යාලේ දවස් තුනක්

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    යාලේ දවස් තුනක්

    Zoom Out Please

    අපි මීට සති දෙකකට උඩදී දවස් 3 කට යාල ඇවිදලා එන්න ගියා එහෙදි ගත්ත ලස්සනයි කියල හිතෙන ෆොටෝස් ටිකක් එළකිරි එකේ අයත් එක්ක බෙදා ගන්න හිතුනා. ෆොටෝස් බලන්න කලින් කියන්නම්කො ගමන සෙට් කර ගත්තේ කොහොමද කියලා. :D

    මුලින්ම අපි Bunglow එකක් Book කර ගත්තා. Book කරන්නනම් පට්ට අමාරුයි. ඒ තරම් Bookings වැටෙනවා මේ season එකේදී. Wildlife Circuit Bungalows Reservation eService මෙතනින් තමයි Booking එක දාගන්න ඕනි. අපි නම් හිටියේ තල්ගස්මංකඩ කියන Bunglow එකේ. පට්ටම Place එකක්. වරාන කියන Bunglow එකලු හොඳම එක. අපිට එක Book කරන්න බැරි උනා Booking full නිසා.අපේ හිටපු Bunglow එකේ දවස් 3 Booking එකට 16ක් වගේ ගියා. කන්න බොන්න අපි අරන් යන්න ඕනි. Bunglow එකේ Bunglow keeper, Chef විතරයි ඉන්නේ. අපි බඩු ගෙනිහින් දුන්නම එයාලා උයලා දෙනවා. වතුර නම් අපි අරන් යන්න ඕනි මොකද එහෙ වතුර බොන්න අමාරුයි. Bunglow එකේ Hotwater වගේ ඔක්කොම Facilities තියනවා හැබැයි Phone අනම් මනම් Charge කරන්න නම් බෑ. Sorlar power වලින් ඔක්කොම වැඩ කරන්නේ. ඒක නිසා Power bank එහෙම අරං යන්න ඕනි. අහ්, මීට අමතරව අපිට Guide කෙනෙක් දෙනවා දවස් 3කට. අපිට හම්බුන Guide ට සත්තු පෙන්නුවේ අපි හැබැයි :lol:

    දවස් 3ම පට්ට ආතල්. කන්න වගේම හොඳට බොන්නත් පුළුවන් (වතුර). ;) අපි නම් යන්තම් දෙයියන් ගේ පිහිටෙන් ගොඩක් සත්තු බලා ගත්තා. බලන්න අමාරුම සතා තමයි දිවියා. ඒ පැත්තේ කට්ටිය නම් කිව්වේ කොටියා කියලා. :P හම්බුන සත්තු ඔක්කොගෙම ෆොටෝ ගහ ගත්තා jeep එක ඇතුලේ හිර වෙලා ඉඳල. jeep එකෙන් එලියට බෙල්ල වත් දාන්න තහනම්. :rolleyes: සත්තු බලන්න යන්න උදේ 5.30 ට වගේ නැගිටලා යන්න ඕනි හවස 6 වෙනකල් Time තියනවා. හදිස්සියෙන් ගිහිල්ලා නම් බලන්න වෙන්නේ හරක් තමයි. ගොඩක් ම දැක්කේ හරක්, මොණරු සහ මුවෝ තව ඌරොත් ගොඩක් හිටියා. දුක කියන්නේ වලහ බලා ගන්න බැරිවෙච්ච එක. :(

    කරුණාකරලා පොලිතින් නම් ජීප් එකේ යනකොට අරන් යන්න එපා මොකද හුළගට වත් ගියොත් ආයේ අරන් එන්න බැහැල යන්න බෑ. යාල කියන්නේ අවුරුද්දට මාස දෙකක් සත්තුන්ට Mate වෙන්න. ඒ කියන්නේ ඩිස්ටි ඩිඩින් කරන්න වහලා තියන එකම වන උද්‍යානය කියලා තමයි Guide අයියා අපිට කිව්වේ. හරි මන් කියෙව්වා ඇති ෆොට්ස් ටික බලන්නකෝ. ෆුල් Album එක යටින් දාන්නම් ලින්ක් එක. ෆොටෝස් ගන්න යුස් කරපු Cam එක Canon D70 :love:

    P.S මේ ෆොටෝ සෙට් එකේ යටම ඉන්න අලියා Bunlow එක ගාව හිටියේ අපි ෆොටෝස් ගන්න එලියට බහිනකොට කෑ ගහගෙන ආවා අපිව පන්නන්න. අම්මෝ එදා නම් මර බිය දැනුන.ඊට උඩින් ඉන්න සුද්දී අක්කා මගේ ඈ. කෙළ හලන්නේ එහෙම නෑ :angry: ෆොටෝස් ටික Zoom out කරලා බලන්න හොඳේ. ජය වේවා! :P

    *විශේෂ ස්තුතිය අපිව ඇදන් ගිය බුද්දික සර් ට (applebuddika)


    20616916_10214038599508184_217554009405314570_o.jpg


    20545514_10214038600588211_1422066487613160632_o.jpg


    20507407_10214038611388481_4117010873227512388_o.jpg


    20507334_10214038615908594_8041110246301616049_o.jpg


    20626228_10214038601188226_8042675895797608521_o.jpg


    20626797_10214038611708489_6569231152668353102_o.jpg


    20545433_10214038608908419_8944143489818532007_o.jpg


    20545371_10214038602468258_8795744800240795471_o.jpg


    20543779_10214038595788091_5413359604438214127_o.jpg


    20616803_10214038598028147_7239603515384422205_o.jpg


    20507539_10214038613548535_8498479733514487137_o.jpg


    20507808_10214038605748340_8264566070675559784_o.jpg


    20507353_10214038595908094_7339522866477638712_o.jpg


    20544011_10214038615388581_6709887761157621976_o.jpg

    Full Album
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පට්ට පොටෝස් ටික ඕයි. වෝට මාක් නැතුව දැම්මට තැන්කූ මචන්.
    ඔය කෙල්ලගේ පොටෝ එක පෙන්නුවද උබ ඒකිට. පට්ට ආහ්

    Rep+