IT Job Titles / Salary

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ශ්‍රී ලංකා software industry එකත් සමග බැදුණු රැකියා අවස්තා පිලිබදව ආධුනකයන් සදහා කෙරෙන කෙටි සටහනකි. මෙහි සදහන් වන්නේ ආරම්භක රැකියා (entry jobs) අවස්ථාය. ආරම්භක වැටුප ලෙස සලකා ඇත්තේ පිළිගත් මෘදුකංග ආයතන (SLASSCOM) ලබාදෙන වැටුප්ය.


    Software Engineer / Developer

    වඩාත් ප්රකට ජොබ් filed එක වන අතර රැකියා අවස්ථා සුලබය. B.Sc Eng/IT/Computer Science degree, BCS/BIT තිබීම මුලික සුදුසුකමක් ලෙස සැලකේ. degree එකක් නොමැතිව වුවද ඇතැම් ආයතන රැකියා අවස්ථා ලබාදෙයි. (හැකියාව මත ). language සැලකීමේදී .net සහ Java භාෂාවන් සදහා වැඩි ඉල්ලුමක් පවතී. Salary එක ගත කල mobile developers ලාගේ salary එක web developers ලාට සාපේක්ෂව මදක් ඉහලය.

    ආරම්භක වැටුප : 60000-120000 * (පිළිගත් ආයතන වල රජයේ විශ්ව විද්යාල වලින් පැමිණෙන උපාධිදාරීන් සදහය. පෞද්ගලික උපාධිදාරීන් සදහා මෙය බොහෝ විට මදක් අඩු වන නමුත් කල් යෑමේදී එම වෙනස නැතිව යයි .)


    QA Engineer / Software Tester

    මීලගට වඩාත් සුලබ රැකියා අවස්ථාව වන අතර සුදුසු කම් ඉහත පරිදිම වෙයි. බොහෝ කාන්තා උපාධිදාරීන් මේ සදහා යොමු වෙයි. Software development පිලිබදව එතරම් දැනුමක් අවශ්ය නොවන නමුත් සාමාන්ය දැනුමක් අවශ්ය වෙයි. SE තරම් stress එකක් නැති බැවින් ඇතැම් පිරිස් මේ සදහා යොමු වෙයි . ඇතැම් ආයතන වෙනම QA ලෙස පිරිස් නොගන්නා අතර එයද SE හෝ BA +QA ලෙස බදවා ගනියි.

    ආරම්භක වැටුප : 40000-80000


    System Engineer / Network Administrator

    පරිගණක පද්ධති අශ්රිතව පවතී. බොහෝ විට ආයතන වල system installation, troubleshooting, basic network operations හා monitoring වැනි කාර්යන් සදහා බදවා ගනියි. ඉහත සුදුසු කම් සමග/අමතරව systems side එකේ certifications කර තිබීම මුලික සුදුසුකම් ලෙස සැලකේ. (Ex : MS/Linux server certifications .)

    ආරම්භක වැටුප : 50000-90000


    Network Engineer

    පරිගණක ජාල අශ්රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. ඉහත සදහන් කල certifications වලට අමතරව CISCO/Redhat වැනි certification කර තිබීම අමතර සුදුසුකම් ලෙස සැලකේ. බොහෝවිට තොරතුරු සන්නිවේදන ආයතන ආශ්රිතව රැකියා අවස්ථා ඇත.

    ආරම්භක වැටුප : 60000-90000


    Database Administrator

    රැකියා අවස්තා එතරම් සුලබ නැත. Oracle/SQL certifications කර තිබීම අමතාර සුදුසුකම් ලෙස සැලකේ.

    ආරම්භක වැටුප : 60000-80000


    Business Analyst

    B.Sc IT /Eng /Computer Science degree එකක් සමග CIMA/CIM වැනි qualification තිබීම සුදුසුය. ඇතැම් විට BA/QA ලෙස හෝ BA/PM ලෙස රැකියා අවස්ථා පවතී.

