අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,

    මම ඇත්තටම අභය හිමි කියූ දේ දන්නේ මෙතන පල වෙන දේවල් වලින්.

    මම එයට ඇහුන් කන් දී ඔබ්ත් සමග සාකච්ඡාවට එන්නනම්.

    කරුනාකර එතකන් පොඩි එවසීමකින් ඉන්න.
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මම හිතන්නේ තව පොඩ්ඩක් වැඩි abstract concept එකක් ගත්තොත් මොකද?
    අපේ සංවාදයේ පැහැදිලි බව සඳහා..

    උදාහරණයක් විදියට පහත සඳහන් දෙය.

    (-4) හි වර්ගමූලය 2i වේ. ( √(-4) = 2i )

    මේක සම්මතයක්. කොහොමද මේ සංකල්පය රූපයක් විදියට උපාදාන වෙන්නේ.

    ඔය කියන විදියට මේ සංකල්පයත් රාගයෙන් හෝ ද්වේශයෙන් පටි + ඉච්ච වෙලා උපාදාන විය යුතුයි එක අවස්ථාවකවත්.
    එහෙම නොවුනොත් ඒක නිච්ච සංකල්පයක් වෙනවනේ ඔය තර්කය අනුව.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනිච්ච සංඥා සූත්‍රය අහන්න වෙලාවක් ලැබුනෙ නැහැ. එහෙත් මම අහල තියෙනව එක් එක් ස්වාමින් වහන්සේලා ත්‍රිපිටකය පහදා දෙනකොට මේ විදිහට දේශණා කරනවා

    අනිච්ච =
    1 අනිත්ය
    යන්න
    2 අනිච්ඡ හෙවත් ඉච්ඡාව ඉටු නොවීම

    පටිච්ච =
    1 නිසා යන්න
    2 පටි ඉච්ඡ හෙවත් කැමැත්තෙන් බැදිම

    මේ දෙකෙන් කෝකද හරි? පහදා දෙනවට ගොඩක් පින්


    මට පටිච්ච වෙනවා කියන එක පොඩ්ඩක් කියා දෙනවද?සරල තේරුම ??
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් පින්වත
    මම වාහනයක් එලවන් යන වෙලාවක පාර මැද්දෙ කොස් ගහක් දැකලා ඔය කියපු විදිහට කොස් ගහ නැහැ කියලා හිතලා අැරලා ගියොත් කෙලිනව නේද ගහට.

    එක දෙයක් කියන්න අමුහොරු කියන ඒවා අහන්න එපා කියන ඔබේ තත්වය තරම සහ දැ‍නුුමේ මට්ටම කුමක්ද?
    කොස් ගහක් නම් නැ මන් දන්නා තරමින් සතරමහා දාතු වල එකතුවක් පවතිනවා :yes:පටවි දාතුවේ වහානය වද්ද ගත්තොත් ඔබේ සරිරයේ දාතු මනසිකාරය කාට හරි කරන්න පුළුවන් වේවි
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,


    මම හිතන්නේ තව පොඩ්ඩක් වැඩි abstract concept එකක් ගත්තොත් මොකද?
    අපේ සංවාදයේ පැහැදිලි බව සඳහා..

    උදාහරණයක් විදියට පහත සඳහන් දෙය.

    (-4) හි වර්ගමූලය 2i වේ. ( √(-4) = 2i )

    මේක සම්මතයක්. කොහොමද මේ සංකල්පය රූපයක් විදියට උපාදාන වෙන්නේ.


    ඔබ "රාග" යනු පාලි වචනයේ සිහල පරිවර්තනයෙන් අරගෙන.

    රාග පාලි වචනයට ප්‍රිය හෝ මධුර ස්වභාවය ඇතුල් වේ. යම් කිසි දෙයකට ප්‍රිය විමෙත් භවය සකස් වෙයි.

    ඔබට උදාහරනයක් දෙන්නනම්. තථාගතයන් වහන්ස ඔහුට ප්‍රිය කිරිමත් අනුමත නොකර ඇත.

    හැබයි ඔබ ඉදිරිපත් කර ඇති සම්මතය ඊට වඩා ලෙහෙසියි පැහැදිලි කරන්න.

    ඔය සූත්රය දැක්ක මොහොතේ පටන් එය විසදන්න නලියන අය බොහෝ ඉන්නවා.

