හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    බීඑම්ඩබ්ලිව් 1675 ක් ගෙන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

    ( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

    ඉකුත් රජය පැවති 2011 සිට 2014 දක්වා කාලය තුළඳී ව්‍යාජ වාහන බලපත‍්‍ර තොරතුරු ඉදිරිපත් කරමින් මෙරටට බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1675 ක් ගෙන්වීමේදී රජයට බිලියන 16ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කරන ලෙස ඉල්ලා හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙක් අභියාචනාධිකරණය හමුවේ අද (27) රිට් පෙත්සමක් ගොනු කළේය.

    එකී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් කරන ලද රේගු පරීක්ෂණ සටහන් සහ නිර්දේශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

    හිටපු රේගු අධ්‍යක්ෂකවරයෙකු වන මුරුගේසු තයාබරන් මහතා මෙම පෙත්සම කර තිබේ.

    රේගු අධ්‍යක්ෂක ජනරාල් චූලානන්ද පෙරේරා ,අතිරේක රේගු අධ්‍යක්ෂක ටී.ඩබ්ලිව්.ඒ සේනානායක ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සමන් ද සිල්වා ,ප්‍රෙස්ටීජ් ඔටෝ මොබයිල් පෞද්ගලික සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වන හෙයින්ස් ඇඩෝල්ෆ් රොයිටර් යන මහත්වරු සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කරු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි.

    එම කාලය තුළ රජයේ බලපත‍්‍රලාභීන් සඳහා බී.එම්.ඩබ්ලිව් වාහන ආනයනය කළ බව පෙත්සමේ දැක්වේ.මෙහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර එමඟින් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.

    හතරවැනි වගඋත්තරකරු විසින් සිදු කරන ලද මෙය රුපියල් බිලියන 16 කට වැඩි පාඩුවක් ලෙසින් ඇස්තමේන්තු කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

    ඒ අනුව මේ දක්වා රජයට සිදුවූ ලොකුම පාඩුව වශයෙන් මෙය සැලකිය හැකි බවද පෙත්සම්කරු කියා කියයි.

    එම මෝටර් රථ 1675 මෙරටට ගෙන්වීමේදී ව්‍යාජ වටිනාකම් පෙන්වමින් ආනයන බදු සහනයන් ලබා ගෙන ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

    වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් මේ සිද්ධිය සම්බන්ධයෙන් රේගු පරීක්ෂණ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලන පෙත්සම්කරු හතරවැනි වගඋත්තරකරුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය බාරයට ගැනීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ.

    එසේම මේ සිද්ධිය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ නිලධාරියෙකු පත් කර අධිකරණය නියම කරන කාලයකදී කඩිනම් පරීක්ෂණ කිරීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු‍ ඉල්ලයි.


    - http://www.lankadeepa.lk/latest_news/බීඑම්ඩබ්ලිව්-1675-ක්-ගෙන්වීම-ගැන-පරීක්ෂණයක්-ඉල්ලයි/1-514465
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    කෝටි දෙකක් අවභාවිතා කළ මහින්දගේ රියදුරුත් රිමාන්ඩ්

    (නිමන්ති රණසිංහ)

    නවගමුව ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රියදුරු කපිතාන් තිස්ස විමලසේන මහතා සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පිරිස් ලබන 11 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රානිමා විජය බණ්ඩාර මහත්මිය නියෝග කළාය.


    - http://www.lankadeepa.lk/latest_news/කෝටි-දෙකක්-අවභාවිතා-කළ--මහින්දගේ-රියදුරුත්-රිමාන්ඩ්/1-514439
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    Perpetual Treasuries paid Sri Lanka finance minister’s rent: bond probe

    Jul 24, 2017 22:10 PM GMT+0530

    ECONOMYNEXT - The controversial primary dealership in state securities, Perpetual Treasuries, paid the then Finance minister Ravi Karunanayake rent amounting to over 8.0 million rupees, an investigation was told Monday.

    The presidential commission investigating bond sales of the central bank was told that a condominium at the luxury Monarch tower was taken on lease by a front company of Perpetual Treasuries for minister Karunanayake and his family.

    The landlady, Anika Wijesuriya of East West properties, in her evidence said she leased her 5th floor apartment for 8.7 million rupees and the money was paid by a subsidiary of Perpetual Treasuries in January 2016.

    Subsequently, towards the end of the same year, Karunanayake bought the flat through his logistics company for 165 million rupees, she said.

    She said PT’s then CEO Arjun Aloysius had wanted her to destroy her copy of the lease agreement in 2016 following media leaks that he was paying rent for the finance minister, but she did not.

    The lease agreement had been registered at the lands registry.

    Proceedings are continuing.
    (COLOMBO, July 24, 2017)

    - http://www.economynext.com/PT_paid_Sri_Lanka_finance_minister’s_rent__bond_probe-3-8384-10.html


    රවි බදුගත් සුපිරි නිවසට මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌

    -මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස ඒකකයේ හිමිකාරිය බැඳුම්කර කොමිසමට කියයි


    ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

    හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතාගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායක මහතා විසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

    එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස්‌ පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.

    එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස්‌ මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක්‌ සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක්‌ වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක්‌ ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.

    මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.

    තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස්‌ මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.

    මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

    අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

    මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද 5 ඡ්‍යÊ2 අංකය දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායක මහතාගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කීවාය.

    තම පියාගෙන් තිළිණයක්‌ ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක්‌ පමණ වැයකළ බවද ඇය කීවාය.

    මුලින් මාස හයක කාලයක්‌ රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක්‌ එම මොනාක්‌ රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

    එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය "පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌" ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.

    තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.

    නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.


    - http://www.divaina.com/2017/07/25/news01.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    fcid2.jpg


    - http://www.bbc.com/sinhala/sri-lanka-40744016
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    "Ravi’s penthouse bought from funds without origin"

    2017-07-28 21:00:55

    The Rs.145 million used in making the initial payment of Rs.16.5 million and thereafter to pay the monthly loan installment of Rs.11 million for the controversial purchase of the Monarch Residency Penthouse in Colombo by a company owned by Minister Ravi Karunanayake's family, has no origin nor has it been accounted for according to what was revealed at the PCoI today.

    Testifying at the inquiry, Chief Financial Officer of the Global Transportation and Logistics Pvt Ltd (GTLPL), Mr B.R. Chinnaiya explained the manner in which the Monarch Residencies Penthouse had been purchased.

    The witness, who has 36 years of experience in the banking field had been also appointed to the Board of Directors of the BOC in 2015 by the then Finance Minister Ravi Karunanayake for a period of one year.

    * ASG Yasantha Kodagoda hints at money laundering

    * Rs.145 million unaccounted money in GTLPL Chairman Lakshmi Kanthan’s safe

    * GTLPL Chief Financial officer B.R. Chinnaiya makes startling revelation at inquiry

    It was earlier revealed that Minister Karunanayake and his family occupied a Penthouse at the Monarch Residencies for eight months on a lease basis and the monthly lease rental of Rs.1.45 million was paid by Arjun Aloysius.

    Subsequently the penthouse had been purchased for Rs.165 million by GTLPL, in which Minister Karunanayake’s wife Mela and daughter Onella were directors.

