මචන් ලක්ෂ 20කට අඩුවෙන් ගන්න පුළුවන් auto hatchback එකක් කියපන්කෝ![]()
මචන්ලා කාලෙක ඉදන් ලොකු ආසාවක් තිබුන car එකක් ගන්න.
බොහොම අමරුවෙන් සල්ලි ටිකක් එකතුකරගෙන එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ(ලීස් එකක් දාලා).
මට යන්න පුලුවන් මිල උපරිම 13 වගෙ තමයි
මගෙ හිතේ තියේන මොඩල් තමයි මේවා ඒ ගානට යන්න පුලුවන්
Lancer CB series
Toyota AE 100
Nissan march k11
Nissan doctor sunny
මන් වාහන පිලිබදව ලොකුවට දන්න කෙනෙක් නෙමෙයි
මේවයින් ලෙඩ අඩු නඩත්තුව පහසු හොදම වාහනය මොකක්ද කියල කියනවද
(මන් මේක ගන්නේ ගෙදර පවිච්චියට, දිනපත පවිච්චියට නෙමෙයී)
කිරියේ ඉන්නවනේ වාහන පිලිබද හොදට දන්න අය
මන් හිතනව මට ඔයාල උදව් කරයි කියල
බොහොම ස්තුතියි![]()
Nissan K12 Beetle

22 and above wage neh thiyenneමේකයි case එක දැන් ඕවා පරණයි ගෙවන ගානට වටින බඩු නෙමේ. මොකද දැන් body එහෙම දිරල ගොඩක් ඒවගේ. ඔය දාල තියෙන list එකෙන් AE100 එක හොදයි වරදක් නෑ හැබැයි 15,16 ගණන් දිලානම් ගන්න එපා තේරුමක් නැ උපරිම 12 ට වඩා දෙන්න එපා. body condition එක බලන්න හොදටම floor board බැහැපුවා sale paint ගහපුවා උස්සන් එන්න එපා. මොකද body එක හොදනම් engine full repair එකක් කරලා හරි දුවන්න පුළුවන්. කාර් එක උඩ දාල බලන්න හොදට. මම හිතනවා ඔයිට වඩා හොදයි Alto එකකට ගියානම් කියල මුල්ම කාර් එක නිසා.
march eka natuwa anit ewwa try karpn
මචං ලීසින් එකක් දාන එක ගැන දෙපාරක් හිතපං. මොකද ඕක දැම්මාම මාර ස්ට්රෙස් වෙනවා බං. අපි ලීසින් එක ගන්න කලින් ප්ලෑන් කලාට Financial factors ඒවා ඒ විදිහටම වෙන්නෙ නෑ. Mr Tom ද කොහෙද ටික කාලෙකට කලින් ඔය ගැන හොඳ ත්රෙඩ් එකකුත් දාල තිබුනා. මාත් ඔය වැඩේ කලා. අත්දැකීමෙන් කියන්නේ.
අනික උඹ ගන්න යන්නේ අලුත්ම වාහනයක් නෙවෙයිනේ. මම 2015 ගත්තෙ 2010 YOM වෙච්චි එකක්. ඒ නිසා මට රෙපෙයාර් ගැන එහෙම ඒ හැටි බලන්න අවුලක් උනේ නෑ. ඒත් උඹ ගන්න යන්නේ 1990~1998 වගේ වයස් කාණ්ඩෙ වාහන නේ. වාහනේ පරණ වෙන්න වෙන්න ලෙඩ ගැන අපිට Predict කරන්න බෑ. එහෙම අවුලක් වෙන්නෙ නෑ හොඳ Maintenance Records එහෙම තියන වාහනයක් හම්බ උනොත්. ඒ උනාට ලංකාවෙ කීයෙන් කී දෙනාද එහෙම කරන්නේ. පුලුවන් නං අතේ තියන ගාණට වාහනයක් අරං ලාභයක් තියාගන ඒක විකුණපං. එහෙම වාහනෙන් වාහනේට Upgrade වෙන්න පුලුවන් නං ඒක හොඳටම හොඳයි.
මගෙ යාලුවෙක් කරා ඔය වැඩේ හරියටම. ඌ ලක්ෂ 10 වාහනේකින් පටන්ගත්තේ. පොඩි ලාභයක් තියාගන ටික ටික Upgrade වෙවී දැන් ඌ ලක්ෂ 30~35 ක වාහනයක් පදිනවා.


මට හිතෙන්නේ 10 කට විතර ගන්න පුළුවන් කාර් එකක් අරං ඉතුරු 3 දාල හොඳට හදාගෙන පදින ඒක හොඳම දෙය කියල. ලීසිං ගෙවන්න ගියාම හදීසි ආපදාවක්, හෝ එවැනි අවස්ථාවක් වගේ වියදමට සල්ලි එහෙම නැති වුනොත් අන්තිමේ වෙන්නේ ලීසිං ඇරියර්ස් ගොඩ ගැහිලා අමාරුවේ වැටෙන්න වෙන ඒක, ඒ වියදම් දරන්න පුළුවන් නම් විතරක් ලීසිං කරන්න, අමාරුවෙන් බැරිමරගාතේ නම් කරන්න යන්න එපා. ඔබට මගේ සුබ පැතුම්.


Mta wayasa 26 machan
Mn software developer kenek
Job ekenm prashnayak na
Meka nathi unoth wena ekak hoyaganna amaru na
Thwath inna ba bn
Mekath kalayak mahansiyen ekathukarala set karagatthe
Bohoma sthuthi machan upades walata![]()
Owa dan godak parana nisa poddak nemei godakma balala ganna...moko garaj walata yanna giyama kaalaya salli dekama iwarai....
තව ටිකක් සල්ලි එකතු කරලා කාර් එකකට ගියොත් මොකෝ?
ඒකට උත්තරේ උඹෙන්ම අහපන්.
1. උඹේ වයස?
2. කසාද බැඳලද නැද්ද?
3. බැඳලනම් ළමයි ඉන්නවද?
4. රස්සාවේ ස්ටැබිලිටි එක. ඒ කිව්වේ යම්කිසි හේතුවක් මත වැඩ කරන තැනින් යන්න වේවිද නැද්ද කියන එක සහ ඊට පස්සේ ලීස් එක ගෙවන්න පුලුවන්ද කියන එක හෝ එහෙම උනොත් ටක්ගාලා චා නොවී ජොබක් හොයා ගැනීමට තරම් තමුන්ගේ කොලිෆිකේශන් තියෙද කියන එක.
ප.ලි :මහන්සියෙන් එකතුක් කරපුවනේ බං. අවුරුදු 20 ක් විතර පරණ එකකට ගිහින් ගරාජ් ගානේ රස්තියාදු වෙන්න ගියාම අපරාදේ සල්ලි දුක් මහන්සියෙන් ඉතිරි කරපුවා බං.
එනිවේ. ගුඩ් ලක්. may your dream come true soon.
