මම 2009 කාලෙදි පාවිච්චි කරා Sony Ericson 850i කියල ෆෝන් එකක්. 5 megapixel camera කිව්වහම ඒ කාලෙ මැජික් තමයි පුතී. Xenon flash එකක් තිබුනේ 5 megapixel වුනාට දැන් තියෙන 8 megapixel කැමර එකකටත් වඩා කොලිටි ෆොටෝ ගත්ත ඒ කැමරා එකෙන්. ඒ කාලේ ෆොන් රජා තමයි nokia N95, N82. වගේ ඒව, මෙකත් ඒ මට්ටමේ එකක්, හැබැයි ෆෝන් එක සමහර වෙලාවට freeze වෙන වෙලාවල් තිබුනා. ඊට පස්සෙ මම Etel ෆෝන් එකකුයි, HTC ෆෝන් එකකුයි පාවිච්චි කරා. පස්සෙ මම ගත්ත 2013 විතර Xperia SP මම ඒක පොලවෙ ගහලත් තියෙනව ස්ක්රීන් එකට මුකුත් වුනෙත් නෑ. ෆෝන් එක පට්ට ගැහුව අවුරුදු 4 කට කිට්ටු වෙන්න. ඒ ෆෝන් එක රිලයබල් ඒත් උන් KitKat official update එක දුන්නෙ නෑ, සිංහල අකුරු කියවන්න රූට් කරන්නම වුනා. අන්තිම කාලෙ වෙනකොට බැටරිය වේගෙන් බහින්නයි ස්ලෝ වෙන්නයි රත්වෙන්නයි ගත්ත හින්ද වෙන ෆෝන් එකකට ගියා.