සරලයි නේ මචන්,Yep. That's the matter of law. Some how why people can bend it? That should be stronger in front of money. Unfortunately opposite in here![]()
ඔතන නීතිය කරවන අයත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු නේ. හොඳ මනුස්සයෙක් හිටියොත් හරියට නීතිය ක්‍රියත්මක කරයි, නරක මනුස්සයෙක් හිටියොත් හරියට ක්‍රියාත්මක නොකරයි. ඒක මනුස්සයගේ වැරැද්ද මිසක් නීතියේ වැරැද්ද නෙමෙයිනේ.
නිකන් හිතහන් අපි ගරු කරන්නේ චීවරේට මිසක් ඒක දාගෙන ඉන්න මනුස්සයට නෙමෙයිනේ. කොච්චර හොර ජරා වැඩ කරන හාමුදුරුවරු ඉන්නවද? චීවරේ වැරැද්දද? බුද්ධාගමේ වැරැද්දද?
නීතිය නමන්න කවුරු හරි සල්ලි දෙනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද. නීතිය කරවන කෙනෙක් සල්ලි වලට බලයට නීතිය වෙනස් කරනවනම් ඒක ඒ මනුස්සයගේ වැරැද්ද.
ඔතන තියෙන්නේ මනුස්සයගේ ප්‍රශ්නයක්. ඕවා නීති වලින් හදන්න බෑ බන්.
සරලවම කිව්වොත් නීතිය කරවන මිනිස්සු නෙමෙයි නීතිය කියන්නේ.
නීතිය කරවන උන් අතින් ඕනේ තරම් අඩු පාඩු වෙනවා ඒක මනුස්සයගේ හැටි.
පොලිස් කාරයෙක්ට ජරාවක් දුන්නොත් අපි කරපු වැරැද්දක් වහගන්න අපි දීපු එකත් වැරදි ඌ ගත්ත එකත් වැරදි.
ඉතින් අපි අතේ වැරැද්ද තියන් නීතියට ඇඟිල්ල දික් කරන්න බෑනේ.


ඒත් මරණ මන්චකේදී හරි වැරදි තීන්දු දුන්න උන්ට ඕව මතකෙට එනවා... සොභාව ධර්මයේ නීතීය ඔය මොන නීතියටත් යටයි. 
සල්ලි නිසා දෙවිදියකටයි සලකන නීතියකින් වැඩක් නැහැ කියල.