Nanda Malini Sri Lanka is on Sale Song: Song for today's Sri Lanka

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe


    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ…
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ…
    එවා නොවික්කොත් අපි හැම මකර කටේ…


    දළදා මැදුර අධිකව මිල කල හැකිය…
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය…
    කළුගල් වලට විකුණා ගෙන සීගිරිය…
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…


    හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට…
    පවරා සිංහරාජය ලී මෝළකට…
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට…:shocked:


    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.

    mai%2Bran.jpg


    former-sri-lankan-foreign-minister-mangala-samaraweera-kisses-the-new-picture-id688101172


    Mun Rata Kava Hutto:angry::angry::angry::angry: Dan parakku wadiii :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රාජපක්ෂලා විසින් හම්බන්තොට වරාය හරහා රට පැටලූ ණය උගුලේ තරම කොතෙක්දැයි කිවහොත් මෙම වරාය විවෘත කෙළේම එය නිම කර නොතිබියදී වරාය මැද්දේ ගලකුත් තබා ගෙන 2010 දී ය. ගල කඩා වැඩ අහවර කෙළේ 2011 දී වුව ඊට නැව් ආවේ නැත. නැව් ආවේ නැති කොට මේ ගොං වහන්සේලා කෙළේ කොළඹ වරායට ප්‍රතිනැව්ගත කිරීමට එන රථ වාහන පුරවා ගත් නැව් හම්බන්තොට වරාය කරා හරවා යවමින් හම්බන්තොට වරායට නැව් එන බව ජනතාවට පෙන්වා මුලා කිරීම මිස ප්‍රශ්නයට පිළිතුරක් සෙවීම නොවේ.

    ඉන් වූයේ කොළඹ වරායේ ආදායම වැටීම ය. කොළඹට එන නැව් යවාද 2011 සිට මේ දක්වා වසර 6 කටම හම්බන්තොට වරායට පැමිණ ඇත්තේ නැව් එකසිය ගණනකි. කොළඹින් හරවා යැවූ නැව් ටික ගණන් නොගතහොත් නියමාකාරයෙන් හම්බන්තොටට මේ දක්වා පැමිණ ඇත්තේ නැව් 12 ක් තරම් සොච්චමකි. ඒවාද ප්‍රදර්ශණ ගමන් පැමිණි සංචාරක නැව් මිස ව්‍යාපාරික ගමන් ආ නැව් නොවේ.

    රාජපක්ෂලාගේ වරාය නාටකය ඛේදාන්තයක් වෙද්දී හම්බන්තොට වරාය සඳහා ගත් ණයේ ලබන වසරේ දී ගෙවීමට නියමිත ණය වාරිකය පමණක් රුපියල් බිලියන 9.1 ක් විය. එය 2020 දී සිට රු.බිලියන 15 ක් දක්වා වැඩිවේ. හම්බන්තොටින් කිසිදු ආදායමක් නොලැබෙද්දී මේ ණය ගෙවිය යුතුව තිබුනේ කොළඹ වරායේ ලාභයෙනි. එසේ වී නමුත් කොළඹ වරායේ ලාභය ඇත්තේ සාමාන්‍ය වශයෙන් රු. බිලියන 11 කි. ලබන වසරේ ගෙවිය යුතු රු. බිලියන 9.1 ගෙවුව හොත් කොළඹ වරායේ සේවකයන්ට බෝනස් එකවත් ලබා ගැනීමට මුදල් නැත. 2020 සිට ගෙවීමට නියමිත බිලියන 15 ගෙවීමට නම් තව බිලියන 4 ක් ණය වීමට ද සිදුවනු ඇත. මේ අනුව රට වැටී තිබුනේ සමස්ථ වරාය පද්ධතියම කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා ය.
     
    Last edited: