මොනවද මේ "Tugboat" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    32,560
    96,872
    113
    දෙහිවල
    අද එහෙනම් නිවාඩු දවසේ පොඩ්ඩක් අපි විස්තර ටිකක් දැනගමු දැකලා පුරුදු කෙනෙක් ගැන.
    කොටින්ම කියුවොත් මෙයා පොඩි පුංචි තදයෙක්. ලොකු ලොකු සද්දන්ත යාත්‍රා වලට උදව් කරන කෙනෙක්. බත්තල්, එහෙම නැත්නම් "Barge" වගේ යාත්‍රා වලට සේවය සපයන කෙනෙක්. එහෙනම් අද කතාකරමු "Tugboat" ගැන පොඩි විස්තරයක්.

    47VyBtw.png


    "Tug" ලෙස සරලවම ඇදගෙන යාම, මෙහයවිම, දිශාංශ කිරීම විග්‍රහ කල හැක.
    සාමාන්‍යයෙන් ටග්බෝට්ටුවක් (Tugboat) යන්න සරලවව විග්‍රහ කොළහොත් මෙය නෞකාවක් වරාය දෙසට ඇදගෙන යාමෙන් හෝ තල්ලු කිරීමෙන් නැවක් නැංගුරම් ලෑම හෝ නැංගුරම් ලෑමේ ක්‍රියාවලියට සහයවන ද්වීතියික ගනයේ බෝට්ටු විශේෂයක්.
    විශාල යාත්‍රාවන් ගැබුරු මුහුදේ හැසිරවීම ඉතා පහසු කටයුත්තකි. කෙසේ වෙතත්, පටු මුහුදු තීරු සහ වරායන් වලදී එය අතිශයින් දුෂ්කර වන්නේ ඒවාට පහසුවෙන් ඉදිරියට සහ පසුපසට ගමන් කළ හැකි නමුත් සාමාන්‍යයෙන් පැත්තට චලනය වීමේ ගැටළු ඇති බැවිනි. එම ගැටළු නිරාකරණය කරනු ලබන සහයකයා වන්නේ අපි අද කතාකරන "Tugboat" කියන බෝට්ටු විශේෂයයි.

    "ටග්" යනු විශේෂ බෝට්ටුවක් වන අතර එය නොමැතිව විශාල යාත්‍රා වලට වරායකට ඇතුළු විය නොහැක. යාත්‍රාව වරාය දෙසට ඇදගෙන යාමේ මූලික අරමුණට සමගාමීව යාත්‍රාවට අවශ්‍ය ජලය, වාතය ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා කඹ ඇදීමේ බෝට්ටු යෙදවිය හැකිය.
    මෙහිදී "Tugboat" බෝට්ටු, ප්‍රාදන යාත්‍රාව වරාය දෙසට බලකිරීමෙන් හෝ ඇදීම මගින් යාත්‍රාවල "maneuvered" මෙහෙයුම පහසු කරයි.
    යාත්‍රා නැංගුරම් ලෑමෙන් පසු ලිහිල් කිරීමේදී රාජකාරී වලට අනිත් අතින් සහයවන බෝට්ටු විශේෂය "Tugboat" ලෙස හදුන්වනු ලබයි.

    OyAoSYR.jpg


    එසේම කුඩා සහ පටු ජල මාර්ග හරහා කලින් ලිපියෙන් සදහන් කල පරිදි "Barge" ඇදගෙන යාමට මෙම කඹ එසේත් නැතහොත් "Tugboat" යාත්‍රා යොදාගනු ලබයි. සියල්ලටම සාරාංශ කර පසු Tugboat යන්නෙහි ප්‍රාදාන කාර්ය වන්නේ යාත්‍රා හෝ බත්තල තල්ලු කිරීම හෝ ඇදගෙන යාමයි.

    "Tugboat" යාත්‍රා ස්වයං ප්‍රචලිත නොවන බාර්ජ් (non-self-propelled barges), තෙල් වේදිකා (oil platforms), ලොග් පරාල (log rafts) ආදිය ප්‍රවාහනය කිරීම සදහාත් අමතරව බාවිතා කරන අතරම මෙම බෝට්ටු වර්ගය කුඩා ව්‍යුහාත්මක බදක් සහිත බලවත් බෝට්ටු වර්ගයක් ලෙස සැලකේ. ඔවුන්ගේ දැවැන්ත ශක්තිය පිටුපස ඇති ප්‍රධාන හේතුව ඔවුන්ගේ ප්‍රචාලන පද්ධතියයි (propulsion system)
    මේවා සාපේක්ෂව ප්‍රමාණය කුඩා නමුත් ඉතා බලවත් ශක්තියකින් සන්නද්ද බෝට්ටු වර්ගයක් ලෙස සැලකේ.

    අරමුණ මත පදනම්ව, "Tugboat" වර්ග දෙකකින් බෙදා වෙන්කරනු ලබයි 👇👇

    * Escort Tugs : පාරු සහ "Barge" ඔවුන්ගේ ගමනාන්තයට ගෙනයාමට සහ උපාමාරු කිරීමට නිර්මාණය කර ඇති ටග් යාත්‍රා
    * Support Tugs : විශාල යාත්‍රා නැංගුරම් ලෑම, සහ ලිහිල් කිරීම් සදහා නිර්මාණය කර ඇති ටග් යාත්‍රා.

    Tugboat / ටග් බෝට්ටුවක යාත්‍රා නැංගුරම් සහ ලිහිල් කිරීම රාජකාරි වලට අමතරව ද්විතියික කාර්යයන් කිහිපයක් පහතින් 👇👇

    * "Salvage Boats" එසේත් නැත්නම් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සහ "icebreakers" අයිස් කඩන්නන් ලෙස ක්‍රියාත්මකවීම.
    * "Barge" එසේත් නැත්නම් බත්තල් රැගෙන යෑමට පහසුකම.
    * වරායේ හෝ තොටුපළවල ගිනි නිවීමේ සහාය සැපයීම සඳහා ගිනි නිවීමේ උපාංග ද සහිතව ක්‍රියාත්මකවීම.

    fiYKcsm.jpg


    බොහෝවිට වරාය තොටුපළවල්, ගංගා ඇල මාර්ගවල තම සේවය සපයනු ලැබුවත් අවශ්‍යවිට ගැබුරු මුහුදේ ක්‍රියාන්විත සදහා විශේෂයෙන් සකස්කරන ලද ටග් බෝට්ටු නිර්මාණය කර ඇත. විවෘත සාගරයේ (open ocean) ගමන් කිරීම අනතුරුදායක වන නමුත් ඒවාට අනුගත කල උපාංග මගින් ඇතැම් ටග් යාත්‍රා පරිපුර්ණය.

    වර්තමානයේ ලෝකයේ කීර්තිමත් සහ විශ්වාසදායි "Tugboat' සාදන්නන් අතර Ranger Tugs, Florida Bay, American Tug, Nordic tug ආයතන ඉදිරියෙන් පසුවේ. ටග් බෝට්ටුවලට පත්කළ කාර්යට ප්‍රාකරව මගීන් හෝ අමුත්තන් 6 සිට 8 දක්වා ප්‍රවාහනය කළ හැකිය. එය සම්මතයක් නොවන අතර ක්‍රියාන්විතය අනුව සකසනු ලබයි. යම් ටග් යාත්‍රා වල මගීන් හෝ අමුත්තන් 16 දෙනෙක් දක්වා ප්‍රවාහනය කළ හැකිය.

    කිසියම් වරායක, තොටුපලක ටග් යාත්‍රා හැසිරවීම, නැංගුරම් ලෑම, නවත්වා තිබීම, භාවිතය පහත සඳහන් සාධක මත රඳා පවතී 👇👇

    * Port traffic volume,
    * Types of ships to be served by that tug,
    * Navigational obstacles to be catered to,
    * Conditions of environmental protection & Local laws,
    * Domains to be carried by a tug

    අද වන විට තිබෙන ඩීසල් එන්ජිම වෙනුවට වාෂ්ප ප්‍රචාලන එන්ජිමක් මුල් අවදියේදී ටග් බෝට්ටු සදහා යොදාගෙන ඇත.
    සාමාන්‍යයෙන් ටග් බෝට්ටුවක් අශ්වබල 680-3400 (500-2500 kW) එන්ජිමකින් සමන්විත වන අතර, ශාල සහ ගැඹුරු ජලයේ මෙහෙයුම් සදහා යොදාගන්නා බෝට්ටු වල 27200 hp (20000 kW) ට ආසන්න එන්ජිමක් දක්නට ලැබේ.




    කෙටි සටහන : Walter White
    චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී