එලz 2,3,4 පැහැදිලියි. ඒත් පලවෙනි ප්‍රශ්නෙන් බාගයක් ඔයාට පොඩ්ඩක් මන් අහන දේ තේරෙන්නෙ නෑ වගේ. සුදු කඩ ඉර සහ කහ ඉරේ කිව්ව දේ පැහැදිලියි.
මෙන්න මේකයි අවස්තාව.
i.කහ ඉරේ වත් අහල ගම් 7කවත් කිසිම පදිකයෙක් නෑ.
ii.එහෙම උනත් කහ ඉරේ ඉස්සර කරන්න බෑනෙ. ඒවගේම wrong side යන්න බෑනෙ.
iii.අපි වාහනයක් ඉස්සර නොකලත් අර කහ ඉරත් එක්කම තියෙන සීබ්‍රා ක්‍රොසින්ග් එක කපන්න බෑනෙ. (මාව අල්ලල තියෙනව කිසිම වාහනයකට ඉස්සර නොකර ඒත් සීබ්‍රා ක්‍රොසින්ග් එක කැපුන කියල. - wrong side)
iv.මේ අවස්තාවෙදි කිසිම වාහනය ඉස්සර කරන්නෙ නෑ. නමුත් වාහනේ එන්නෙ දකුනට ටිකක් වැඩිපුරව.
දැන් සීබ්‍රා ක්‍රොසින්ග් නැති තැන්වල අපි wrong side ආවා කියන්නෙ මොන නිර්ණායකයෙන්ද කියලයි අහන්නෙ. wrong side කියන්නෙ අපි මැද ඉරෙන් එහා පැත්තෙ ආවොත් නෙ. ඒ මේ කහ ඉරේ මැදක් නෑ. (සමහර පාරවල් වල මැද ඉර නෑ ඒත් කහ ඉරි තියෙනව ) දැන් මෙවැනි අවස්තාවක පොලිස් නිලධාරිය මොන සාධකේ පදනම් කරගෙනද කියන්නෙ අපි wrong side ආව කියල. මැද ඉරක් හෝ සීබ්‍රා ක්‍රොසින්ග් එකක් නැති නිසා මොන පදනමෙන්ද ඔහු චෝදනා කරන්නෙ අපි හිටියෙ wrong side කියල.
ආ හරි හරි දැනුයි මට උඹ කියන දේ තේරුනේ..
පාරේ මැදක් මාර්ක් කරලා ඉරි ඇදලා නැතිවෙලාවට පාරේ මැදක් හොයන්න බෑනේ.. එතකොට උඹ අහන්නේ උන් උණ wrong side ගියා කියල අල්ලන්නේ කොහොමද කියලද...
ඒක බං සුදු ඉරක් නැතිව කහ ඉරක් තියෙනවනං ඒක හුගක්ම පොඩි පාරක් වෙන්න ඕනේ..
ඒ කියන්නෙ බං ඔය වෙලාවට ලෙඩේ අදින්මේ මෙහෙමෙයි..
කහ ඉර අදිනකොට බං පලලට ඉරි සෙට් එකක් අදිනවනේ.. උඹ ඔය කියනවා වගේ පාරක් ඇදෙන්නේ උපරිම ඉරි 4 යි 5යි..
ඉරි 4ක් ඇදලා තියෙන වෙලාවට උඹ කහ ඉරි දෙකක් කැපුවොත් උඹ රෝන්ග් සයිඩ්..
ඉරි 5ක් තියෙන වෙලාවට ඉරි 3ක් කැපුවොත් රෝන්ග් සයිඩ්..
කහ ඉර ගහන්නේ පාර බැලන්ස් වෙන්න මචෝ..