අවසරයි... කඩන්නේ කලටි ද?
අවසරයි... කඩන්නේ කලටි ද?
මා මීට පෙර මගේ ලිපියකින් (අවසරයි හාමුදුරුවනේ ඔබ අසමත්ය...) පෙන්වා දෙනු ලැබුවේ අපගේ මා නා හිමිවරුන් හුදකලා සිටුවරු මෙන්ම කාමසුඛල්ලිකානුයෝගී ජීවිත ගත කරමින් සිටිනා බවකි. මේ වන විට අස්ගිරි පාර්ශවය යම් සකී‍්‍රය බවක් දක්වමින් සිටිනා බවක් පැහැදිලිය. පහත ප්‍රවෘත්තියෙන් ද ඒ බව සනාථ වේ....
--------------
අස්ගිරි මහ නාහිමි ප්රමුඛ සඟ රුවන උතුරට යති
උතුරේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය හා යුද්ධයෙන් පසු ආරක්ෂක අංශ උතුරේ ජනතාව වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘති නිරීක්ෂණ කිරීම සඳහා වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය දින තුනක යාපන සංචාරයක නිරත වුහ.
යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරචිචි මහතා විසින් කළ ඇරයුමකට අනුව උන්වහන්සේලා මෙම 28, 29, 30 යන තෙදින එසේ වැඩම කරනු ලැබිණි.
අස්ගිරි මහනායක හිමියන්ගේ ප්‍රධානාත්වයෙන් මහියංගන රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත, අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික නියෝජ්‍ය ලේඛකාධිකාරි හා අස්ගිරි මහාපිරිවෙනේ ශ්රාස්ත්රපති නාරංපනාවේ ආනන්ද, බදුලූ මුතියංගන රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙණියේ ධම්මරතන, මාතලේ අනුරුද්ධඅරණ රජමහා විහාරාධිපති ලෝක බෞද්ධ සම්මේලනයේ මහලේකම් මුගුණුවෙල අනුරුද්ධ යන නාහිමිවරු ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සදහා වැඩමකර සිටියහ.
ඇත්තටම අස්ගිරි පාර්ශවය මෙලෙස කි‍්‍රයාත්මක වන්නේ ජාතිය ආගම ගැන සැබෑ කැක්කුමකින් නම් එය ජාතියේ පිනකි... නමුදු එය යම් දේශපාලන පාර්ශවයක් සදහා කි‍්‍රයාත්මක දේශපාලන උප්පරවැට්ටියක් නම් එය ජාතියේ පාපයකි....
කොක්කෙන් හෝ කෙක්කෙන් අවසන කැඩෙන්නේ පොල් නම් ප්‍රශ්නයක් නැතැයි කෙනෙකු තර්ක කළ හැකිය.... නමුදු එම පොල් දැනටමත් කුරුවල් වී ඇති අපගේ හිස මත නොවැටේවා යි අපි ප්‍රාර්ථනා කරමු..... කඩන පොල් නිසි තැනට වැට්ටවීමටත්, කලටි නොකැඞීමටත් උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි පතමු.

Last edited: