ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ්
ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ අනුරාධපුර විජයපුර විජය මාවත පදිංචි දලූවත්තගේ ප‍්‍රියන්ත කුමාර දලූවත්ත නැමැති ත‍්‍රිරෝද රථ රියදුරෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියා සිටියේ තම මිතුරියන් කණ්ඩායමක් සමග මෙරට සංචාරයකට පැමිණ ඇති මෙම ස්විස්ටර්ලන්ත තරුණිය අනුරාධපුර පුදබිම නැරඹීමට ද පසුගිය දිනක පැමිණ ඇති බවයි. එහිදී තමා නවාතැන් ගෙන සිටි ස්ථානය සොයා ගැනීමට නොහැකිව අනුරාධපුර නගරයේ සිට ඇති ඇය ත‍්‍රිරෝද රථ රියදුරකු විසින් පසුගිය 26 වැනිදා අලූයම බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
ලංකාදීප
එතකොට ඒ කෙල්ලට යම් කිසි සහනයක් දැනෙයි ලංකාවේ නීතියෙන් ඒ කෙල්ලට සහනයක් ලැබුනායි කියලාවත්.

ඒක මාර වැඩක් නේ.සුද්දෙක් තායිලන්ඩ් ගියත් ටුක් ටුක් එකෙන් යන්න කැමතියි..ඒක ඒ මිනිස්සුන්ට වෙනසක්.ඒ සුද්දන්ගේ රටවල් වල ටුක් ටුක් නැති නිසා.ඒ වගේ තමා මෙහෙ ආවහමත්.
ඔන්න බලපන් අපේ මිනිස්සු තමන්ගේ රටේ උන්ගේ වැරැද්ද පිළිගන්න කැමති නැති හැටි.ඕකම තමා මේ රට අද මේ තත්වෙන් තියෙන්නේ.දැන් ත්‍රීවීල් එකේ ගිය කෙල්ල තමා වැරදි.

