පැය 48 ක් තුළ ජාත්‍යන්තර මුහුදේ LTTE ආයුධ නැව් 3ක් ගිල්වූ ට්‍රැවිස් සින්නයියාට යහපාලනයෙන් සාධාරණය ඉෂ්ඨ වූ වගයි
රාජපක්ෂ පාලන සමයේ දේශපාලන පලිගැනීමට ලක්ව නාවික හමුදාවෙන් ඉවත්ව ගොස්, යහපාලන රජය විසින් නැවත සේවයේ පිහිටුවන ලද, වත්මන් නැගෙනහිර ආඥාපති හා නාවුක යාත්‍රා සමූහයට අණදෙන ධජ නිළධරයා වන රියර් අද්මිරල් ට්‍රැවිස් සින්නයියා, 2017 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමට නියමිතය. ඔහු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි නාවික මෙහෙයුම් රැසක අභීතව සටන් වැදී වීර වික්‍රම විභූෂණ පදක්කම ලබාගත් රණවිරුවෙකි. පැය 48 ක් තුළ ජාත්‍යන්තර මුහුදේ LTTE ආයුධ නැව් තුනක් ගිල්වූ යාත්‍රා බලඝණයට අණ දුන් දක්ෂ නාවුකයෙකි. දැනට දූෂණ චෝදනා මත අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපතිව සිටි සමයේ, මොහුට ෆොන්සේකාවාදියෙකු යැයි ව්‍යාජ හංවඩු ගසා බොහෝ අඩන්තේට්ටම් සිදු කරන ලදී. ඔහුට නියමිතව තිබූ උසස්වීම වුවමනාවෙන්ම ලබා නොදුන් අතර ඔහුට ජාතිවාදී ලෙස බැන වැදී අමානුෂික ලෙස පහරදීමක් පවා කෙළේය. එම කරදරවලින් මිදීමට නම් එකල ඊළඟ නාවුක හමුදාපති වීමට සිටි රියර් අද්මිරාල් සුසිත් වීරසේකරට එරෙහිව බොරු සාක්ෂි දෙන මෙන් බලපෑම් කෙරුණු අතර, නිකරුනේ එම ජ්‍යෙෂ්ඨ නිළධාරීයා පාවාදීම ප්‍රතික්ෂේප කළ හෙතෙම නාවුක හමුදාව හැර ගියේය.
ඔහුට සිදුවූ අසාධාරණය ගැන කිසිම මාධ්‍යයක් හඬ නොනගද්දී, ඒ ගැන මුලින්ම තොරතුරු අනාවරණය කෙළේ 2015 පෙබරවාරි 15 තරම් ඈත කාලයේ ලංකා ඊ නිවුස්ය. ඒ “රාජපක්ෂලා පලිගත් යුද හමුදා නිලධාරීන්ට සාධාරණය ඉටු කරනවා නම් එලෙසම පලිගත් නාවික හමුදා නිලධාරීන්ටද සාධාරණය ඉටු කරන්න“ නමැති ලිපියෙනි.
අපි ඔහුට ඉත සිතින් සුභ පතන්නෙමු. රාජපක්ෂ සට්ටැඹියන් යටතේ, පුද්ගලික සමාගම්වල අතකොළුවක් වෙමින් වසර ගණනාවක් අයාලේ ගිය නාවික හමුදාව බොහෝ දුරට නිසි මඟට ගැනීමට, රවින්ද්‍ර විජේරත්නද යම් වැඩ කොටසක් ඉටු කළ බව කිව යුතුය. ඔහුට ද මඟ හැරුණු කාරණයක් වූ 2011-2015 සමයේ නාවික හමුදාව තුළ සිදුවූ මහා පරිමාණ වංචාවන් පිළිබඳ සොයා බලා, නාවික හමුදාව සැබෑ යහපාලනයේ තෝතැන්නක් කිරීමට නව නාවික හමුදාපතිතුමන්ට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා යැයි පතමු.
යහපත් නැවියන් පිරිසක්