අවසරයි... කඩන්නේ කලටි ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අවසරයි... කඩන්නේ කලටි ද?

    අවසරයි... කඩන්නේ කලටි ද?

    මා මීට පෙර මගේ ලිපියකින් (අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය...) පෙන්වා දෙනු ලැබුවේ අපගේ මා නා හිමිවරුන් හුදකලා සිටුවරු මෙන්ම කාමසුඛල්ලිකානුයෝගී ජීවිත ගත කරමින් සිටිනා බවකි. මේ වන විට අස්ගිරි පාර්ශවය යම් සකී‍්‍රය බවක් දක්වමින් සිටිනා බවක් පැහැදිලිය. පහත ප‍්‍රවෘත්තියෙන් ද ඒ බව සනාථ වේ....

    --------------

    අස්ගිරි මහ නාහිමි ප්‍රමුඛ සඟ රුවන උතුරට යති

    උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ.
    යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරචිචි මහතා විසින් කළ ඇරයුමකට අනුව උන්වහන්සේලා මෙම 28, 29, 30 යන තෙදින එසේ වැඩම කරනු ලැබිණි.
    අස්ගිරි මහනායක හිමියන්ගේ ප‍්‍රධානාත්වයෙන් මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි හා අස්ගිරි මහාපිරිවෙනේ ශ‍්‍රාස්ත‍්‍රපති නාරංපනාවේ ආනන්ද, බදුලූ මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන, මාතලේ අනුරුද්ධඅරණ රජමහා විහාරාධිපති ලෝක බෞද්ධ සම්මේලනයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ යන නාහිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සදහා වැඩමකර සිටියහ.

    image_b14bb225c7.jpg

    image_e7de81032a.jpg

    ඇත්තටම අස්ගිරි පාර්ශවය මෙලෙස කි‍්‍රයාත්මක වන්නේ ජාතිය ආගම ගැන සැබෑ කැක්කුමකින් නම් එය ජාතියේ පිනකි... නමුදු එය යම් දේශපාලන පාර්ශවයක් සදහා කි‍්‍රයාත්මක දේශපාලන උප්පරවැට්ටියක් නම් එය ජාතියේ පාපයකි....

    කොක්කෙන් හෝ කෙක්කෙන් අවසන කැඩෙන්නේ පොල් නම් ප‍්‍රශ්නයක් නැතැයි කෙනෙකු තර්ක කළ හැකිය.... නමුදු එම පොල් දැනටමත් කුරුවල් වී ඇති අපගේ හිස මත නොවැටේවා යි අපි ප‍්‍රාර්ථනා කරමු..... කඩන පොල් නිසි තැනට වැට්ටවීමටත්, කලටි නොකැඞීමටත් උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි පතමු.

    pathfinder_PNG_Face.png

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කඩන පොල් නිසි තැනට වැට්ටවීමටත්, කලටි නොකැඞීමටත් උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි පතමු.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාවෙන් (ආණ්ඩුවෙන්) එක්කන් යන තැන්වලට විතරක් ගිහිල්ල නං හරියන්නේ නෑ තනියම ගිහින් බලන්න ඕනේ. නැත්තන් නිකන් අර ඉන්දියාවේ ට්‍රැවල් ගයිඩ්ල සුද්දෝන්ව මුඩුක්කු ටික මගෑරලා හොඳ පාරෙන් ටජ් මහල් බලන්න එක්ක යනවා වගේ තියෙයි :oo:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හමුදාවෙන් (ආණ්ඩුවෙන්) එක්කන් යන තැන්වලට විතරක් ගිහිල්ල නං හරියන්නේ නෑ තනියම ගිහින් බලන්න ඕනේ. නැත්තන් නිකන් අර ඉන්දියාවේ ට්‍රැවල් ගයිඩ්ල සුද්දෝන්ව මුඩුක්කු ටික මගෑරලා හොඳ පාරෙන් ටජ් මහල් බලන්න එක්ක යනවා වගේ තියෙයි :oo:

    :yes: ගොඩක් වෙලාවට හාමුදුරුවරු දේශපාලන ඕන එපාකම් පිරිමහන තැනට පත්වෙලා තියෙන වෙලාවක, උන්වහන්සේලා මේ වෙලාවේ තමන්ට ඇති හැකියාව, බලය ගැන තේරුම් අරගෙන හරියටම කි‍්‍රයාත්මක වුණොත් හොඳයි... නැත්තං ඉතිං උන්වහන්සේලාත් විහිලූවක් බවට පත්වෙයි....
     
    දැන් ඔහොම සංචාරයක් ගිහින් තත්වේ හරියට හොයානොබලා නිවේදනයක් නිකුත් කරා කියල හිතමුකෝ "අපි උතුරේ සංචාරයක් කරා, එහෙම ලොකුවට කියන තරන් උතුරේ පන්සල් වලට, පුරාවිද්‍යා ස්ථාන වලට කරදරයක් නෑ" කියලා. එතකොට ඕකට ලොකු වටිනාකමක් තියෙනවා, මොකෙක්හරි කතා කරොත් අනික් පැත්තෙන් කියාවි ඔන්න උඹලගේ ලොකුම තැනින් මෙහෙට ඇවිල්ල බලල එහෙම මොකුත් නෑ කියල සහතිකයක් දීල තියෙන්නේ කියල :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් ඔහොම සංචාරයක් ගිහින් තත්වේ හරියට හොයානොබලා නිවේදනයක් නිකුත් කරා කියල හිතමුකෝ "අපි උතුරේ සංචාරයක් කරා, එහෙම ලොකුවට කියන තරන් උතුරේ පන්සල් වලට, පුරාවිද්‍යා ස්ථාන වලට කරදරයක් නෑ" කියලා. එතකොට ඕකට ලොකු වටිනාකමක් තියෙනවා, මොකෙක්හරි කතා කරොත් අනික් පැත්තෙන් කියාවි ඔන්න උඹලගේ ලොකුම තැනින් මෙහෙට ඇවිල්ල බලල එහෙම මොකුත් නෑ කියල සහතිකයක් දීල තියෙන්නේ කියල :baffled:

    එතකොට හිතෙනවා ගියාට වඩා හොඳයි නොගිහින් හිටිය නම් කියල...

    Original eken thread eka damma fake eken first comment eka damma ne..?:P

    ප‍්‍රසිද්ධියේ කතා කරන්න ඕන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා...
    සාමුහිකත්ව වගකීම පැහැර හරින හින්ද ඕන නම් විශ්වාස භංගයක් ගෙන්න පුලූවන්... :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා හා ඕවා ප්‍රසිද්දීයේ කියන්ඩ එපා ඉතින් :P

    ප‍්‍රසිද්ධියේ කතා කරන්න ඕන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා...
    සාමුහිකත්ව වගකීම පැහැර හරින හින්ද ඕන නම් විශ්වාස භංගයක් ගෙන්න පුලූවන්... :P

    විශ්වාස බන්ගෙට කලින් ඉල්ලා අස්වෙනවා එහෙම උනොත්...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයෙත් අලූත් එකවුන්ට් එකකින් අමුතුවෙන් එනවා.... :sorry:

    අලුත් ඇමති කමක් අරන් එනව වගේ තමයි... :D

    වැඩිය කෑගහන්න එපා උඹේ ෆේක් ලිස්ට් එකත් දානවා මෙතන :baffled:

    අඩේ තැන්ක්ස් බන් ලොකු උදව්වක්... මට එකක් වත් මතක නෑනේ... :rolleyes::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ධික මිලක් ඟ දණ නමන, ඩොලර් වලට වඩින ඩොලර් වලට දේශනා කරන හිමිවරු පාක්ෂිකයන්ගෙ හිස පිරිමදිමින් ඇස්, කන් ගලවද්දිරට ජාතිය ආගම වෙනුවෙන් මෙහෙම වැඩමකරන එකත් ලොකුදෙයක්... ඒ කෙරෙන හැමදැයක් ගැනම ජනතාව දැනුවත් කරන්න ක්‍රමයක් තියනවනම් ඊටත්වඩා ලොකු දෙයක්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ධික මිලක් ඟ දණ නමන, ඩොලර් වලට වඩින ඩොලර් වලට දේශනා කරන හිමිවරු පාක්ෂිකයන්ගෙ හිස පිරිමදිමින් ඇස්, කන් ගලවද්දිරට ජාතිය ආගම වෙනුවෙන් මෙහෙම වැඩමකරන එකත් ලොකුදෙයක්... ඒ කෙරෙන හැමදැයක් ගැනම ජනතාව දැනුවත් කරන්න ක්‍රමයක් තියනවනම් ඊටත්වඩා ලොකු දෙයක්

    සැබෑ කැක්කුමකින් කරනවා නම් හොඳයි...
    නැත්තං ආයෙත් අනාථ වෙන්නේ අපිමයි...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes: