ඔබේ වාහනේ බ්රේක් වැඩ කරන්නේ මෙහෙමයි කියල
http://www.aniwa.lk/2017/08/14/1708142-how-car-brakes-work/
අපි කවුරුත් කාර් වලට කැමතියි. ඒ වගේම කවුද කැමති නැත්තේ තමන්ගේ කාර් එකේ වේගයෙන් යන්න. නමුත් වේගෙන් යන එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ කොයි වෙලාවෙ හරි නවත්තන්න වෙන එකයි. ඔබේ වාහනේ සුරක්ෂිතබව සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් අංගය තමයි තිරිංග පද්ධතිය.
නමුත් ගොඩක් වෙලාවට නිසි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අඩුවෙන්ම සැලකිල්ලට ගන්නෙත් තිරිංග පද්ධතිය ගැනම තමයි. සීරියස්වට වේගෙන් යන්න පුළුවන් වාහනයක් හදාගන්න අදහසක් තියෙනවා නම් ඉස්සෙල්ලම කරන්න ඕනෙ හොඳ තිරිංග පද්ධතියකින් ඔබේ වාහනය සන්නද්ධ කර ගන්න එකයි.
සමහර විට ඔබ මේ ගැන දන්නෙත් නැතිව ඇති. ඒ තමයි එක්තරා මට්ටමක් වෙනකම්, පෆෝර්මන්ස් වැඩි කරගන්න කරන අනිත් හැම දේකටම වඩා වටයක් ධාවනය කරන්න යන කාලය දියුණු කරගන්න පුළුවන් හොඳ තිරිංග පද්ධතියක් ඔබේ වාහනයේ තිබීමෙන්.
1. තිරිංග පද්ධති වලට හැඳින්වීමක්
බයිසිකලේ තියෙන යාන්ත්‍රික රිම් බ්රේක් වල ඉඳන්, පරණ කාර්වල තියෙන හයිඩ්‍රොලික් ඩ්‍රම් බ්රේක්, F1 වල තියෙන සෙරමික් ස්ටොපර් දක්වා, විවිධ ආකාරයේ තිරිංග වර්ග ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි වාහන වල වැඩිපුරම දකින්න තියෙන්නෙ හයිඩ්‍රොලික් ඩිස්ක් බ්රේක්.
මේ මොන ජාතියේ බ්රේක් එකකට උනත් කරන්න තියෙන්නෙ එකම කාර්යයයි. ඒ තමයි වාහනය අනතුරක් නැතුව, කලින්ම හිතාගන්න පුළුවන් ආකාරයට, විශ්වාසනීය විදියට වේගය අඩු කිරීම සහ නැවැත්වීම.
මේක සිද්ධවෙන්නේ තිරිංග මගින් වාහනය ධාවනය වෙනකොට ඇතිවෙන චාලක ශක්තිය, තිරිංග මතුපිට සහ ඇතිල්ලෙන මතුපිට අතර තාප ශක්තිය බවට පරිවර්තනය කරලා වාහනය නැවතුමකට ගෙන ඒමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය නිදහස් කිරීම.
එය පහත දැක්වෙන සමීකරණයට අනුව වාහනයේ ස්කන්ධය (සාමාන්‍යයෙන් කතා කරන කොට බර කියලත් කියනවා) සහ වේගය අනුව වෙනස් වෙනවා.
චාලක ශක්තිය = 1/2 x ස්කන්ධය x වේගය2
මේ සමීකරණය දිහා බැලුවම පේන දෙයක් තමයි, වේගයේ දෙවනි බලයට අනුව චාලක ශක්තිය වෙනස්වෙනවා. ඒ කියන්නේ එකම වාහනේ වේගය දෙගුණයකින් වැඩි කලොත්, ඊට වඩා බාගෙක වේගයකින් යනවට වඩා හතරගුණයක ශක්තියක් යොදන්න වෙනවා. ඉතින් දැන් ඔබට තේරෙනවා ඇති වාහනයේ වේගය වැඩි වෙන්න වෙන්න වේගය නැවත අඩු කරන්න තිරිංග වලට වඩ වඩාත් ශක්තිය අවශ්‍ය වන බව.
2. ඇත්තටම බ්රේක් වැඩ කරන්නේ කොහොමද?
යාන්ත්‍රික සිට (සාමාන්‍යයෙන් බයිසිකල් වල තියෙන කේබල් තිරිංග වගේ), බර වාහන වල තියෙන තිරිංග, කාර් බහුතරයක තියෙන හයිඩ්‍රොලික් තිරිංග දක්වා, විවිධ ආකාරයේ තිරිංග ක්‍රියාකාරක පද්ධති තියෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ඩ්‍රම් බ්රේක් වගේ එක තිරිංග වර්ගයක යාන්ත්‍රික, හයිඩ්‍රොලික් (ජල බලයෙන් ක්‍රියා කරන), නියුමැටික් (වායු බලයෙන් ක්‍රියා කරන) වගේ විවිධ තිරිංග ක්‍රියාකාරක පද්ධති කිහිපයක් තියෙන්න පුළුවන්. කාර් ලෝලියකුට වැඩිපුරම හම්බවෙන්නේ හයිඩ්‍රොලික් ඩිස්ක් බ්රේක් හින්දා අපි මේ ලිපියේ විස්තර කරන්නේ ඒවා ගැනයි.
හයිඩ්‍රොලික් ඩිස්ක් වැඩ කරන්නේ කොහොමද කියල තේරුම්ගන්න නම් අපිට මූලික හයිඩ්රොලික්ස් රීති ටික ගැන දැනගෙන ඉන්න වෙනවා. හයිඩ්‍රොලික් පද්ධති හදලා තියෙන්නේ හයිඩ්‍රොලික් දියර සංකෝචනය කරන්න බෑ කියන මූලික සිද්ධාන්තය මත.
ඒ කියන්නේ, හයිඩ්‍රොලික් දියර භාජනයකට දාලා තද කලාට දියරය සංකෝචනය වෙන්නේ, මිරිකෙන්නේ නෑ. ඒ වෙනුවට, දියරයේ පීඩනය ඉහල ගිහින් දියරය තිබෙන භාජනය මත යම් බලයක් එල්ල කරනවා. ඒ වගේම මතක තබාගත යුතු තව දෙයක් තමයි සංවෘත පද්ධතියක ඕනෑම තැනක පීඩනය පවතින්නේ එකම මට්ටමට කියන එක.
ඉතින් ඊට පස්සේ…
අපි පෙඩලය පාගා තිරිංග තද කලාම, රියදුරු පැත්තේ එන්ජින් බේ එකේ පිටිපස ෆයර්වෝල් එකේ සවි කර ඇති හයිඩ්‍රොලික් සිලින්ඩරයක් තල්ලු වෙනවා. මේකට කියන්නේ “මාස්ටර් සිලින්ඩරය” කියලා. පෙඩලය මගින් තල්ලු වෙන සිලින්ඩරයේ තියෙන පිස්ටන් එක මගින් පද්ධතිය පුරාම පීඩනයක් එල්ල කරනවා. මේ පීඩනය මගින් පිස්ටන් මත සවිකල බ්රේක් පෑඩ් බ්රේක් ඩිස්ක් එක මතට තල්ලු කරනවා.
අපි බ්රේක් පෙඩල් එකෙන් කකුල ගත්තම පීඩනය අඩු වී (පිස්ටන් සීල් වෙනස් වී ඒවා පිටිපස්සට ඇදීම නිසා) පිස්ටන් මුලින් තිබුන තැනටම ආපහු එනවා. හයිඩ්‍රොලික් බ්රේක් වල භාවිතා කරල තියෙන්නේ පහල පෙන්නා තිබෙන හයිඩ්‍රොලික් ෆෝර්ස් මල්ටිප්ලිකේශන් කියන මුල් සංකල්පයයි.
F1 නම් බලයකින් කුඩා පිස්ටන් එක පහලට තද කලාම, හයිඩ්‍රොලික් පද්ධතියේ ඇතිවන පීඩනය මගින් විශාල පිස්ටන් එක ඉහලට තල්ලු වෙනවා. විශාල පිස්ටන් එක මත යෙදෙන්නෙත් එකම බලය නමුත් පීඩනය වැඩි වර්ග ප්‍රමාණයක් මත යෙදෙන නිසා, F2 බලය වඩා විශාලයි. නමුත් එකම ප්‍රමාණයක දියරය විස්ථාපනය කරන්න A1ට A2ට වඩා වැඩි දුරක් ගමන් කරන්න සිදු වෙනවා. ඒ නිසයි අපේ බ්රේක් පිස්ටන් මිලිමීටර කිහිපයක් පමණක් ගමන් කරන අතර බ්රේක් පෙඩලය සෙන්ටිමීටර කිහිපයක් ගමන් කරන්නේ.
ඉහත රූප සටහනේ දැක්වෙන්නේ ෆයර් වෝල් එකක් පිටිපසට සවි කල නූතන බ්රේක් මාස්ටර් සිලින්ඩරයක්. ප්ලාස්ටික් භාජනයේ තමයි දියරය තිබෙන්නේ. විශාල කලු පාට තැටිය මාස්ටර් සිලින්ඩරය මත රියදුරු යොදන තිරිංග පීඩනයට උපකාරවෙන බ්රේක් බූස්ට් ඩයෆ්රැගම් එක. එලියට එන ඉරි දෙක ඉදිරිපස සහ පිටුපස බ්රේක් සර්කිට් සඳහා.
බ්රේක් පෙඩලයේදී තිබෙන බලය ඩිස්ක් බ්රේක් එකේ පිස්ටන් එකේදී හයිඩ්‍රොලික් ඉෆෙක්ට් එක නිසා වැඩි වෙනවා. ඒ නිසයි ටොන් ගණනාවක් බර වාහනයක් උනත් පහසුවෙන් නවත්තගන්න පුළුවන් වෙන්නේ.
ඔබ දැක ඇති, වාහනේ වේගය වැඩි වෙන්න, බ්රේක් වල ප්‍රමාණයත් වැඩි වෙනවා. මේකට හේතුව තමයි බ්රේක් එකේ අරය වැඩි වෙන්න, බ්රේක් වැඩ කරන අරයද වැඩි වෙන නිසා, වඩා පහසුවෙන් රෝද කැරකැවීම නවත්වාගන්න හැකි වීම.
තවත් වාසියක් නම්, බ්රේක් විශාල විට, විශාල බ්රේක් පැඩ් සවි කල තැටිය නැත්තම් ඩිස්ක් එකත් සමග සම්බන්ධ වෙන වර්ග ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. මේ මගින් ජනනය වෙන විශාල තාප ප්‍රමාණය වඩා හොඳින් බෙදා හරින්න පුළුවන් වෙනවා.