මෙහෙමයි බං ඕක ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තමයි..
නමුත් උසාවියට බල්ලව කූඩුකරන්න එපා කියලවත්, බල්ලව ගොඩ වෙලාවක් ගැටගහලා තියන්න එපා කියලවත් තීන්දු දෙන්න බෑ.
බල්ලව අයාලේ යවන්න එපා කියල තීන්දුවක් දෙන්න පුළුවන් හපා කාපු අවස්ථාවක...
ඕක උඹට සරලව තේරෙන්න මෙහෙම කියන්නංකෝ උදාහරණෙකට..
බල්ල කූඩු කරලා තියෙන වෙලාවට බල්ල බුරන හින්ද ඔන්න උසාවියෙන් තීන්දුවක් දුන්න කියමුකෝ බල්ලව ලිහලම තියන්න..
එහෙම ඉන්න වෙලාවක ලයිට් බිල් කාරය හරි වතුර බිල් කාරය හරි වත්තට ඇවිල්ල බල්ල ඒ මිනිහව හැපුවොත් උඹ 15000ක් වන්දිත් ගෙවල තව 7500ක දඩේකුත් ගෙවන්න ඕනේ..
දැන් එතකොට මොකද කරන්නේ..
උසාවියෙන් කුඩු කරන්නත් එපා කියනවා ලිහල ඉදලා කෑවම දඩත් ගහනවා..
මග හිටියත් තෝ නහිනවා ගෙදර ගියොත් අඹු නහී වගේ වැඩක් නේ වෙන්නේ..
බල්ලෙක් හැපුවොත් ඇරෙන්න බිරුව කියන එකට එහෙම ප්‍රායෝගිකව තීන්දුවක් දෙන්න බෑ..
විකල්පයක් නැති ප්‍රශ්නයක් නේ බං ඕක..
පුළුවන්.
බල්ලෝ වත්තට ඇවිල්ලා ජරා කරලා යනව කියලත් නඩු දාල තීන්දු අරං තියෙනවා මිනිස්සු..
මම උඹෙන් මේක ඇහුවේ මොකද,
මම දන්නා කෙනෙක් ඉන්නවා US. පොරයි බල්ලයි විතරයි ඉන්නේ ගෙදර. ඉතින් මම කියන කතා වලින් මම තරමක් දුරට දන්නවා ඔය සම්බන්දව එහෙ නීති ගැන.
බල්ලා බුරාගෙන යනවා නං පොර ටක් ගාල ඌව නිහඬ කරවනවා.
බල්ලා හදනවා නං ලොකු වගකීමක් ගන්නවා. නැත්තන් හදන්නේ නෑ.
බල්ලා ළමයෙක් වත් හැපුවොත් අයිතිකාරයා අනිවා හිරේ යනවා.
බල්ලා ගේ සද්දේ වදයක් නං ටක් ගාලා පොලිසියට කෝල් කරනවා.
මොකද අනිත් මිනිස්සුන්ට වැඩක් නෑ මේකා සතෙක් නේ!, ඌ කියාන දේ අහනවා ද නැද්ද කියන එක.
අසල් වැසියන්ට වැඩකුත් නෑ, පොලිසියට උසාවියට වැඩකුත් නෑ.
යමෙක් හදන සතෙක් ගෙන් තවත් මිනිහෙකුට හිරිහැරයක් වෙනවා නං ඒකට ඉඩ තියන්නේ නෑ.
වැරැද්ද සතා අයිතිකාරයාගේ.
එකයි මන් ඇහුවේ මෙහෙ මොකද්ද වෙන්නේ කියලා.
බලන් ගිහාම මෙහෙ උන්ටම ගැලපෙන නීති තියෙන්නේ.
අපේ ප්‍රශ්න අපි ම විසඳගන්න ඕන.

එල එල.. තැන්ක්ස් මචං උඹේ කාලයට.. ජය වේවා!