    ආරම්භක වැටුප : 50000-80000


    UX\UI Engineer

    User Interface design කිරීම ආශ්රිතව පවතී. රැකියා අවස්තා එතරම් සුලබ නැත. B.Sc IT/Computer Science degree, BCS/BIT එකකට අමතරව හෝ degree එකක් නොමැතිව Design courses කර තිබීම සුදුසුකම් වෙයි. (Ex : AOD)

    ආරම්භක වැටුප : 40000-70000


    ඉහත සදහන් කල රැකියා අවස්ථාවන්ට අමතරව විවිද ආයතන වල HR specialist, Social Media Specialist, IT Security Engineer, Technical Writer, Support Engineer, Graphic Designer වැනි රැකියා අවස්ථා පවතී.
     
    Last edited:

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මන් දැනට Network HND එකක් කරනගමන් ඉන්නේ. CCNA කරලා ඉන්නේ. සතියේ දවස් 5 Assistant / trainee වගේ ජොබ් එකක් තිබ්බොත් පොඩ්ඩක් මට කියනවද එලකිරිවසියනි? :D :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආරම්භක වැටුප : 60000-90000
    ow lankawe dei ehema :/

    උබට හම්බෙන්නේ කීයද බන් :sorry:

    :sorry:

    මන් දැනට Network HND එකක් කරනගමන් ඉන්නේ. CCNA කරලා ඉන්නේ. සතියේ දවස් 5 Assistant / trainee වගේ ජොබ් එකක් තිබ්බොත් පොඩ්ඩක් මට කියනවද එලකිරිවසියනි? :D :yes:

    ටොප්ජෝබ්ස් බලන්නේ නැද්ද බන්
    ඔරෙන්ග්ජ් එකේ වෙකන්සි එකක් තිබ්බා
    සමන්යෙනේ ඉන්ටර්විව් දාන්න කලින් නෙට් එකෙන් හරි කම්පනියේ hr එකට හරි කතා කරලා වර්ක් time special leave එකක් ගන්න පුලුවන්ද වගේ අහල බලපන්
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    උබට හම්බෙන්නේ කීයද බන් :sorry:

    :sorry:



    ටොප්ජෝබ්ස් බලන්නේ නැද්ද බන්
    ඔරෙන්ග්ජ් එකේ වෙකන්සි එකක් තිබ්බා
    සමන්යෙනේ ඉන්ටර්විව් දාන්න කලින් නෙට් එකෙන් හරි කම්පනියේ hr එකට හරි කතා කරලා වර්ක් time special leave එකක් ගන්න පුලුවන්ද වගේ අහල බලපන්
    around 52k :/
    even i hv years of exp, deg, ccna blaa blaa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    around 52k :/
    even i hv years of exp, deg, ccna blaa blaa

    අඩෝ උඹ කම්පැනි මාරු කරහන් හොඳ එකක් බලල ජොයින් වෙයන්
    එහෙනං

    මගේ යාලුවෙක් රට ඉදන් ඇවිල්ල මේ ලගදි IT Executive පොස්ට් එකකට ගියා multinational company එකකට පඩිය 65 යි බන්
    දන් උ පොස්ට් එකත් වෙනස් ක්රගත්තා system & network ඇඩ්මින් විදියට:confused::confused:

    පොස්ට් එක මොකක්ද network eng ද
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    around 52k :/
    even i hv years of exp, deg, ccna blaa blaa


    අඩෝ උඹ කම්පැනි මාරු කරහන් හොඳ එකක් බලල ජොයින් වෙයන්
    එහෙනං

    මගේ යාලුවෙක් රට ඉදන් ඇවිල්ල මේ ලගදි IT Executive පොස්ට් එකකට ගියා multinational company එකකට පඩිය 65 යි බන්
    දන් උ පොස්ට් එකත් වෙනස් ක්රගත්තා system & network ඇඩ්මින් විදියට:confused::confused:

    පොස්ට් එක මොකක්ද network eng ද

    ubalata Devops yanna barida, WSO2 eke fresh graduate la gathth over Rs90,000 mata hithenne, sure na :confused: