සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්

සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්







ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.
  • පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.
ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා. වේදනාව, රිදුම්, දුක නැතිවෙලා යන්නට ඉඩදෙන්න. ඒවා අමතක කර දමන්න. නමුත් ඉන් උගත් පාඩම් නැවැත එවැන්නක් සිදු නොවීමට හේතුවක් කරගත යුතුයි.





  • ඔබට තිබෙන දේ ගැන සතුටු වන්න.
අන් අයට තරම් දේ ඔබට නොතිබෙන්න පුළුවන්. නමුත් තිබෙන දෙයින් සතුටු වෙන්න. එයට ආදරය කරන්න. තිබෙන සියල්ල ලැබීම පිළිබඳ ස්තුති කරන්න.

  • නැවත සිතන්න.
ඔබ ගැන සිතන්න වේලාවක් වෙන්කර ගන්න. සමාධියට සමවැදී නැවැත නැවැත දිනය තුළ සිදුවූ දේ ආවර්ජනය කරමින්, වැරැදීම් වූ තැන් සාදා ගනිමින් සතුටු විය හැකි තැන් මතකයේ තබාගනිමින් හෙට දිනය සැලසුම් කරන්න.


  • ඔබ ගැන හොඳින් සොයා බලන්න.
ඔබ ඔබ ගැනම සොයා බලන්න. ඒවා ඔබේ මතකයේ පමණක් තබාගන්න. ඔබේ අත්දැකීම් අන් අය සමඟ කියන්න අවශ්‍ය නැහැ.

  • ඔබ ගැන විවේචනය කිරීම නවත්වන්න.
ඔබට හැකි පමණින් කටයුතු කරන්න. සමහර විට ඉතාම අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙයි. නමුත් ඔබට හැකි උපරිමය කරන්න. නොහැකි වුවහොත් එය ඔබේ වරදක් නොවේ.

  • ඔබේ අරමුණු කෙරෙහි සංවේදී වන්න.
සෑම විටම ඔබ සතු ශක්තිය අරමුණු සාර්ථක කරවීම කෙරෙහි යොදා ගන්න. ඔබට අනවශ්‍ය දෑ කෙරෙහි එම ශක්තිය යොදවන්න එපා.

  • සිරුරට ඇහුම්කන් දෙන්න.
ඔබ ඔබේ සිරුරට ඇහුම්කන් දෙන්න. හසුරුවා ගන්න, සිරුරේ අවශ්‍යතා හඳුනා ගන්න. එමෙන්ම සිරුරට ගෞරව කරන්න. හානියක් නොවීමට වගබලා ගන්න.

  • අත්දැකීම් මිල කළ නොහැකියි.
අත්දැකීම් මුදලට ගන්න බැහැ. ඒ වගේම ලැබෙන අත්දැකීම්වලට මිලක් නැහැ. ඔබට සෑම මොහොතකම අත්දැකීමක් ලැබෙනවා. ඉන් යමක් උගත හැකියි. එය ජීවිතය ජයගන්න මනා පිටිවහලක් වනවා.

  • අන් අය සමඟ ඔබව සසඳන්න එපා.
ඔබ ඔබම වන්න. අන් අය සමඟ ඔබව සසඳන්න එපා. මිනිසුන් ඔබව පිළිගන්නේ ඔබ ඔබම වුවහොත් පමණයි. ලෝකයට කාගේ හෝ පිටපතක් අවශ්‍ය නැහැ.

  • නරක සිතිවිලි පෝෂණය කරන්න එපා.
ඔබ සිත තුළ නරක සිතිවිලි ජනනය විය හැකියි. එවැනි සිතිවිලි පෝෂණය කරන්න එපා. ඒ සිතිවිලි සිතින් මකා දමන්න.
 

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    oya kiyana dee nam hari eeth athithaya panna panna wada denawanam ekata mokada karanne mama amathaka kala athithaya kawru hari mathak karala aya hitha ridawanawa nam?
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    oya kiyana dewal hari et atitaya panna panna wada denawanam ekata mokada karanne? mama amataka kala atitaya kawru hari matak karala aya hita ridawanawa nam atitaya marala danne kohomada?
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    oya kiyana dee nam hari eeth athithaya panna panna wada denawanam ekata mokada karanne mama amathaka kala athithaya kawru hari mathak karala aya hitha ridawanawa nam?

    oya kiyana dewal hari et atitaya panna panna wada denawanam ekata mokada karanne? mama amataka kala atitaya kawru hari matak karala aya hita ridawanawa nam atitaya marala danne kohomada?

    katawath thamanawa wattanna denna epa.hitha shakthimath karagena anagatheta muna denna ona api mona prashne awath.ehema neda.