    ඒ අය නලියන්නේ ඔය සූත්රයට රාගයෙන් බැදී, සංස්කාරයක් සකස් කර ගෙනය.

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සාකච්ඡා සාරාංශය:

    කෙනෙක් ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරන්නේ කෙසේ දැයි ප්‍රශ්ණ කරයි.

    තව කෙනෙක් ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මෙසේ යැයි නොකියා ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තියට රාගයෙන් බැඳීම හෝ ද්වේෂයෙන් ගැටීම කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මෙසේ යැයි ඇසූ දේට අදාළ නැති උත්තරයක් ඇසූ දේට අදාළ උත්තරය ලෙස දැක්වීමට උත්සාහ කරයි. ඒ කෙනා ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය එකකි, ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය සංඥාව (හඳුනාගැනීම) වන පරිදි මනසට ගෝචර වන ධර්මය අනෙකකි යැයි වටහා ගෙන නොමැත. නොදන්නා හේ ඒ දෙකම එකක්ම යැයි සිතා සබ්බ යන්නට ධර්මය ඇතුලත් බැවින් සබ්බ යන්නට ප්‍රඥප්තියද ඇතුලත් විය යුතු යැයි වරදවා ගෙන ඇත. එසේ වරදවා ගෙන ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරයි යන අන්ධබාල කථාව පවසයි.

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ච යනු කැමැත්ත ඉෂ්ට නොකරයි යන හෑල්ලට ගොඩ ඒමක් නැත!

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත් Harvard-Bio,

    ඔබ විවේචන කරන අභය හිමි ගේ දෙසනාව මම මෙතැන ප්‍රකාශයට පත් කරමි.

    &t=6122

    ඔහු කියා සිටින්නේ පාද තුනේ ත්‍රිකෝණ සම්මුතිය නිත්‍ය බව.

    මෙතන මේ "Skylark" කියන පුද්ගලයා ඔහුගේ අන්තරජාල අඩවියෙත් එය මෙසේ විවේචන කර ඇත.

    "මෙය ත්‍රිකෝණය" යැයි පනවන ලද ත්‍රිකෝණය ඇසත් නොවේ, රූපයකුත් නොවේ, කනත් නොවේ, ශබ්දයකුත් නොවේ, නාසයත් නොවේ, ගන්ධයකුත් නොවේ, දිවත් නොවේ, රසයකුත් නොවේ, කයත් නොවේ, පොට්ඨබ්බයකුත් නොවේ, මනසත් නොවේ, ධර්මයකුත් නොවේ. ඒ නිසා සබ්බ සූත්‍රයට අනුව විමසීමේදී එම ත්‍රිකෝණය "සියල්ල" යන්නට අයිති නැහැ."

    -Skylark

    මේක ඉතා සරල දෙයක් පැහැදිලි කර දීමට.

    අපි හිතමු තථාගයන් වහන්ස යම් පෙර භවයක ත්‍රිකෝණ සම්මුතිය යම් කෙනෙක් සමග සාකච්ඡා කර බව.

    එම සාකච්ඡාව යලි සිහිපත් කිරන්න ඔහුට බැරිද බදු වූ පසු? ඒ කියන්නේ මේ ත්‍රිකෝණ සම්මුතිය නිත්‍ය වශයෙන්ම නාම ගෝචර වී ඇත්ද, නැද්ද?

    ත්‍රිකෝණ සම්මුතිය "සියල්ල" යන ගොඩට ගෝචර වුනේ නැත්තම්, එය මතක සටහනක් වී ඇත්තේ කෙසේද?

    එය නිත්‍ය නම්, මේ Skylark කියන පුද්ගලයා වැරදියි නේද?

     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් Harvard-Bio,

    ඔබ විවේචන කරන අභය හිමි ගේ දෙසනාව මම මෙතැන ප්‍රකාශයට පත් කරමි.

    &t=6122

    ඔහු කියා සිටින්නේ පාද තුනේ ත්‍රිකෝණ සම්මුතිය නිත්‍ය බව.

    මෙතන මේ "Skylark" කියන පුද්ගලයා ඔහුගේ අන්තරජාල අඩවියෙත් එය මෙසේ විවේචන කර ඇත.



    මේක ඉතා සරල දෙයක් පැහැදිලි කර දීමට.

    අපි හිතමු තථාගයන් වහන්ස යම් පෙර භවයක ත්‍රිකෝණ සම්මුතිය යම් කෙනෙක් සමග සාකච්ඡා කර බව.

    එම සාකච්ඡාව යලි සිහිපත් කිරන්න ඔහුට බැරිද බදු වූ පසු? ඒ කියන්නේ මේ ත්‍රිකෝණ සම්මුතිය නිත්‍ය වශයෙන්ම නාම ගෝචර වී ඇත්ද, නැද්ද?

    ත්‍රිකෝණ සම්මුතිය "සියල්ල" යන ගොඩට ගෝචර වුනේ නැත්තම්, එය මතක සටහනක් වී ඇත්තේ කෙසේද?

    එය නිත්‍ය නම්, මේ Skylark කියන පුද්ගලයා වැරදියි නේද?



    පින්වත් Harvard-Bio,

    එක්කෙනෙක් දැන් තවත් මොකක්දෝ හෑල්ලක් ගෙනැවිත් තිබේ.
    මොවුන්ගේ මේ කථා ඇසුවාම මොවුන් මෙබඳු පචයක්ද පැවසිය යුතු බව ගම්‍ය වේ:

    "නිර්වාණය කැමැත්ත ඉෂ්ට නොකරයි."

    එබඳු පචයක් මොවුන් පැවසිය යුතු වනුයේ "ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරයි" යන්න නිවැරදි යැයි දක්වන්න මොවුන් ගෙන හැර පාන හේතු දැක්වීම් වලට අනුවයි. මොවුන්ගේ ඒ මුළාවට කාරණා වන හේතු දැක්වීම් වලට අනුව නිර්වාණය ද සියල්ලට ඇතුලත් විය යුතුය යන අර්ථය ඇති වේ. ඒ අනුව "නිර්වාණය කැමැත්ත ඉෂ්ට නොකරයි" යන මුළා වූ ප්‍රකාශය ද නිවැරදි යැයි මොවුන් පිළිගත යුතු බව විද්‍යාමාන වේ.

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ච යනු කැමැත්ත ඉෂ්ට නොකරයි යන හෑල්ල ගොඩ දැමීමට උත්සාහ ගන්නා එක්කෙනෙක් ගොඩ එන්නට බැරි වන පරිද්දෙන් වැඩි වැඩියෙන් එරේ!

    Skylark
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,




    එක්කෙනෙක් දැන් තවත් මොකක්දෝ හෑල්ලක් ගෙනැවිත් තිබේ. මොවුන්ගේ මේ කථා ඇසුවාම මොවුන් මෙබඳු පචයක්ද පැවසිය යුතු වේ:

    "නිර්වාණය කැමැත්ත ඉෂ්ට නොකරයි."



    කරුනාකර ඕතැනට ආපු හැටි ටිකක් විස්තර කරලා දෙන්න මට.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "එකයි එකයි දෙක වීම කැමැත්ත ඉෂ්ට නොකරයි."

    Skylark
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,

    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "එකයි එකයි දෙක වීම කැමැත්ත ඉෂ්ට නොකරයි."


    මෙතන ඔබ වගේ වැරදී මතය දරන තව කෙනෙක් හිටියා. මම ඔබට එය තේරුම් ගන්න උදව් කරන්නම්.

    ඔබට දැන් තියෙන මිත්‍යා දෘෂ්ටිය

    ත්‍රිකෝණය -> අනිච්ච -> කැමැත්ත ඉෂ්ට නොකරයි
    එකයි එකයි දෙක වීම -> අනිච්ච -> කැමැත්ත ඉෂ්ට නොකරයි

    ඇත්තටම වෙන දේ

    පංචස්කන්දය (aggregates) -> පංච-උපදාන්ස්කන්දය ( clinging aggregates)

    ත්‍රිකෝණය -> යම් කෙනෙක් එය උපදාන කරන විලාශය -> රාගය -> අනිච්ච -> කැමැත්ත ඉෂ්ට නොකරයි
    එකයි එකයි දෙක වීම -> යම් කෙනෙක් එය උපදාන කරන විලාශය -> ද්වේශය -> අනිච්ච -> කැමැත්ත ඉෂ්ට නොකරයි
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "ආර්ය්‍යසත්‍යයන්හි සත්‍යය හතරක් පැවතීම කැමැත්ත ඉෂ්ට නොකරයි."

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,

    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "ආර්ය්‍යසත්‍යයන්හි සත්‍යය හතරක් පැවතීම කැමැත්ත ඉෂ්ට නොකරයි."


    මතක තියාගන්න -> සබ්‌බං, භික්‌ඛවෙ, අනිච්‌චං (හිතේ තියන ඒවා)

    "ආර්ය්‍යසත්‍යයන්හි සත්‍යය හතරක් පැවතීම" වගේ ධර්මතා පිටස්තරයේ අනිත්‍ය වශයෙන් ඇත.

    නමුත්, "අනිච්‌චං" වලට පටහැනි වෙන්නේ එය හිතට ගත් අරමුනෙන්, නැත්ත්ම් එය රාගය හෝ ද්වේශයෙන් උපදාන කල පසු බිමක විතරයි.

    නිවන පවා ඔබට රාගයේන් උපදාන කල හැක. ඇත්ත වශයෙන් ත්‍රිපිටකයේ එය ඔරුවක් වශයෙන් උපමා කර ඇත.

    ඒ ඔරුව ඔබට අරිය අෂ්ටාංග මාර්ගයේ ගමනට උදව් උපකාර කරයි.

    නමුත් ගගෙන් එතර වූ පසු, එයත් අතහැර දැමීය යුතු වේ. අතහැර නොදැම්මොත් එයත් අනිච්‌චං වි නිවන වහයි.



    .
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වීම කැමැත්ත ඉෂ්ට නොකරයි."

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    "භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වීම" හිතේ හට ගන්නා ආකාරයට එයද අනිච්‌චං වේ පින්වත.

    භාග්‍යවතුන් වහන්සේ පවා සම්මා සම්බුද්ධ වීමට රාගයක් බැදුනොත් එය "විභව තන්හාවක්" වී අනිච්‌චං වේ.

    නමුත් එවන් දෙයක් වෙනවා කියා හිතන්නවත් මම කැමති නැහැ.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනිච්ච යන වචනය "කැමැත්ත ඉෂ්ට නොකරයි" යන අර්ථ ඇතැයි මුළා වූ අය අනුවණකමින් පිළිගන්නා "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." වැනි අන්ධබාල කථා තවත් හදන්න පුළුවන්. මේ තව එකක්:

    "නිර්වාණගාමී ප්‍රතිපාදාවේ අංග අටක් පැවතීම කැමැත්ත ඉෂ්ට නොකරයි."


    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,063
    789
    113
    පින්වත,

    ඔබට මේක ලෙහෙසියෙන් තෙරුන් ගන්න විදියක් පැහැදිලි කරන්නම්.

    නාම පද -> පංචස්කන්දය
    ක්‍රියා පද -> පංච-උපදාන්ස්කන්දය -> අනිච්‌චං වේ

    "නිර්වාණගාමී ප්‍රතිපාදාවේ අංග අට" -> මෙය නාම පදයක්.

    අමනිසා එයට අනිච්‌චං අදාල නැහැ පිනිවත.

    මේක ඔබට අදට දෙන අන්තිම ප්‍රතිචාරයි.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    භවත්නි, මෙලොව මෙබඳු මෝඩ පුද්ගලයෝ වෙත්. කෙබඳු මෝඩ පුද්ගලයෝද යත්, කාලයට අනුව වෙනස් නොවන, පුද්ගලයින්ට අනුව වෙනස් නොවෙන, පුද්ගලයින් කරන ක්‍රියාවන්ට අනුව වෙනස් නොවන, සැම විටම වලංගු පරම සත්‍යය ලෙස මෙබඳු අන්ධබාල කථා පවසන සහ පිළිගන්නා අයයි:

    "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි."
    "එකයි එකයි දෙක වීම කැමැත්ත ඉෂ්ට නොකරයි."
    "ආර්ය්‍යසත්‍යයන්හි සත්‍යය හතරක් පැවතීම කැමැත්ත ඉෂ්ට නොකරයි."
    "භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වීම කැමැත්ත ඉෂ්ට නොකරයි.
    "

    පෙර දින නිවසට පැමිණි ඥාතියෙකුට මම "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි." යන අන්ධබාල කථාව ගැන පැවසුවෙමි. බුදු දහම ගැන බොහෝ දැනුමක් නැතද එය ඇසූ පමණින් ඥාතියාට සිනා පහළ විය. ඥාතියා මෙබන්දක් ද පවසන ලදී: ඒක හරියට යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ කථාවක් නේ!

    Skylark
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0


    මේ thread එකට පොස්ට් දැම්ම ඇති වගේ හිතුන. මේක දාන්නේ මට අනිතිමට හිතුනු දේ කියන්න.

    මම මේ thread එකෙන් දැනගන්න ඕන දේ දැනගත්ත. ඒ නිසා තව post දාන එක නැවැත්තුව.
    කොහොම උනත් රජිත ගේ මහන්සියට ස්තුතියි.

    ඒ උනාට මචන්, උඹට කවදාහරි ඔය පාර වැරදි කියල තේරේවි.

    අභය හාමුදුරුවෝ ත්‍රිකෝණ කතා ඇදල ගත්තට, ඇතුලට ප්‍රශ්න කරගෙන යනකොට ඒ කතා වල තියෙන මෝඩ බව පේනවා.
    එතකොට දෙන්න වෙන්නේ "යන්නෙ කොහොද මල්ලෙ පොල් වගේ" උත්තර.

    මට රජිතගෙන් උදාහරණයක් ගන්න ගොඩාක් මහන්සි වෙන්න උනා. එත් ඒ උදාහරණ දැක්කම තේරුණා එයා කොතනද ඉන්නේ කියල.

    අන්තිම පොස්ට් එකෙත් මට ඕන උනේ ත්‍රිකෝණ සංකල්පයට පොඩ්ඩක් එහාට ගියපු abstract දෙයක් ගැන අහන්න. මොකද එයා කිව්වා හැම සංකල්පයක්මත් රූපයක් විදියටයි උපාදාන වෙන්නේ කියල. ඉතින් මම ඇහුව සංකීර්ණ සංක්‍යාවල එන සම්මතයක් ගැන. ඒක පොඩ්ඩක් වැඩි උනා වගේ මොකද එයා හිතුවේ ඒ i වලට ලියපු සරල සමීකරණයක් කියල. අපි ඒක අමතක කරමු.
    එත් අඩු ගානේ 1 + 1 = 2 කියන සම්මතයවත් කොහොමද රූපයක් විදියට උපාදාන ක‍රන්නේ කයන එක වටිනවා.

    මමත් කාලයක් අභය හාමුදුරුවෝගේ බන ඇහුව. Office එකේ නිවාඩු දාල භාවනා කරන්න ගියා. මන් එක සිද්ධියක් කියන්නම්.
    ඒ භාවනාවේදී මම ගියපු දවස්වල හාමුදුරුවෝ හුස්ම රැල්ලට හිත තියල සමත කර ගන්න වැඩේ promote කලේ නෑ. හාමුදුරුවෝ කිව්වා ඒ අනාර්ය භාවනාව කියල.
    හාමුදුරුවෝ කමටහන් විදියට එක එක ගාථා කියනවා. අපි භාවනා කරනවා. එත් මට පුරුදු වෙලා තිබුනේ හුස්මට හිත තියන එකමයි. ඒ විදියට කරනකොට මට හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂනත් දැනෙනවා. (හාමුදුරුවෝ කියන ධ්‍යාන ලක්ෂණ ).
    මගේ හොඳම යාලුවෙක් හිටිය අභය හාමුදුරුවොන්ට ගොඩක් හිතවත්. දේශනා වලට යද්දී එහෙම එයා කාර් එකෙන් හාමුදුරුවො එක්කගෙන එහෙම
    යනවා.
    මම එයාට කිව්වා මේ භාවනා ප්‍රශ්නේ ගැන. එය හාමුරුවොන්ගෙන් අහල කිව්වා, ඒ ක්‍රමය අනාර්ය භාවනා ක්‍රමය කියල.

    ඊට මාස දෙකකට විතර පස්සේ අර යාළුවා මට කතා කළා. හාමුදුරුවෝ කියල, එයාට හම්බවුනාලු සුත්‍රයක්, එකට අනුව හුස්ම රැල්ලට හිත තියලත් ආර්ය භාවනාව කරන්න පුළුවන් කියල. වෙලාවට මම ඒ වෙනකොට ඒ බන වල තියෙන වැරදි තේරුම් අරන් තිබුනේ.

    මට ඒ වෙලාවේ හිතුනේ එහෙම කොහොමද තමන්ගේ අනුගාමිකයන්ට පාර කියන්නේ. හෙට කියන දේ වෙනස් වෙනවා හාමුදුරුවෝ අලුතෙන් කියවන දේ අනුව.
    එහෙම වෙන්න බෑනේ. කාට කාටත් හරි පාර පෙනේවා.