    According to the witness, the GTLPL has two major share holders, 30% acquired by a foreign company headed by the GTLPL Chairman and 70% owned by a company known as OSM Holdings, in which Ms. Karunanayake and their daughter Onella are directors.

    The witness said he was instructed by these two directors to obtain a loan and purchase the Penthouse in July 2016 for the use of the Chairman and the family or to be uses when foreign guests are required to be accommodated.

    The witness said he then negotiated with the Seylan Bank for the loan but had no negotiations with the price at which the GTLPL would buy the apartment.

    It was told that there was an advance payment of Rs.16.5 million had to be paid to the owner of the Penthouse.

    However, it was revealed during the evidence that the GTLPL did not have that much money in there account at the time.

    He said directors Ms Karunanayake and daughter Onella, instructed him to get the Rs.16.5 million from the Chairman’s safe at the company and pay the initial payment as they had obtained his permission to do so. Mr. Chinnaiya said there was Rs.25 million in the Chairman’s safe.

    Later, a loan of Rs.150 million had been granted by the bank on a mortgage to buy the Penthouse.

    It was also revealed that the witness had told the bank that the Company wished to buy the Penthouse to rent it out and the rental payment would be directly allocated into the repayment, though it never happened.

    The GTLPL agreed with the bank to repay the loan in 15 installments of Rs.11 million each.

    The witness said nine installments had been paid so far using the liquid cash available at the Chairman’s safe at the GTLPL.

    In a shocking revelation, when he was questioned about the origin of the money, the witness said Chairman ‘Lakshmi Kanthan’ who resides in Britain had arrived at the Company on two occasions in February 2016 and 2017 and dumped cash amounting to Rs.145 million in the Chairman's safe.

    The witness said that the Chairman had handed him Rs.70 million to be kept in the safe in February 2016 and later another Rs.75 million had been given in February 2017.

    It was revealed that the witness had accepted the cash on the two occasions and it had not been supported by any documentation or receipt issued to Mr. Kanthan neither were there any entries in the GTLPL accounts books regarding these two cash inflows.

    It seemed that the Commission and the Additional Solicitor General Yasantha Kodagoda who led the evidence were shocked with the comment of the witness and continued to question him about the origin of the money.

    The witness said he never questioned his Chairman Kanthan over how the money was generated.

    Justice Prasanna Jayawardena and Justice KT Chithrasiri asked the witness on what basis, being a prudent banker himself, had accepted the money by not verifying its origin. And the Commission also questioned the possibility of the practice that such a large amount of money being kept in a safe without allocating it to the business.

    ASG Kodagoda was also of the view that there could be criminal aspects, such as money laundering, deriving through such practices.

    On being questioned by the ASG, the witness said the Chairman's safe was of medium size and that he had brought the money in two parcels to be placed in the safe.

    Adding some amusement to the query, ASG Kodagoda commented, “the chairman’s safe is like a Perpetual Treasure Box”.

    Refering to the statement of accounts presented by the witness of the GTLPL, Justice Jayawardena also questioned the witness relating to the Rs.145 million given by the chairman. The witness was unable to find such an entry in the company's statement of accounts.

    The ASG finally explained to the commission that the initial payment of Rs.16.5 million and the installment of Rs.11 million for nine months had been paid from the money (Rs.145 million) placed in the chairman’s safe by Mr. Kanthan himself, while the origin of that money was not reflected in any documentation. (Shehan Chamika Silva)

    - http://www.dailymirror.lk/article/-Ravi-s-penthouse-bought-from-funds-without-origin--133728.html

    Treasury Bond issue: Perpetual Capital Holdings ordered to disclose its purchases from Jan.1, 2015 to date

    Saturday, July 29, 2017 - 01:00

    Amali Mallawaarachchi

    The Presidential Commission inquiring into the Treasury Bond issue has ordered Perpetual Capital Holdings Limited to disclose information on all the purchases it has done from January 1, 2015 up to date. Accordingly, the Perpetual Capital Holdings Limited is to furnish information on purchases, dates of transactions and costs on or before August 2, 2017.

    They are to provide the requested information in form of an affidavit.

    The Commission has sent the letter of request under Section 7 of the PCoI Act, on July 21,2017.

    The letter has been directed to the Chief Executive Officer of the Perpetual Capital Holdings Limited by the Secretary to the Treasury Bond Commission.

    Commissioner P.S. Jayawardena, reading out from the said letter,said the Commission would like to find out how purchases including W.M.Mendis & Co.Ltd, Voice of Asia Network associated with the Siyatha TV network, Integrated media network private limited, Janayugaya News paper and any other in the given time period, were done.

    Commissioner Justice P.S.Jayawardena pointed out that the requested information is required by the Commission because part of Commission’s mandate is to find out what happened to the Treasury Bonds purchased on February 27,2015 at the Primary market.

    Accordingly,Justice Jayawardena said the Commission will have to look into the secondary market transactions relevant to the questioned transactions and find out “where the money went.”

    Counsel for Perpetual Treasuries Limited Nihal Fernando PC said he will comply with the letter and provide details with regards to his company only.

    Meanwhile, President’s Counsel Kalinga Indratissa who represented Arjun Aloysius of the Perpetual Treasuries Limited informed the Commission that he will no longer be representing the his client. Instead, Indratissa PC said he will be representing Perpetual Capital Holdings Limited from that day (28) onwards.

    Indratissa PC said he will provide information on behalf of the Perpetual Capital Holdings Limited. Perpetual Capital Holdings Limited is the holding company of Perpetual Treasuries Limited.

    - http://www.dailynews.lk/2017/07/29/...rpetual-capital-holdings-ordered-disclose-its
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    My Wife And Daughters “Don’t Know Politics” – Penthouse Resident Ravi Karunanayake Tells Bond Commission

    The nexus between the then Finance Minister and present Foreign Affairs Minister Ravi Karunanayake and Arjun Aloysius became evident today at the Commission investigating the Bond Scam after the Attorney general read out text messages referring to the Minister.

    Despite Karunanayake’s denial at first, his relationship with Arjun Aloysius and then knowledge of the apartment he currently lives in, the Attorney Generals department derived clear proof of the nexus.

    Although initially denied, Karunanayake’s connection with the Sunday Leader was also laid bare at the commission.

    Karunanayake first denied that he knew Aloysius in any capacity other than a family friend. Dappula De Livera who questioned Karunanayake asked him what type of relationship he had with Aloysius.

    AG:” Was it a personal relationship?”.
    RK: No
    AG: Was it a official relationship?
    RK: No
    AG: Was it a business relationship?
    RK: No
    AG: Then what kind of relationship did you have?
    RK: A normal one, like any politician would have with people. You know they call me for jobs and all.

    Immediately thereafter De Livera pulled out the file containing the data of Aloysius’ mobile which ran into nearly 8600 pages.

    Startling evidence came before the Commission thereafter.

    One text message sent by Aloysius’ personal assistant to Aloysius was to obtain the minutes of the Monetary Board meeting, held on the 28th of November 2016.

    Content: Remind me to ask Hon MP RK to get a copy of the Monetary Board Paper on 28/Nov/2016.

