ප්‍රවේසම් වන්න අළුත් ජාවාරමක්
කාලෙකට කලින් ඉන්ගම්මාරුව ටෙලි නාට්‍යෙය් එක් පුද්ගලයෙක් වාහන වලට බොරුවට හැපුනයි කියල අඟවල ඩ්‍රයිවර් බය කරල සල්ලි හොයන ජාවාරමක් කරපු හැටි ඔබලාට මතක ඇති. ඇත්තටම ඒ අය කොළඹ ඉන්නව, ඒ අයට මැග්නට් කියල කියනවත් අහල තියෙනව.
දැන් ඒ දේ වේගයෙන් කොළඹ ආශ්‍රිතව සිදුවෙමින් යනව කියල දැනෙනව විශේෂයෙන් ත්‍රී රෝද රථ යොදාගෙන. Sri Lanka traffic violation පිටුවෙ මේ ගැන ගොඩක් ගිහිපු නිසා දාන්න හිතුවේ. පසුගිය සති කීපය තුල ගොඩක් දුරට යම් වාහන පස්සෙන් ත්‍රී වලර් එකක් ඇවිල්ල තමුසෙ මගේ වාහනේ හැප්පුව කියල ගේම ඉල්ලන්න එනව. මේකට මහළු පුද්ගනයන් හා කාන්තාවන් අහුවෙනව වැඩියි... සමහර වෙලාවට ත්‍රී විලර් එකේ යම් ඩැමේජ් එකක් පෙන්නල අලාභෙ ඉල්ලනව, නැතනම් තමුසෙ මාව හැප්පුන කියල ලේ පෙන්නනව, පෙන්නල බය කරල සල්ලි ඉල්ලනව, එහෙම සල්ලි දෙන්න යන වෙලාවෙ පර්ස් එකත් අරං පැනල ගැහිපු ත්‍රී රෝද රථ රියදුරෙක් ගැනත් වාර්ථා වෙලා තියෙනව.
ඉතින් මේ හින්ද ඔය විදියට තමන්ව බලෙන් නවත්තන්න හදනකොට පුලුවන් නම් ජනාකීර්ණ තැනක වාහනේ නවත්තන්න පුලුවන් නං යම් ආරක්ෂාවක් ලැබෙයි. ත්‍රී විලර් එකට වෙච්ච ඩැමේජ් එකට අදාලව තමන්ගෙ කාර් එකේ ඩැමේජ් එකක් තියෙනවද කියල බලන්න පුලුවන්, තමන්ට ශුවර් නං තමන් අතින් වරදක් වුනේ නෑ කියල වැඩේ පොලීසියට කියන්න. තුවාල වුනා කියල කියනව නං එයාව රෝහලකට එක්කන් ගිහින් ඉදිරි වැඩ කටයුතු කරනව නං වැඩිය හොඳයි. ඩෑෂ් කැම් එකක අගය තේරෙන්නෙ මේ වගේ වෙලාවක තමයි. වැඩේට සම්බන්ධ ත්‍රී විලර් එකේ නම්බර් එකත් ලියා ගත්ත නං හරි. මේ වසංගතය ඉක්මනින් නැවැත්විය යුතුයි..