සිංහල භාෂාවෙන් = කළුනබකරබේබිය
දමිළ භාෂාවෙන් = කරුවෙම්බු
ඉංග්‍රිසි භාෂාවෙන් = කරිලීප්
සංස්කෘතභාෂාවෙන්= කෘෂිනනිම්බ හඳුන්වා ඇති අතර මෙහි මව්බිම ඉන්දියාව හා ලංකාවයි.
උද්භිද විද්‍යාත්මක නාමයෙන්= Marraya Koenigi
කරපිංචා ආහාරයට රසයක්මෙන්ම සුවඳක් ද එක් කරන කුවබඩු වර්ගයකි. සිහින් බූවක් සහිත කරපිංචා කොළ තද කොල පැහැයෙන් යුක්ත වේ. එහි ලපටි දළු ලා කොල පැහැයක් ගනි. මෙම ශාඛය මීටර් 5ක් පමණ උසවේ. එහි ඵලය දම් පැහැයෙන් යුක්ත වේ. මෙහි මල් හට ගන්නේ අගෝස්තු හා දෙසැම්බර් මාසවලදීය. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල බහුලව යොදා ගන්නා බෙහෙත් වරිගයකි. සර්ප විෂ ඇතුළු වු විට කරපිංචා කැඳ සාදා බීමට දෙනු ලැබේ. අකලට කෙස් සුදුවීම වැලැක්වීමට ද , අධි රුධිර පීඩනය පාලනයටද, ශරීරයේ ඇතිවන තෙල් ගතිය පාලනයටද කරපිංචා බහුලව යොදා ගැනේ.