    Karunanayke was startled and denied knowledge of the message. Thereafter he was asked if he had met with Aloysius and Karunanayake said ‘no’. The AG thereafter read out another text message

    From Steve Samuel – December 1st 2016:

    Good Morning Chairman Hope you had a good meeting with RK. Remind the 1 PM haircut.

    According to the data found on Aloysius’s text messages, it has come to light that both Ravi Karunanayake and Arjun Aloysius had both funded the Sunday Leader newspaper soon after the change in governments in 2015.

    Another text read To Arjun Aloysius

    Social media is a strong weapon these days.Allow us to start our gossip column. We can give a massive support to PM and Hon Ravi K. I am going to cover the cost for two months. 3 to 5 million. Let’s do this boss.

    The insinuations were clear, that Karunanayake had met with Aloysius days after the meeting of the monetary board.

    Thereafter Karunanayake was questioned as to a letter which was not dated, which was signed by him, and given to Arjun Mahendran. The letter said the government needed Rs 75 Billion for development. It was to justify the Bond Auction.

    Karunanayake said the not dating of the letter was an “oversight”. He said Minister Kabir Hashim and Malik Samarawickrama were aware of the letter.

    The Attorney Generals also pointed out that Karunanayake and Aloysius had travelled to Singapore and Malaysia at the same time on 13 occasions after June 2015. Karunanayake first said that he never met Aloysius, and thereafter said he must have met him “once” and then said “twice or thrice”.

    Regarding the apartment, Karunanayake played complete ignorance. he said that he did not know how the apartment, which he currently lives in at the Monarch residency was paid for.

    He said he never asked his wife nor his daughter as to who paid for it. He said that it was not “his business”.

    Justice Prasanna Jayawardena said he was amazed that the family could live in a single house and the Minister being the Minster of finance didn’t ask as to how the apartment was paid for.

    Karunanayake first said that he came to know about the Aloysius connection with the apartment following Anika Wijesuriya‘s testimony. Later however he admitted that he knew about it since July 2016 when Mahindananda Aluthgamage brought the Penthouse up in parliament.

    However, the AG failed to ask Karunanayake as to what he did after the questioning in July. The Penthouse was brought by Karunanayake’s connected company much after July.

    Justice Prasanna Jayawardena asked if it was rational to think that his daughters and wife did not know that there would be a conflict of interest by using the money of Aloysius who was already in the middle of the controversy following the Bond auction in 2015.

    Karunanayake said his daughters and wife “don’t know politics”.

    When asked as to how the funds were raised to purchase the apartment, Karunanayake said that it was through the Company Global Transport Logistics (GTL), of which his wife and daughter are Directors.

    Then Jayawardena said that he had gone through the accounts of GTL for the last two years and could not find a single note on the transaction.

    Karunanayake further said that there “may be no accounts in any bank for the sum”, after being asked by Jayawardena as to if there was any sort of document to show the transaction.

    Jayawardena also said that it was highly unusual for the Minister of Finance to not have known basic norms in such process. He also said that it was unusual for Karunanayake not to be aware of how the house he lived in was bought.

    Prasanna Jayawardena, the Commissioner, asked if Karunanayake was aware of how money laundering worked. This was after Karunanayake said that the money for the apartment was given by Lakshmi Kanthan, the Chairman of his company, for which there was no account. Karunanayake said that he trusted the Chairman of the Company to which Jayawardena said that “trusting Chairmans is not a good thing”. he also told Karunanayake that he was a the Finance Minister and should have known how the money was brought in.

    - https://www.colombotelegraph.com/in...dent-ravi-karunanayake-tells-bond-commission/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක

    මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ

    නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය.

    කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මනට්හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් ‘මොනෑක්‘ එපාර්ට්මනට් නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්ෂධුර දරණ සමාගමෙන් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.

    ‘මොනෑක්‘ එපාර්ට්මනට් එකේ නිවස පිළිබඳව තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී යැයිද කී විදේශ කටයුතු ඇමැතිවරයා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද ප්‍රකාශ කළේය.

    කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම සාක්කි විමසීය.

    2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

    අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ කරුණු තුනක් සම්බන්ධයෙන් සාක්කි දීමට යැයි කීය. ඉන් පළමුවැන්න රුපියල් මිලියන 75ක් මහා බැංකුවේ හිටපු අධිපතිවරයාගෙන් ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය පිළිබඳව ද, දෙවැන්න ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ නිවස බදු ගැනීම සහ තුන්වැන්න එම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් සාක්කි දීමට තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ යැයි කීය.

    මෙහි පළමු අයිතිමය මෙම කොමසමට සම්බන්ධ වුවත් ඉතිරි කරුණු දෙක මෙම කොමිසමේ බලාධිකාරයට කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අදාළ ප්‍රශ්ණය මෙම සිද්ධියට සම්බන්ධයි.

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් වරලත් ගණකාධිකාරිවරයෙකු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ද වන රවී කරුණානායක (54) මහතා කොමිසම අමතමින් පැවසුවේ වත්මන් ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය අනුව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

    ප්‍ර. - ඔබ පදිංචි වෙලා ඉන්නේ කොහේද?

    පිළි - කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ.

    ප්‍ර. ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?

    පිළි. බිරිඳ මෙලනී විරන්ති කරුණානායක, දියණියන් වන ඕනෙලා, ෂෙනලා සහ මිනෙලා සමඟ මා ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ මා පදිංචි වෙලා ඉන්නවා.

    ප්‍ර. ඔබ මෙම නිවසේ පදිංචියට ගියේ කොයි කාලයේදී ද?

    පිළි. 2016 පොබරවාරී මාසයේ සිට.

    ප්‍ර. ඔබ ඊට පෙර පදිංචි වෙලා හිටියේ කොහේද?

    පිළි. බත්තරමුල්ල රජමල් වත්ත පාරේ නිවසේයි. එම නිවස අළුත්වැඩියා කරන නිසයි කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ පදිංචියට ගියේ.

    ප්‍ර. ඔබ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේ කොයි කාලයේ සිටිද?

    පිළි. 2015 වසරේ සිට 2017 මාර්තු 26 වැනිදා දක්වා.

    ප්‍ර. ඔබලා මෙම ආණ්ඩුව පටන් ගත්තේ කොයි කාලයේදීද?

    පිළි. 2015 ජනවාරී 08 වැනිදා තමයි අපි ආණ්ඩුව පිහිට වුයේ. ඒ නිසා ආදායම් වැඩිකර ගැනීමට අපිට අවශ්‍ය වුණා.

    ප්‍ර. මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා නේද?

    පිළි. මුදල් අමාත්‍යවරයා කටයුතු කරන්නේ පිස්කල් ප්‍රතිපත්ති සම්බන්ධවයි. ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරන්නේ මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධවයි.

    ප්‍ර. මහා භාණ්ඩාගාරය තියෙන්නේ ඔබ යටතේද?

    පිළි. ඔව්.

    ප්‍ර. අයවැයි ලේඛණය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයාට නේද?

    පිළි. ඔව්. අපගේ ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙළක් තිබුණා. ඒ අනුව 2015 ජනවාරී මාසයේදී අයවැයි යෝජනා දෙකක් ගෙන ඒමට තිබුණා.

    ප්‍ර. එතකොට භාන්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව සිදු කරන්නේ කුමක්ද?

    පිළි. එම දොපාර්තමෙන්තුව පාලනය කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මාර්ගයෙන්, මාගේ කාලයේ සිටියේ රණසිරි මහතායි.

    ප්‍ර. එහි ප්‍රධාන කාර්යභාරය ඉදිරි මාසයේ මුල්‍ය ප්‍රවාහ වාර්තා සකස් කර මහා බැංකුවට යැවීමයි.

    ප්‍ර. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව තියෙන්නේත් ඔබ යටතේද?

    පිළි. ඔව්.

    ප්‍ර. ඔබ ලියාපදිංචි ස්කන්ධ ,කොටස් පනත හා එහි 2(1) වගන්තිය පිළිබඳව ඔබ දන්නවාද?

    පිළි. මා ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනත පිළිබඳ දන්නා නමුත් එහි එහි 2(1) වගන්තිය පිළිබඳව මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අදාළ වගන්තිය කොමිසම හමුවේ කියැවීය.

    ප්‍ර. ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතට අනුව ණය මුදල් උපයාගත යුත්තේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය උපකරණ මාර්ගයෙන් නේද?

    පිළි. ඔව්.

    ප්‍ර. ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතේ 4(1) වගන්තිය අනුව එම කාර්යය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි නේද?

    පිළි. ඔව්. එම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වෙත එවනවා.

    කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. දැන් වෙනත් ක්ෂේත්‍රයකට යන්න.

    ප්‍ර. ඔබ කොහොමද අර්ජුන් ඇලෝසියස් මහතාව දන්නේ?

    පිළි. ඔහුගේ සීයාගේ, තාත්තාගේ කාලයේ සිටම මා ඔහු දන්නවා. වසර 10ක් 15ක් විතර කාලයක සිට මා ඔහු දන්නවා.

    ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ සමීප සබඳතාවයක් තිබුණද?

    පිළි. සාමාන්‍ය සබඳතාවයක් තමයි තිබුණේ.

    ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ නිල සබඳතාවයක් තිබුණද?

    පිළි. නැහැ.

    ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ තිබුණේ කුමනාකාරයක සබඳතාවයක්ද ඔබලා අතර දේශපාලන සම්බන්ධතාවයක් තිබුණද?

    මේ අවස්ථාවේදී නීතීඥ මඩුල්ල අතර සිටි නීතීඥවරයෙක් සිනාසෙයි.

    ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අන්න උපහාසයට සිනා සෙනවා.

    ප්‍ර. ඔබ සමාගම් අධ්‍යක්ෂවරයෙක්ද?

    පිලි. ඔව්. 2015 වසරට පෙර මා සමාගම් 08ක විතර අධ්‍යක්ෂ ධුර හෙබවුවා. ‘ජී.ටී.එල්‘, ‘ග්ලෝබල් ස්ටාර්‘ ඉන් කිහියපක් මා දැන් එම සමාගම් වල කොටස් හිමියෙක් පමණයි.

    ප්‍ර. ඔබ ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද?

    පිළි. මා එම ආයතනයේ අධ්‍යක්ෂධුරයෙන් 2015 ජනවාරී මාසයේදී ඉවත් වුණා. දැන් මාගේ බිරිඳ මේලා කරුණානායක සහ වැඩිමහල් දියණිය ඔනෙල්ලා කරුණානායක එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා.

    ප්‍ර. ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

    පිළි. ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වන විට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

    ප්‍ර. ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

    පිළි. එමිල් කාන්තන් කියන්නේ කවුද?

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

    ප්‍ර. එතකොට මෙම ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමට අයිති සමාගම් මොනවාද?

    පිලි. ‘ඕ.ඇම්.එස්. සමාගම‘ සහ ‘හැම්ප්ටන් සමාගම‘ ඒක විදේශ සමාගමක්. ‘ඕ.ඇම්.එස්.‘ සමාගමට නම යොදා ඇත්තේ තම දියණියන් තිදෙනාගේ නම් වල මුලකුරු යොදාගෙන

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික වාර්තාවක් ඩිජිටල් වෝහාරික විශේඥ වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම ඩිජිටල් වෝහාරික වාර්තාවේ රවී කරුණානායක මහතාට අයිති කොටස පමණක් රවී කරුණානායක මහතාගේ නීතීඥවරයාට හා අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරයාට ලබාදෙන බවත් කියා සිටියේය.

    ප්‍ර. මෙහි පළමු එස්.එම්.එස්. පණ්විඩය නීල් ද සිල්වා නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පිළි. මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර. ඔබ නීල් ද සිල්වා නමැත්තෙක් ගැන දන්නවාද?

    පිළි. මා දන්නේ නැහැ.

    ප්‍ර. මෙහි දෙවැනි එස්.එම්.එස්. පණ්විඩය රුවන් ගාල්ලගේ නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

    පිළි. මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

    ප්‍ර. ඔබ රුවන් ගාල්ලගේ නමැත්තෙක් ගැන දන්නවාද?

    පිළි. ඔව්. ඔහු ලංකා පුත්‍ර බැංකුවේ සේවකයෙක්. ඔහු ඊට පෙර මර්චන්ට් බැංකුවේ සේවය කර තියෙනවා.

    ප්‍ර. ඔබ සන්ඩේ ලීඩර් පුවත්පත ගැන දන්නවාද?

    පිළි. එය ලසන්ත වික්‍රමතුංග මහතා විසින් ආර්ම්භ කළ එකක්.

    ප්‍ර. මෙහි ඇති තවත් එස්.එම්.එස්. පණිවිඩයකින් කියැවෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවකයින්ට ගෙවීමට රුපියල් මිලියන තුනක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ මේ ගැන කිසිවක් දන්නවාද?

    පිළි. නැහැ. මා දන්නේ නැහැ.

    ප්‍ර. ඊළඟ එස්.එම්.එස්. පණිවිඩය අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සැමුවෙල් නමැත්තාට යැවු එකක්. එහි සඳහන් කොට ඇත්තේ ආර්.කේ. සමඟ කතා කොට ඔහුට මතක් කරන්න කියලා පී.එම්. සමඟ සාකච්ඡාවක් තියෙන බවත් ඇමරිකානු භාන්ඩාගාර නිලධාරීන් එන බවත් මතක් කරන්න කියලා එහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ කියන්නේ කුමක්ද?

    පිළි. මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් ඇලෝසියස්ගේ ලේකම් සැමුවෙල් රීච් නමැත්තා ඔබට ආර්.කේ. කියලා කතා කරනවාද?

    පිළි. මා දන්නේ නැහැ. මිනිස්සු මට රවී කියලත් කරූ කියලත් කතා කරන බව මා දන්නවා.

    ප්‍ර. ඔබ මේ දේවල් කියන්නේ දිව්රුම් පිට නේද?

    පිළි. ඔව්.

    ප්‍ර. ඊළඟ එස්.එම්.එස්. පණිවිඩයේ සදහන් වන්නේ 2016 දෙසැම්බර් පළමු වැනිදා ඔබලා දෙන්නාම ආර්.කේ. හමුවෙන්න කියලා. ඔබ මේ ගැන මොනවත් දන්නවාද?

    පිළි. නැහැ.

    ප්‍ර. ඊලඟ එස්.එම්.එස්. පණිවිඩය මකා දමා ඇති එකක් එහි සඳහන් වන්නේ සමාජ ජාලා මාධ්‍ය බලවත්, ඒ නිසා අපි ගොසිප් පිටුවක් පටන් ගෙන පී.එම්. ටයි හොනරබල් රවීටයි සහයෝගය දෙමු කියලා. ‘හොනරබල් රවී‘ කියන්නෙ ඔබටද?

    පිළි. ඒ ගැන මා දන්නේ නැහැ.

    මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ අර්ජුන් ඇලෝසියස් මහතාගේ 2015 ජුනි මාසයේ 09 වැනිදා සිට 2017 වසර දක්වා විදේශ ගතවීම් වලට අදාළ ගුවන් ගමන් වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළේය.

    ප්‍ර. මෙම වාර්තාවට අනුව ඔබ 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා. එහිදී ඔබට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණද?

    පිළි. මට මතක විදියට සිංගප්පුරූවේ තිබු මුල්‍ය සම්මන්ත්‍රණයේදී මට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණා. මට මතක එච්චරයි.

    ප්‍ර. මෙම වාර්තාවට අනුව ඔබ දෙන්නා එකම දවසක එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිහිං තියෙනවා නේද?

    පිළි. මට මතකයි එක් වතාවක් ඔහු මා සමඟ ගුවන් මඟින් ගිහිං තියෙනවා.

    ප්‍ර. මේ වාර්තාවට අනුව ඔබ දෙන්නාම 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා?

    පිළි. මා දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙහිදී කියැවුණු නීල් ද සිල්වාගේ සමාගම ලංකා බැංකුවෙන් ණය අරගෙන ගෙවීම් පැහැර හැර තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න කියලා ඔබගේ සහය පැතුවද?

    පිළි. ලංකා බැංකුව මා යටතට වැටන විෂයක් නෙමේ.

    ප්‍ර. ඔබ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන දන්නවාද?

    පිළි. වසර 15ක කාලයක සිට මා දන්නවා.

    ප්‍ර. 2105 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසිය ගැන ඔබ දන්නවාද?

    පිළි. ඔව්.

    ප්‍ර. ඒ ගැන මහජන කළබගෑනියක් පිළිබඳව ඔබ දන්නවාද?

    පිළි. ඔව්.

    ප්‍ර. එතකොට ඔබ මේ සම්බන්ධව පත්කරපු කමිටුවල සාක්කි දුන්නද?

    පිළිතුර - ඔව්. කෝප් කමිටුවේ සාක්කි දුන්නා.

    ප්‍ර. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ රැස්වීමක් තිබුණා ඔබට මතකද? ඊට ඔබ සහභාගී වුණාද?

    පිළි. ඔව්. රැස්වීමක් හෝ දෙකක් තිබුණා මට මතකයි. අපි ප්‍රාථමික ගැණුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වූවා. මෙහිදී ප්‍රාථමික ගැණුම්කාර සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහභාගී වුණා. අපි ඔවුන්ට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. මෙයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහභාගී වුණා.

    ප්‍ර. 2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් ඔබට කතා කළාද?

    පිළි. පසුව කතා කළා.

    ප්‍ර. අර්ජුන් ඇලෝෂියස් කතා කළාද?

    පිළි. නැහැ.

    ප්‍ර.අර්ජුන් ඇලෝෂියස් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද?

    පිළි. මා දන්නේ නැහැ.

    ප්‍ර. කසුන් පලිසේන ඒ කියන්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු ගැන ඔබ දන්නවාද?

    පිළි. මට ඔහු මුණගැහිලා තිබෙනවා. ඒ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ රැස්වීමකදී.

    (සාක්කිකරු රුපියල් මිලියන 75ක් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමේ ලිපිය පිළිබඳව රවි කරුණානායක මහතාගේ අවධානය යොමුකරයි.)

    ප්‍ර. මෙම ඉල්ලීම සිදුකරන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහාද?

    පිළි. ඔව්. මෙම ලිපිය ලිව්වේ මම. මෙම සාකච්ඡාවට කබීර් හෂීම්, මලික් සමරවික්‍ර ඇමතිවරු ඇතුළු 15 දෙනෙකු පමණ සහභාගී වුණා.

    ප්‍ර. මෙම ලිපියේ දිනය දැම්මේ නැත්තේ ඇයි?

    පිලි. එය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. මේක අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ ලිපියක්.

    ප්‍ර. මේක නිර්මාණය කළ ලිපියක්. මේ ගැන කිසිදු සටහනක් නැහැ. රාජ්‍ය පටිපාටිය අනුව මෙහි ලිපිගොණු අංකයක් තිබිය යුතුයි.

    පිළි. අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ නිවැරදි ලිපියක්.

    ප්‍ර. 2015 මාර්තු 17 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සහිත හැන්සාඩ් වාර්තාවක් පිළිබඳ සාක්කිකරුගේ අවධානය යොමු කරනවා. එහිදී කියල තිඛෙනවා මහින්ද රාජපක්ෂ කිසිදු මුදල් වෙන් කිරීමකින් තොරව කොන්ත්‍රාත් අත්සන් කර තිඛෙනවා. ඉන් බිලියන 1ක් භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගන්න. ඒක ඔබ කළ ප්‍රකාශයට පටහැනියි නේද?

    පිළිතුරු : මෙහි බිලියන 100ක අවශ්‍යතාවය ගැන පැහැදිලිව සඳහන්වනවා.රුපියල් බිලියන 15ක කඩිනම් අවශ්‍යතාවයක් මෙහි සඳහන් වනවා.

    ප්‍රශ්නය: ඔබ දැන් පදිංචිව සිටින්නේ මොනාක් දොපාර්තමේනතුවේ අපාර්ට්මන්ට් හි එස්.පී.එච්.2 ඒකකයේ නේද ?

    පිළිතුරු : ඔව් මේක නහිල් විෙජ්සූරියගේ දියණියවන අනීතා විෙජ්සූරිය මෙනවියගෙයි.

    ප්‍රශ්නය: ඔබ මේ නිවස මිළඳී ගන්න අනීතා විජ්සූරිය එක්ක කතා කළාද?

    පිළිතුරු : මම කතා කළේ නැහැ.පවුලේ අය තමයි ඒවා කතා කළේ.එම නිවසේ පදිංචියට පෙර මං ඒ නිවසට ගියේ නැහැ.

    විනිසුරු කේ.ටී.චිත්‍රසිරි: මෙම නිවස කොටස් දෙකක එකුවක් නේද ?

    පිළිතුරු : මේක කාමර තුනක් තිඛෙනවා..කොටස් දෙකක් එකතු කර නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : අපි ළඟ මේ පිළිබඳ ලියකියවිලි තිඛෙනවා.

    ප්‍රශ්නය : එතකොට ඔබ දැන් දන්නවද මෙම නිවස බද්දට ගත්තේ වොල්ටර් ඇඩ් රෝ සමාගම බව

    පිළිතුරු: මම ඒවා දැන ගන්නේ පසුව අනීතා විෙජ්සූරිය දේශපාලනඥයෙකුට නිවස බද්දට දීමට අකැමැතිවූ බැවින් .ඒ අනුව මෙම සමාගමට බද්දට දුන් බව පසුවයි මම දැනගත්තේ .ඒ ගැන මම මුලින් මොකුත් දන්නේ නැහැ.

    ප්‍රශ්නය : එතකොට මෙම නිවස ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගම මෙම නිවස මිළට ගන්නා සමාගම කාගෙද ?

    පිළිතුරු: එව් එය අපේ පවුලේ සමාගමක්

    ප්‍රශ්නය : එතකොට මෙම ගනුදෙනු වලින් කිසිවක් ඔබ දන්නේ නැහැ.

    පිළිතුරු: මම දන්නේ නැහැ.මේවා මෙලා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ.

    ප්‍රශ්නය : එතකොට අර්ජුන් ඇලෝසියස් ඔබගේ බිරිඳ වන මෙලා කරුණානායක මුණ ගැසී මෙම නිවස බදු ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ඔබ දන්නවාද ?

    පිළිතුරු: නැහැ.ඒ ගැන මම දන්නේ නැහැ. අර්ජුන් ඇලෝෂියස් අනීතා විෙජ්සූරියගේ හිටපු පෙම්වතෙක්.

    ප්‍රශ්නය : එතකොට වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් අර්ජුන් ඇලෝෂියස් සහ ජෙෆ්රි ඇලොෂියස් බව ඔබ දන්වාද?

    පිළිතුරු: මම වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද කියලාවත් ,එහි අධ්‍යක්ෂකවරුන් කවුද කියලවත් මම දන්නේ නැහැ.මෙම කටයුතු කළේ අපේ පවුලේ අයයි.ඔවුන් අනීතා විෙජ්සූරිය සමඟ සමීප මිත්ත්‍රත්වයක් පැවැත්වූවා.මම අමාත්‍යවරයෙක් හැටියට පැය 4 ක් 5 ක් ගතකරන්නේ අමාත්‍ය කාර්යාලයේ .මෙම තීරණ ගන්නේ පවුලේ අයයි.

    ප්‍රශ්නය : එතකොට මොනාක් අපාර්ට්මන්ට් එකේ නිවස මාස 6කට බදු දීමෙන් පසු තවත් එය මාස දෙකක කාලයක් දීර්ඝ කිරීම පිළිබඳව ඔබ දන්නවාද ?

    පිළිතුරු: මම දන්නේ නැහැ.

    ප්‍රශ්නය : මෙම නිවස මිළඳී ගැනීමට ඉල්ලීම කළේ කවුද ?

    පිළිතුරු: අපි හිටියේ අපේ රජමල්වත්ත පාරේ නිවසේ. එහි අළුත්වැඩියා කර ඉවර වූ පසු පදිංචියට යන්නන අනීතා විෙජ්සූරිය තමයි මෙම නිවසේ මිලදී ගන්න කිව්වේ.

    ප්‍රශ්නය : මෙම නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව ඔබ දන්නවාද ?

    පිළිතුරු: මම දන්නේ නැහැ.මේක සමාගමේ උපදේස් මතයි සිදු කළේ.එම සමාගම කරන්නේ මාගේ බිරිඳයි.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : ඔබ කිව්වනේ ඔබගේ පවුල සමීප පවුලක් කියලා ?

    පිළිතුරු: ඔව්.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : එසේ නම් මේවගේ කරුණු දැන ගත යුතුයි.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝෂියස් කටයුතු කරන බව ඔබ දන්නවාද ?

    පිළිතුරු: නැහැ මම දන්නේ නැහැ.

    විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : එසේ දැන ගෙන සිටියා නම් සිදු කරන්නේ කුමක්ද?

    පිළිතුරු: එසේ නම් එහි පදිංචියට යන්නේ නැහැ.ඒ බව මම සොයා බැලූවේ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගම පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණු වලින් පසුවයි.

    ප්‍රශ්නය : එතකොට ඔබේ බිරිඳ සහ දියණිය මේ ගැන දන්නවද?

    පිළිතුරු: ඔවුන් දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මේවා ගැන දන්නේ නැහැ.

    ප්‍රශ්නය : ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා සාක්කි දෙමින් කිව්වා ,සමාගමේ සභාපති ලක්ෂ්මිකාන්දන් රුපියල් මිලියන 75 ,70 ක් වාර් දෙකකදී බෑග් දෙකකින් ගෙනැල්ලා කිසිදු ලියවිල්ලක් නැතිව සේප්පුවේ තැන්පත් කළා කියලා .මේ සල්ලි කොහොමද සොයා ගත්තේ

    පිළිතුරු: ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් .මේවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුදල් ස්ථීරයි.

    ප්‍ර . ඔබ මුදල් ඇමති. අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙක්. එවැනි අයෙකුගෙන් නිවසක් බදුගැනීම යම් සහයෝගයක් දැක්වීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

    පිළි . මම මේවා දන්නේ නැහැ. මම විරුද්ධ පක්ෂයේ සිටියදීත් මට පහර දුන්නා. දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා. ඒ කාලයේ විදේශ විනිමය උපයාගත්තා කියලා මට නඩුදාලා අවුරුදු 10ක් මම නඩු කිව්වා. අන්තිමේදී මං නිදහස් වුණා. ඒ නඩුවට සම්බන්ධ රාජ් රාජරත්නම් ළඟ වැඩ කරපු ආචාර්ය ඉන්ද්‍රජාත් කුමාරස්වාමි මා යටතේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කරනවා.

    ප්‍ර . එතකොට ඔබ කියන්නේ මාස 9ක් නිවසක් බද්දට ගෙන හිටියේ මේ කිසිවක් නොදැන කියලද?

    පිළි . මා මේ ගැන දන්නේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හෙළි කළ පසුවයි.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර . ඔබ අර්ජුන් මහේන්ද්‍රන් මහතා දන්නවාද?

    පිළි . ඔව්. සෑහෙන කාලයක සිට මා දන්නවා. ඔහු බී.ඕ.අයි සභාපති විදියටත් හිටියා.

    ප්‍ර . අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව බැඳල ඉන්නේ අර්ජුන් ඇලෝෂියස් කියලා ඔබ දන්නවාද?

    පිළි . ඔව්. මං මංගල උත්සවයටත් සහභාගී වුණා.

    ප්‍ර . එම මංගල උත්සවයට සහභාගී වූ අනිත් ප්‍රසිද්ධ අය කවුද?

    පිළි . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය කරු ජයසූරිය, එවකට සිටි කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර, අමාත්‍ය මලික් සමරවික්‍රම මෙම මංගල උත්සවයට සහභාගී වුණා.

    අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

    ප්‍ර . ඔබට අර්ජුන් ඇලෝෂියස් හැර වෙනත් මිතුරන් සිටිනවාද?

    පිළි . ඔව්. මම දේශපාලනඥයෙක්. මට බොහෝ මිතුරන් සිටිනවා.

    සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා . ඔබට යමක් කියන්න තිඛෙනවාද?

    පිළි . මාධ්‍ය මගින් මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා. මම මෙම කොමිසමටම ඇවිත් සත්‍ය ප්‍රකාශ කළා.


    - http://www.lankadeepa.lk/latest_new...‍රී-සහ-මහින්දත්-ගියා---රවී-කරුණානායක/1-515982
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    මරුසිරා;22038986 said:
    බැදුම්කර හොරු ?

    රනිල්ද රවිද :rofl::rofl:

    අහ වැරදුනා මහින්ද :yes:
    :yes:
    :P

    මහින්දගේ අමුතු කරුණාව

    - Aug 01, 2017


    පසුගියදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබිලා. රැස්වීම තිබුණෙ හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ප්‍රධානත්වයෙන්. කට්ටිය සෙට්වෙලා තියෙන්නෙ බැඳුම්කරේ සිද්ධිය ගැන කතා කරන්නලු.
    රැස්වීම පටන් ගත්ත ගමන් මන්ත්‍රීවරු බහුතරයක් කියල තියෙන්නෙ රවීට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන කියලාලු. මේ වෙලාවෙ රටේම අප්‍රසාදයට පත්වෙලා තියන රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා ජනතා අවධානය අරගෙන රජය අපහසුතාවයට පත්කරන්න ඕන කියලා මන්ත්‍රීවරු බහුතරයක් කිව්වලු.

    'ආණ්ඩුවෙ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරුත් ඉන්නෙ කලකිරීමෙන්. සමහර අය රවීට විශ්වාසභංගයක් ගෙනාවොත් කෙලින්ම සහයෝගය දෙන්න කැමතිවෙලා ඉන්නෙ. ඒක නිසා මේ වෙලාවෙ හොඳම දේ තමයි රවීට විශ්වාසභංගයක් ගේන එක' කියලා මහින්ද ලඟින්ම ඉන්න ප්‍රබලයෙක් අවධාරණය කරලාම කිව්වලු.

    මේක අහගෙන හිටපු මහින්ද මහත්තයා පුරුදු විදියටම තග දාන සයිස් එකෙන් කිව්වලු, 'නෑ...නෑ.... රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ... ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව' කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංගෙ වෙලාවෙ තමන්ගෙ ලොක්කා කටයුතු කරපු විදිය.

    'එදා ලොක්කා අඩුගානෙ පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඒ ගැන ආණ්ඩු පක්ෂය කෝචොක් දානකොට ඒවට මුහුණ දෙන්න උනෙත් අපිට නෙ' කියලා මන්ත්‍රීවරු එක්කෙනා දෙන්නා කතාවෙන්න පටන් ගත්තලු.

    රැස්වීම ඉවර වෙනකොට මහින්ද වටේ ඉන්න ගොඩක් අයට තේරුනාලු මහින්ද මහත්තයාගෙ මේ අමුතු කරුනාව මොකද්ද කියන එක. හැබැයි ඒ ගැන ප්‍රසිද්ධියේ මහින්ද මහත්තයාගෙන් අහන්න තරං ධෛර්යයක් තියන එක්කෙනක්වත් රැස්වීමෙ හිටියෙ නැති එක තමයි ගැටලුව.

    රැස්වීම ඉවර වෙලා යන ගමන් මන්ත්‍රීවරු කතා වෙනවලු 'ආණ්ඩුවට හේත්තු වෙලා ඇමති කට්ටක් අරගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්කම තියෙද්දි අපි ලොක්කාත් එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ අස්සෙ මෙයා හිමීට ආණ්ඩුවත් එක්ක ඩීල් දාගන්නවා. අපරාදෙ රවියයි ආණ්ඩුවි අපහසුතාවයට පත් කරලා ශ්‍රීලනිපෙ සෙට් එකක් ගලවගන්න තිබුණු හොඳම වෙලාව. අපේ ලොක්කා ඩීල්වලින් හරි ගොඩයයි. අපිට ඉතිං හුලං තමයි' කියලා.


    - http://sinhala.lankanewsweb.net/gossip/item/10071-2017-08-01-17-46-11
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    මුදල් විශුද්ධිකරණ චෝදනාවක් - නාමල්ගේ ෆෝඩ් මස්ටැංග් වාහනයේ නඩුව හෙට (ඡායාරූප)

    උපයාගත් ආකාරය සැක සහිත මුදල් යොදවා SP KS 2929 අංක දරන ෆෝඩ් මස්ටැංග් වර්ගයේ කාර් රථයක් මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් ගොනුකර ඇති නඩුව හෙට (03) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඩොලර් 49,850ක ණයවර ලිපියක් (LETTER OF CREDIT) මගින් මෙරටට ගෙන්වා ඇති එම සුපිරි මෝටර් රථය පසුව 'ශාන්ති' නමැති තැනැත්තියකට රුපියල් ලක්ෂ අසූවකට විකුණා ඇති බව FCID විසින් අධිකරණයට දැනුම් දී තිබිණ.

    එම ශාන්ති නමැත්තිය බොරැල්ල ප්‍රදේශයේ පාතාල සාමාජිකයකු ලෙස හැඳින්වෙන 'ජිබෝයි' නැමැත්තාගේ බිරිඳ බවද හඳුනා ගෙන තිබේ.

    මෙම මෝටර් රථය 2012 වසරේදී බොරැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.

    මෙම මෝටර් රථය මිලදී ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය සිදු කර ඇතැයි සැකය මත FCID විසින් විමර්ශන ආරම්භ කිරීමත් සමග මේවනවිට පොලිසිය බාරයට ගෙන තිබේ.


    DSC_0303.JPG

    DSC_0334.JPG

    DSC_0348.JPG

    DSC_0360.JPG


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/5723-namal-fom

     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ

    (මනෝප්‍රිය ගුණසේකර)

    මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය.

    මෙම ඇපල් ගිණුමේ ඇති දත්ත මකා දැමීම සඳහා අර්ජුන් ඇලෝසියස් මහතාගේ බිරිඳගේ ඇපල් ගිණුම හරහා යමකු ඇලෝසියස්ගේ ගිණුමට ඇතුළුවීමට උත්සාහ දරා ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම එලෙස නියම කළේය.

    එම ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා ඊට ඇතුළුවන යමෙක් වෙතොත් ඔහු දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන අයකු බවද කොමිසම දැනුම් දුන්නේය.


    - http://www.lankadeepa.lk/latest_news/ඇලෝසියස්ගේ-ඇපල්-ගිණුමට-ඇතුළුවීම-තහනම්-කෙරේ/1-516006
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    රෝහිත අබේගුණවර්ධන මිලියන 41 ක දේපල හා මුදල් උපයා ගැනීම ; පරිගණක සාක්ෂි ප්‍රගතිය විමසීම ලබන 29 වන දා

    2004 – 2006 කාලය තුළ අමාත්‍යවරයාව සිටියදි නීත්‍යානුකූල අකාරයෙන් උපයා ගැනීමට නොහැකි මිලියන 41 ක වටිනාකමින් යුත් මුදල් හා දේපල වල හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබෙන නඩුව අද(02) නැවත කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනුණි.

    නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමේ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා අගෝස්තු 29 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා විසින් ලබා දෙනු ලැබු අතර නඩු විභාගය ඔක්තෝම්බර් 12 වැනි දින නැවත කැඳවීමට නියෝග කෙරිණ.


    - http://reporter.lk/2017/08/02/රෝහිත-අබේගුණවර්ධන-මිලියන/
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    එලම වැඩේ හිකිලම පල ඕකා.... හොදවැඩේ කැරි හොරාට.... හෙනගහලම පල ඌටයි උගේ වටේ ඉන්න උන්ටයි..... අල්ලයි මහින්දගේ පුක උබ..... ගොන් ටෝල්ක් නොදි නිදාගනින්.... ඉස්කොලේත් නිවාඩු එකේ....

    ගරු කතානායකතුමෙනි,

    මම monson ge අම්මට හිකුවා පුක පැලුනා මැහුම් දැම්මා... ඊට පස්සේ රනිල් පැලුවා.... යුඑන්පී එකේ බඩුව කවුද ?

    ගරු කතානායකතුමෙනි

    monson ge අම්මා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: senewimala1988

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,389
    113
    ලේකම් පිට වරද පටවා ගෝඨා ඇඟ බේරා ගනී !

    - Aug 14, 2017

    කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර අබලි යකඩ සඳහා විකිණීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් මීට වගකිව යුතු වන්නේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සිරි හෙට්ටිගේ බවත් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කර තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ ප්‍රකාශ ඇත්තේ බරපතළ චංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් පසුගිය දා මේ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දීය.

    යකඩ හොරා කෑ දේශප්‍රේ-මීයෝ

    කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තශාලාවට අයත් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර අබලි යකඩ ලෙස විකිණූ රාජපක්ෂලාගේ මෙහෙයුම පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර "රණවිරුවෝ, දේශප්‍රේ- මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !" මැයෙන් සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කළෙමු. දැනට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කරන සිරි හෙට්ටිගේ පිට වරද පැටවීමට ගෝඨාභය තැත් කළ ද මෙම විකිණුම් ක්‍රියාවලියේ ගෝඨාභයගේ කෙරුවාවෙන් මීට අදාල කොටසක් අපි මෙසේ සටහන් කරන්නෙමු.

    කැබිනට් අනුමැතිය අවශ්‍යයි

    2014 වසරේදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යන්ත්‍ර සූත්‍ර පරණ යකඩ ලෙස ටෙන්ඩර් කැඳවා විකිණීමට සැලසුම් කෙරෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයෙහි අභ්‍යන්තර විගණකවරයා පැහැදිලිව දැනුම් දී ඇත්තේ එම සිමෙන්ති කම්හල තමන්ට අයත් එකක් නොවන බැවින් යන්ත්‍ර විකිණීම තමන්ට කළ නොහැකි බවය. එසේ ම ඔහු වැඩි දුරටත් එහි සඳහන් කර ඇත්තේ මේවා විකිණීමට අවශ්‍ය නම් ඒ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගත යුතු බවය. එම සටහනත් රැගෙන සිරි හෙට්ටිගේ ලේකම්වරයා ගෝඨාභය හමුවට ගොස් තිබේ.

    ඒ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව තමන් ආරක්ෂක කවුන්සිලයේ දීත් සාකච්ඡා කර ඇති බවත් එහෙයින් ගැටළුවක් නොමැති බවත් අදාල විකිණුම් ක්‍රියාවලිය සූදානම් කරන ලෙසත් ය. මෙය හුදු වාචික ප්‍රකාශයක් පමණක් නිසා සිරි හෙට්ටිගේ මහතා මේ සම්බන්ධයෙන් ලිඛිතව නියෝගයක් ලබා දෙන මෙන් දෙවරක් ම ඉල්ලුම් කර තිබේ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ විසින් කිසිදු ලිඛිත සටහනක් ලබා නොදුන් හෙයින් සිරි හෙට්ටිගේ මහතා මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ සටහනක් අදාල ලිපි ගොනුවට ඇතුළත් කර ඇත.

    ගෝඨාගේ 'බබා පාට්'

    ගෝඨාභය රාජපක්ෂ ඒ යුගයෙහි සිටියේ කැබිනට් මණ්ඩලයටත් වඩා බලතල සහිතව බව සැවොම දන්නා කරුණකි. එවන් ගෝඨා නොදැන මෙතරම් වටිනා සම්පතක් කපා පැරණි යකඩ ලෙස විකිණීමට අනෙකෙකුට හැකියාවක් තිබිණැයි සිතීම පවා විහිළුවකි. එහෙයින් ගෝඨාභය රාජපක්ෂ දැන් බරපතළ චංචා විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරියේ කරන්නේ 'බබා පාට් දැමීමකි'. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයට උඩින් පාත්වූවා මිස ඔහු පරිපාලන සේවය පිළිබඳව දැනුමක් ඇත්තෙකු ද නොවේ. එහෙයින් "මං දන්නෑ" කියා ගැලවීමට ඔහු තැත් කළ ද ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයාගේ සටහන නිසා ඔහුට එසේ ගැලවෙනෙන්නට ලැබෙන්නේ නැත.

    මින් ඉගෙන ගැනීමට පාඩම් දෙකක් තිබේ. එකක් ගෝඨාභයලා මහා වීරයින් ලෙස, දේශප්‍රේමීන් ලෙස ලෙස සලකන පිරිසටය. මේ ඊනියා දේශප්‍රේමියා ජාතික සම්පතක් විනාශ කර තුට්ටු දෙකට විකුණා තිබේ. එමෙන්ම 'අහවලුන් රට පාවා දෙනවා, අහවලුන් රණවිරුවන් පාවා දෙනවා, අපි නම් එහෙම නැහැ'යි ලෝකෙට පරකාසේ කීවද තමන්ට තීරණාත්මක ප්‍රශ්නයක් මතු වූ මොහොතක 'මං නම් දන්නෙ නෑ, අන්න අරයා තමයි' යනුවෙන් බේගල් කියා එකටම සිටි කාව හෝ පාවා දී බේරෙන්නට බලන ගෝඨලාගේ ඉතිරි වීරකමුත් මෙවැනිම බව ඔවුන් තේරුම් ගත යුතුය. දෙවැන්න වත්මන් සහ ඉදිරියටත් බලයට ඒමට නියමිත සියළුම පාලකයින්ට ය. පවුලේකමට අන් සියල්ල නොසලකා පරිපාලන සේවයෙහි ඉහළ තනතුරු වලට ඥාතීන් පත් කළ විට ඔවුන් අනාගෙන හත්පොළේ ගාගන්නේ ගෝඨාභය මෙන් බව අනාගතයට පාඩමක් වශයෙන් ඔවුන් මතක තබා ගත යුතුය.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/10271-2017-08-14-13-24-54
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    එලම වැඩේ හිකිලම පල ඕකා.... හොදවැඩේ කැරි හොරාට.... හෙනගහලම පල ඌටයි උගේ වටේ ඉන්න උන්ටයි..... අල්ලයි මහින්දගේ පුක උබ..... ගොන් ටෝල්ක් නොදි නිදාගනින්.... ඉස්කොලේත් නිවාඩු එකේ....

    ගරු කතානායකතුමෙනි,

    මම monson ge අම්මට හිකුවා පුක පැලුනා මැහුම් දැම්මා... ඊට පස්සේ රනිල් පැලුවා.... යුඑන්පී එකේ බඩුව කවුද ?

    ගරු කතානායකතුමෙනි

    monson ge අම්මා
    :lol::lol::lol:
    :rofl::rofl:
     

    Similar threads