සාසපස්සාසෙසු යමින්. (ඉහත කියවන්න)

    නමුත්, ආනාපාන කියන පාලි වචනය විකුර්ති කර ආස්වාස ප්‍රස්වාසය කියා පරිවර්තනය වී ඇත්තේ මේ ආකාරයටය.

    පාලි සුත්‍රය

    ආනාපානස්සති , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. චතුත්ථං.

    සිංහල පරිවර්තනය

    “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඉතින් ඉස් එකේ ෆුට් බෝඩ් එකේ, බස් එකක ජනේලයක් ලග හෝ හුලං කපොල්ලක් තියෙන ගල් තලාවක භාවනා කරන කෙනෙක්ට කරන්න බැරිවෙයි නේද? හුලං අල්ලන්න. නහය කැඩුන එකෙක්ට කොහොමත් බැහැ. මේ කියන විදියට හුලං නැතිව නිවන් නැද්ද?

    මෙච්චර කලයක් අපි හැමෝම තථාගතයන් වන්හන්ස හුලං වඩා නිවන් දකින්න දේශනා කලේ යයි සිතාගෙන සිටීයේ'ය. මට හිතා ගන්න බැරි වී අත්තේ මෙයයි.

    මීවලපන හිමි සහ වටරැක හිමි මට දැනගන්න ලැබීම ගැන මට සිතාගන්න බැරි සතුටක් දැනෙයි.

    මේ උතුමන් දෙපලට මම උත්තමාචාර කරමි. තථාගතයන් වන්හන්සේගේ උතුම් වූ ශ්‍රී ධර්මය යලිත් මතු කරලු මොවුන් දෙපලට මුලු මහත් බොද්ධ ලෝකයම නමස්කාර කල යුතුයි.

    නමෝ බුද්ධාය
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Skylark,

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:

    http://www.elakiri.com/forum/showthread.php?t=1796385
    Skylark

    ඔය කියන අන්ටිපොදේ ගණනය කරන්නේ පරිපූර්ණ ගෝලයක් බවිත කරමින්ය. මෙතන කියවන්න.

    Antipodes - Mathematical description
    If the coordinates (longitude and latitude) of a point on the Earth’s surface are (θ, φ), then the coordinates of the antipodal point can be written as (θ ± 180°,−φ). This relation holds true whether the Earth is approximated as a perfect sphere or as a reference ellipsoid.

    http://taggedwiki.zubiaga.org/new_content/cb696d105cbffe89e5b43800a318cca5

    නමුත් බුගොලයේ ඇත්ත ස්වභාවය මේකයි.

    dbaf71e154adeb5a24d3f69534eccb2e77c3d6f6ed52918d1f7da5b70482ef2d_1.jpg

    අන්ටිපොදේ ගණනය කල යුත්තේ පෘතුවියේ සැබෑ හැඩය සැලකිල්ලට ගනිමින්ය. එම නිසා ඔබේ නිගමය වැරදි ඒකක්ය.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ඉධ භික්ඛවේ භික්ඛු (1)අරඤ්ඤගතෝවා (2)රුක්ඛ මූල ගතෝවා (3)සුඤ්ඤාගාර ගතෝවා (4)නිසීදති පල්ලංකං ආභුජිත්වා, (5)උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.

    1. රණබිමෙන් වෙන්වීම ( සිත රණබිමක් බවට පත්වන සියලු දෙයින් මිදී වෙන්වීම - අරණ විභංග සූත්‍රයේදී රණ සහ අරණ යනු කුමක්දැයි විස්තර කර දී තිබේ )

    2. ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් සිත ආරක්ශා කරගැනීම

    3. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොර සිතක් පවත්වාගැනීම ( රාග ද්වේෂ මෝහ වලින් ශුන්‍ය තත්වයට සිත පත්කරගැනීම )

    4. මානය පහලම අංකයට පත්කරගැනීම හෙවත් මානයෙන් තොර සිතක් ඇතිකරගැනීම

    5. ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැනගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම

    මේවාට අද භාවිතා කරන පදපරම අර්ථ

    ආරණ්‍යයකට හෝ වෘක්ෂ මූලයකට, මහජනයා නොමැති ස්ථානයකට ගොස් පලක් බැඳ ශරීරය සෘජුව තබාගෙන සිහිය කය කෙරෙහි යොමුකැරගෙන කය අනුවැ බලයි
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    "ඉධ භික්ඛවේ භික්ඛු (1)අරඤ්ඤගතෝවා (2)රුක්ඛ මූල ගතෝවා (3)සුඤ්ඤාගාර ගතෝවා (4)නිසීදති පල්ලංකං ආභුජිත්වා, (5)උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා.

    1. රණබිමෙන් වෙන්වීම ( සිත රණබිමක් බවට පත්වන සියලු දෙයින් මිදී වෙන්වීම )

    2. ආගන්තුකව පැමිණෙන ක්ලේශයන්ගෙන් සිත ආරක්ශා කරගැනීම

    3. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොර සිතක් පවත්වාගැනීම

    4. මානය පහලම අංකයට පත්කරගැනීම හෙවත් මානයෙන් තොර සිතක් ඇතිකරගැනීම

    5. ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැනගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙච්චර කලයක් අපි හැමෝම තථාගතයන් වන්හන්ස හුලං වඩා නිවන් දකින්න දේශනා කලේ යයි සිතාගෙන සිටීයේ'ය. මට හිතා ගන්න බැරි වී අත්තේ මෙයයි.

    මීවලපන හිමි සහ වටරැක හිමි මට දැනගන්න ලැබීම ගැන මට සිතාගන්න බැරි සතුටක් දැනෙයි.

    මේ උතුමන් දෙපලට මම උත්තමාචාර කරමි. තථාගතයන් වන්හන්සේගේ උතුම් වූ ශ්‍රී ධර්මය යලිත් මතු කරලු මොවුන් දෙපලට මුලු මහත් බොද්ධ ලෝකයම නමස්කාර කල යුතුයි.

    නමෝ බුද්ධාය

    ස්වාමීන් වහන්සේ සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් මෙතරම් පැහැදිලි ආකාරයට ධර්ම කරුණු විග්‍රහ කර දුන්නත් ඒවා වටහා ගැනීමට තරම් ප්‍රඥ්ඥාවක් නැති උදවිය උන්වහන්සේ හට නොයේක් ආකාරයෙන් නින්දා අපහාස කරල බරපතල ආකාරයේ අකුසල කර්ම රැස් කර ගන්නව.ඒ අය ගැන අපි අනුකම්පා කරන්න ඕනෙ.ඒ අය මේ රැස් කරගන්න අකුසල කර්ම කල්ප ගානකට පස්සෙ හරි ගෙවල ඉවර උන දවසක ඒ අයටත් මේ ධර්මය වැටහිල නිබ්බාණ වීමට හැකිවේවායි අධිෂ්ඨාන කරමු !
     
    තම හට නැති නැණ පවසා
    බොරුවෙන් පිම්බෙනු හැදුවා
    උත්තර දෙන්නට බැරුවා
    බක පණ්ඩිත හෙළි වූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21630144

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති."

    ( ඇස කන නාසය දිව කය මන යන මුඛ හයට එන අරමුණු පිලිබඳව නිවැරදිව දැන හඳුනාගෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ආශ්‍රය කල යුතු දේ ආශ්‍රය කිරීම සහ ප්‍රහානය කල යුතු දේ ප්‍රහානය කිරීම )

    මෙය ආශ්වාස ප්‍රශ්වාසයට සම්බන්ධ කර අර්ථකතනය කල අය ධර්මය කෙතරම් විකෘතියකට ලක් කර බෞද්ධයා කෙතරම් මුලාවකට පත්කර තිබේද ?
     
    බොරුවෙන් අන් අය රවටත්
    නැති ගුණ ඇති ලෙස දක්වත්
    හෙළිවෙන කොට නොම සිල්වත්
    සැඟවෙන්නට සිවුරු සොයත්

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=21629950
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21632757

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ”ද්වතා අනුස්සතිය” ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මේ උතුම් පිළිවෙත අද භාවිතයෙන් ගිලිහී ගොස් ඇත. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කිරීමත්, මෙනෙහි නොකළ යුතු දේ අතහැර නිදහස් වීමත්, ආශ‍්‍රය කළයුතු අරමුණු ආශ‍්‍රය කිරීමත්, ප‍්‍රහාණය කළයුතු දේ සිතින් බැහැර කිරීමත්, සේවනය කළයුතු දේ සේවනය කිරීමත්, අසේවනය කළයුතු දෑ අත්හැර මිදී නිදහස් වීමත් ද්වතා අනුස්සතියයි. ද්වේධා විතක්ක සූත‍්‍රය, ද්වය සූත‍්‍ර, ද්වයකාරී සූත‍්‍ර, ද්වයතායානු පස්සනා සූත‍්‍රය, ද්විධාපත සූත‍්‍රය, සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රය හා ඉතාම වැදගත් අනාපානසති සූත‍්‍රයත් දේශණා කර වදාළේ මේ ද්වතාවය විග‍්‍රහ කර පෙන්වීම සඳහාමය. ආන-පාන යනු ද්වතාවයකි. අස්ස-පස්ස යනුද ද්වතාවයයි. අස්ස යනු ඇසුරු කළයුතු, ආශ‍්‍රය කළ යුතු යහපත් දේයි. පස්ස යනු ප‍්‍රහාණය කළයුතු, බැහැර කළයුතු අයහපත් දේයි. ආශ්වාස, ප‍්‍රස්වාස යන සංස්කෘත භාෂාවෙන් ණයට ගත් වැරදි පද දෙකක් අද පදපරම ලෙසින් මේ ”අස්ස පස්ස” විග‍්‍රහ කිරීමට යොදාගෙන ඇත.

    ද්වතා අනුස්සතිය අද වන විට දස අනුස්සති අතරෙන් ද ගිළිහී ගොසින් බෞද්ධ උගතුන් අතරේ පවා භාවිතා නොවන තත්ත්වයට පත් වී ඇත. බුද්ධ කාලයේ මෙන්ම අනුරාධපුර යුගයේද භාවිතා වූ ද්වතා අනුස්සතිය භාවනාව පොළොන්නරු යුගය වන විට දේව ආගම් සංකල්ප වලට යට වී ” දේවතා අනුස්සතිය” ලෙසට වෙනස් කරගෙන භාවිතා කරන්නටත් පටන් ගෙන ඇත. මේ නිසාම මුල් ත‍්‍රිපිටකයේ ලියා තිබූ ”ද්වතා අනුස්සතිය” පොළොන්නරු, දඹදෙනි යුගවලදී ලියූ ත‍්‍රිපිටක ග‍්‍රන්ථ වල පවා ”දේවතා අනුස්සතිය” ලෙසින්ම පාලි බසින්ද ලියා දක්වා ඇත. මේ අනුව නිවන් අවබෝධ කරගන්නට අත්‍යවශ්‍ය වූ මග්ගේ මග්ග ඥාණ දර්ශනය හෝ සම්මා දෘෂ්ඨිය හෝ ලබා ගන්නට නොහැකි තත්ත්වයෙන්ම, පදපරම අර්ථයෙන්ම ධර්මයද විකෘති විය."
     
    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ ඇති ද්වයතානුපස්සනාව නැතැයි කියන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1805721