කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරු

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරු

කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා

https://www.facebook.com/Banamaduwa.Sydney1/videos/1972334269667447/

"ඔබේ මව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරී ඇත"
(මහ රහතුන් වැඩි මඟ ඔස්සේ.........)
කාන්තාවක් ලෙස උපත ලැබීමට හේතුව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීම යැයි මහ රහතුන් වැඩි මඟ ඔස්සේ නමින් දේශනා පවත්වන රාජගිරියේ අරියඥාන හිමියන් පවසති.
එසේ පවසනවා පමණක් නොව "මේක මම කියන දෙයක් නොවෙයි, බුදුරජාණන් වහන්සේයි මෙහෙම දේශනා කරන්නේ" යැයි ද කියති. එහෙත් අප දන්නා තරමට නම් භාග්‍යවතුන් වහන්සේ එවන් දේශනාවක් කර නැත. කර තිබේ නම් දන්නා ඇත්තෝ අපට එය ත්‍රිපිටකයෙන් පෙන්වා දෙත්වා.
උදාහරණයකට උන්වහන්සේ පෙන්වනුයේ ඉසිදාසි රහත් තෙරණිය ගේ කථා පුවතයි. ඒ කථා පුවත ඉසිදාසි තෙරණිය ගේ පසුගිය ජීවිත ගැන කල හෙළිදරව් කිරීමක් මිස සැමට අදාල වන්නක් නොවේ. රාජගිරියේ අරියඥාන හිමියන් මේ පුවත සියලු ලෝ වැසියන්ට එකසේ අදාල කරගෙන පටලවා ගෙන ඇත.
එකම ක්‍රියාව පුද්ගලයින් දහසක් කරන්නේ නම් එහිදී ඇතිවන චිත්තයන් එකිනෙකට සමාන විය හැකිද? ඒ ඒ චිත්තයා ගේ අඩු වැඩි කම් අනුව කර්ම විපාකය වෙනස් වන බව අභිධර්මය ගැන දැනුමක් නැති සාමාන්‍ය බෞද්ධයෙකුට වුව ද වැටහෙන කරුණකි.
ඉසිදාසි තෙරණියට වූ දේ සැමට අදාල වන්නේ නම් ඔබේ මව, බිරිඳ, සොයුරිය, දියණිය ද එසේ ම විය යුතුය.
දරුවෙකු ගේ මනසට තමන්ගේ ම මව පිළිබඳව මෙවන් වූ සිතිවිල්ලක් ඉපැද්දවීම කොතරම් හාණිකරද? එවන් ආකල්ප මත හිඳිමින් තම මවට විරුද්ධව උපදවා ගන්නා සිතිවිල්ලක් වුවද පිටකරන වචනයක් වුවද ඒ දරුවා කෙරෙහි කොතරම් බරපතල විපාක ජනිත කරවන්නක් ද?
භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව අනුව ලෞකික සම්මා දිට්ඨිය තුල "අත්ථි මාතා" යන විවරණයට අනුව මව යනු විශේෂ පුද්ගලයෙකි. මව මැරීම ආනන්තර්ය පාපකර්මයකි. ඇය පිළිබඳව ද්වේෂ සිතිවිල්ලක් හෝ ඇතිකර ගැනීම කෙතරම් හානිකරද?
එවන් වූ උත්තමාවියක් දෙස බල බලා "ඔබ කාන්තාවක් වුනේ පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමෙනුයි" කියා සිතන්නට දරුවන් පෙළඹවීම බුද්ධ පුත්‍රයකුට සුදුසු ද?
තම බිරිඳ, සොයුරිය, දියණිය දෙස බලමින් "ඔබලාට මෙසේ වුනේ පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමෙනි, අප පුරුෂයින් වුනේ මනා හැසිරීමෙනි" යි කියා පුරුෂයින් තුල මේ ඇතිකරවන්නේ මානය නොවේද? අනෙකාව පහත් කොට සිතන්නට කථා කරන්නට ක්‍රියා කරන්නට කවුරු නම් නො පෙළඹේද?
උන්වහන්සේ දේශනා කරන ආකාරයට පුරුෂයින් කාමයේ වරදවා හැසිරීම් නැති වූ කල තවදුරටත් මේ ලෝකයේ දරු උපත් සිදු විය නොහැක. මක්නිසාද ඒ පුරුෂයින් මියගොස් මීලඟ ජීවිතයේ කාන්තාවන් නො වන්නේ නම් දරුවන් බිහිවිය නොහැක. එවිට මේ ලෝකය මිනිසුන්ගෙන් හිස් වේ.
මේවා ධර්මය ද?
නුවණැත්තෝ විමසත්වා
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
555sbc.jpg
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "කාන්තාවක් ලෙස උපත ලැබීමට හේතුව පෙර ජීවිතයේ කාමයේ වරදවා හැසිරීමයි"

    "භූමිකම්පා ඇතිවීමට හේතුව කාන්තාවන් කලිසම් ඇඳීමයි"

    :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    පිරිමියෙක් වෙන්න කාන්තාවකට සාපෙක්ෂව පින වැඩියෙන් තියෙන්න ඕනෙ තමයි.

    ඒත් මේ හාමුදුරුවො කිව්වා, පිරිමියෙක් කාමයේ වරදවා හැසිරුනුත් නපුංසකයෙක් වෙනවා කියලා. ඒ නපුංසක ආත්මයෙත් කාමයේ වරදවා හැසිරුනොත් කාන්තාවක් වෙනවා කිව්වා. සමහරවිට මේක හරි වෙන්නත් පුළුවන්. පිරිමි ආත්මයකින් පහලට වැටීමේ විදි වලින් එකක් වෙන්න ඇති. හැබැයි මේක එකම ක්‍රමය නෙවෙයි කියලා මම හිතනවා. සියළුම කාන්තාවන් කාමයේ වරදවා හැසිරිලා නපුංසකයො වෙලා ඉපදිලා ආයිත් කාන්තාවන් විදිහට උප්පත්තිය ලබපු අය බව ඒකෙන් අදහස් වෙන්නෙ නෑ. ඒ නිසා මේකට එකඟ වෙන්න බෑ.

    සමහර විට ධර්මය තර්කයෙන් අල්ලන්න ගියාම ඔය වගේ ගැටලු එනවා. ඕකම තමයි අර සමන්තබද්‍රයටයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන්ටත් වෙලා තියෙන්නෙ ඕකම තමයි.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කාන්තාවන්_ලෙස_උත්පත්තිය_ලබන්නේ_පෙර_ආත්මව

    කාන්තාවන් ලෙස උත්පත්තිය ලබන්නේ පෙර ආත්මවල පව් කළ අය ද?

    කාන්තාවන් ලෙස උපදින්නේ දුර්වල කුසල කර්ම නිසාය. සසර කාන්තාවක් නොවූ පුරැෂයෙක්වත් පුරැෂයෙක් නොවු කාන්තාවක්වත් නැත.

    පරදාර සේවනයේ යෙදුණු කාන්තාවන් සහ පුරැෂයන් එහි විපාක වශයෙන් නරකයෙහි දුක් විඳ පසුව නැවත නැවත කාන්තාවන්ව හෝ නපුංසකව උපදින බව කියවෙයි.

    උපනූපන් ජාතිවල පිරිමි බව ලැබීමට කැමති නම් පරපුරැෂ සේවනය, පරස්ත්රී සේවනය දුරැකළ යුතුය. දානාදී පින්කම් කොට ස්ත්රී භාවයෙහි කැමැත්ත දුරැ කොට පිරිමි බව පැතිය යුතුය. පති දේවතාවා වූ තම ස්වාමියා කෙරෙහි මනාව පිළිපැදිය යුතුය.

    තෙවන සිල්පදය බිඳ ගැනීමම කාන්තාවක්ව ඉපැදීම හේතුවක් නොවේ.

    ☆ බුදුවරයෙකුගේ මව වීම.
    ☆ බුදුවන ජාතියේ භාර්යයාව වීම.
    ☆ අග්ර ශ්රාවිකා වීම.
    ☆ කාන්තාවක වීමේ ආශාව නිසාත් සමහරැ කාන්තාවන්ලෙසම ඉපැදීමට තවත් හේතුකාරණාය.

    තෙවන සිල්පදය බිඳගන්නා කාන්තාවන් මෙන්ම පුරැෂයන් අනිවාර්යයෙන්ම කාන්තාවන් මෙන්ම නපුංසකව උපදින බවට හේතු සාධක බොහෝ ධර්මයෙහි සඳහන් වේ.

    එක් කළෙක මියුලු නුවර අංගාති නම් රජෙක විසීය. රෑජා නම් ඔහුගේ දියණියට අතීතය සහ අනාගතය ජාතිස්මරණ ඥානයෙන් සිහි කළ හැකි වූවාය.

    අංගාති රජ දිනක් මිසදිටු ගුණ නම් ආජීවකයාගේ මෙලොව නැත. පරලොව නැත. පින්පව්වල විපාකඵල නැත. සත්ත්වයා ඉබේම පිරිසිදු වෙයි. යන බස් අසා පංචකාම සම්පත්තියෙහි ඇලී වාසය කිරීමට පටන් ගතී. ගුණධර්ම අමතක කළ රජු දන්සැල් සියල්ලම වසා දැමීය. අන්සතු කාන්තාවන් බලහත්කාරයෙන් ගෙනෙමින් කාමයෙන් මත්ව රාජ්ය කටයුතු අමතක කර කාලය ගතකලා පමණක් නොව තම දියණියටද පෙහෙවස් සමාදන් වීම දන්දීම ආදිය අත්හරින ලෙසට උපදෙස් දුනී.

    මෙහිදී තම පිය රජුට කරැණු පැහැදිළි කළ රැජා නම් දියණිය තමා එක් ආත්මභවයක දී පරදාර කර්මයේ යෙදීමෙන් නරකයෙහි බොහෝ කලක් දුක්විඳි බව පැහැදිලි කලාය.
    ඇය කළ අකුසලය නිසා නරකයෙන් මිදී එලුවෙක් වී උපත ලද්දාය. එහි දී බරවැඩවල යෙදවීම සඳහා බීජාවරණය කරන ලදී. ඉන්පසු වානරයෙක් වී උපත ලද්දාය. වානර පියා පැටියා මිහි වූ දිනම දත්වලින් අල්ලා බීජාවරණය කලේය. ස්වර්ණ නම් රටේ දී ගොනෙක්ව ඉපිද ජව සම්පන්න වීම සඳහා නැවතද බීජාවරණය කොට ගැල්වල යොදන ලදී. එම අකුසලය ගෙවී ගිය පසු සිටු කුලයක නපුංසකව ඉපදුනාය. අවසානයේ දී පෙර කුසලයක් මතු වී රැජා නම් දියණිය වූවාය.

    (එයට සමාන ආදීනව ඉසිදාසි රහත් තෙරණියගේ කථාපුවතින් හෙලි වේ. නමුත් මෙහි රැජා නම් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්ර උපස්ථාදායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරැන් වහන්සේමයයි දත යුතුය)

    මෙහි ඇය තවදුරටත් කරැණු පැහැදිලි කරමින් පරදාර කර්මය නිසා නරකයෙහිත් තිරිසන්යෝනියෙහිත් ඉපිද තමාට මහත් දුක් විදීමට සිදීවුණු බවත් පියාටත් එම දුක්විදීමට සිදුවනු ඇති බවත් පැවසුවාය.

    තම දුවගේ උපදෙස් නිසා හොඳ නරක තේරැම්ගත් අංගාතිනම් රජු පසුව නාරද තවුසාගේ උපදෙස්ද මත දසරාධර්මයෙන් රාජ්ය කලේය.

    මේ අනුව බලවත් කුසලකර්ම නිසා පුරැෂත්වය ලබන බවත් දුර්වල කුසලකර්ම නිසා කාන්තාවන්ව උපතලබන බවත් තේරැම්ගත යුතුය. මහාමායා දේවිය සිදුහත් කුමරැ ඉපදී සත් දිනකින් මියගොස් තුසිත දෙව්ලොව දිව්ය පුත්රයෙක්ව ඉපදීමෙන් ද මෙය තහවුරැ වේ.

    ඔසප්වීම, ගැබ්ගැනීම, දරැවන් බිහිකිරීම, ලාබාල වියේදීම ස්වාමිපුරැෂයා වෙත යෑම හෙවත් නෑයින්ගෙන් වෙන්වීම සහ පුරැෂයාට උපස්ථාන කරන්නියක වීම ආදී වශයෙන් පිරිමියෙක් නොවිදිනා දුක් පහක් කාන්තාව විදින බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක.

    පොදුවේ කාන්තාවන් මුහුණ දෙන දුක් කම්කටොලු තේරීගාථා වලින් පැහැදිළි වෙයි. මුත්තා තෙරණිය වංගෙඩියෙන් හා මෝල්ගහෙන් මනාව මිදුණු බවත් සුමංගල මාථා තෙරණිය පිලුණු ගදින් යුතු හැලි වලදින් මිදුණු බවත් පැවසූහ. කිසාගෝතමී තෙරණිය ස්ත්රීත්වයේ කටුක බව මෙසේ පැවසුවාය

    ගැහැණු බව දුකකී. විවාහය දුකකී. දරැවන් වැදීමද දුකකී. එහෙත් එම ස්ත්රී බව උතුම් වූ ධර්මාවබෝධය සඳහා නම් බාධාවක් නොවේ.

    සෝමා තෙරණිය දිනක් මාරයාට මෙසේ පැවසුවාය. "සිත මනා සේ සමාහිත වූ කල්හී අර්හත් මාර්ගඥාණය පවත්නා කල්හී විදර්ශනා ප්රඥාවෙන් ධර්මයන් දෙස බලන්නා වූ මට ස්ත්රීභාවය කුමක් කරන්නද?"

    කාන්තා බව උසස් ගුණධර්ම රැකීමට බාධාවක් නොවන බව ඛේමා උත්පලවන්නා ආදී මහරහත් තෙරණියන්ගේ චරිත කථා කියවීමෙන් ද පැහැදිලි වෙයි.

    මේ ලිපිය සැකසීමට අදහස් කලේ පසුගිය දිනක මුහුණු පොතෙහි දුටිමි කාන්තාවක් ලෙස උපදිනුයේ කාමයේ වරදවා හැසිරීම නිසාමයි යන මතය තහවුරැ කල ලිපියක්. නමුත් බුදුරජාණන් වහන්සේවත් එවැනි මතයක් කොතනකදීවත් ස්මතුකර නොමැත. ඉහත දැක්වූ ආකාරයේ හේතු කිහිපය මත ද කාන්තා උපත සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදළ සේක.

    කාන්තා පිරිමි භේදයෙන් තොරව දුලභව ලද මිනිස්දිවියෙන් ධර්මාවබෝධය පිණිසම හික්මී ක්ෂණසම්පත්තියෙන් ඵල නෙලාගන්නා ලෙස සැමට මෙත්සිතින් දන්වා සිටිමි.

    නිවන්නට භව ගිමන්
    https://www.facebook.com/photo.php?...866.1073741828.100014587839517&type=3&theater

    via RAW.LK
    http://www.raw.lk/article/26136/කාන්තාවන්-ලෙස-උත්පත්තිය

     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙම post එක දාපු පින්වතා දක්ෂවී තිබෙනවා එම ස්වාමින්වහන්සේ මතුකරන පුළුල් මතය ලගුකොට සමාජයේ මිනිසුන් ගැටෙන සියුම් කාරණයක් ලෙස මෙය ඉස්මතුවන ආකාරයට එම post එක දැමීමට මන්දෙයත් අපේ අම්මාත් කාමයේ වරදවා හැසිරී තිබෙනවා කියුවිට ඕනෑම පුද්ගලයෙකු තුල දේශයක් හට ගනී මන්දයත් අපේ අම්මාට අපි එතරම් ආදරයක් සහ ගෞරවයක් දක්වන බැවින් නමුත් මෙහිදී අප බැලිය යුත්තේ එම ගෞරවනීය ස්වාමිවහන්සේ මතුකරන ධර්මකරුණයි එනම් කර්මයට අදාල එලය මිස මෙම ගෞරවනීය ස්වාමින්වහන්සේ කියන දෙය වැරදි කියන මතය උඩ සිට නොව මක්දෙයත් සෝරෙය්‍ය සිටුවරයාගේ කථා පුවත ගෙන බලන්න එක රහතන් වහන්සේ නමක් කෙරෙහි රාග සිතක් උපදවා ගැනීම හේතුකොට ස්ත්‍රීයක් බවට පත්වුවා.එම කතා පුවත මෙසේය.(ධම්මපද අට්ඨ කථා 201 පිට)

    සෝරෙය්‍ය සිටු පුත්‍රයා දෙදරු පියෙකි. දිනක් යාළුවන් සමඟ නාන්න යන විට මහා කච්චායන මහ රහතන් වහන්සේ ගේ රන්වන් පාට දේහ සම්පත්තිය දැක රාග සිත් පහළ කොට මුන් වහන්සේ මාගේ බිරිඳ හෝ වන්නේ නම් මැනවි, නැත්නම් මාගේ බිරිඳ ගේ සිරුර, මුන් වහන්සේ ගේ සිරුරේ පැහැය වන්නේ නම් මැනවි යැ යි සිතීය. ඒ අඥාණ දූෂිත සිත සමඟ ම ඔහුගේ පුරුෂ නිමිති අතුරුදහන් වී ස්ත්‍රී නිමිති පහළ විය. පසුව ලැජ්ජාවෙන් තක්ෂිලා නුවරට පැන ගොස් එහි සිටු කෙනෙකු ගේ බිරිඳ වී දරු දෙන්නෙක් ද ලොවට බිහි කළා ය. පසු කාලයක මහා කච්චායන මහ රහතන් වහන්සේගෙන් සමාව ගත් පසු නැවත පුරුෂයෙක් විය. පසුව පැවිදිව රහත් විය. රහතුන් කෙරෙහි සිතන වැරදි සිතිවිල්ල ද දුකට පත් කරන බව මින් දත යුතු ය.

    (ධම්මපද අට්ඨ කථා 201 පිට)

    මෙම කථා පුවතින් පැහැදිලි වන්නේ කෙනෙක් කාමයෙවරදවා හැසිරීමේ එක අනිසංසයක් ලෙස ස්ත්‍රීයක් ලෙස උපත ලබන බවය. එය ඉසි දාසි රහත්තෙරනියගේ කථා පුවතින් මනාලෙස පැහැදිලිවන්නේය (ථේර ථේරී ගාථා )තෙරුවන්සරණයි.

