Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

someone95

Active member
  • Apr 2, 2015
    363
    134
    43

    PayPal වලින් සල්ලි ලංකාවට Withdraw කරගන්න online petition එකක් යනවා...
    ඔයාල දැනටමත් Sign කරලත් ඇති...
    මේකන් වත් වැඩක් වෙයි කියල link එක පහලින් දැම්ම..
    තව 1900ක් විතර තමයි අඩු...
    ඔයාලත් support එක දෙන්න..
    Enable receiving money to Sri Lanka through PayPal
    Sign this petition: http://bit.ly/2w99YY9
     
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Meka dekkama PayPal unta therenewa Lankawa PayPal ona ne kiyala
    Awurudu 5k thisse 10,000 ekathu karaganna beri una api gena mona kathada ban...:(
     
    • Like
    Reactions: someone95

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Meka dekkama PayPal unta therenewa Lankawa PayPal ona ne kiyala
    Awurudu 5k thisse 10,000 ekathu karaganna beri una api gena mona kathada ban...:(

    ඒකත් ඇත්ත මචං, ඒත් මම හිතන්නෙ.. ගොඩක් උන් දන්නැ නැතිව මේකට හරියට සප් එකක් ලැබිල නෑ කියල.. :baffled: කමක් නෑ try එකක් දීල බලමුකෝ නේද?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,477
    113
    Nowhere
    අපේ උන්ගෙ පේපෑල් අකවුන් වල තියන ඩොලර් දැකලා රජයෙන් අනිවා තව ටැක්ස් එකක් ගහනවා.
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    PayPal යනු කුමක්ද?

    PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.
    ගැටළුව

    ශ්‍රී ලාංකිකයන්ට PayPal හරහා ඕනෑම අයෙකු වෙත මුදල් යැවිය හැකි නමුත් කිසිදු අයෙකුගෙන් මුදල් ලබාගැනීම කළ නොහැකිය. මෙනිසා වෙනත් සංකීර්ණ ගෙවීම් ක්‍රම හරහා මුදල් ඉල්ලා සිටින ශ්‍රී ලාංකික සේවා සපයන්නන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගන්නවාට වඩා පහසු ක්‍රමයකින් - එනම් PayPal භාවිතයෙන් - සේවා සපයන ඉන්‍දියානු ජාතිකයන් වැන්නන්ගෙන් සේවා ලබාගැනීම පාරිභෝගිකයන් සිදු කරයි (මෙකී සේවා නම් වෙබ් අඩවි නිර්මාණය, ග්‍රැෆික් නිර්මාණය වැනි සේවාවන්ය.). තනිවම හා කණ්ඩායම් වශයෙන් මෙම සේවා සපයා මුදල් උපයන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින අතර PayPal ශ්‍රී ලංකාවට සහය නොදැක්වීම ශ්‍රී ලංකාව තුළට මුදල් ගෙනෙන මෙම පිරිසට ඉමහත් බාධාවක් වී ඇත. දැනට මොවුන් අනුගමනය කරන එක් ක්‍රමයක් නම් වෙනත් රටක ව්‍යාජ ලිපින යොදාගනිමින් PayPal ගිණුම් තැනීමයි. නමුත් එසේ කරන විට සියළු මුදල්ද PayPal ගිණුමද අහිමිවීමේ අවධානම පවතී.
    ගැටළුවට හේතුව

    ඉහත සඳහන් ගැටළුවට හේතුව ශ්‍රී ලාංකික ලිපිනයන් යොදාගනිමින් තනන PayPal ගිණුම් සඳහා මුදල් ලබාගැනීමේ හැකියාව PayPal විසින් අහිමි කර තිබීමයි. එයට PayPal විසින් දක්වන හේතුව පහත දැක්වේ: “Why does my PayPal account have only send capabilities? Members in some countries and regions may only use PayPal to send payments and not receive payments due to the complexities of global finance. We are constantly working to improve services for you and hope to expand our features for you in the future. You can view the countries with send only capabilities under the Send Money to Anyone in the Growing PayPal Network on the PayPal Worldwide (https://www.paypal.com/cgi-bin/webscr?cmd=_display-approved-signup-countries-outside) page.“ - https://www.paypal.com/helpcenter/m...ps=solutionPanels&solutionId=11811&isSrch=Yes ශ්‍රී ලංකා මහ බැංකුව තමන්ගේ යල් පැනගිය නීති ලෝකයේ හා ජනතාවගේ අවශ්‍යතා අනුව යාවත්කාල කිරීමට අකමැති නිසා PayPal ආයතනයට තමන්ගේ සේවාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට නොහැකි වී ඇත.
    විසඳීම

    ශ්‍රී ලංකා රජය PayPal ආයතනය ශ්‍රී ලංකාවට සහය දක්වන්නට එකඟ කරවාගන්නේ නම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති 21වැනි සියවසට ගැලපෙන පරිදි යාවත්කාල කරන්නේ නම් ශ්‍රී ලාංකිකයන්ට ලැබිය හැකි වාසි රැසකි.
    eBay වැනි ජාලගත වෙළඳපොළවල් හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ විකිණිම හා එයට අදාළ මුදල් ලබාගැනීම.
    සුළු හා මධ්‍යම පරිමාණ ග්‍රැෆික්, වෙබ් නිර්මාපකයන් හට තමන්ගේ සේවා සපයා ඒ සඳහා අදාළ මුදල් ලබාගැනීම.
    ඉහත කාරණා දෙක සඳහාම PayPal සහය දක්වන ඉන්දියාව වැනි රටවල් සමග සම මට්ටමෙන් තරග කරන්නට හැකි වීම.
    තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රය හරහා ශ්‍රී ලංකාව තුළට පැමිණෙන මුදල් ප්‍රමාණය වැඩිවීම.
    විසඳන මග.

    PayPal Pte. Ltd. යනු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි eBay Inc.ආයතනයේ උප ආයතනයකි.ශ්‍රී ලංකා රජය ඔවුන් සමග කටයුතු කොට ඔවුන්ගේ සේවා මෙරට වෙත ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ගැළපෙන අයුරින් වෙනස් කළ ය. PayPal ආයතනය මගින් අප ඉල්ලා සිටිය යුතු සේවා මේවායි:
    ඕනෑම මුදල් ප්‍රමාණයක් ඕනෑම රටක සිට ශ්‍රී ලංකාවේ අයෙකුගේ PayPal ගිණුමට ගෙන්වා ගැනීමේ පහසුකම.
    ශ්‍රී ලාංකිකයෙකුගේ PayPal ගිණුමේ ඇති මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ පහසුකම.
    ඔබේ සහය දක්වන්න

    පෙත්සම අත්සන් කරන්න: http://j.mp/PayPalForSriLanka
    වෙබ් අඩවිය: https://sites.google.com/site/ppforsrilanka
    #PayPalForSriLanka හැෂ්ටැගය සමග Twitter සංවාදයට එකතු වෙන්න.
    Facebook සමූහය වෙත එකතු වෙන්න: https://www.facebook.com/groups/paypalforsrilanka
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    machan me wage seen bara gank kalin thibba habi ekakin wath wadk une na
    kadakappal karanna kiwwa nemei habai oyawage athsan ekathu karapu seen thibba mathaka widihata math ekakata dekakata athsanuth kara