    Janaka Weerakkodi
    https://www.facebook.com/Banamaduwa...1979148588986015&comment_tracking={"tn":"R2"}
    from fb comments.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,734
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෑනුන්ගෙ හිත වැඩ කරන ආකාරය නිසා දිගටම ගෑනු වෙලාම ඉපදෙන කතාවක්නම් අහල තියෙනව,එහෙමයි කියල පිරිමි වෙලා ආය ඉපදෙන් නැති එකක් නෑ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Pahan dallata yana kandopaniyan danne naha, un duwanne waradi thanata kiyala. Hair thana thamange hithama witharai. Thamange pansala thama sitha. Ochcharai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේකත් හරි කෙලියක් වෙලා නේද??? හාමුදුරුවො මොකක් හරි කියපු ගමන් බල්ලො වගේ බුරන්ඩ පුරුදු උන සෙට් එකක් හැදිල වගේ... දවස් දෙක තුනක් දැක්ක...ආයෙ දාපල්ලකො කියල දෙන්නම් මුල ඉදන්..කාලකන්නි රැල..:angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙහෙමනෙ ඕක සරලව කිව්වොත්....
    පිරිමියෙක් කාමය වරදවා හැසිරුනොත් ඊලග භාවයේදී අපායේ වැටෙනවා...එහෙම පව්‍ ගෙවල ඉවර උනාම නපුංසක වෙලා ඉපදෙනවා... එහෙමත් පව් ගෙවල ඉවර උනාම අන්තිමට ගැහැණියෙක් වෙලා ඉපදෙනවා...එතනින් පස්සේ පිරිමියෙක් වෙලා ඉපදේවා කියල ප්‍රාර්ථනා කරල පිං දහම් කලේ නැත්නම් දිගටම කාන්තාවක් විදියටම ඉපදෙනවා...ඒක තමයි තිත්ත ඇත්ත...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    ගෑනුන්ගෙ හිත වැඩ කරන ආකාරය නිසා දිගටම ගෑනු වෙලාම ඉපදෙන කතාවක්නම් අහල තියෙනව,එහෙමයි කියල පිරිමි වෙලා ආය ඉපදෙන් නැති එකක් නෑ..

    මේක නම් ටිකක විතර හරි. ගැහැණු ආසා කරන්නේ ගැහැණුන්ගේ දේවල් වලට, පිරිමි ආසා කරන්නේ පිරිමින්ගේ දේවල් වලට, ආසාව නිසානේ නැවත උපදින්නේ..
    නමුත් මේක වෙනස් වෙන්න පුලුවන්. ලංකාවේ පුනර්භව පර්යේෂණ වලදිත් මේක කණපිට හැරිච්ච සිද්දි වාර්ථා වෙලා තියෙනවා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බෞද්ධ දර්මයේ සියල්ලම පැහැදිලිව විනිවිදව දේශනා කරලා තියනවා. නමුත් පසු කාලීනව බ්‍රහ්මණ සහ ජයින ආගම්වල බලපෑම් ඇවිත් බුදු දහම වෙනස් කරලා තියනවා.

    මම හිතන්නේ නැහැ කිසිම දිනක බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇති කියල කාන්තාවක්ව උපදින්නේ පව් කලාම කියලා.

    අපේ මිනිස්සු කවුරුහරි ස්වාමින්වහන්සේ නමක් දේශනා කරන බණක් අහල සියල්ල පිලි අරන් පැත්තකට වෙලා ඉන්නවා. තමාගේ බුද්ධියට ගෝචරව සිතන්නේ නැහැ. බුදුන් වහන්සේ පවා කියලා තියෙන්නේ තමන් වහන්සේ දේශනා කරපු දෙයක් උවත් එක සැරේට පිළිගන්න එපා කියලා. එය තමන්ගේ බුද්ධියට ගෝචර වේනම් පමණක් පිළිගන්න කියලා.


     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    මම හිතන්නේ නැහැ කිසිම දිනක බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇති කියල කාන්තාවක්ව උපදින්නේ පව් කලාම කියලා.
    ඒක එහෙම තමයි බන්...ටිකක් හිතපන් වේදනාකාරී ලිංගික අවයව පද්ධතියක්(මාසික ඔසප් වීම) ලැබෙන්න පව් කරන්න ඕන නේද කියල.
     

    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    බුද්ධ දේශනාවෙහි ඇතැම් කරුණු කාරණා, වර්තමාන සමාජ ක්‍රමය එක්ක සසඳුවාම දරුණු සහ අපහාසාත්මක ලෙස ප්‍රකාශ ලෙස ගන්නට අපේ උදවිය පුරුදු වෙලා ඉන්නවා. සමාජ ක්‍රමය කාලෙන් කාලෙට වෙනස් වුණාට බුදුදහම අකාලිකයි. අපේ පෘතග්ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන තාක් කල් බුදුදහමේ දේශනා වෙන, අපට අමිහිරි ලෙස දැනෙන කාරණා, ඒ තිත්ත රසය වමාර වමාරා කනවා වෙනුවට යහපතකට යොදා ගත්තා නම් හරි.

    අද දවස වෙනකොට කාන්තා සම අයිතිවාසිකම් වලින් ඔබ්බට ගිහින්, ස්ත්‍රීත්වය සමරන තත්වයක් සමාජ ජාල වල හොදින්ම දකින්නට තිබෙනවා. ස්ත්‍රියකගේ මානුෂිය ගුණධර්ම, ගැබිණි මවක් දරන පිරිමියකුට නොදැරිය හැකි දැරීම ගෞරවයට ලක්වීමේ ගැටළුවක් නැහැ. එය වෙන්න ඕනි. එහෙත් යම් ලිංගික අවයවයක් දරූ පමණින් ඒ පුද්ගලයාට ගරු කරන්න ඕනි කීම විහිළුවක්.

    මෙතනදී ඒ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ ස්ත්‍රී බව ලබන්න හේතුවක් මිසක් ස්ත්‍රිය පහත් තත්වයකට අද දැමීම නෙවෙයි.

    මේ විදියට අපේ කෝණයෙන් විතරක් බැලුවොත්, සිදුහත් කුමාරයා යශෝධරාව අත්හැර ගිය නිසා යශෝධරාව හරි නම් වන්දි ඉල්ලන්න ඕනි. බෝධිසත්වයන් වහන්සේ පුරපු සමහරක් පාරමිතාවන් මෝඩ ඒවා ලෙස සලකන්න ඕනි.

    සංසාරයේ හැමදාම මේ සමාජ සම්මුති, මේ නීති රීති නැහැ.
     
    • Like
    Reactions: HSW

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙහෙමනෙ ඕක සරලව කිව්වොත්....
    පිරිමියෙක් කාමය වරදවා හැසිරුනොත් ඊලග භාවයේදී අපායේ වැටෙනවා...එහෙම පව්‍ ගෙවල ඉවර උනාම නපුංසක වෙලා ඉපදෙනවා... එහෙමත් පව් ගෙවල ඉවර උනාම අන්තිමට ගැහැණියෙක් වෙලා ඉපදෙනවා...එතනින් පස්සේ පිරිමියෙක් වෙලා ඉපදේවා කියල ප්‍රාර්ථනා කරල පිං දහම් කලේ නැත්නම් දිගටම කාන්තාවක් විදියටම ඉපදෙනවා...ඒක තමයි තිත්ත ඇත්ත...
    reputation_neg.gif
    කාන්තාවක් වෙලා ඉපදුනේ... 07-21-2017 07:44 AM බොරු බේගල් එපා - 11
    ඔයා මොන step එකේද? :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමනෙ ඕක සරලව කිව්වොත්....
    පිරිමියෙක් කාමය වරදවා හැසිරුනොත් ඊලග භාවයේදී අපායේ වැටෙනවා...එහෙම පව්‍ ගෙවල ඉවර උනාම නපුංසක වෙලා ඉපදෙනවා... එහෙමත් පව් ගෙවල ඉවර උනාම අන්තිමට ගැහැණියෙක් වෙලා ඉපදෙනවා...එතනින් පස්සේ පිරිමියෙක් වෙලා ඉපදේවා කියල ප්‍රාර්ථනා කරල පිං දහම් කලේ නැත්නම් දිගටම කාන්තාවක් විදියටම ඉපදෙනවා...ඒක තමයි තිත්ත ඇත්ත...

    ඔය කියන විදිහට කාන්තාව ඉන්නෙ නපුන්සකයින්ටත් වඩා පහල තැනක නෙ :(